728x90 AdSpace

  • නවතම පුවත්

    2014-12-16

    රවි ගෙන් තුන්වැන්නේ සඳු සිටියොත් හැඟීම්වලට වහල් නොවේ

    මෙලොව එළිය දකින සෑම ජන්මියෙකුම උපන් මොහොතේ පැවති ග්‍රහචාරයට අනුව එම ජන්මියා පිළිබඳව ඔහුගේ ඉදිරි ජීවිත කාලය සහ අවසානය තෙක් ඔහු ගැන තොරතුරු රාශියක් අනාවරණය කරන විද්‍යාවකි ජ්‍යෝතිෂ ශාස්ත්‍රය.

    ඔබගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ගැන එහෙමත් නැත්නම් යෝජනා කර ඇති සහකරු හෝ සහකාරිය ගැන එහෙමත් නැතිනම් තමාගේ ව්‍යාපාරයේ හවුල්කරුවා හෝ තමාගේ හිතවතා ගැන නිවැරදි චරිත සහතිකයක් ලබාගනිමු.

    එම හැකියාව ලබාගන්නට මෙම විද්‍යාව මඟින් හැකිවෙයි. නමුත් මෙය වරදවා වටහා ගත්තොත් ප්‍රශ්න රාශියක් ඔබට ඇතිවෙයි.

     ජොතිෂයේ නිවැරදි කරුණු පැහැදිළි කළත් එහි කරුණු එකක් හෝ දෙකක් හෝ කිහිපයක් පමණක් ග්‍රහණය කරගැනීම නිසා වැරදි අර්ථකථනයන් සමාජ ගතවන්නට ඉඩ තිබෙන බැවින් මෙය නිවැරදි අවබෝධයකින් කියවිය යුතු බව වටහා ගත යුතුයි.

    ජන්මියෙකු ගේ උපන් කේන්දරයේ ලග්නය හෙවත් 1 වන කොටුවත් 5 වැන්නත් 9 වැන්නත් රවි ග්‍රහයා සහ සඳු ග්‍රහයාත් පුද්ගලයා ජීවත්වන පරිසරයත් හා දෙමාපියන්ගේ ජානත් ඔහුගේ‍ හෝ ඇයගේ චරිත ස්වභාවය තීරණය වෙයි.

    උපන් කේන්දරයේ රවි ග්‍රහයා කොතැනක සිටියත් එතැන් සිට 3, 5, 9, 11 යන තැනක සඳු ග්‍රහයා සිටිනවා නම් ඔහු ඉතාමත් බලසම්පන්න හෙවත් හැඟීම් වලට වහල් නොවන කෙනෙකු බවට පත්කරවන ග්‍රහ පිහිටීමකි.

    ඒ සමගම 9 වැන්න අධිපති 6 , 8 , 12 යන භාව වල තැන්පත් නොවී බලවත්ව සිටිනවා නම් එම තැනැත්තා කිසිවිටෙකත් පහත් අවකල් ක්‍රියාවකට පෙළඹෙන්නේ නැත. මෙම චරිත යහපත් දෙමාපියන්ගේ වාසනාවට මෙලොව එළිය දකින දරුවන් බව කිවමනාය.

    සමාජය උගත් යැයි සම්මත අයත් නූගත් යැයි සම්මත අයත් යන දෙපිරිසම අඩු වැඩි වශයෙන් තමන්ට හෝ තම දෙමාපියන්ට නැතිනම් භාර්යාවට හෝ ස්වාමිපුරුෂයාට එහෙමත් නැතිනම් තම දරුවන්ට හෝ රටට හෝ සමාජයට වරදකරුවකු වන්නට ජන්මියාව පොළඹවන ග්‍රහචාරය වන්නේ උපන් කේන්දරයේ රවි ග්‍රහයා තමා සිටින තැනින් සංයෝගව, 2 වැන්නේ, 4 වැන්නේ, 6 වැන්නේ, 7 වැන්නේ, 8 වැන්නේ, 10 වැන්නේ, 12 වැන්නේ සඳු ග්‍රහයා සිටිනවානම් ය.

    ඔවුහු වැරදි වැඩ වලට යොමුවන්නට ඉඩ ඇතිකරති. ඒ සමගම 9 වැන්න අධිපති 6 වැන්නේ 8 වැන්නේ හෝ 12 වැන්නේ සිටිනවා නම් ඔහු හෝ ඇය පහත් වැඩ වලට නැඹුරු වන බව තහවුරු කරයි. එය කුමන ආකාරයකටදැයි කියන්නට නම් ඉහත ග්‍රහ චාරය සමඟ වෙනත් ග්‍රහ සංයෝග හා ග්‍රහ සංයෝග හා ග්‍රහ දෘෂ්ටි තිබිය ද යුතුයි.

    මෙයින් පැහැදිලිවන කාරණයක් වන්නේ යහපත් චරිතයක් බිහි කරනවාට වඩා අයහපත් චරිත නිර්මාණය වන ග්‍රහ පිහිටීම් වැඩියෙන් පිහිටන්නට ඇති ඉඩකඩ වැඩි බවයි.

    කෙසේ වෙනත් ලග්නාධිපති දුර්වල නොවී කිසියම් බලයකින් යුක්ත නම් සහ 9 වැන්න අධිපතිට බලවත්වූ ලග්නාධිපතිගෙන් සුබ දෘෂ්ටියක් ලැබෙනවා නම් එවැනි අයට ඉහත සඳහන් කරන ලද අහිතකර යෙදීම් තිබුණත් ගුණ යහපත් ලෙස ජීවිකාව ගෙනයාමට හැකියාව ලබාගනියි.

    විශේෂයෙන් 5 වැන්නාධිපතිගේ බලය හරහා යහපත් අධ්‍යාපනයක් ලබාගැනීමට ජන්මියාට හැකියාව ලබාදෙයි.

    මෙයින් පැහැදිළිවන විශේෂය නම් යහපත් චරිත වලට වඩා අයහපත් චරිත වැඩියෙන් බිහිවන බවයි. නමුත් තමා ජීවත්වන පරිසරය යහපත් ලෙස පවත්වාගැනීමට වාසනාව සහ හැකියාව තිබේනම් අයහපත් චරිත යහපත් කරගන්නට හැකියාව ලැබෙනු නිසැකයි.
    ඔබ අයහපත් චරිතයක් බව ජන්ම පත්‍රය මඟින් තහවුරු වේනම් යහපත් වන්නට මුලින්ම ඔබ කළයුත්තේ මහා මංගල සූත්‍රය හොඳින් අධ්‍යයනය කිරීමයි.


    ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
    තිලක් ද සිල්වා
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: රවි ගෙන් තුන්වැන්නේ සඳු සිටියොත් හැඟීම්වලට වහල් නොවේ Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top