පසුගිය සතියේ ජීවන අංක 1 පිළිබඳව කතා කළ අතර මෙවර ජීවන අංක 2 පිළිබඳව විමසා බලමු. ඔබගේ
උපන් දවස ඉලක්කමක් සේ සැලකූ විට අංක 2 හිමි වේ නම් ඔබගේ ජීවන අංකය අංක 02 වේ. උදාහරණයක් ලෙස 1971 ජනවාරි 11 වන දින උපන් අයෙකුගේ ජීවන අංකය උපන් දවස 11 වේ. 11වෙනි ඉලක්කමක් ලෙස 1+1=2 වේ.
ජීවන අංක 2 හිමි ව උපත ලද ඔබ අධ්‍යාපන කටයුතුවල දී මෙන්ම තමන් කරන වැඩකටයුතුවලට උනන්දුව මෙන්ම එස කාර්ය පිළිබඳව වැඩි සොයා බැලීමක් විමර්ශනශීලී භාවයක් නොදක්වයි. නමුත් විවිධ වූ ආසාවන් බලාපොරොත්තු සිතේ තබා ගනී.
තමන් හා ඇසුරු කිරීමට යහපත් මිත්‍රයන් ලැබේ. ඔවුන් මෙන්ම තමන් වැඩකරන සේවා ස්ථානයේ ප්‍රධානීන්ට මෙන්ම සේවකයන් අතර ද අවංක පුද්ගලයකු වේ. තම මතයට වැඩ කරන තමාගේ නිගමනය නිවැරදි බව ප්‍රකාශ කරන කිසිදු තර්ක කිරීමකින් තොරව කටයුතු කරන පුද්ගලයෙකි. අධ්‍යාපනය ලබන කාලයේ මෙන්ම වැඩිහිටි තත්ත්වයට පත් වූ පසුව ද තමාගේ හිතුවක්කාර ගති මුරණ්ඩු ගති එලෙස ම පවතී.
තමාට වඩා ඉහළ සිටින අය හට ඉරිසියා කිරීමට පසුබට නොවූවත් ලැජ්ජාව හේතුවෙන් පැත්තකට වී සිටී. ඔබ ඔබගේ වැඩ වරද්දා ගන්නේ ඔබගේ ඉක්මන්කාරීභාවය හේතුවෙනි. ඔබ යම්කිසි අයෙකුට ආදරය කරයි ද ඇත්තටම නොවෙනස් ආදරයක් දක්වනු ඇත. ඔබට ශුභ ඵල ලබාදෙන සුවිශේෂ දිනයක් ලෙස සඳුදා දිනය හැඳින්විය හැක. ඔබගේ ජය අංකය ලෙස අංක 2 ද ඔබගේ ආකර්ෂණ ශක්තිය හා බලය වැඩි කර ගැනීම සඳහා මුතු පැළැඳීම ද ලා කහ වර්ණය ශුභ වර්ණය ලෙස ද ඔබගේ වයස අවුරුදු 2, අවුරුදු 11, අවුරුදු 20, අවුරුදු 29, අවුරුදු 38, අවුරුද 47, අවුරුදු 56 යන කාලවල දී ජීවිතයේ වැදගත් සිදුවීම් හට ගනී.
ජ්‍යෙතිෂ නන්දන,
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී
රේණුක වික්‍රමසිංහ
0 comments:
Post a Comment