728x90 AdSpace

  • නවතම පුවත්

    2014-12-16

    සුබ කටයුතුවලට නුසුදුසු නමුත් - යමර වැඩට රාහු කාලේ මරු

    පෙර­දිග ලෝකයේ මහා මන්දි­රයේ සිට දුගී පැල්පතේ වෙසෙ­න්නන් පවා එකසේ දැනු­ම්වත් වී ඇති යම් ජ්‍යෙති­ෂාං­ග­යක් වේ නම් එය රාහු කාලය ලෙස පැව­සීම අති­ශ­යෝ­ක්ති­යක් නොවේ.

    මීට හේතුව රාහු කාලය ශුභ කට­යු­තු­ව­ලදී යොදා නොගන්නා බව බොහෝ දෙනෙක් දැන සිටී­මයි.
     එය ජ්‍යොතිෂ සිද්ධාන්ත ග්‍රන්ථ­වල මෙන්ම ගෘහස්ථ බිත්ති ලිතෙහි පවා දක්වා ඇත.

    මේ අනුව ජ්‍යොති­ෂය පිළි­බඳ නිසි වැට­හී­මක් නැති අය පවා රාහු කාලය මඟ හැර කට­යුතු කර නිසි­ඵල නෙළා ගැනී­මට උත්සුක වෙති.

    රාහු කාලය පිළි­බ­ඳව කිසි­වෙක් තර්ක විතර්ක ඉදි­රි­පත් නොක­රන්නේ එය සෘෂි මත­යක් නිසා­වෙනි. එය නිස්සාර මාන­සික තත්ත්ව­ය­කින් ගොඩ­නැ­ඟුණු හුදු උප­ක­ල්ප­න­යක් පම­ණක් නොව ඈත විශ්වයේ නොපෙ­නෙන මානයේ සිදු­වන විශ්ව ක්‍රියා­ව­ලි­යක් නිසා ඇති­වන අශුභ තත්ත්ව­යකි.

    ඒ අනුව රාහු කාලයේ ගැඹුරු බව හා අර්ථ­වත් බව අපට වටහා ගත හැකිය. එහෙ­යින් අවු­රුදු ලක්ෂ ගණ­න­කට ඈත අතී­තයේ සිටම ජනතා පිළි­ගැ­නී­ම­කට ලක් වූ ඉසි­වර මත­ය­කට අපි ද ගෞරව කළ යුතු වෙමු.
    ශුභ කට­යු­තු­ව­ලදී රාහු කාලය අත්හළ යුතු වූවත් අශුභ කට­යු­තු­ව­ලදී ඉන් වැඩ­ගන්නා ආකා­රය පිළි­බ­ඳව ද ඇතැම් ජ්‍යොතිෂ ග්‍රන්ථ­වල දක්වා තිබේ.

    එනම් රාහු හය­වැන්නේ තබා සාදන ලද නැක­ත­කට අනුව රාහු කාලයේ අව­සාන මිනිත්තු අටේ දී යමයා වෙනු­වෙන් දෙකොන දැල්වෙන පහ­නක් තබා ස්ත්‍රෝත්‍ර ගායනා කොට කර­වල හෝ ලුණු දැමූ මාංශ සමඟ බත් අනු­භව කොට දකුණු දිශා­වට පිය­වර 07ක් ගොස් නැවත හැරී අසෙකු පිට නැඟී යන බව සිතා බස්නා­හිර දිශා­වට මුහු­ණලා ගමන් කිරී­මෙන් සියලු සතු­රන් විනාශ කළ හැකි බව චූල ජ්‍යොති­ෂයේ පෙන්වා දෙයි. මෙය යුද කට­යු­තු­ව­ලදී යොදා ගත හැක.

    සම්ම­තයේ පව­තින රාහු කාලය සකසා ඇත්තේ ඉර උදාව උදේ හයට යන උප­ක­ල්ප­න­යට අනු­වය. එහෙත් සම­හර මාස­වල අලු­යම 05.30ට පමණ ඉර උදාව සිදුවේ. එවිට සම්ම­තයේ පව­තින රාහු කාල­යත් එවන් දින­වල පව­තින රාහු කාල­යත් අතර දැඩි වෙන­සක් ඇති වේ.

    එසේ වූ විට බිත්ති ලිතෙහි හෝ දින පොතෙහි සට­හන් වී ඇති රාහු කාල­යට අනුව වැඩ­ක­ට­යුතු සිදු­ක­රන මහ­ජ­න­තා­වට සිදු­වන්නේ විශාල අසා­ධා­ර­ණ­යකි. මන්ද ඉර උදා­වට අනුව රාහු කාලය වෙන­ස්වන බව ඔවුන් නොදැන සිටී­මයි.

    එම නිසා සාමාන්‍ය ජනයා භාවිතා කරනු ලබන බිත්ති ලිතට හා දින පොතට දවස් තුන්සිය හැට­පස් දවසේ රාහු කාලය යෙදෙන අවස්ථා ඇතු­ළත් කරන්නේ නම් ජ්‍යෝතිෂ ශාස්ත්‍ර­ය­ටම කරනු ලබන ගෞර­ව­යකි.
    අප රාහු කාලය ගැන නිතර කතා කළ ද එය යෙදෙන ආකා­රය පිළි­බ­ඳව නොදනී. ජ්‍යොති­ෂයේ පෙන්වා දෙන ආකා­ර­යට රාහු කාලය යනු හිරුගේ දැඩි බල­පෑ­මට හසු වූ කාල­යයි.

     එය “රාවණා” යන්නෙහි අර්ථ නිරූ­ප­ණය කර ඇති ආකා­ර­යෙන් අපට වටහා ගත හැකිය. හිරු කුල නාය­කයා රාව­ණාය. ඒ අනුව “රා” යනු හිරුට කියන තවත් නමකි. රා+අසු යනු හිරුට අසු වූ යන්නයි. “රාසු” පසු කලෙක “‍රාහු” වී ඇති බවට ද මත­යකි.

    රාහු කාලය පිළි­බ­ඳව ලියැවී ඇති පත පොත ඉතාම අල්පය. රාහු කාලය සක­ස්වන ආකා­රය පිළි­බ­ඳව වගු­වක් සකස් කර ගැනීමේ දී දිවා මානය හෝ රාත්‍රී මානය කොටස් 8 කට බෙදෙයි.

    ‍එහි පළමු කොටස දිනා­ධි­ප­ති­යාට වෙන් වෙයි. එතැන් සිට පිළි­වෙ­ළින් කොටස් අටට බෙදිය යුතුය‍. උදා­හ­ර­ණ­යක් ලෙස ඉරිදා පළමු කොටස රවිට ද දෙවන කොට චන්ද්‍ර­යාට ද තුන්වන කොටස කුජට ද ආදී වශ­යෙන් අනු­පි­ළි­වෙ­ළින් සප්ත ග්‍රහ­යින් සට­හන් කරන විට ඉරිදා අග කොටස රාහුට අයත් වේ.

    මෙසේ සත්දින රාහු කාලය යෙදෙන ආකා­රය වගු­වක සට­හන් කර­ගත් විට රවිට අයත් කොටසේ රාහු කාලය යෙදී ඇති බව අව­බෝධ කර­ගත හැකිය.

    සතියේ දින 07 රාහු කාලය යෙදෙන ආකා­රය

    ඉරිදා - 04.30 සිට 06.00 දක්වා
    සඳුඳා - 07.30 – 09.00 දක්වා
    අඟ­හ­රු­වාදා - 03.00 - 04.30 දක්වා
    බදාදා- 12.00 – 01.30 දක්වා
    බ්‍රහ­ස්ප­තින්දා - 01.30 – 03.00 දක්වා
    සිකු­රාදා -10.30 – 12.00 දක්වා
    සෙන­සු­රාදා - 09.00 – 10.30 දක්වා


    ඉහත ආකා­ර­යෙන් රාහු කාලය යෙදෙන බව සට­හන් වුව ද ඉර උදා­වට අනුව එය දිවා කාල­යට හා රාත්‍රී කාල­යට යෙදෙන ආකා­රය වෙන වෙනම සකසා ගත යුතුය.

    රාහු කාලය ඇතු­ළත දී දිව්‍ය­මය ශුභ මුහූර්ථ යෙදෙන බව සෘෂි මත­යකි. ඒ අනුව රාහු කාලය මඟ හැරිය නොහැකි අව­ස්ථාව අත්‍යා­වශ්‍ය කට­යු­ත්ත­කදී රාහු කාලය පව­තින අව­ස්ථාවේ යෙදෙන දිව්‍ය­මය ශුභ මුහුර්ථ ශුභ කට­යු­තු­ව­ලට යොදා ගනී.
    කෙසේ වුව ද කිසි­වෙ­කු­ටත් තර්ක විතර්ක ඉදි­රි­පත් කොට වෙනස් කළ නොහැකි රාහු කාලය ඉසි­වර මත­යකි.


    - ධම්මිකා වෙලේ­ගොඩ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: සුබ කටයුතුවලට නුසුදුසු නමුත් - යමර වැඩට රාහු කාලේ මරු Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top