මේෂ
ඔබට මේ සතිය ඉතා සුබ පල උදාකරයි.නීතිමය ගැටලු නිරාකරණය කෙරේ.දරුවකුගේ ගැටලුවක් ඇති වුවත් සහෝදරයකුගෙන් උපකාර ලැබීමෙන් එය මඟහැරේ.
මුදල් ආයෝජනයේදී තරමක් කල්පනාකාරී වන්න.රැකියාවේ පිළිගැනීම සුබදායක වෙයි.ප්‍රභූනාමයක් ලැබීමේ වාසනාව ඇත.
විවිධ තනතුරු දරන්නන් මුණගැසේ.ලේ කෝප වීමෙන් ඇතිවන රෝග පෙන්නුම් කරයි.දනහිසේ පීඩා ඇතිවිය හැක.
ජය අංක-4,5,2,1 ජය වර්ණය-රෝස
වෘෂභ
සිත අවිවේකීව කටයුතු කරන්නට සිදුවේ.ගුරු වෘත්තියේ නියැලේ නම් සතුරු බලපෑම් වැඩිය.ලෙන්ගතුව සිටින කෙනෙක් අමනාප විය හැක.දේශපාලන කටයුතු වලදී මුල්තැනක් ගන්නා අතර අන්‍යයන් ගේ සහායෝගය ලැබේ.
අධ්‍යාපන කටයුතු වලට තරමක් අලස වුවත් ප්‍රථිපල සුබය.මංගල යෝග උදාවන අතර කලින් තිබූ යෝජනාවක් මඟහැරී යයි.තරමක මානසික පිඩා ඇති කරයි.උදරාබාධ ස්නායුගත පීඩා ඇති විය හැක.
ජය අංක-8,3,5,1 ජය වර්ණ-සුදු ,රෝස
මිථුන
විදේශ ගමන් සම්බන්ධව බාධක ඇති වුවත් ප්‍රමාද වී හෝ විදෙස් ගමන සාර්ථක වනු ඇත.අලුත් ව්‍යාපාර එතරම් සාර්ථක නැත.ශනි හය වැන්නේ ගමන් කිරීම නිසා සතුරු බාධක බොහොම ඇතිවේ.
වුවමනාවට වඩා කල්පනා කිරීමෙන් මානසික තත්ත්වය අවුල්වේ.සතියේ අග භාගයේ දී හදිසි ධන ලාභ ලැබීමටත් ,උත්සව අවස්ථාවකට සහභාගිවීමට සිදුවේ.
තම අඩුපාඩුවක් නිසා විවේචනයට ලක්වේ.ඉක්මන් කෝපය ඇතිවේ.නිර්මාණ කටයුතු සම්බන්ධයෙන් ප්‍රසිද්ධිය ඇතිවේ.ගෘහ නිර්මාණ ශිල්පය සඳහා අධ්‍යාපන කටයුතු ආරම්භ කරයි.ඇස්වල රෝග,මුත්‍රා රෝග ඇති කරයි.
ජය අංකය-7,2,5,9 ජය වර්ණ-දම්,කොළ
කටක
අධ්‍යාපන කටයුතු සම්බන්ධ ප්‍රසිද්ධියක් ඇතිවන අතර හොඳ සහතික පත් ලැබේ.ධර්මාවබෝධය ඇති කර ගැනීමට වැඩිහිටි අයගෙන් උපදෙස් ලැබේ.සිතේ තිබූ කරුණක් ඉටුවීමෙන් තමාට වඩා මව් පියන් සතුටට පත්වනු ඇත.
වාහන ගැනීමට සුබ සතියක් වන අතර ගුරු මහ දශාව පවතින්නේ නම් කළු පැහැති වාහන ගැනීම සුබ නැත.අමතර විෂයක් ලෙස චිත්‍ර කලාව ඉගෙනීමට සූදානම් වේ.පවුලේ තරමක් මත භේද ඇති වන අතර අඹු සැමියන් අතහැර දමන්නට සිත් වේ.උගුරේ අසනීප ඇතිවිය හැක.නහරගත ආබාධ හේතුවෙන් අත් පාවල වේදනා ඇතිවිය හැක.
ජය අංක- 8,3,2,5 ජය වර්ණ-අළු,රන්වන් පැහැ
සිංහ
ජීවිත පරදුවට .තබා අන් අය බේරා ගැනීමට උනන්දුවේ.ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ අධ්‍යාපන අංශ වෙනස් කරයි.රැකියා ස්ථාන මාරුවීම් වලට ඉඩ ඇත.බැංකු සේවයේ රැකියා කරන අයට අඩුපාඩු ඇතිවීමෙන් සේවා ප්‍රශ්න පැන නගී.කුජ මහ දශාව ගතකරන අයට ලේ හෙල්ලීම් හදවත සම්බන්ධ ශල්‍යකර්ම ආදියට ඉඩ ඇත.
වකුගඩු ආබාධ ඇති කරයි.අන්‍ය ජාතීන් සමඟ කරන ව්‍යාපාර කටයුතු වලට සුබයි.මුදල් සහන ලැබේ.ඉඩකඩම් දේපළ පිළිබද ගැටලු මතුවේ.ඉඩම් විකිණීමට බලාපොරොත්තුවේ නම් බාධා මතුවේ.
ජය අංක- 7,8,3,5 ජය වර්ණ- දම්,කහ
කන්‍යා
බලාපොරොත්තු නොවන සාර්ථක ප්‍රථිපල ලැබුණ ද අමතක වීමකින් පාඩු ඇතිවිය හැක.රැකියා වෙනස්වීමකට ඉඩ ඇත.පදිංචිය වෙනස් වෙයි.සතියේ මුල් භාගයේ දරුවෙක් සම්බන්ධ ගැටලුවක් මතුවෙයි.මුදල් හානියක් ද විය හැක.වාහන ගැනීමට සුබයි.
ක්‍රීඩා කටයුතු වලින් උසස් දියුණුවක් ලබයි.ප්‍රසිද්ධිය මෙන්ම නායකත්වය ලැබීමට හැක.විභාගවලදී දුර්වලතා මඟහැර උනන්දුවෙන් කටයුතු කරයි.අලුත් කටයුතු වලට සිත් පහලවේ.හදිසි උණ රෝග නිසා රැකියාවට බාධා ඇතිවේ.
ජය අංක- 2,6,5,1 ජය වර්ණ-රෝස,නිල්
තුලා
අන්සතු භූමි ලාභ ලැබීමේ වාසනාව ඇත.මේ සතියේ උද්යෝගයෙන් හා කාර්යශූරත්වයෙන් ක්‍රියා කරනු ඇත.සිකුරු මහ දශාව ගත කරන්නේ නම් සමාජයේ කැපී පෙනෙන ජීවිතයක් ගතකරයි.අන් අයගේ ණය ගනු දෙනු වලට සහාය වීම සුබ නැත.
සතුරු කුමන්ත්‍රණ වලට ලක්වීමට ඉඩ ඇති බැවින් පරිස්සම් වන්න.විදෙස් රටවල් සමඟ හිතවත්ව කටයුතු කරන කාලයකි.ව්‍යාපාර කටයුතු ඇරඹීමට සිතුවත් මේ කාලයේ එතරම් දියුණුවක් නොලබයි.මංගල යෝජනා ඉදිරිපත් වුවද රැවටිය හැකි බැවින් මේ දිනවල විවාහයට සුදුසු නැත.
ජය අංක- 9,1,8,6 ජය වර්ණ-සුදු ,දුඹුරු
වෘශ්චික
පුරා විද්‍යා කටයුතු සම්බන්ධයෙන් ඉගෙනීමට අවස්ථාව ලැබේ.ශනි ලග්නයේ ගමන් කිරීම නිසා මේ දිනවල රැකියා උසස්වීම් ප්‍රමාද කරයි.
සඳු මහ දශාව ගතකරන්නේ නම් ජලයෙන් ප්‍රවේශම් විය යුතුය.විවාහ දිවයේ ගැටලු රැසකට මුහුණදීමට සිදුවේ.අනියම් සබඳතාවල පැටලීමට ඉඩ ඇත.අනවශ්‍ය වියදම් නිසා ණය වීමට සිදුවෙයි.හදිසි අනතුරු වලින් ප්‍රවේශම් වන්න.අර්ශස් රෝග හා මුත්‍රා රෝග ඇති විය හැක. ශල්‍යකර්ම ආදියටද හේතු විය හැක.
ජය අංක-6,3,5,7 ජය වර්ණ-නිල්,රතු
ධනු
විවාහ අපේක්ෂිතයන්ගේ පැතුම් ඉටුවන සතියකි.ඒකාකාරීත්වයෙන් මිදී වෙනත් අරමුණක‍් වෙත යොමු වීමට ඉඩ ඇත.සිත සිල්වත් වේ.ගරුබුහුමන් ලබයි.උසස් අයගේ ආශිර්වාද ලැබේ.රැකියා තනතුරුවල සුරක්ෂිත භාවය තහවුරු වෙයි.ආර්ථික තත්ත්වය තරමක් සුබදායක වෙයි.
බුද්ධිය මෙහෙයවා කරන කටයුතු වලට තමන්ට ශක්තිය ලැබේ.අධ්‍යාපන කටයුතු වල වෙනසක් ඇතිවේ.තම අදහස් එළිදැක්වීමට මැලිවීම නිසා අඩුපාඩු ඇතිවිය හැක.බුධ,කුජ මහ දශා ගතකරන්නන්ට හදිසි ධන ලාභ මෙන්ම ජයග්‍රහණ පෙන්වයි.
තුනටියේ ආබාධ,පාදයේ ඇඟිළිවල සුළු ආබාධ ඇතිවිය හැක.
ජය අංක- 4,7,2,9 ජය වර්ණ-කහ,තැඹිලි
මකර
රැකියාව සම්බන්ධයෙන් සිත තරමක් අවුල් වෙයි.දූෂමාන ආරංචියක් නිසා පවුලේ කලබල ගති ඇතිවේ.ලේ හෙල්ලීම් වලට ඉඩ ඇති බැවින් ඉතා ප්‍රවේශම් වන්න.කුජ ග්‍රහයා ලග්නයේ උච්චව ගමන් කිරීම නිසා හදිසි කෝපගති ඇති වී ආරවුල් ඇතිවිය හැක.
කෘෂිකර්ම කරයුතු වලදී සතුන්ගෙන් පීඩා ඇති කරයි.ඉඩ කඩම් ගැනීමට යොමුවේ.රැකියා ලැබීම් හා අධ්‍යාපනයේදී බුද්ධි වර්ධනය ඇති කරයි.දුරකථන ඇමතුම් ආදී සන්නිවේදනයේ දී මනස අවුල්වන අවස්ථා ඇත.
ජය අංක- 3,6,8,1 ජය වර්ණ-දුඹුරු,කොළ
කුම්භ
නව කර්මාන්ත ආරම්භයේදී විද්‍යුත්මාධ්‍යකරණය වැනි අංශවලින් උසස් දියුණුවක් ලැබිය හැක.වෛද්‍ය අංශයෙන් අධ්‍යාපනය කරන අයට තරමක් බාධා ඇතිකරයි.සෙනසුරු මහ දශාව ගතකරන්නේ නම් ධන වාසනාව ඇති වේ.ලොතරැයි ජය මෙන්ම රේස් සූදු ආදී කටයුතු වලින් ජය ලැබේ.
මුහුණේ ලප කැලැල් අතිවීම,බෙහෙත් විෂවීම් හේතුවෙන් ඇතිවන හමේ රෝග ආදිය ඇතිවිය හැක.නාඳුනන අය සමඟ වැඩකිරීමේදී කරදර ඇතිවිය හැක.භූ විද්‍යා කටයුතු ඉගෙනීමෙන් .උසස් ප්‍රථිපල ලබාගතහැක.
ජය අංක- 7,3,6,4 ජය වර්ණ-සුදු,රෝස
මීන
ප්‍රමාණය ඉක්මවා වැඩකිරීමෙන් වෙහෙසට පත්වේ.වාහන පැදවීමේ දී ආරක්ෂා විය යුතුය.ඉගෙනීමට බාධා මෙන්ම අමතකවීම් සිදුවනු ඇත.නොගැලපෙන ප්‍රේම සබඳතා ඇතිවීමෙන් පාඩු සිදුවිය හැක.
කෙටි ගමන්බිමන් යෙදෙන අතර කලෙකින් නොදුටු මිතුරු මිතුරියන් හමුවීමට අවස්ථාව ලැබේ. දනහිස් හා පාදයේ ඇඟිලි ආබාධ ඇතිවිය හැකි නිසා පරිස්සම් වන්න.සති අන්තයේ දී හදිසි ධන ලාභයකට ඉඩ ඇති හෙයින් ලොතරැයි ගැනීම සුබයි.
ජය අංක- 2,7,8,9 ජය වර්ණ.-සුදු,නිල්
ප්‍රවීණ ජ්‍යොතිෂවේදීනි
සොමී උඩවත්ත
0 comments:
Post a Comment