728x90 AdSpace

  • නවතම පුවත්

    2014-12-31

    සෙත්මිණ අනාවැකිය හරියටම හරි

    පසුගිය 16 දා එළි දැක්වූ සෙත්මිණ මංගල කලාපයේ ප්‍රධාන සිරස්තලයෙන් පෙන්වා දුන්නේ දෙසැම්බර් 18 දා සිට ඉදිරි කාලයේ දැඩි වර්ෂා පතනයක් සමඟ ජල පීඩනයක් ඇතිවන බවයි.එකී ලෙසටම රජරට ප්‍රදේශයට
    මහා ධාරාණිපාත වර්ෂා ඇතිවන්නට වූ අතර කුඩා හා මහා පරිමාණ වැව් පිටාරගලා ගම් බිම් යට විය. අනුරාධපුර පූජා නගරය පවා මුළුවනින්ම යට විය. මෙවැනි ජල පිඩාවක් රජරට ජනතාවට මීට පෙර අත්විඳින්නට ලැබුණේ 1957දීය.

    සෙත්මිණ මංගල කලාපයෙන්ම කි අනාවැකිය මෙසේය.
    ලබන දෙසැම්බර් 18 දා උදාවන ධනු රවිය පවතින කාල සීමාවේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආශ්‍රිත රටවලට දැවැන්ත කාලගුණික විපර්යාසයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ප්‍රවීණ ජ්‍යොතිෂවේදී,වෛද්‍ය තිලක් ද සිල්වා මහතා අනාවැකි පළ කරයි. දැඩි වර්ෂාපතනයක් සමඟ සුළි කුණාටු,ගංවතුර,නාය යෑම් සහ ජන ජීවිතයට දැඩි බලපෑමක් ඇති කරවන සිදුවීම් හට ගන්නට ඉඩ ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

    ජන මනස අවේගකාරී,නොසන්සුන්කාරී තත්ත්වයකට පත්කරවන කැළඹිලි දකුණු ආසියානු රටවලින් අපේක්ෂා කළ හැකි අතර හැකිතාක් ඉවසීම,බුද්ධිමත්ව හා ධූරදර්ශීව ක්‍රියා කොට මේ අයහපත් තත්ත්වය සංසිඳුවා ගැනීම‍‍ට ක්‍රියාකළ යුතුව ඇතැයි ද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි. ලබන දෙසැම්බර් 18 දා රවි ග්‍රහයා ධනු රාශියට පිවිසෙන අතර ඒ වන විට එහි බුධ හා සිකුරු තැන්පත්ව සිටී.

    මේ සමඟ දෙසැම්බර් 22 දා අමාවක දා සඳු ග්‍රහයාත් ධනු රාශියට පිවිසීමෙන් පසුව චතුර්ග්‍රහයෝගයක් හට ගනී. දෙසැම්බර් 22දා ‍ඉර උදාවන විට නැගෙනහිර ක්ෂිතිජයේ මතු වන ධනු රාශියට දෙපසින් ශනි හා කුජ පිහිටන අතර එමඟින් පාපකර්තරී තත්ත්වයක් නිර්මාණය කෙරේ.මෙය කාලගුණික අංශයෙන් යහපත් නොවේ.සොබාදහමේ සමතුලිතය බිඳ වැ‍ටී අනපේක්ෂිත ආපදාවන් මතුව ඒම‍ට ඉඩ ඇත.

    එමෙන්ම ජනමතය ද යම් නොසන්සුන්කාරී තත්ත්වයකට පත්වියහැකි අතර මේ අසුබදායක දින කිහිපයේ ඉතා ඉවසීමෙන් දූරදර්ශීව ක්‍රියා කළ යුතුව ඇත.

    රාහු-කේතු අතහැර යුරේනස් හා නැප්චූන් යන ග්‍රහයන් ද එකතු කළ විට ග්‍රහයන් සියලු දෙනා අංශක 120ක කෝණයක ස්ථානගත වන නමුත් ගුරු ග්‍රහයා පමණක් ඉන් බාහිරව තැන්පත්ව සිටී. මේ අනුව ගුරු අසහාය බලයකට පත්වේ. ආධ්‍යාත්මික ශක්තියෙන් පොහොසත් චරිත මේ කාලයේ දී තව තවත් බලවත්වීම ද සිදුවෙනවා ඇත.
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: සෙත්මිණ අනාවැකිය හරියටම හරි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top