728x90 AdSpace

  • නවතම පුවත්

    2014-12-24

    දිව්‍යමය සුබ මුහුර්ථ



    2014ක් වූ දෙසැම්බර් මස 23 කුජ දින පටන් දෙසැම්බර් 30 කුජ දින දක්වා පඤ්චාංගය,රාහු කාලය ලබන ගෙවෙන වේලාවන් සහ දිනය අනුව මරු සිටින දිශාව,‍යෝගිනිය සිටින දිශාව සහ සුබ දිසාව කොළඹ මධ්‍ය කොට මෙහි දක්වා ඇත.
    තම ප්‍රදේශයට අදාල වේලාව සකස් කර ගැනීමට උපදෙස් ලබාගත හැක.

    2014 දෙසැම්බර් 23 කුජ දා

    මෙදින ඉර උදාව පෙරවරු 06.18ය.හිරු බැසයාම පස්වරු 06.01ය.
    පුවසල නැකත පස්වරු 05.12දක්වා ද එතැන් පටන් පසුදින පස්වරු 03.02දක්වා උත්‍රසල නැකත ද පවතී.පෑලවිය තිථිය පෙරවරු 04.32 ගෙවී දියවක තිථිය ලබයි.පසුදා පෙරවරු 01.42 දක්වා දියවක තිථිය පවතී.ධෘම යෝගය පෙරවරු 05.43ට උදා වී පසු දින පෙරවරු 02.09 දක්වා පවතී.
    බාලව කරණය පෙරවරු 04.32ට උදා වී පස්වරු 03.07න් ගෙවේ.03.07ට කෞලව කරණය උදාවේ.සුබ දිනයක් නොවේ.මරු බටහිර දිසාවේ ද,යෝගනී උතුරු දිසාවේද වන අතර සුබ දිසාව නැගෙනහිරය.රාහු කාලය පස්වරු 03.18සිට පස්වරු 04.48 දක්වා පවතී.

    2014දෙසැම්බර් 24බදාදා

    මෙදින පෙරවරු 06.18ට ඉර උදාවී පස්වරු ද6.02ට ඉර බැස යනු ඇත.උත්‍රපල නැකත පස්වරු 03.02 දක්වා ද එතැන් පටන් සුවන නැකත ද පවතී.පුර තියවක තිථිය රාත්‍රී 10.48න් ගෙවේ.ව්‍යතිපාත යෝගය රාත්‍රී 10.34 දක්වා ද තෛතිල කරණය දවල් 12.15 දක්වා ද එතැන් පටන් රාත්‍රී 10.48 දක්වා ගරජ කරණය ද පවතී.සඳු මකර රාශියේ බැවින් දකුණ සුබ දිසාව වේ.මරු නිරිත දිසාවේය.ගිනිකොන දිසාවේ යෝගිනී සිටී.රාහු කාලය දහවල් 12.18 සිට දහවල් 01.48 දක්වා පවතී.සුබ දිනයක නොවේ.

    2014 දෙසැම්බර් 25 බ්‍රහස්පතින්දා

    ඉර උදාව පෙරවරු 06.19ට වන අතර පස්වරු 06.02ට ඉර බැස යයි.සුවන නැකත දහවල් 12.53 දක්වා ද එතැන් පටන් දෙනට නැකත ද පවතී.පුර ජලවක තිථිය රාත්‍රී 07.59 දක්වා පවතී.ඉන් පසු පුර විංසතිය උදා වේ.රාත්‍රී 07.01 දක්වා ම හර්ෂණ යෝගය ද ඉන් පසු වජ්‍ර යෝගයද පවතී.පෙරවරු 09.22ට වජ්‍ර කරණය ගෙවී විෂ්ටි කරණය ලබයි.රික්තාව හා විෂ්ටිකරණය පවතින බැවින් සුබ දිනයක් නොවේ.
    මරු දකුණ-යෝගිනී උතුර සුබ දිසාව නැගෙනහිර රාහුකාලය පස්වරු 01.49 සිට පස්වරු 03.19 දක්වා වේ.

    2014 දෙසැම්බර් 26 සිකුරාදා

    පෙරවරු 06.19ට ඉර උදාවී පස්වරු 06.03ට ඉර බැසයයි.පෙරවරු 10.52 දක්වා දෙනට නැකත පවතින අතර එතැන් සිට සියාවස නැකත පසුදා පෙරවරු 09.07 දක්වා පවතී.විසේනිය තිථිය පස්වරු 05.20 දක්වා ද එතැන් සිට පසු දින පස්වරු 02.58 දක්වා සැටවක තිථියද පවතී.වජ්‍ර යෝගය පස්වරු 03.37 දක්වා ද එතැන් සිට පසුදා දහවල්12.26 දක්වා සිද්ධි යෝගයද වේ.භව කරණය පෙරවරු 06.36න් ගෙවේ.පස්වරු 05.20 දක්වා බාලව කරණයද ඉන් පසු කෞලව කරණය ද වේ. සුබ දිසාව බටහිර වන අතර මරු ගිණිකොන දිසාවේ සිටී.යෝගිනිය දකුණු දිසාවේය.රාහු කාලය පෙරවරු 10.49 පටන් පස්වරු 12.19 දක්වා පවතී.මෙදින පෙරවරු 06.21 ට හා 10.21ට බටහිර දිසාව බලා බත්කැවීම,ගමන්යාම,වෙළඳාම් කටයුතු හා ගොවිතැන් සඳහා යහපත් වේ.

    2014 දෙසැම්බර් 27 ශනි දා

    මෙදින ඉර උදාව 06.20ට වන අතර පස්වරු 06.30ට ඉර බැස යයි.
    සියාවස නැකත පෙරවරු 09.07න් ගෙවේ.පෙරවරු09.07 සිට පුවපුටුප නැකත පසුදා පෙරවරු 07.41 දක්වා පවතී.සැටවක තිථිය පස්වරු 02.58 න් ගෙවී සතවක ලබා ඉරිදා දවල් 12.57 දක්වා පවතී.දවල් 12.56 දක්වා සිද්ධි යෝගය ද, එතැන් පටන් ව්‍යතිපාත යෝගයද පවතී.පෙරවරු 04.05ට උදාවන තෛතිල කරණය දහවන් 02.58 දක්වා ද එතැන් සිට ගරජ කරණය ද පවතී. සුබ දිසාව දකුණු දිසාව වන අතර නැගෙනහිර දිසාවේ මරු සිටී.පස්වරු 02.58 දක්වා යෝගිනිය බටහිර වන අතර පස්වරු 02.58න් පසු වයඹ දිසාවේ සිටී.රාහු කාලය පෙරවරු 09.20 සිට පෙරවරු 10.50දක්වා වේ.

    2014 දෙසැම්බර් 28 ඉරිදා

    මෙදින ඉර උදාව පෙරවරු 06.20ට වන අතර ඉර බැස යාම සිදු වනුයේ පස්වරු 06.04ට වේ.පුවපුටුප නැකත පෙරවරු 07.41 ලබා පසුදා පෙරවරු 06.37න් ගෙවේ.පුර සතවක තිථිය දවල් 12.57 දක්වා පවතී.පුර අටවක තිථිය පසුදා දවල් 11.19 දක්වා පවතී.ව්‍යතිපාත යෝගය පෙරවරු 09.32 දක්වා ද එතැන් සි‍ට පසු දා පෙරවරු 6.55 දක්වා වාරියත් යෝගය ද පවතී.
    දවල් 12.57 දක්වා වනිජ කරණය ද එතැන් සිට විෂ්ටි කරණය ද වේ.
    සුබ දිසාව බටහිර වන අතර මරු උතුරු දිසාවේ සිටී.යෝගිනිය දහවල් 12.57 දක්වා වයඹ ද ඉන් පසු ඊසාන දිග ද සිටී.
    රාහු කාලය පෙරවරු 04.50 සිට 06.20 දක්වා වේ.පුර අටවක පොහොය දහවල් 12.57න් ලබා සඳුදා 11.19න් ගෙවේ.
    ඉරිදා සිල්.

    2014 දෙසැම්බර් 29 සඳුදා

    ඉර උදාව 06.21ට සිදුව ඉර බැසයාම පස්වරු 06.04ට සිදුවේ.පෙරවරු 06.37 දක්වා උත්‍රපට නැකත පවතින අතර පසුදා පෙරවරු 05.57 දක්වා රේවතී නැකත පවතී.පුර අටවක තිථිය දහවල් 11.19 ගෙවී නවවක තිථිය උදාවේ.පසුදා පෙරවරු10.04 දක්වා නවවක තිථිය පවතී.වාරියත් යෝගය පෙරවරු 06.55ට ගෙවේ.එතැන් සිට දිනය පුරා පරිස යෝගය පවතී.කෞලව කරණය පෙරවරු 10.04 දක්වා ද එතැන් සිට රාත්‍රී 09.37 දක්වා තෛතිල කරණය ද පවතී.සුබ දිසාව උතුර වන අතර මරු වයඹ දිසාවේය.දහවල් 11.19 දක්වා යෝගිනිය ඊසාන දිසාවේද 11.19න් පසු නැගෙනහිර දිසාවේද වේ.
    රාහු කාලය පෙරවරු 07.51 සිට පෙරවරු 09.21 දක්වා වේ.

    දෙසැම්බර් 30 කුජ දා

    පෙරවරු 06.21ඉර උදාවී පස්වරු 06.05ට ඉර බැස යයි.පෙරවරු 05.57 සිට පසුදා පෙරවරු 05.40 දක්වා අස්විද නැකත ද දවල් 10.04 දක්වා පුර නවවක තිථිය ද එතැන් පටන් පුර දසවක තිථිය පසුදා පෙරවරු 09.13 දක්වා ද පවතී.ශිව යෝගය පෙරවරු 04.37 සිට පසුදා පෙරවරු 02.39 දක්වා ද පෙරවරු 10.04 දක්වා කෞලවකරණය දඑතැන් සිට රාත්‍රි 09.37 දක්වා තෛතිල කරණය ද පවතී.පෙරවරු 10.09දක්වා ශුභ දිසාව උතුර වන අතර පෙරවරු 10.09න් පසු ශුභ දිසාන නැගෙනහිරයි.මරු බටහිර දිසාවේ සිටී.පෙරවරු 10.04 දක්වා යෝගිනිය නැගෙනහිර එන අතර පෙරවරු 10.04න් පසු උතුරු දිසාවේ සිටී.රාහු කාලය පස්වරු 03.21 සිට පස්වරු 04.51 දක්වා පවතී.

    සතියේ රාහු කාලය

    දෙසැම්බර් 23 කුජ දා
    පස්වරු 03.18 සිට පස්වරු 04.48 දක්වා
    24බදාද
    පස්වරු 12.18 සිට පස්වරු 01.48දක්වා
    25 බ්‍රහස්පතින්දා
    පස්වරු 01.48 සිට පස්වරු 03.19දක්වා
    26 සිකුරාදා
    පෙරවරු10.48 සි‍ට පස්වරු 12.19දක්වා
    27ශනිදා
    පෙරවරු 09.20 සිට පෙරවරු 10.50 දක්වා
    28ඉරිදා
    පෙරවරු 04.50 සිට පෙරවරු 06.20 දක්වා
    29 සඳුදා
    පෙරවරු 07.51 සිට පෙරවරු 09.21 දක්වා
    30 කුජ දා
    පස්වරු 03.21 සිට පස්වරු 04.51 දක්වා

    සතියේ පොහොය දිනයන්

    2014 දෙසැම්බර් 28 ඉරිදා අපර භාග 12.53න් පුර අටවක ලබා 29 සඳුදා පෙරවරු 11.15න් ගෙවේ.ඉරිදා සිල්

    සතියේ ශුභ නැකැත්

    2014 දෙසැම්බර් 26 සිකුරාදා පෙරවරු 06.21
    පෙරවරු 10.21
    බටහිර දිසාව බලා ගොවිතැන් කටයුතු,වෙළහෙළඳාම්,ගමන් යාම හා බත් කැවීමට සුබයි.

    ග්‍රහයින් ගමන් කරන රාශි නැකැත්

    රවි 2014 දෙසැම්බර් 23 ධනු - මූල
    29 ධනු- පුවසල
    කුජ 2014 දෙසැම්බර් 23 මකර - සුවන
    27 මකර - දෙනට
    බුධ 2014 දෙසැම්බර් 23 ධනු - පුවසල
    ගුරු 2014 දෙසැම්බර් 23 කටක - අස්ලිස
    ශුක්‍ර 2014 දෙසැම්බර් 23 ධනු - පුවසල
    27 ධනු - උත්‍රපල
    ශනි 2014 දෙසැම්බර් 23 වෘෂ්චික - අනුර
    රාහු 2014 දෙසැම්බර් 23 කන්‍යා - හත
    කේතු 2014 දෙසැම්බර් 23 මීන - රේවතී

    ජ්‍යොතිර්වේදී කිරින්දේ - පුහුල්වැල්ල

    ඩී. ඒ. වික්‍රමසිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: දිව්‍යමය සුබ මුහුර්ථ Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top