අංකය 3 නම්
ඔබ ඔබගේ ජීවිතය සැළසුම් සහගතව දියුණුවීමේ බලාපොරොත්තුවෙන් යුක්තව ක්‍රියාශීලීව කටයුතු කරන අයකු වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වන කාලයේ දී අනෙකුත් ළමයින්ට වඩා තම හැකියාවන් පෙන්වමින් තරග විභාග ආදියෙන් ජයග්‍රහණය කරමින් ද පොත පතින් බැහැරව බාහිර දක්ෂතාවන් ද පෙන්වමින් කැපී පෙනෙන අයෙකු බවට පත්වනු ඇත.කුඩා කාලයේ සිටම වැඩි යහළුවන් ඇසුරට නොගොස් තරමක ආඩම්බරකාරයකු ලෙස පසෙකට වී සිටී. යම් කාරණයක් පිළිබඳ වැඩි කටයුත්තක් පටන් ගත්තේ ද එම කාර්යය සිදුකළ යුත්තෙ කුමන අයුරින් ද එම කාර්ය නිමකිරීමට හැකි ආකාරය පිළිබඳ කල්තියා සැළසුම් කර ශූර ලෙස එම කාර්යය ඉටුකරනු ඇත.
තමන් කරන සේවාව සේවකයින්ට ආදර්ශයක් වන අයුරින් නිවැරැදව කිරීමට උත්සාහ දරයි. අන් අයට ප්‍රසන්න වූත් සිත් ඇදගන්නාවූ පෙනුමකින් යුක්ත තැනැත්තෙකු බවට පත් වුවද තමා අවට සිටින්නන් අතේ දුරින් තබා ගැනීම හේතුවෙනි. ඔවුන් ඔබට ආත්මාර්ථකාමී තැනැත්තෙකු ලෙස හඳුන්වයි.
තමා සෑම විටම තමන් කරන කාර්යය නිවැරැදිව සිදුකරමින් දියුණුවීමේ අභිලාශයෙන් කටයුතු කරයි. රැකියාවේ දී සිටින තනතුරට වඩා උසස් තනතුරක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් කල් ගෙවයි. විශේෂයෙන් අන් අයට ද අවවාද උපදෙස් සමාජයේ සෑම කටයුත්තකදීම ඉදිරිපත් වීමේ ශක්තියකින් හෙබි ක්‍රියාශීලී ලෙස කටයුතු කරන අයෙකු වේ.
තමන්ගේ එකම අයහපත් කාර්යය ලෙස දැකිය හැක්කේ අනවශ්‍ය දේ සඳහා වියදම් කිරීමයි. තමාගේ මතයට විරුද්ධව කටයුතු කරන අය සමඟ ආරවුල් ඇති කරගැනීම ද දැකගත හැක. අයුක්තියට අසාධාරණයට එරෙහිව කටයුතු කරයි. නිතරම තම නමට කැලලක් ඇති නොවන ආකාරයට ඉතා බුද්ධිමත්ව කටයුකු කරමින් තම ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගනී. පවුලේ දියුණුව උදෙසා ද වෙහෙසේ. ඔබ සමාජයේ නම්බුකාර වූ ජීවිතයක් ගත කරනු ඇත.සමාජ සේවා කටයුතුවලදී ඉතා ක්‍රියාශීලීව ප්‍රධාන චරිතයක් බවට පත්වනු ඇත. ඔබගේ අදහස් නව දැක්මකින් යුක්ත වේ.
ඔබට සුබඵල ලබාදෙන දිනයක් ලෙස බ්‍රහස්පතින්දා දිනය සැලකිය හැකි වේ. එදින ඔබට ජයග්‍රාහී දිනයක් වනු ඇත. ඔබට විශේෂ ශුභ ජයග්‍රාහී අංකය වන අංක 03 හි ආකර්ශනීය ශක්තිය වැඩිකර ගැනීම ටොපෑස් ගල් පැළදීම ද යෝග්‍ය වේ. ටොපෑස් ගල් කහ සහ දුඹුරු වර්ණ දෙකෙන්ම ඇත. සමහර ගල් කොළ වර්ණයෙන්ද දැකිය හැක. ඔබට ඔබගේ ජීවිතයේ විශේෂ වූ සිදුවීම් පරිවර්ථනය වන වයස් සීමාවන් ලෙස ඔබගේ වයස අවුරුදු 03 වයස අවුරුදු 12 වයස අවුරුදු 21 වයස අවුරුදු 30 වයස අවුරුදු 39 වයස අවුරුදු 48 වයස අවුරුදු 57 යක වර්ෂ සුවිශේෂී වේ.
0 comments:
Post a Comment