728x90 AdSpace

  • නවතම පුවත්

    2014-12-31

    රනිල්ට අගමැති වරම් හිමිද?

    2016 දී වෙනසකට මුල පුරයිරාහුගෙන් දෙන රාජයෝග බලය


    දේශපාලන සහ ලෝකායතන ජ්‍යොතිෂය සම්බන්ධයෙන් ඉතා සාර්ථක අනාවැකි පළ කළ වෛද්‍ය තිලක් ද සිල්වා මහතා 2005 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සහ 2010 ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වන ෆොන්සේකා මහතා බන්ධනාගාර ගත වන බව ද, තමිල්නාඩුවේ ජයලලිතා ජෙයරාම්ට බලය අහිමි වන බවට ද යනාදී වශයෙන් ඉතා සාර්ථක අනාවැකි ගණනාවක් ප්‍රසිද්ධියට පත් කළ ජ්‍යොතිෂ විශාරදයෙකි.

    මීන ලග්නයෙන් උපන් රනිල් වික්‍රමසිංහ මහතාගේ කේන්ද්‍රයේ බලවත් රාජයෝගයක් පවතී. එය නිර්මාණය වන්නේ රාහු සහ කේතු යන ග්‍රහයින් දෙදෙනාගෙනි.

    එම ග්‍රහයින් දෙදෙනා තැන්පත්ව ඇති රාශි දෙකෙහි අධිපතියන් වන කුජ සහ සිකුරු රවි ග්‍රහයා සමඟ යෝගව ලග්නයේ තැන්පත් වීම බලවත් රාජ යෝගයකි. 1977 දී ඔහු මහ මැතිවරණයෙන් ජය ගෙන ඇමති ධූරයකට පත්වූයේ ද අනතුරුව එක්සත් ජාතික පක්ෂ නායක සහ අගමැති ධූර‍යට පත් වූයේ ද රාහු ග්‍රහයාගේ බලය නිසාය.

    රාහු ග්‍රහයා වික්‍රමසිංහ මහතාගේ කේන්දරයේ රාජ යෝග බලයක් නිර්මාණය කරන නිසා සැම විටම ඔහුගේ දේශපාලන ජීවිතයේ බලය ගැබ්වී තිබිණි. පාප ග්‍රහයෙක් සුබයෙකු වූ විට අතිශයින්ම සුබ පල ගෙන දෙන බැව් නිසැකය.

    ඔහු තරග කළ පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන්ම ජය ලැබුවා පමණක් නොව ඉතා කෙටිකළකදී ප්‍රබල කැබිනට් ඇමැති ධුරයකටද පත්ව එක්සත් ජාතික පක්ෂයේ ඒවන විට සිටි පතාක යෝධයන් අභිබවා පක්ෂ නායකත්වය දක්වා ඔහු‍ ගෙන ආවේ ලග්නයේ තැන්පත්ව ඇති ප්‍රබල රාජ යෝග බලයයි. එය සක්‍රීය කළ ග්‍රහයා වන්නේ රාහුය.

    රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ගතකරමින් සිටින්නේ සෙනසුරු මහ දශාවේ රාහු අතුරු දශාවයි. එම සෙනසුරු සහ රාහු යන ග්‍රහයන් දෙදෙනා ම උත්පත්තියේ දී තැන්පත්ව සිටින්නේ කේතු ග්‍රහයාට අයත් නැකැත්වලය එහෙත් රනිල් වික්‍රමසිංහ මහතාගේ කේන්දරයේ ඉතාම දුර්වල ග්‍රහයා වන්නේ ද කේතුය. ඔහුට සියලු සුබපල අහිමි කරන කේතු මේ වන විට ලග්නයේ තැන්පත්ව සිටී.

    කේන්දරයේ අට වැන්නේ තැන්පත් කේතු ග්‍රහයා වික්‍රමසිංහ මහතාගේ සියලු ජයග්‍රහණ අකා මකා දමන පාප ග්‍රහයෙකු ලෙස ක්‍රියාත්මක වේ.1994 සිට ලැබූ සියලු මැතිවරණ පරාජයන්ට මූලික වූයේ ද කේතු ග්‍රහයාගේ අසුබ පිහිටීමයි.

    මේ වන විට ගෝචර ගමනෙන් එම දුබල කේතු ග්‍රහයා ලග්නයේ ගමන් ගන්නා අතර උත්පත්තියෙන් ලැබුණු රාජ යෝග බලයද එමගින් සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රීය කර දමයි.
    මේ අසුබ ග්‍රහචාරය තව දුරටත් උග්‍ර වන්නේ 2016 දී ය. ඒ වනවිට රාහු ග්‍රහයා සෙනසුරු හරහා ගමන් ගන්නා හෙයින් සිදුවන්නේ වික්‍රමසිංහ මහතාට යම් බලයක් තිබුණේ නම් ඒ සියල්ල ද අහිමි වී සම්පූර්ණයෙන් ම දේශපාලනයෙන් සමුගැනීමටය.

    මේනිසා අගමැති ධූරය වැනි තනතුරකට පත් වීමට උත්පත්ති ග්‍රහ බලයෙන් බාධාවක් මිස ශක්තියක් රනිල් වික්‍රමසිංහ මහතාට ගෙන දෙන්නේ නැත.


    ප්‍රවීණ ජ්‍යොතිෂවේදී තිලක් ද සිල්වා
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: රනිල්ට අගමැති වරම් හිමිද? Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top