බුධ දුබලනම් නිතර අමාරුවේ
ග්‍රහ ලොව සුරතලා බුධය. සුරතල් නමුත් මොහු උපායෙහි, සූත්තරයෙහි අති දක්ෂයෙකි. බුධ බලවත් ඕනෑම කෙනෙකුට ඉතා හොඳ උසස් අධ්‍යාපනයක් හිමිවන අතර ඕනෑම අනතුරකින් ගැලවී යාමේ නුවණද පහළ වේ.ගුණගරුක පුරවැසියකු වශයෙන් ජීවත්වීමට බාහිර දැනුම බුද්ධිය අත්‍යවශ්‍ය වේ.සමාජයට හිතකර බුද්ධියක් ඇතිවීමට බුධගේ බලය අත්‍යවශ්‍ය වේ.
ඥානයට බුද්ධියට නුවණට අධිපති ග්‍රහයා බුධවේ.සූර්යයාට කිට්ටුම ග්‍රහයා ද බුධය.ග්‍රහ ලොව සුරතලා වේ.බුධ බලවත් වීම ඉතා වාසනාවන්තය.බුධ දුර්වල වීම නිසා ගොත ගැසීම කතා කිරීමට අපහසුවීම අමතකවීම කපටියකුවීම සමාජයට කරදරකාරයකු වීම සිදුවේ.බුධගේ දශා කාලය වසර 17කි. මිථුන,කන්‍යා බුධගේ ස්වක්ෂේත්‍ර රාශිය වේ.අස්ලිස,දෙට,රේවතී බුධට අයත් නැකැත්ය.සුබ මැණික පච්ච වේ.
ජන්ම කේන්ද්‍රයේ ලග්නය හෙවත් පළවන කොටුව හිස මොළය නියෝජනය කරන ස්ථානය වේ.නුවණ ඇති යහපත් දැන උගත් පුදුගලයකු වීමට ලග්නයේ බුධගේ බලය පිහිටීම වැදගත් වේ. වාසනාවන්ත වේ. බුධ ලග්නයට දිග්බලවේ. එබැවින් ලග්නයේ බුධගේ පිහිටීම සමාජයෙන් ගරු බුහුමන් ලබන සමාජශීලී බුද්ධිමත් පඬිවරයෙක් වේ.දුරදිග දැකීමේ නුවණ මතක ශක්තිය,ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීම,පොත් පත් ලිවීම,ජ්‍යොතිෂය ඉගෙනීම,වෛද්‍ය විද්‍යාව,ගුප්ත විද්‍යාව,වෙදකම හා ගණිත කටයුතු වල දක්ෂයෙකි.
බුධ ග්‍රහයා උච්චව හෝ ස්වක්ෂේත්‍ර කේන්ද්‍රගත වීමෙන් භද්‍රා යෝගය යෙදේ.
මිථුන ලග්න හිමියාට ලග්නයේ හෝ හතර වැන්නේ බුධ සිටීමෙන් ද කන්‍යා හිමියන්ට ලග්නයේ හෝ දසවැන්නේ බුධ සිටීමෙන් ද මීන ලග්න හිමියන්ට හතර වැන්නේ හෝ හත්වැන්නේ බුධ සිටීමෙන් ද භද්‍රා යෝගය උදාවේ.
භද්‍රා යෝගය ගැන ජාතක රත්නයෙහි මෙසේ සඳහන්වේ.
බුධ සිව් දෙස ජම්මය සත යෙදුණේ
සොඳ ජය නද රැස් ලැබ සිරි විදුනේ
තෙද බල දිව නළු කෙළ පිරිවරනේ
සොඳ ගුණ භද්‍රා යෝගය පැමිණේ
මේ යෝගයෙන් උපන් අය රටතොට පතල වන කීර්තිමත් බුද්ධියෙන් ජීවිතය ජය ගන්නා හසල
දැනුමක් ඇති අය වේ.හොඳින් වැඩුණු ශරීරයක් හිමි නිරෝගි දීර්ඝායුෂ ඇත්තන් වේ.බුධ ලග්නයේ
නුවණ ඇත.ඉගෙනීමට හැකිය.උසස් ඉගෙනීමක් ලබයි.මිථුන හෝ කන්‍යා ලග්න වී ලග්න ගත වීම ඉතා යහපත් වේ.වාසනාවන්ත වේ.උගත්කමෙන් ඉහළට යයි.උපන් ගමට රටට වැඩදායක පුරවැසියකු වේ.
බුධ දෙවැන්නේ
සත්‍යවාදී,ප්‍රිය වචන කතා කරන,කතාවේ දක්ෂ,කතා බහෙන් මිනිසුන් වසඟයට පත්කර එමඟින් මුදල් හම්බකළ හැකි අයකු බිහිකරවන පිහිටීමකි.මුදල් ක්‍රමානුකූලව පරිහරණය කරයි.
බුධ තෙවැන්නේ
සහෝදර සහෝදරියන් සමඟ යහපත් කිට්ටු සම්බන්ධතාවක් ඇතිකර ගනී.ඔවුන්ට උදව් උපකාර කරයි.ඔවුන්ගේ දියුණුව ගැන කටයුතු කරයි.ඉගෙනීමට දක්ෂයකු වේ.උගත් කම නිසා සමාජ ගෞරවයට ලක්වේ.
බුධ සිවු වැන්නේ
පියකරු ලස්සන නිවාස ලැබේ.යාන වාහන ලැබීමට ද හිමිකම් ඇත.ඥාතීන් අතර ප්‍රධාන වේ.ඔවුන් සමඟ හිතවත්කම් පවත්වා ගෙන යා හැකිය.
බුධ පස් වැන්නේ
විද්‍යස්ථානයට බුධ ඉතා යහපත්ය.හොඳින් ඉගෙනීම ලබයි.නුවණ ඇති වේ.කා සමඟත් සතුටින් විනෝදෙන් කල් යැවිය හැක.පවුලේ අයට හිතවත් වේ.
බුධ හය වැන්නේ
ශරීර ශක්තිය අඩුවේ.අසනීප වලට බිය ගතියක් ඇති කරයි.ශරීරයේ නහර වල මෙන්ම යටි බඩේ දුර්වලකම් ඇති වේ.ආත්ම විශ්වාසය අඩුය.
බුධ හත් වැන්නේ
වාසනාවන්ත යහපත් විවාහයකි.විවාහ දිවිය සතුටින් ගෙවයි.අන්‍යයන්ගේ උදව් ලබා ගෙන සහයෝගයෙන් කල් ගෙවීමට හැකියාව ඇත.
බුධ අට වැන්නේ
මොළයේ නහර වල දුර්වලකම් ඇතිවීමට පුළුවන.කරදර කම්කටොලු වලින් බේරීමේ හැකියාව ඇත.ඉඩ කඩම් දේපළ ලැබීමේ වාසනාව ඇත.
බුධ නව වැන්නේ
නිරහංකාර වේ.තැන්පත්ය. ආගමට දහමට ලැදිය.ගෞරව කරයි.උසස් අධ්‍යාපනයක් ලැබීමට යහපත් පිහිටීමකි.නුවණ නිසා ජීවිතය යහපත් කර ගැනීමට හැක.යුක්තියට සාධාරණත්වයට ගරුකරයි.
බුධ දසවැන්නේ
පොත පත ලිවීමට කියවීමට දැඩි ආසාවක් දක්වයි.ඒවාට අදාල රැකියාවක් හිමිවේ.වෙහෙස මහන්සි වී කරන රැකියාවකට කැමැති නැත.වෙෙළඳාමට සුබයි.
බුධ එකොළොස් වැන්නේ
දුකක් මහන්සියක් නැතිව අදායම් ලබා ගත හැක. බහු ආදායම් ඇත්තෙකි.මිතුරු මිතුරියන් ගෙන් ආධාර උපකාර ලැබේ.සමාජයට හිතවත්වේ.හිතකර දේ කරයි.
බුධ දොළොස් වැන්නේ
පොත් පත් වලට ආසාව ඇතිවෙයි.වියදම් අධික වේ.දුර දිග බලා වැඩ කිරීම අඩුය.එක දිගට එක වැඩක් කිරීමේ හැකියාව අඩුවේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී - පේමසිරි උඩුකල
0 comments:
Post a Comment