කෙනෙකුට යමක් දෙනවා නම් එය අතිනුත් හිතිනුත් දෙකෙන් ම දිය යුතුය. නැත්නම් එය
දීමක් නොවේ. මෙය මගේ ය මෙය මා සතු දෙයකැයි සිතා ගෙන ඔප්පු තිරප්පුවලින් කොයි
තරම් පවරා දුන්නත් ඒ තණ්හාවෙන් මළොත් ඔහු හෝ ඇය ප්‍රේතාත්මයක උපදී.
කොස්ගොඩ අංජානා තිස් අට හැවිරිදි මවකි. දියණිය අසංකා සිව් හැවිරිදි ය. අංජානාගේ ස්වාමිපුරුෂයා විදේශ ගත රැකියාවක යෙදී සිටී. මේ කුඩා දියණිය අසාමාන්‍ය ගති පැවතුම්වලින් යුක්ත වූවාය. සාමාන්‍යයෙන් වයස අවුරුදු දහයක තරම් වූ ළමයකු මෙන් දඟ කරන්නට වූවාය. ඉතාමත් බරපතළ කුණුහරුපවලින් මවටත් ආච්චිටත් බනින්නට වෙයි. ඒ කුණුහරුප නිර්මාණාත්මකව කියන්නේ වයස් ගත වැඩිහිටි කාන්තාවක මෙනි.
මේ නිවසේ හෝ අවට නිවෙස්වල හෝ කිසිවකු එවැනි කුණුහරුප කියන්නේ ද නැත. ඊට අමතරව මහ රෑට හීනෙන් බිය වී කෑ ගසා ගෙන අවදි වී කුණුහරුප කියයි. මෙසේ අසාමාන්‍ය තත්ත්වයට පත්වීමට පෙර අතින් අනාගෙන කෑම කන්නට පුරුදුව සිටි අසංකා දැන් ආහාර බීම දමා ගෙන තලපයක් සේ තලා ආහාරයට ගන්නට වූවාය. අසංකාගේ මව අංජානා ද රෑට හීනෙන් බියට පත්ව කෑ ගසාගෙන අවදි වෙන්නට විය. මේ තත්ත්වයෙන් මිදෙන්නට මාතරින් ඇදුරන් ගෙන්වා ශාන්තිකර්ම කළත් තත්ත්වයේ කිසිඳු වෙනසක් නොවීය.
“දිනමිණ” පත්‍රයේ “සෙත්මිණ” අතිරේකයේ පළවන ‘නොපෙනෙන ලෝකය’ විශේෂාංගය තුළින් කියැවෙන ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා දිනක් අංජානා ඇගේ මවත් සමඟ දියණිය කැඳවාගෙන ගියාය. ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණගැසී තමන්ටත් දියණියටත් උදාවී ඇති තත්ත්වය පැහැදිලි කළාය.
ගවේෂකවරයා කිරණ ශක්තිය එල්ල කරනවිට අසංකා සිහිසුන්ව වැටුණාය. ඉන්පසු අංජානා වෙව්ලන්නට වූවාය. ඊට වඩා යමක් එදින මතු නොවූයෙන් ඔවුන්ට ගමේ පන්සලේ දී බෝධි පූජා විසි එකක් පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා උපදෙස් දුන්නේය.
බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ ද අම්මයි දුවයි වෙව්ලා දිෂ්ටි ගැන්වී ආහ. කුඩා දියණියගේ අක්‍රමවත් වී තිබුණු චක්‍ර නැවත සකස් කළ ගවේෂකවරයා ඇයට ආරක්ෂා නූලක් දමා පසෙකින් වාඩි කරවා තැබීය. ඊළඟට අංජානා දිෂ්ටි ගැන්වී අඬන්නට වූවාය. එදින ද ඉන් එහා දෙයක් මතු වී නොආ බැවින් තවත් දින හතක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් ලැබුණි.
ඊළඟ දිනයේ අංජානා ප්‍රලයවී කෑ ගසාගෙන නැගිට ගවේෂකවරයාට තර්ජනය කරන්නට වූවාය.
“උඹ දන්නවාද මම කවුද කියලා” යි ගවේෂකවරයාට සමීප වෙන්නට හදනවිට ගවේෂකවරයා වේ වැළට අත යවන විට ම භූතාත්මය පස්සට පැන්නාය. වේවැලෙන් පහරක් ගසන්නට මෙන් එල්ලකොට “කියාපිය තෝ කවුදැ”යි ගවේෂකවරයා ද තදින් ප්‍රශ්න කළේය.
භූතාත්මය අඬන්නට විය. දිගින් දිගට ම නොනවත්වා අඬන විට යළිත් වේවැළ අතට ගෙන “තෝ කවුදැ”යි ප්‍රශ්න කළේය.
“මම... මම... මම... තිලකාවතී”යි පිළිතුරු ලැබුණි.
“තිලකාවතීය කියන්නේ කවුද?”
“මේ කෙල්ලගෙ ලොකු අම්මා. අංජානාගේ අක්කා”
“ඇයි මේ නංගිටයි දරුවාටයි හිරිහැර කරන්නේ?”
“මේකි ඉන්නේ මගේ ඉඩමේ. මට දරුවෝ ලැබුණේ නෑ. මට කලින් මගේ මිනිහා මැරුණා. මමත් පිළිකාවක් හැදිලා මැරුණා. ඉතින් මම මගේ ගේයි ඉඩමයි මේකිට ලියලා දුන්නා. මේකි මගේ ගේ කඩලා අලුතින් හැදුවා මේකිට වුවමනා විදිහට. මම කොයි තරම් වියදම් කරල ද මට වුවමනා විදිහට ගේ හැදුවේ. මේකිගෙ මිනිහා රට ඉදලා ලස්ස ගණන් එවනවා. මේකි ඒවා වියදම් කරලා මගේ ගේ වෙනස් කළා. මම ඒකට තරහයි.”
“තිලකාවතී මැරිලා දැන් කොයි තරම් කාලයක් වුණා ද?”
“දැනට අවුරුදු පහක් වෙනවා.” මහත්තයා බලන්න මේ ගෙදර මුන් තනියම කනවා. මට දෙන්නේ නෑ. මම මේකිගෙ කෙල්ලව අරගෙන යනවා.”
“කොහොමද ගෙනියන්නේ?”
“මරාගෙන අරන් යනවා. මහ එකීට පාඩමක් උගන්නලා කෙල්ලව මගේ ළඟට ගන්නවා.”
“තමුන් ජීවත්ව ඉන්දැද්දි පින් දහම් කළේ නැද්ද?”
“මොකද නැත්තේ? මම අපේ පන්සලේ ප්‍රධාන දායිකාවක්.”
“ඔය තරම් ලොකු උපාසිකාවක් නම් මොකද මේ ප්‍රේතියෙක් වෙලා දඟලන්නේ?”
“මුන් මට පින් දුන්නේ නෑ.” යි ප්‍රේතිය කීවාය.
“බොරු කියන්න එපා. අපි හැම මාසෙකම පේරු දානෙ දීලා පන්සලේ දී ලොකුදුවට පින් දෙනවා. හැම අවුරුද්දකම ගෙදර සාංඝික දානයක් දීලා පින් අනුමෝදන් කරනවා යි තිලකාවතීගේත් අංජානාගේත් මව පැහැදිලි කළාය.
“අන්න තමුන‍්ගෙ අම්මා ම කිව්වා. පින් අනුමෝදන් කරපු බව. ඇයි බොරු කියන්නේ’යි ප්‍රේතියගෙන් ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
“අනේ මහත්තයා මට පින් දැනෙන්නේ නෑ. මගේ ගෙය වෙනස් කළ එකේ තරහමයි නිතර ම හිතෙන්නේ. හිතේ තියෙන්නේ. වෙනත් දෙයක් සිහියට එන්නේ නෑ”යි ප්‍රේතිය අඬමින් කීවාය.
“ඔය ගෙය කාගෙද?”
“මගේ, මට ඕනෑ විදිහට මම හදාගත්ත ගේ.”
“ඉතින් නංගිට දුන්නැයි කීවේ බොරුවක් නේද?”
“මහත්තයා, මට වෙන කාත් කවුරැවත් නැති නිසා නංගිට ඔප්පුවකින් ගේ ලියලා දුන්නා.”
“ඉතින් ගේ සින්නක්කර ලියලා දුන්නා නම් මගේ ගේ, මගේ ගේ කියලා කියන්නේ මොකද?”
“ම්... ම්... මට තේරෙන්නේ නෑ මහත්තයා.”
“තමුන් ගේ ලියලා දුන්නේ ගේ පිළිබඳ බැඳීම, ඇලීම, තණ්හාව අතහැරලා නොවෙයි නේද?”
“ඔව් මහත්තයා. මට බැරි කාලෙක සලකාවි, සාත්තුකරාවි, කියන අදහසින්. බලාපොරොත්තුවෙන්.”
“නමුත් මැරෙන කොට වයස කීයද?”
“අවුරුදු හැටයි.”
“අවුරුදු හැටයි කියන්නේ ඉතා දුර්වල වයසක් නොවෙයි. මේ නංගිලාට ඔබට සලකන්න සාත්තු කරන්න තරම් අවස්ථාවක් ලැබිලා නැහැනෙ. සලකන්න කාලයක් ලැබිලා නැහැ. වයසට ගියේ නැහැ. ඉතින් ඔබ පින් කරපු කෙනෙක්. දිව්‍යාත්මයකට යායුතු කෙනෙක්. දැන් ඔබ තිලකාවතීත් නොවෙයි. එහෙම නම් ඔය ගේත් දැන් ඔබට අයිති නැහැ. නැති දෙයක් ගැන තණ්හාවෙන් ප්‍රේතාත්මයක ඉපදිලා. කලින් කරපු පින්කම් මෙනෙහි කරන්න.”
ප්‍රේතිය සිනාසුනාය. “ඔව් මහත්තයා මම කැමතියි දේවාත්මයකට යන්න.”
“එහෙම එක පාරට යන්න බෑ. පළමුවෙන් ම හිතන්න ඔබ දැන් තිලකා නොවෙයි කියලා. ඊළඟට ඔබ තිලකාවතී නොවෙයි නම් ඔය නෑදෑයො, ගෙවල් දොරවල් ඔබට අයිති නැති බවත් සිතන්න. ඊට පස්සෙ පෙර කළ පින් මතුවේවි. චිත්ත සන්තානයේ මතුවෙලා සිහිපත් වේවි. ඒවා දිගින් දිගට මෙනෙහි කරන්න. අංජානා පන්සලේ බෝධි පූජාවට යනකොට ඔබත් යන්න.”
තවත් සති දෙකක් බෝධි පූජා පවත්වන ලෙසත් “බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි. ඒ බුදුගුණ බලයෙන් මම සුවපත් වෙම්වා. සියලු සත්ත්වයෝ සුවපත් වේවා” මුමුණමින් භාවනා කරන ලෙස ද අංජානාටත් මෑණියන්ටත් උපදෙස් දුන්නේය. ඒ අවස්ථාවට අසංකා දියණියත් කැඳවාගෙන යන ලෙසත් සාංඝික දානයක් පිරිනමා අක්කාට පිං අනුමෝදන් කොට නැවත එන ලෙස නියම කළේය.
ඒ බෝධි පූජාවලට ගොස් ඔවුන් භාවනා පාඨ මුමුණන හඬ අසා හිත සුවපත් කැර ගන්නා ලෙස ද භූතාත්මයට නියම කළේය.
සාංඝික දානය පිරිනමා ඔවුහු නැවත පැමිණියහ. එදින ද අංජානාට ප්‍රලයව ප්‍රේතිය කතා කළාය.
“මහත්තයා දානය දැකලා මම සතුටු වුණා. පන්සලේ නායක හාමුදුරුවෝ මම කළ පින්කම් මතක් කළා. මගේ හොඳ කිව්වා. මම දැන් මෙතැන ඉන්න කැමැති නෑ. මම සිද්ධස්ථානයකට යන්න කැමතියි මහත්තයා මට දේවත්වයට යන්න ඕනෑ.
අම්මේ: මම යනවා. නංගියේ මට සමාවෙන්න. කෙල්ල දුර්වලයි. කෙල්ලව හොඳට බලාගන්න. මම කැලණියට යනවා” යි භූතාත්මය නික්ම ගියාය.
“දරුවාගේ ආහාර රටාව වෙනස් කරන්න. වෛද්‍යවරු නියම කරන ආහාර පාන ලබාදෙන්න. ශරීරය නොරැකුණොත් ජීවිතය රැකෙන්නේ නෑ. ඒ නිසා අසංකාට පෝෂ්‍යදායී ආහාර ලබාදෙන ලෙස නියම කළේය.
තණ්හාය ජායතී සෝකෝ. තණ්හාය ජායතී භයං
මතුගම
මහින්ද විජේතිලක

0 comments:
Post a Comment