728x90 AdSpace

  • නවතම පුවත්

    2014-12-15

    වගාවට 22 දා හොඳයි

    2014ක් වූ දෙසැම්බර් මස 16 කුජ දින පටන් දෙසැම්බර් මස 22 දින දක්වා පංචාංගය රාහු කාලය, ශුභ දිශාව, මරු සිටින දිශාව, යෝගිනිය ලබන ගෙවෙන වේලාවන් මෙහි දැක්වේ. මෙම වේලාවන් කොළඹ මධ්‍ය කොට දක්වා ඇත.

    2014 දෙසැම්බර් 16 කුජදා


    පෙ.ව. 06.14ට ඉර උදා වී ප.ව. 05.57.00ට ඉර බැසීම සිදුවනු ඇත. හත නැකත දිනයේ දිවා කාලයේ පවතී. රාත්‍රී 08.01.00ට හත නැකත ගෙවී සිත නැකත උදා වෙයි. පෙ.ව. 09.39 දක්වා නවවක තිථිය පවතින අතර එතැන් සිට දශවක තිථිය උදා වේ. සෞභාග්‍ය යෝගය රාත්‍රී 07.09න් ගෙවී ශෝභක යෝගය උදා වේ. පෙරවරු 09.39න් ගරජ කරණය ගෙවී වනිජ කරණය උදාව රාත්‍රී 10.28 දක්වා පවතී. දකුණු දිශාව ශුභ දිශාව වන අතර බටහිර දිශාවේ මරු සිටී. පෙ.ව. 09.39 දක්වා යෝගිනිය නැ‍ඟෙනහිර ද, එතැන් සිට උතුරු දිශාවේ ද වේ. රාහු කාලය ප.ව. 03.14 සිට ප.ව. 4.44 දක්වා පවතී. ශුභ කටයුතු සඳහා නොගැළපේ. කුජ දින නවවක තිථිය නිසා රික්තා ද, දශාවක නිසා කුකච යෝගය ද යෙදී ඇති බැවිනි.

    2014 දෙසැම්බර් 17 බදාදා


    පෙ.ව. 06.15ට ඉර උදාවන අතර ඉර බැස යාම ප.ව. 05.55ට සිදුවේ. රාත්‍රී 09.42 දක්වා සිත නැකත පවතින අතර ඉන් පසු සා නැකත උදාවනු ඇත දශවක තිථිය පෙරවරු 11.07ට ‍ගෙවී එකොළොස්වන තිථිය උදාවේ. ශෝභන යෝගය ප.ව. 06.56 දක්වා පවතින අතර ඉන් පසු අතිගණ්ඩ යෝගය උදා වේ. දහවල් 11.07ත් විෂ්ටි කරණය ගෙවී බව කරණය උදා වෙයි. ශුභ දශාව දකුණු දිශාව වන අතර බදාදා බැවින් මරු සිටිනුයේ නිරිත දිශාවේය. යෝගිනිය පෙරවරු 11.07 දක්වා උතුරු දිශාවේ සිටින අතර ඉන් පසු 11 තිථිය ලබන විට ගිනිකොන දිශාවට යයි. රාහු කාලය 12.15 සිට 01.45 දක්වා පවතී. අතිඝන්ඩ යෝගය සහ විශ්ටි කරණය පවතින බැවින් ශුභ කටයුතු සඳහා යෝග්‍ය නොවේ.

    දෙසැම්බර් 18 ගුරු දින


    ඉර උදාව පෙරවරු 06.15ට වන අතර ඉර බැසීම ප.ව. 05.59ට සිදුවේ. රාහු හිමි සා නැකත රාත්‍රී 10.37න් ගෙවී ගුරු හිමි විසා නැකත උදාවෙයි. එකොළොස්වක තිථිය දවල් 11.49න් ගෙවී දොළොස්වක තිථිය උදාවේ. අතිඝන්ඩ යෝගය පස්වරු 06.07න් ගෙවී සූකර්ම යෝගය උදාවේ. පෙරවරු 11.49න් බාලව කරනය ගෙවී කෞලව කරණය උදා වෙයි. යෝගිනී පෙ.ව. 11.49 දක්වා ගිනිකොන සිටින අතර ඉන් පසු උතුරු දිශාවට යයි. මෙදින ශුභ දිශාව බටහිර වන අතර මරු දකුණු දිශාවේ සිටී. පස්වරු 06.07 දක්වා අතිඝන්ඩ යෝගය පවතින බැවින් ජ්‍යෝතිර්වේදියකුගේ උපදෙස් නොමැතිව ශුභ කටයුතු කිරීමෙන් වළකින්න. රාහු කාලය ප.ව. 01.45 සිට 03.15 දක්ව‍ා.

    දෙසැම්බර් 19 කිවි දින


    මෙදින ඉර උදාව පෙ.ව. 06.16ට වන අතර ඉර බැසීම පස්වරු 05.59.00 සිදුවේ. ගුරු හිමි විසා නැකත රාත්‍රී 10.45න් ගෙවී, ශනි හිමි අනුර නැකත උදා වේ. දහවල් 11.43 දක්වා දොළොස්වක තිථිය පවතින අතර ඉන්පසු තෙලෙස්වක තිථිය උදා වේ. පස්වරු 04.40 දක්වා සුකර්ම යෝගය යෙදී පවතින අතර ඉන් පසු ධෘති යෝගය උදා වේ. තෛතිල කරණය ‍ පෙ.ව. 11.43න් ගෙවී ගරජ කරණය උදා වී රාත්‍රී 11.21 දක්වා පවතී. සිකුරාදා දිනයක් බැවින් මරු ගිනිකොන දිශාවේ සිටී යෝගිනිය 12වක තිථිය පවතින 11.43 දක්වා නිරිත දිශාවේ සිටින අතර තෙලෙස්වක තිථීය පෙ.ව. 11.43.00ට උදා වූ පසු දකුණු දිශාවේ ද සිටී. මේ අනුව දවල් 11.43 දක්වා ශුභ දිශාව දකුණ දිශාව වන අතර ඉන් පසු ශුභ දශාව වනුයේ බටහිර දිශාවයි. අව දොළොස්වක බැවින් ශුභ කටයුතු සඳහා සුදුසු නොවේ. රාහු කාලය පෙරවරු 10.46 සිට පස්වරු 12.16 දක්වා වේ.

    දෙසැම්බර් 20 සෙනසුරාදා


    මෙදින ඉර උදාව පෙරවරු 06.16.00ට වන අතර ඉර බැසීම පස්වරු 06.00ට සිදුව්. ශනි හිමි අනුර නැකත රාත්‍රි 10.08 දක්වා පැවතී ඉන් පසු බුධ හිමි දෙට නැකත උදා වේ. තෙලෙස්වක තිථීය පෙරවරු 10.49 න් ගෙවී අව තුදුස්වක තිථිය උදා වෙයි. ධෘති යෝගය පස්වරු 02.37 දක්වා පවතින අතර ඉන් පසු ශූල යෝගය උදා වේ. පෙරවරු 10.49 දක්වා වනිජ කරනය පවතින අතර එතැන් සිට රාත්‍රී 10.05 දක්වා විෂ්ටි කරනය පවතී. ශුභ දිශාව උතුරු දිශාව වන අතර නැ‍ඟෙනහිර දිශාවේ මරු සිටී. පෙ.ව. 10.49 දක්වා යෝගිනී දකුණු දිශාවේද ඉන් පසු බටහිර දිශාවේද වේ. රාහු කාලය පෙරවරු 09.16 සිට පෙරවරු 10.46 දක්වා වේ.මෙදින අශුභ දිනයකි. අශුභ ශුල යෝගය, විෂ්ටි කරනය හා අව තෙලෙස්වක හා තුදුස්වක තිථි පවතින බැවිනි. රාහු කාලය, පෙරවරු 9.16 සිට පෙරවරු 10.46 දක්වා පවතී.

    දෙසැම්බර් 21 ඉරිදා


    පෙරවරු 6.17.ට ඉර උදා වී පස්වරු 6.00ට ඉර බැස යයි‍.බුධ හිමි දෙට නැකත රාත්‍රී 8.54 දක්වා පවතින අතර ඉන් පසු කේතු හිමි මුල නැකත උදා වේ. අව තුදුස්වක තිථීය පෙරවරු 9.15ට ගෙවී අමාවක තිථීය උදා වේ. පෙරවරු 12.3 දක්වා ශුල යෝගය පවතින අතර, ඉන් පසු ගණ්ඩ යෝගය උදා වේ. පෙරවරු 9.15 දක්වා ශකුණ කරණය ද ඉන් පසු රාත්‍රී 8 .15 දක්වා චතුස්පාද කරණය ද පවතී. පෙරවරු 9.15 දක්වා යෝගිනිය බටහිර දිශාවේ වන අතර ඉන් පසු වයඹ දිශාවේ වේ. දිනයේ රාහු කාලය පස්වරු 4.47 පටන් 6.17 දක්වා පවතී. පෙරවරු 9.15 න් අමාවක ලබයි. ශුභ කටයුතු සඳහා සුදුසු ‍ෙනාවේ. බටහිර දිශාව ශුභයි.

    දෙසැම්බර් 22 සඳුදා


    ඉර උදාව පෙරවරු 6.17වන අතර පස්වරු 6.00ට ඉර බැස යයි. මෙදින පෙරවරු 07.06න් අමාවක පොහොය ගෙවේ. කේතු හිමි මූල නැකත පස්වරු 07.12න් ගෙවී සිකුරු හිමි පුවසල නැකත උදා වේ. අමාවක තිථීය පෙරවරු 07.06න් ගෙවී දුරුතු පුර පෑලවිය තිථිය උදා වේ. ගන්ඩ යෝගය පෙ.ව. 09.03 න් ගෙවී වෘද්ධි යෝගය උදා වෙයි. පෙරවරු 07.06 දක්වා නාග කරණය ගෙවී ඉන් පසු පස්වරු 05.49 දක්වා ක්‍රිංස්තුංග කරණය පවතී. ශුභ දිශාව උතුර දිශාව වන අතර මරු සිටින දිශාව වනුයේ වයඹ දිශාවයි. ඊසාන දිශාවේ පෙරවරු 07.06 දක්වා යෝගිනිය සිටින අතර ඉන්පසු නැ‍ඟෙනහිර දිශාවේ සිටී. පස්වරු 05.49 දක්වා පවතින අශුභ කරණය, යෝගය, තිථීය නිසා සුභ වැඩ සඳහා යොදා ගත ‍ෙනාහැක. රාහු කාලය පෙරවරු 07.47 පටන් 09.17 දක්වා පවතී.

    සතියේ රාහු කාලය


    2014 දෙසැම්බර්
    16 කුජදා 15.14-16.44
    17 බදාදා 12.15-13.45
    18 ගුරුදා 13.45-15.15
    19 කිවිදා 10.46-12.16
    20 ශනිදා 09.16-10.46
    21 ඉරිදා 16.47-18.17
    22 සඳුදා 07.47-09.17

    පොහොය දිනයන්


    දෙසැම්බර් 21 ඉරිදා පෙ.ව. 09.15 අමාවක ලබා පසු දින පෙවරු 07.06න් ගෙවේ. ඉරිදා සිල්
    ‍දෙසැම්බර් 28 ඉරිදා අපරභාග 12.53න් පුර අටවක ලබා 29 සඳුදා පෙරවරු 11.15න් ගෙවේ. ඉරිදා සිල්

    සතියේ, ශුභ නැකත්


    ගොවිතැන් කටයුතු සඳහා දෙසැම්බර් 22 දිනය යොදා ගත හැක. වෙනත් ශුභ කටයුතු සඳහා ශුභ සතියක් නොවේ. මෙදින පෙ.ව. 07.06න් පසු වැට සිටීම, වගා කිරීම, සඳහා සුදුසු වේ. වගාව සතුන්ගෙන් ආරක්ෂා වේ.

    පංචාංගය අනුව ශුභ දින


    දෙසැම්බර් මස 18 ගුරු දින ප.ව. 06.07න් පසු ශුභයි
    දෙසැම්බර් මස 19 සිකුරාදා ප.ව. 04.40 දක්වා ශුභයි
    අව පස දිනයන් බැවින් නැකත් සඳහා සුදුසු නොවේ.

    ග්‍රහයින් ගමන් කරන රාශි හා නැකත්


    දෙසැම්බර් 16
    කුජදා රවි වෘෂ්චික - දෙට
    පෙ.ව. 08.43.00 ධනු - මුල
    කුජ -මකර - සුවන
    බුධ - ධනු -මුල
    ගුරු - කටක-අස්ලිස
    ශුක්‍ර- ධනු- පුවසල
    ශනි- වෘශ් - අනුර
    රාහු - කන්‍යා- හත
    කේතු- මීන- රේවතී
    දිව්‍යමය ශුභ මුහුර්ථ හා ශිවාලිඛිත ඇසුරින්

    ශූභ වේලාවන්


    2014.12.16 කුජ දින -1 පෙ.ව. 09.45 සිට 10.30 දක්වා දකුණ බලා
    2 පෙ.ව.10.39 සිට 11.09දක්වා
    එම17 බුද දින 1. පෙ.ව. 08.15 සිට 08.42 දක්වා දකුණ බලා
    2 පෙ.ව. 09.41 සිට 09.45 ක්වා එම
    18 ගුරු දින 1.පෙ.ව. 06.15 සිට 07.15 දක්වා බටහිර බලා
    19 කිවි දින 1 .පෙ.ව 08.13 සිට 09.02 දක්වා දකුණ බලා
    20 ශනි දින - පෙ.ව. 06.45 සිට 07.14 දක්වා උතුර බලා
    21 ඉරු දින 1. පෙ.ව.06.15 සිට 06.45 දක්වා බටහිර
    2. පෙ.ව. 06.45 සිට 07.14 දක්වා එම
    3. පෙ.ව. 07.30 සිට 08.15 දක්වා එම



     සඳු දින පෙ.ව. 09.46 – 10.39 ක්වා නැ‍ඟෙනහිර බලා මෙම ශුභ මුහුර්ථයන් ගමන් යාම සඳහා ඉතා වැදගත් වේ . මෙම ශිවාලිඛිතය හා දිව්‍යමය ශුභ මුහුර්ථ ඇසුරින් සකසන ලද නැකැත් සඳහා අව, මර දෝෂ රාහු කාලය නොසැලැකේ.
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: වගාවට 22 දා හොඳයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top