728x90 AdSpace

  • නවතම පුවත්

    2014-12-15

    වියළි ඇස් ඇත්තිය මිතුරන් පාවාදෙන සුළුය

    දෙනෙත කියවා හදවත තේරුම් ගන්න


    දිගටි රතුවන් නෙත් ඇත්තියට උණුසුම් සිරුරක් ඇත
    ඇස හදවතේ ප්‍රතිබිම්භයයි.හදවතේ ඇති දේ දෙනෙතින් කියැවේ.එහෙයින් දෙනෙත කියවිය හැකි නම් ඔහුගේ ‍හෝ ඇයගේ හදවත කියවිය හැක.

    වටකුරු දෑස් හිමි කත

    විනෝදමත්ය.බරපතල සිතිවිලි වලින් තොර නිතර සතුටින් සිටීමට කැමති තැනැත්තියකි.එහෙත් ‍ඕපාදූප දැන ගැනීමෙහි අතිශය උනන්දුවෙන් පසුවන්නියකි.සතු‍ටින් සිටීමට කැමති ය. එහෙත් සතුටු සිත් වැඩිවේලා රඳවා ගැනීමේ හැකියාව නැත.අමතක වීම් බහුලය.එහෙත් වගකීම් ඉටුකරයි.

    වටකුරු දුඹුරු පැහැ ඇස් ඇත්තිය

    අධික ලෙස නිද්‍රාවට හුරු වූ තැනැත්තියකි.රාගාධිකය.ඉවසීම අඩුය.දරාගැනීමේ හැකියාවද දුබලය.කලහකාරී සිතිවිලි නිතර ඉස්මතු වුවද අන් අයට උදව් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වේ.පහසුවෙන් රෝග පීඩාදියට ගොදුරු වේ.ගණිතය,විද්‍යාව වැනි විෂයන්ට දක්ෂතා ඇත්තියකි.

    දිගටි රතුවන් දෙනෙත් ඇත්තිය‍

    කවියට සාහිත්‍යයට සහ ශෘංගාරයට තදින් ප්‍රිය කරන තැනැත්තියකි.තරමක අහංකාර ගතියක් ඇත.එහෙත් නම්‍යශීලීය.ඉවසීම අඩුය.ඉතා උණුසුම් සිරුරකට හිමිකම් කියයි.දැඩි ආත්මාර්ථකාමී හැඟීම් ඇති තැනැත්තියකි.එහෙත් අන්‍යයන්ට උදව් කිරීම‍ටද ඉදිරිපත් වේ.යුක්ති ගරුකය.යටත්වීමට කැමති නැත.

    දිගටි දුඹුරු පැහැ ඇස් ඇත්තිය

    නිදිබරය. රාත්‍රියෙහි නිදිවරමින් වැඩකිරීමෙහි පුරුදු ඇත්තියකි.පොත්පත් කියැවීමෙහි අධික ගිජු බවක් දක්වයි. අනෙක් අය අතර නිතර කැපී පෙනීමට උත්සාහ දරයි. නිතරම සමාජයේ නායකත්වයට පත්වේ.නිර්භීතය.එහෙත් අවස්ථාවාදීය.ලේඛනකලාව,නීතිය,ගණකාධිකරණය, බැංකු කටයුතු ආදී ක්ෂේත්‍රයන්හි සමත්කම් දක්වන්නියකි.

    දිගටි නිල්වන් පැහැ ඇස් ඇත්තිය

    බොහෝ පෙර පින් ඇත්තියකි.ආගම දහමට බෙහෙවින් ලැදිය.දාර්ශනික විෂයන් හැදෑරීමට ප්‍රිය කරයි.සර්ප ආදී උරගයන්ට අතිශයින් බියක් දක්වයි.ඉතාම අනුකම්පා සහගතය.පරිත්‍යාගශීලීය.කිසිවක් බලාපොරොත්තු නොවී අන්‍යයන්ට උදව් කරන තැනැත්තියකි.

    වියළි ඇස් ඇත්තිය

    නපුරු කල්පනා ඇති රාගාධික තැනැත්තියකි.අනෙකා පීඩාවට පත්කිරීමෙන් සතුටක් ලබයි.පහසුවෙන් රෝග වලට ගොදුරු වේ.රහස් රැකිය නොහැක.මිතුරන් පාවා දෙන සුළුය.අතිශයින්ම කලහකාරීය.ධාරණ ශක්තිය හා අධ්‍යාපනය අතින් ඉහළ තලයක ‍නොපිහිටයි.

    තෙත් ඇස් ඇති තැනැත්තිය


    බරපතල සිතිවිලිවලින් තොරය.විනෝදය ප්‍රිය කරයි. සතුටින් සිටීමට කැමති වුවත් සතුටු සිත වැඩි වේලා නොරඳයි.අනුන්ගේ දේ දැන ගැනීමට අතිශයින් උනන්දුවන්නියකි.අමතක වීම් බහුල වුවද වගකීම් ඉටුකරයි.දියවැඩියාව හා අධික රුධිර පීඩනය වැනි රෝග වලට ගොදුරුවේ.
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: වියළි ඇස් ඇත්තිය මිතුරන් පාවාදෙන සුළුය Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top