728x90 AdSpace

  • නවතම පුවත්

    2014-12-16

    කව්රු කාට කිව්වත් ග්‍රහයෝ බොරු කියන්නේ නෑ

    ජ්‍යොතිෂය ආලෝකයේ විද්‍යාව යි. ආලෝකය යනු ප්‍රඥාව යි. ජ්‍යොතිෂය ප්‍රඥාවන්තයන්ගේ විෂයයක් වන්නේ ඒ අනුසාරයෙනි.

    ග්‍රහ ලොව රවි ගෙන් නිවේදනය කෙරෙන්නේ මෙකී ප්‍රඥාව ‍හෙවත් ආලෝකය යි. හිරු කිරණ වැඩියෙන්ම පරාවර්ථනය කරන විශාලතම ග්‍රහයා ගුරු ‍‍හෙවත් බ්‍රහස්පතිය. ගුරු ඒ නමටමට ගැලපෙන ලෙස ග්‍රහලොව අග්‍ර පුරෝහිත වන්නේ ඒ නිසාය.

    ආක යනු ආලෝකයට කියන තවත් නමකි. එනම් ප්‍රඥාව ඇති තැනය. මෙහි විරුද්ධාර්ථය නාකය. එනම් ආලෝකය හෙවත් ප්‍රඥාව නැති තැන ය. මෙය සාමාන්‍ය ජන වහරට එක්ව තිබෙන්නේ ‘නරකාදිය’ යනුවෙනි.

    පාපය හට ගන්නේ සහ පල දෙන්නේ ආලෝකය හෙවත් ප්‍රඥාව නැති තැන යනු එහි අදහස වේ.
    පෘතග්ජන මිනිසාට ජ්‍යොතිෂය පිහිට වන්නේ ප්‍රඥාව ඇති කර ගැනීමටය. එහෙත් ‍ ඒ සඳහාත් පෙර කුසලයම ඉස්මතු විය යුතුය.

    ‘ඔය කේන්දර මොන බොරු දැයි’ එළිපිට කියමින් හොරෙන් හොරන් ගොස් හදි හූනියම් - අණ වින කරන්නෝ ජ්‍යෙතිෂයේ පිහිට නොලබති. ඔවුන් වැටෙන්නේ නරකාදියටය.

    ජ්‍යොතිෂය විකෘති කරමින් එය අව භාවිතයට ගන්නෝ ද අඳුරෙන් අඳුරටම යති. මෙවැන්නෝ මරණින් මතු රෞරව නම් නරකාදියේ කල්ප ගණනක් දැවෙන බව පුරාණාචාර්යවරු පවසති.

     කවුරු කාට කීවත් ග්‍රහයෝ බොරු නොකියති. අද පටන් ඔබ අතට පත්වන “සෙත්මිණ” පිළිවෙත ද එසේමය. පිළිගත් ජ්‍යොතිෂ සිද්ධාන්ත මත පදනම් වෙමින් ජන මනසට ප්‍රඥාවේ ආලෝකය පරාවර්ථනය කිරීම අපේ මෙහෙවරයි.

    ඝන අන්ධකාරයක ඔබ යන මඟ ඉදිරියේ සැඟ වී තිබෙන කඳුහෙල් ගිරි සිඛර මෙන්ම මාරාන්තික ප්‍රපාතයන් ද කල්තබා පෙන්විය හැකි ආලෝක ධාරාවක් ජීවිතයට එකතු කිරීම මෙහි අරමුණය. දේශීය හා විදේශීය ප්‍රවීණ ජ්‍යොතිෂවේදී මඬුල්ලක් සෙත්මිණ සමඟ අත්වැල් බැඳගෙන සිටීම මහත් ශක්තියකි.

     ජ්‍යොතිෂයට ගරු කරන එහි මහිමය අත්විඳින පාඨක ඔබ අප කෙරෙහි තබන විශ්වාසය මත මේ සියල්ල රඳා පවතිනවා ඇත. ඔබේ ජීවිතයට විශ්වාසයේ අරුණැල්ලක් වීම සෙත්මිණ අපගේ ඒකායන පැතුමය.
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: කව්රු කාට කිව්වත් ග්‍රහයෝ බොරු කියන්නේ නෑ Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top