ඔබේ කේන්දරයේ ‘ච’ යන අකුරෙන් සංකේතවත් වන්නේ සඳු හෙවත් චන්ද්‍රයාය. මේ සඳු ග්‍රහයා තැන්පත්ව සිටින්නේ මේෂ රාශියේ නම් ඔබ කුමන ගති ලක්ෂණ සහිත තැනැත්තියක් ද?
ඔබ කාන්තාවක නම්; ඔබේ ඇතුළාන්තයේ සැඟවුණු රහස් පෙන්වන කැඩපතක් අපි ඔබේ අතට දෙමු. ඔබ ගැන කියන මේ තොරතුරු කෙතරම් නිවරැදි දැයි බලන්න. ඊට පෙර මේ පාඩමත් මතක තබා ගන්න. ලග්නයට කියන තවත් නමක් වන්නේ ජන්ම රාශියයි. මේ රාශි චක්‍රය , මේෂ - වෘෂභ- මිථුන- කටක- සිංහ- කන්‍යා- තුලා- වාශ්චික ධනු- මකර - කුම්භ - මීන යන පිළිවෙළට පවතී. එය වෙනස් වන්නේ නැත. ඔබේ කේන්ද්‍රයේ පළමුවැනි කොටුව ඔබේ ලග්නය ලෙස ගත යුතුය. මේෂ ලග්නයේ උපන්නේ නම් කිසිම ගැටලුවක් නැතිව පෙර කී පිළිවෙළට කොටුවෙන් කොටුව ගණන් කර ගෙන යන විට රාශි දොළොස ඉහත පිළිවෙළට හඳුනාගත හැකිය. ඔබ උපන්නේ ධනු ලග්නයෙන් නම්; ඔබේ කේන්දරයේ පළමු කොටුව ධනු රාශිය ලෙස ගත යුතු අතර දෙවැන්නට මකර, තුන්වැන්නට කුම්භ, සිව්වැන්නට මීන, පස්වැන්නට මේෂ යනාදී වශයෙන් ගණන් කළ යුතුය.
ගතින් කාන්තාවක ලෙස පෙනී ගියත් ඔබ ක්‍රියාකරන්නේ සහ තීරණ ගන්නේ පිරිමියෙකු ලෙසය.ඔබේ සහකරුට සිදුවන්නේ ස්ත්‍රී භූමිකාව ඉටුකිරීමටය. ඔබ විවාහයට තොරා ගත්නේ ද ස්ත්‍රී ගති ලක්ෂණ සහිත අවනත කර ගත හැකි සහකරුවෙකි. ඔහුගෙන් අපේක්ෂා කරන්නේද දාස කාර්ය භාරයකි. ඔබ දෙන විධාන ඔහු පිළිපැදිය යුතු බවත් ඔබට සියලු දෙය අතට පයට සපයා දිය යුතු බවත් ඔබ සිතයි. කෙසේ නමුත් රැකියාවේදීත් ඔබට හිමි වන්නේ විධායක ශ්‍රේණියේ තනතුරකි.
ඔබ අදහාගත නොහැකි වේගයෙන් චංචල වන්නියකි. විටක ආදරය උතුරා පිටාර ගලා යයි. තොදොල් බසින් නැළවෙන්නියකි. තවත් විටෙක කෝපයෙන් පුපුරා කඩා හැලෙන ගිනි කන්දකි. ඔබේ මතය අන් අය එලෙසම පිළිගත යුතුය යන දුර්වල මානසිකත්වයෙන් පෙළෙයි. ඉතා සුළු දෙයට පවා වාද - විවාද කර ගන්නා කළහකාරී චරිතයක් ලෙස සමාජයේ නම් කිරීමට ඉඩ ඇති බැවින් පරෙස්සම් වන්න. ඔබ අතශයින්ම රාගාධික වන අතර තම තෘප්තිය ගැන පමණක් සිතන්නියකි. සියලු කටයුතුවලදී මෙන්ම නිදි යහනේදීත් ආධිපත්‍යය හිමි කර ගන්නට තැත් කරන ඔබ කෙසේ හෝ තම සිතැඟි ඉටුකර ගැනීමට උත්සාහ දරයි.
ධනයට සහ බලයට ඉතාම ගිජු වූ ඔබ සතුව ආරූඨ කර ගත් මාන්නයක් ද පවතී. කොහොමත් ඔබ අහංකාර චරිතයකි. එහෙත් සතුටු වන්න. සිතින් ප්‍රේම මනෝ ලෝක ගණනාවක සැරිසරන නමුත් ඔබ ගතින් පතිවන රැක ගන්නා කාන්තවකි. ඉතා සියුම් ශෘගාරාත්මක රසභාවයන් වින්දනය කිරීමේ ශක්තිය පවතී.
කවියට - සංගීතයට සහ සාහිත්‍යයට ප්‍රිය කරන්නියකි. එහෙත් ඔබේ ලොකුම දුබලකම වන්නේ ඔබ නොදන්නා බව ඔබ නොදැන සිටීමය. ඔබ ආඥාදායක (DOMINANT) කාන්තාවක වන නමුත් තම සහකරුට සහ දරුවන්ට ඉමහත් ලෙස ආදරය කරන වීර්යවන්ත මවකි.
ගුරු ග්‍රහයා සඳුගෙන් 1-4-7-10 යන තැනෙක සිටීෙමන් ද, ගුරුගේ සුබ දෘෂ්ඨිය පතිත වීමෙන් ද පෙර කී සෘන ලකුණු බොහෝ විට අහෝසි වී සුබ පලම ලැෙබ්. යම් හෙයකින් කුජ- රාහු වැනි ග්‍රහයෙක් සමඟ සඳු සංයෝග වී සිටින්නේ නම් ඉතා පරෙස්සම් විය යුතුය. එසේම සෙනසුරු ග්‍රහයාද සඳු සමඟ මේෂ රාශියේ සිටින්නේ නම් හැකිතාක් ආගමානුකූල ජීවිතයකට නැඹුරුවන්න.
මේ අඩුපාඩු නිවැරැදි කර ගතහොත්; චවන දෙකක් නෑ ඔබ පින්වත් රැජිණකි.
මාරියා සැන්ටෝස් - අමෙරිකාවේ සිට
0 comments:
Post a Comment