728x90 AdSpace

  • නවතම පුවත්

    2014-12-24

    පණහ පැන්නත් කෙල්ල වගේ ඉන්නේ කොහොමද .... ?

    ජ්‍යොතිෂයේ හස්තසාර රහස් මැදිවියේ වසන්තය ඔබටත්

    ග්‍රහ බලයට එරෙහිව ඔසු බලය නැකතට යොදා ගන්නේ මෙහෙමයි
    ඔබ අද වන විට ලමිස්සීගේ කාලය ගෙවී දොගොඩ හරි වයසට පා තබා සිටින දොගොඩ හරි වයසේම
    විවාහක කාන්තාවක් විය හැක. එහෙත් ඔබේ අතීත තරුණ පෙණුම නැවත ලබා දීමට ජ්‍යොතිෂ ගුප්ත ශාස්ත්‍රයේ නොයෙකුත් හස්ත සාර ක්‍රම තිබේ. මෙ ලිපිය ඔබ වෙනුවෙනි.

    යම් කතක් රිද්මයානුකූල කමනිඃශ්‍රීත වූයේ ද යොවුන් බව ද ආලයෙන් වෙලෙන කල්හි ‍රම්‍යවූ ද මධුර වූද සිහින් කටහඬින් සම්ප්‍රයුක්තවී ද උස් වූ වටකුරු පියයුරු ඇත්තී ද එබඳු ස්ත්‍රීයක් ඇසුරු කිරීමට හැකිවේ ද එබඳු සුවයක් තුන්ලොවෙහිම නැත්තේ යැයි (ප්‍රත්‍ය ශතකයේ) දක්වා තිබේ.
    තරුණ විය ඉක්ම වූ කාන්තාව ඇගේ සිරුරේ හැඩය බාහිර රුව සම්පත් ක්‍රමක්‍රමයෙන්ම අඩු වී සිරුරේ පීන පයෝධර ලිහිල් වන්නට පටන් ගැනීමෙන් තරමක කනස්සල්ලකට පත් වන බැව් නොරහසකි. සිහිනෙකින්වත් පියයරු චුම්භනය නොකරන ලද පුරුෂයෙකු සිටී නම් ඔහු කිසිදු වටිනාකමක් නොමැති බැව් රහල් හිමියන් ද පවසා ඇත්තේය.

    මැදි වයසේ දී අන් කවරදාකටවත් වඩා ඔබගේ තාරුණ්‍ය ඔප් නඟා ගත යුතුයි. තරුණ බව, රූ සපුව බොහෝ කාලයක්ම තබා ගැනීමේ රහසක් තිබේ. කොතෙකුත් බාහිර රූපලාවණ්‍ය ආලේපනයන්ගෙන් මුළු සිරුරම හැඩ ගැන්වූවත් ඔබේ සිත කිළිටි වී නම් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පළිගැනීම, සැකය ඊර්ෂ්‍යාව හරහා දෛනික දිවියක් ගෙවන්නේ නම් ඉක්මණින්ම මහලු බවට පත්වීම නොවැළැක්විය හැකිය.

    දරුවන් ලැබූ කාන්තාවන් සමහර තරුණියන්ටත් වඩා ලස්සනට සිටීමේ රහස කුමක්ද?
    එදා ගැමි කාන්තාව සොබාදහමට අනුව පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් පිරුණ ආහාර පාන ගත් අතර සැහැල්ලු දෛනික දිවියක් ගත කළ බැව් ඇත්තකි. වී කෙටීමෙන් උරහිස මනාව පළල්ව වැඩීමත්, දිය කළය උකුලේ තබාගෙන ඒමෙන් ඉඟටිය සිහින් වීම ද සොබාවෙන්ම හිමි විය (ඇය දිනපතාම ලස්සන වන්නීය ) කෝපි මල් සිනාවෙන් මුව සරසාගෙන ළමැද ගෝමර ඉසුන දසුනින් යුත් පියයුරු යුවළ මනාව කැපි පෙනීමත්, බෝරිච්චි හැට්ටයත්, බඳට කිටි කිටියේ තද වූ චීත්තයක් ඇඳීමෙන් ඇගේ නිතඹ පෙදෙස ගමන් කරන විට ලතාවකට චලනය වීම නිසා දකින කාගේ වුවත් මන මෝහනයට පත්වෙනු නිසැකය. කාන්තා සිරුර වයස 24වන තෙක් ම වැඩේ‍. එයින් අනතුරුව වැඩුණ මාංශ කල්‍යාණය එලෙසම තාරුණ්‍ය පෙනීමත් ඇතිව තබා ගැනීමට නම් ඇය වෙහෙස දැරිය යුතුවේ. දිනපතාම පිරිසිදු ජලය ස්නානය කිරීම රුව රැකදෙන දේශීය ශාක සාර අඩංගු ඖෂධ වර්ග උපයෝගී කර ගැනීමට වග බලා ගතයුතුයි.

    මව්පියන්ගේ ස්වරූපය ද ගති ලක්ෂයන්ද ජානමය ලෙස ලැබේ. උපදින දරුවන් හට දායාද වන්නේ ජනකානුන්ගෙන්ය ලේවලින් නොවේ. ජනකානු පිහි‍ටියේ වර්ණ‍ාංශ නමින් දක්වන ජීවී ධාතුවය. නූල්පටවල් සේ සෑදුන වර්ණාංශු ඇත්තේ ශුක්‍රානු හා ආර්ත්‍රවානුව හරහාය. මනුෂ්‍යය‍ාගේ වර්ණාංශු වෙහි ශුක්‍රානුවේ වර්ණාංශු 24 කි. ආර්තවානුවේත් එම සංඛ්‍යාවයි. රූප ධර්ම විභාගයේදී මනාව පැහැදිලි වන්නේය. හැඩැති දෙමාපියන්ගේ දරුවන් බොහෝ විට ලස්සන රිද්ම රටාවක් ඇතිව හැඩ ඇතිව උපදී. උපදින දරුවෙකුට ජීවමය ශක්තිය කාන්දු වන්නේ සූර්යයාගේ ශක්තිය මතය. මනෝ විදුදර සිග්මන් ‍ප්‍රොයිඩ්, කාල්යුංග් ඇඩ්රී වැනි අයගේ මනෝ විද්‍යාව අනුව ප්‍රකාශ කර ඇත්තේ බාහිර රූපය ඇති වන්නේත් නැති වන්නේත් සිය මනස හැසිරෙන ආකාරයට අනුගතවය යන්නයි.

    ලස්සන ආකර්ෂණීය පෙනුමක් දොගොඩ හරි වයසේ කතකට ලැබීමෙන් ඇය තව තවත් රූමත් වන්නීය. සිය මාංශ කල්‍යාණය පිරිහීමට ඉඩනොදී රැක ගැනීමට ඔබ කළයුත්තේ පිරිසිදු සිතින් ජීවත් වීමය. තරුණිය සිය තාරුණ්‍ය බව රැක ගැනීමට විවිධ රූපලාවණ්‍ය බාහිර ආලේපන වර්ග භාවිතා කරන බව ඇත්තකි.
    මැදි ව‍යසේ කාන්තාවන්ට පහත සඳහන් දේශීය ශාක සාර ඖෂධ වර්ග ආලේපන භාවිතා කිරීමෙන් සිය රුව රැකගත හැකි බැව් ඇත්දැකීමෙන් පවසමු.

    කුරුඳුපොතු- සුවඳකොට්ටන්, වැල්මදට,නාමල් රේණු, නෙළුම් රේණු, ඉරිවේරිය, මූණමල්, කොල්ලන් කොළ, ලුණුවිල, කළාදුරු, ජටාමාංශ, ගුගුල්, සමව ගෙන අඹරා එම ආලේපය මුහුණේ සහ සිරුරේ ගැල්වීමෙන් පැහැපත් වී ලස්සන වන්නේය. ගුප්ත විද්‍යාවේ දැක්වෙන පරිදි අස්ලිස නැකතින් කුඹුක් මුලක් ගෙන එළු මුත්‍රාවලින් අඹරා ආලේපනය කිරීමෙන් ලිහිල්ව යන පියයුරු නැවත මනාව වැ‍ෙඩ්.
    අමුක්කරා සුවඳකොට්ටං, කොකුම් පොතු, අඹරා සියඹලා ඇට ගලගා ගත් යුෂ සමඟ මිශ්‍ර කොට පපු පෙදෙ‍ෙස් පියයුරුවල ආලේපනය කිරීමෙන් දැඩිව ගනත්වයෙන් ලස්සනට උස්ව වැඩේ.
    කහ, දෙහි යුෂ කෝමාරිකා අමුක්කරා - කොකුම් නාමල් සහ නෙළුම් රේණු සමව ගෙන අඹරා එළකිරි යොදයට මිශ්‍ර කර මුහුණේ සහ පියයුරුවල ආලේප කිරීමෙන් මනාව ඔපවත් වේ.
    පිපිඤ්ඤා මදයට කෝමාරිකා යුෂ මිශ්‍රකර මුහුණේ තැවරීමෙන් මුහුණ ලස්සන වේ‍‍.
    සියඹලා ඇටයක් ගලගා එම යුෂය කුරුලෑ
    ව වටේ ගෑමෙන් කුරුලෑව මිරිකී ‍ගොස් කැලැල් නැති වී සම පැහැපත් වේ.

    අමුක්කරා යොදය සහිත කිරි සහ එළඟිතෙල් මිශ්‍රකර පියයුරුවල තවරා පිරිමැදීමෙන් දෙගොඩ හරි වයසේ කාන්තාවකගේ වුවත් පියයුරු මනාව ලස්සනට වැඩෙනු ඇත. මෙවැනි දේශීය රූපලාවණ්‍ය ආලේපන වර්ග කොතෙකුත් ඇත. පිටරටින් මෙරටට ආනයන කරන ඖෂධ කෘත්‍රීම ආලේපන වර්ග (රසායනික) වලට වඩ‍ා දිනෙන් දින ලස්සන වීමේ රහස ඔබම අත්විඳින්න. සෙත්මිණ ඉදිරි කලාප තුළින් කාන්තාවක් ලස්සන වීමේ අපේ දේශීය‍ ඖෂධ හා ගුප්ත විද්‍යාත්මක රහස් හෙළිකරමු. වයස 45හේ සිට වයස පනස් පහ දක්වා අතරතුර කාලය අන්‍යයන් වශී කරන සුළු ආකර්ෂණීය රූ සපුවක් ඇතිකර ගැනීමට ඔබත් උත්සාහ කරන්න.
    පණහ පැන්නත් හරියට කෙල්ලෙකුගේ පෙනුම ඇති කර ගැනීමට ඔබ ආස නැද්ද? මුහුණ පියයුරු හා නිතඹ මනාව මාංශ කල්‍යාණයෙන් තව තවත් ඔප්නංවා ගෙන තාරුණ්‍යයට පිවිසෙන්න කවුද අකමැති. සෙත්මිණ ඉදිරි කලාප කියවා ඔබේ සිත “සෙත්මිණක්” කර ගන්න. නාඹර සුරූපී තාරුණ්‍ය බවින් පිරිපුන්ව දකින ඇස් වශී වන ආකාරයේ කැපී පෙනෙන ලස්සනම ලස්සන සිරුරක් හිමිකර ගැනීමට ඔබ ඔබේම රූපලාවණ්‍ය ශිල්පිනිය වන අයුරු අත්හදා බලන්න.


     ප්‍රවීණ ජ්‍යොතිෂවේදී හෙන්රි බෙම්මුල්ල
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: පණහ පැන්නත් කෙල්ල වගේ ඉන්නේ කොහොමද .... ? Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top