728x90 AdSpace

  • නවතම පුවත්

    2014-12-24

    ග්‍රහ ගමනයි දිවි ගමනයි

    මේෂ


    ප්‍රමිතියකට අනුව වැඩ කිරීමෙන් මේ සතියේ උසස් ජය ලැබේ. සාධාරණව ඉටු කිරීමට ගොස් අසාධාරණයක් සිදුවේ යැයි සැකයක් ඇති වේ.විදුලිය,ගින්දර ආදියෙන් පීඩා ඇතිවිය හැක.මව් පස ඥාතීන්ගෙන් පීඩා ඇති විය හැක.කුජ,ශනි දශා ගත කරන අයට රැකියා ප්‍රශ්න ඇති කරයි.පිල් බෙදීමක් වැනි කටයුත්තකට සම්බන්ධ වේ.කුඩා ළමයින් උස්තැන් වලින් වැටීමට ඉඩ ඇති බැවින් ඔන්චිල්ලා පැදීම වැනි ක්‍රීඩා වලදී සැලකිළිමත් වන්න.දරුවන් වැඩිහිටි අවවාද නොපිළිගන්නා කාලයකි.ආගම දහමට වැඩි කාලයක් ගතකරයි.
    ජය අංක -4,3,5.2 ජය වර්ණය -දුඹුරු,රතු

    වෘෂභ

    පිරිස් බලය වැඩිවන මේ කාලයේ කැපී පෙනෙන ගති ඇති කරයි.මනස ක්‍රියා කාරීත්වය අවුල් වීමෙන් වැඩ වැරදීමකට ඉඩ ඇත.නිවසේ වැඩ ක‍ටයුතු අවසන් කිරිමට හැකිවේ. පවුලේ සමගියට බාධා ඇතිවන සතුරු කරදර ඇතිවේ. දේශපාලන කටයුතු වලදී එකට සිටි අයගෙන් සතුරු කරදර ඇති වන අතර නිලතල ලැබීම ට හේතුවේ. ආගමික කටයුතු සම්බන්ධව දුර බැහැර ගමන් ඇතිකරයි.ප්‍රේම සම්බන්ධතා ඇති වුවත් ඥාතියෙකුගෙන් අවහිරතා ඇතිවේ.
    ජය අංක -2,7,9,5 ජය වර්ණ - රතු මිශ්‍ර වරුණ

    මිථුන

    ලග්නාධිපති අට වැන්නේ ගමන් කරන මේ සතියේ ඔබට වාසි දායක දේ ලැබුණත් සතුරු කුමන්ත්‍රණ වලට ලක් වීමට ඉඩ ඇත.තැන්පත් ධනය යොදවා කරන මුදල් ලාභ බලාපොරොත්තු සාර්ථක වේ. අවිවාහක ඔබ ගැන මවුපියන් පසු තැවේ.විභාග කටයුතු වලදී උසස් ප්‍රථිපල බලාපොරොත්තු විය හැක.නාසයේ ඇතිවන පීඩාවක් නිසා ප්‍රතිකර්ම කිරීමට සුදුවේ.කුඩා ළමයින් නාසයේ යම් යම් දේ හිරකර ගැනීමට ඉඩ ඇති බැවින් පරෙස්සම් කරගන්න.
    ජය අංක-8,3,9,2 ජය වර්ණ - කහ,රෝස

    කටක

    කාර්මික කටයුතු සඳහා පුහුණුවක් ලබා ගැනීමට දුර බැහැර යාමට සිදුවේ.මැණික් පතල් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ගොස් පාඩු ලබයි.තමන්ගේ දක්ෂතා ඇගයීම සම්බන්ධ සහතික පත් ලැබේ. කුජ ග්‍රහයාගේ උච්ච බලය නිසා විවාහ ජීවිතයේ යම් යම් කරදර ඇතිකර පෙන්වයි.බුධ සිකුරු දශා පවතින අය ගෘහ ජීවිතය සතුටින් ගත කරන කාලයකි.අධ්‍යාපන කටයුතු වල යම් කිසි දුර්වලකම් ඇතිවුවත් ප්‍රතිපල ශුභයි. නිවේදක කටයුතු සඳහා මාධ්‍ය ආයතනයකින් ආරාධනා ලැබේ.
    ජය අංක 1,4,2,9 ජය වර්ණ -කොළ,දම්

    සිංහ

    තමන්ට ආවේනික ලෝකයක ජීවත්වන්නකු මෙන් හුදකලාවේ සිටීමට කැමැති වේ. නිතර ගමන් බිමන් ඇතිවන සතියකි.අධ්‍යාපන කටයුතුවල වෙනසක් නොවන අතර විශාල උනන්දුවක් නැත.ගුරු වෘත්තිය මෙන්ම ව්‍යාපාරික කටයුතු සම්බන්ධව නව ඉගෙනුමකට උනන්දු වෙයි.රවි දශාව ගතකරන අයට නීතිමය ගැටලු වලට මුහුණ දීමට සිදුවන අතර නඩු හබ ඇදියෙන් ජය අත්වේ.තරග වැදිමේදී සන්සුන්ව කටයුතු කරන්නේ නම් සුබයි.මැණික් ගැරීම,විකිණීම ආදියේ නිරත වන්නන් ට හදිසි ධන ලාභ ලැබේ.සෙම් රෝගද දණහිසේ රෝගද ඇති විය හැක.
    ජය අංකය 5,2,8,1

    කන්‍යා

    නව රැකියා බලාපොරෙත්තු වන්නන්ට ප්‍රාර්ථනා ඉ‍ටුවේ.අමනාපව සිටින්නන් ලංවන කලයකි.මාමලාගෙන් උදව් ලබා විදේශගත වීමට හේතුවේ.කරගෙන ආ අධ්‍යාපන කටයුතු වල වෙනසක් සිදු‍විය හැක.නව රටාවකට යොමු වීමට සිතයි.වාහන ගැනීම විකිණීම මේ සතියේ සිදුවන අතර නිවාස ලැබීමටද හේතු වේ.නිර්නාමික චෝදනා ඇතිවීමට ඉඩ ඇත.ලේඛන කලාවට වැඩි ඇල්මක් දක්වන අතර එවැනි ආයතනයක සේවය ලැබේ.පීනස ආදී සෙම් ‍රෝග ඇතිවිය හැක.
    ජය අංක-2,7,9, 5 ජය වර්ණ - නිල්,රෝස

    තුලා

    ලග්නයෙන් දෙවැන්නේ ගමන් කරන සෙනසුරු ග්‍රහයා ධනයෝග සියල්ල වසා දමයි.පොල් වගාවක් සම්බන්ධ උපදේශකයන් ගෙන් උදව් ගැනීමට සිතයි‍‍.දැනට නිරත රැකියාවේ තවදුරටත් රැඳී සිටිනවා ද යන්න මේ සතියේ තීරණය කරයි.පදිංචිය මාරු කිරීමට සිතුවත් මේ සතියේ එය සිදු නොවේ.ශ්‍රේෂ්ඨත්වය පෙන්වීමට හිතවතුන්ගේ සහය මෙන්ම රැවටීම් වලටද හසුවිය හැකි බැවින් පරෙස්සම් වන්න.විශාල ධනයක් ලැබෙන බව‍ට ආරංචියක් ලැබේ.විදෙස් ගමන්වලට බාධා ඇතිවේ.සති අග දී අධ්‍යාපන චාරිකාවකට සහභාගිවේ.
    ජය අංක - 3,6,8,1 ජය අංක - දම්,කහ

    වෘෂ­්චික

    ඉවසීම නිසා හොඳ සැනසීමක් ලැබේ.පවුලේ පැවැති ආරවුලක් විසඳේ.මංගල යෝග කඩා කප්පල් වීමක් සම්බන්ධයෙන් දරුවකුට සිත් පීඩා ඇතිවේ.සිත් කලකිරීමක් ඇතිවීමෙන් රාජකාරිය එපාවේ.බැංකු සේවය කරන අය සතුරු කුමන්ත්‍රණ වලට ලක්වීමට ඉඩ ඇති බැවින් පරෙස්සම් වන්න.දරුවකු ලැබීමේ බලාපොරොත්තුව මේ සතියේ ඉටුවේ. අලුත් ව්‍යාපාර කටයුතු පටන් ගැනීමට යටි සිතේ බාධා ඇති වුවත් ප්‍රශ්නයක් ඇති නොවේ. දේශපාලන කටයුතු වලදී කටමැත දෙඩවීමෙන් හිතවතුන් අමනාපවේ. උස්තැන් වලින් වැටීම් වලට ඉඩ ඇත.ආධාරක නොමැතිව වැඩ කිරීම සුදුසු නැත.සත්‍ය අවබෝධ කරගත යුතුවේ.තදබල සෙනසුරු ඒරාෂ්ඨකයක් පවතින බැවින් හිසේ පීඩා ඇතිවීමට පුළුවන.
    ජය අංක - 6,2,7,9 ජය වර්ණ - රතු,සුදු

    ධනු

    මේ සතියේ සතුරු උවදුරු මර්දනය කරගත හැකිවේ.නමුත් කුමන්ත්‍රණ නිසා යම් පසුබෑමකට ද ලක් විය හැක.අධ්‍යාපනය වැඩි දියුණු කර ගැනීම සඳහා යොමු වෙයි.ආගමික නායකයන් මුණගැසීමට සිදුවිය හැක.ගුවන් යානා පිළිබඳ ඉගෙනීමට තම දරුවකු යොමුකරයි.කාන්තා පක්ෂය සමඟ ආරවුල් ඇතිවිය හැක.පවුලේ අයට වඩා පිටස්තර අය සමඟ මතභේද ඇති කරගනී.නිර්නාමික දුරකථන ඇමතුම් වලට බිය නොවන්න.කුජ ග්‍රහයාගේ උච්ච ගමන ඉදිරි අනාගතයට විශාල අභියෝගයක් පෙන්වා දෙයි.
    ජය අංක - 5,2,6,9 ජය වර්ණ - මිශ්‍ර වර්ණ,ලාකොළ

    මකර

    කලින් පැවති උදාසීන බව මඟ හැරී යයි.නව රටාවකට නිර්මාණ ඉදිරිපත් කර ගුරු සේවයට එය උදව්කර ගැනීමට සිතයි.විවාහ සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේ දී කල්පනාකාරී වන්න.කාන්තාවන්ට වයසින් අඩු මංගල යෝග උදාකරයි.අධ්‍යාපන කටයුතු පිළිබඳ උනන්දුවේ වෙනසක් සිදුවේ.උසස් විභාග ප්‍රථිපල ලැබේ.රැකියා සම්බන්ධ වැඩි නැඹුරුවක් ඇතිවෙයි.පිය පස ඥාති ආරවුලක් විසඳීමට සිදුවේ.සති අග විනෝද ගමනක් යාමට තීරණය කරයි.ඔබ සිකුරු මහ දශාව ගෙවයි නම් විෂ සතුන්ගේ පීඩා,උදරාබාධ ආදිය ඇතිවිය හැක.
    ජය අංකය - 8,6,2,5 ජය වර්ණ -තද රෝස,ක්‍රීම්

    කුම්භ

    අන්‍ය ජාතීන් හා එකට බැඳී වැඩ කටයුතු කිරීමට සිදුවේ.ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ මෙන්ම රසායනික දේ පිළිබඳ දැනුම ලබා ගැනීමට සිතයි.තම මාන්නය නිසා පාඩු ලබයි.ලෙන්ගතුව සිටි සුරතල් සතකු නැතිවිය හැක.ඔබ රාහු මහ දශාවේ සෙනසුරු අතුරු දසාව ගතකරයි නම් ජීවිත අනතුරු වලින් පරෙස්සම් වන්න.සමාජයේ ප්‍රසිද්ධිය මෙන්ම කැපී පෙනෙයි.දේශපාලන කටයුතු වලට ඉතා සුබයි.හමේ රෝග හට ගැනීමටද ලේ කෝපවීමෙන්ද රෝග හට ගැනේ.යාන්ත්‍රික වැ‍ඩ කරන අය හදිසි අනතුරු වලට ඉඩ ඇති බැවින් පරෙස්සම් වන්න.
    ජය අංක - 8,6,1,9 ජය වර්ණ - දම්,කහ

    මීන

    ක්‍රීඩා කටයුතු වල නියැලෙන අයට උසස්වීම් ලැබේ.වාහන ගැනීමේ සිහිනය සැබෑවේ.අධ්‍යාපන කටයුතු සම්බන්ධ උනන්දුව අඩු බවට පාසලෙන් චෝදනා ලබයි.තරමක් හිතුවක්කාර ගති නිසා සමා‍ජයෙන් කරදර ඇතිවිය හැක.විශේෂයෙන් ස්ත්‍රී පක්ෂයට කරදර ඇතිවන සතියකි.සහතික බලාපොරොත්තුවෙන් වැ‍ඩ කළත් ඒවා නොලැබීමෙන් සිත් පීඩා ඇති විය හැක.ජලාශ ආශ්‍රයෙන් වැඩකරන අය පරෙස්සම් වන්න.දෙමාපිය උරුම හිමිකම් ලැබේ.
    ජය අංක - 6,1,8,9
    ජය වර්ණ - සුදු,රතු

    ප්‍රවීණ ජ්‍යොතිෂවේදීනි
    සොමී උඩවත්ත
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ග්‍රහ ගමනයි දිවි ගමනයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top