728x90 AdSpace

  • නවතම පුවත්

    2014-12-24

    ඔබ ගෙවන මහ දසාවට කල දශාව කොහොමද?

    රවි සුබ නම් රජ සැප උරුමයි


    රවි මහ දශාව කෙනෙකුට රජ සැප ගෙන දේ. තව කෙනෙකුට කරදර පොදි බැඳ ගෙන ජීවත් වීමට සලස්වයි.
    එකම ග්‍රහයා මෙසේ දෙවිධියකට සලකන්නේ ඇයි? උපන් ගෙයි කරුමය කියන්නේ මේකටද?
    ග්‍රහයන්ගේ කාලය පිළිබඳ සැලකීමේ දී රවි හෙවත් සූර්යයා මූලික වේ. රවි ග්‍රහලොව රජු ලෙස ද, පියා ලෙස ද, හඳුන්වයි. රවි කෲර ගති ඇති පිරිමි ග්‍රහයෙකි. රවි ග්‍රහයා කාරක වන්නේ පළමු භාවයටයි. දහවැන්නට දිග්බල වෙයි. ග්‍රහයා කිසිදු ලග්නයකට මාරක නොවේ.

    සමාජ ගෞරවය ලැබීමට සුදුසු සෘජු ගති ඇති, නායකත්වයකින් හෙබි, නිර්ලෝභී අය රවි බලවත් වූ පුද්ගලයෝය . රවි දුබල වීම නිසා මානය අධික බව අන් අයට පීඩා කිරීම, කෝපය වැනි දුර්වල චරිත ඇති පුද්ගලයෝ බිහිවෙති. රවිගේ දශා කාලය වසර 06කි. එසේම රවිගේ අතුරු දශා කාලයක් ජීවිතයට බලපෑම් කරන්නේ මේ ආකාරයෙනි.

    රවි මහ දශාවේ රවි අන්තරය (මාස 03 යි දින 18කි)

    රවි බලවත් අයට වාසනාවන්ත කාලයකි. උසස් රැකියා, රාජ්‍ය අනුග්‍රහය ලැබීමට හේතුවෙයි. ව්‍යාපාරිකයන්ට ඉතා යහපත්ය. උපතේ දී රවි 11 වැන්නේ සිටීනම් ජීවිතයේ ස්වර්ණමය කාලයක් උදා වේ. එහෙත් රවි උපතේ දී අසුබ හෝ දුර්වල ස්ථානවල පිහිටා ඇත්නම් රාජභය ඇස් රෝග,පාචනය, සෙංගමාලය, වැනි රෝග වැළැඳී මිතුරන් සමඟ බේද බින්න වීමට හේතු වෙයි.

    රවිගේ සඳු අන්තරය (මාස 06කි)

    සුබ පිහිටීමක් ඇතිවිට යහපත් ප්‍රතිපල ලබාදේ.අලුත් වස්ත්‍ර ලැබීම, ව්‍යාපාර දියුණුව, සතුටින් සැහැල්ලුවෙන් කාලය ගතවීම මිහිරි අහාරපාන ලැබීම හා ඥාතීන්ගේ ගෞරවයට ද ලක් වේ. එහෙත් රවි අසුබව පිහිටි විට ඇස් රෝග, පාචනය සෙංගමාලය වැනි රෝග සෑදීමේ අවදානමක් ඇත.

    රවිගේ කුජ අන්තරය (මාස 04 දින 06)

    එතරම් යහපත් ප්‍රථිපල අපේක්ෂා කළ නොහැකිය. විවිධ කරදර පීඩාවන්ට මුහුණ දීමට සිදුවේ. එහෙත් රවි කුජ යහපත්ව පිහිටි විට රාජ්‍ය අංශ‍ෙය් උසස් රැකියා ලැබීමට රාජ්‍ය අනුග්‍රහය වැනි යහපත් දේ හිමි වේ.
    මේ කාලයේ ඇතිවන අශුභ ඵල ලෙස උෂ්ණ හෝ පිත් රෝග, වාත අමාරු ,පාචනය වැනි රෝග සෑදීමටත් සිතට අසහන ගතිය, අඬදබර ඇතිවීම, මුදල් ‍ෙසාර සතුරන් පැහැර ගැනීම, දේපළ නාස්තිය, වැනි කරදරවලට මුහුණ දීමට සිදුවේ.

    රවි දශාවේ රාහු අන්තරය(මාස 10 දින 24)

    යහපත ඇති කරන කාලයක් නොවේ. අසුබ වූ විට බෙහෝ දුක් කම්කටොලු ඇති වන කාලයකිනි. විශේෂයෙන්ම අපත්‍ය ආහාර නිසා ලෙඩ රෝග ඇති වීමට ඉඩ ඇත.
    වැඩ කටයුතු අසාර්ථක වීමට හේතු යෙදේ.ව්‍යාපාර කොටස්වලින් පාඩු සිදුවේ. නෑදෑයින් සතුරුවීම, සතුරු කරදර ඇතිවන කාලයකි. සර්ප බය සතුන්ගේ සපා කෑම්වලට ලක් වේ. මරණය පවා ඇතිවන කරුණු යෙදේ.

    රවි දශාවේ ගුරු අන්තරය (මාස 09 දින 18)

    ඉතා යහපත් කාලයක් ලෙස හැදින්විය හැක. විශේෂයෙන් අතමිට සරුවන කාලයකි. ප්‍රභූ ඇසුර හිමිවේ. ඉඩකඩම් මිලදී ගැනීම සඳහා අවස්ථාව උදා වේ. රත්තරන් ලැබීමට ද හේතු වේ. රවි දශාවේ ශනි අන්තරය යහපත් දේ සිදුවන කාල පරිච්චේදයක් ලෙස හැඳින්විය නොහැක. එහෙත් යකඩ සම්බන්ධ කර්මාන්තවල යෙදෙන ව්‍යාපාරිකයන්ට යහපත්ය. රවි, ශනි, අසුබව පිහිටියේ නම් උණ, පාචනය, වාතාබාධ වැනි රෝගවලට මුහුණ දීමට සිදුවෙයි. ගෙදර කටයුතු සොරසතුරු බිය ඇති වේ. ගවයන් ධාන්‍ය විනාශ වීමට ද හේතු යෙදේ. ව්‍යාපාර බංකොළොත්වීම, ධනය, වස්තුව හීනවීම ආදියට මුහුණදීමට සිදුවේ‍.

    රවිගේ බුධ අන්තරය (මාස 11 දින 12 )

    රවි බුධ සුබ ස්ථාන ගත වූ විට යහපත උදාවන කාලයකි. කීර්තිය පැතිරේ. සමාජ ගෞරවයට පාත්‍ර වේ. ව්‍යාපාරවලින් ලාබහිමිවන කාලයකි. විශේෂයෙන්ම විදේශ වෙළෙඳා‍ෙම් නියුතු නම් එහි දියුණුව ඇති වේ.
    යහපත් සෞඛ්‍යයන් ජීවත්වීමට ලැබේ. එහෙත් අසුබව පිහිටියහොත් ඉබාගා‍ෙත් යාම ,මිතුරන් සතුරන් වීම හිතේ කරදර, දරුවන්ට කරදර ඇති වීම, කනස්සල්ලෙන් දිවි ගෙවීම සිදුවේ. රජයෙන් ගැටලු ඇතිවීම නැදෑයන් වෛරවීම සහ කරදර ඇති කිරීමට මෙම දශා කාලයේ දී සිදුවේ. දද - ගෙඩිවැනි රෝග ඇති වීමටත් ගබ්සාවීම් ඇති වීම් සිදුවිය හැකිය.

    රවි කේතු අන්තරය (මාස 04 දින 06)

    බොහේ විට අසහනයෙන් පීඩාවෙන් ජීවත්වීමට සිදුවන කාලය. රජයෙන් විවිධ කරදර ගැටලු ඇති කරයි. දුර ගමන් බිමන් යෙදේ. තැන්පත් ධනය විනාශ වීම, ඉඩකඩම් නිවාස අහිමි වීම, මිතුරන් අමනාප වීම, ව්‍යාපාර ලාබ අඩුවීම වැනි පීඩා අති කරන කාලයකි. විවධ රෝගාබාධ නිසා දෛනික වැඩකටයුතුවලට බාධා එල්ල වේ. විශේෂයෙන්ම පාදවල ආබාධ - කොරවීම, හිස, ඇස්, කන් ආදිය ද රෝගී වේ.

    රවි ශුක්‍ර අන්තරය(අවුරදු 01)

    කාලය බො‍හෝ යහපත්ව ගත කිරීමට හැකි වේ. හ‍ිතේ සතුට ඇතිවේ. රන් රිදී ආභරණ හිමිවේ. නිතර මිහිරි ආහාර ලැ‍ෙබ්. විවාහ අපේක්ෂකයන්ට විවාහ වීමට අවස්ථාව ලැබේ. විවිධ උත්සව, විශේෂ මංගල උත්සවවලට සහභාගී වීමට සිදුවේ.
    එතෙක් පීඩා විඳි රෝග සුව වී ශරීර සෙ‍ෟඛ්‍ය ඉහළ යයි‍. විවිධ අංශවලින් සමාජ සත්කාර යහපත්කාර්යන් සඳහා සහභාගී වීමට අවස්ථාව ලැ‍බේ. වන්දනාගමන් සඳහා විදේශගත වීමට ද හැකිවන කාලයකි.

    සටහන - ලක්ෂ්මි වික්‍රමසිංහ

    ප්‍රවීණ ජ්‍යොතිෂවේදී


     ඇල්බට් සුදසිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඔබ ගෙවන මහ දසාවට කල දශාව කොහොමද? Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top