දැඩි වර්ෂාපතනයක් සමඟ සුළි කුණාටු,ගංවතුර,නාය යෑම් සහ ජන ජීවිතයට දැඩි බලපෑමක් ඇති කරවන සිදුවීම් හට තන්නාට ඉඩ ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.ජන මතය අවේගකාරී, නොසන්සුන්කාරී තත්ත්වයකට පත්කරවන කැළඹිලි දකුණු ආසියානු රටවලින් අපේක්ෂා කළ හැකි අතර හැකිතාක් ඉවසීම, බුද්ධිමත්ව හා ධූරදර්ශීව ක්‍රියා කොට මේ අයහපත් තත්ත්වය සංසිඳුවා ගැනීමට ක්‍රියාකළ යුතුව ඇතැයි ද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
ලබන දෙසැම්බර් 18 දා රවි ග්‍රහයා ධනු රාශියට පිවිසෙන අතර ඒ වන විට එහි බුධ හා සිකුරු තැන්පත්ව සිටී.මේ සමඟ දෙසැම්බර් 22 දා අමාවක දා සඳු ග්‍රහයාත් ධනු රාශියට පිවිසීමෙන් පසුව චතුර්ග්‍රහයෝගයක් හට ගනී. දෙසැම්බර් 22දා ඉර උදාවන විට නැගෙනහිර ක්ෂිතිජයේ මතු වන ධනු රාශියට දෙපසින් ශනි හා කුජ පිහිටන අතර එමඟින් පාපකර්තරී තත්ත්වයක් නිර්මාණය කෙරේ.මෙය කාලගුණික අංශයෙන් යහපත් නොවේ.
සොබාදහමේ සමතුලිතය බිඳ වැටී අනපේක්ෂිත ආපදාවන් මතුව ඒමට ඉඩ ඇත.
එමෙන්ම ජනමතය ද යම් නොසන්සුන්කාරී තත්ත්වයකට පත්වියහැකි අතර මේ අසුබදායක දින කිහිපයේ ඉතා ඉවසීමෙන් දූරදර්ශීව ක්‍රියා කළ යුතුව ඇත.
රාහු-කේතු අතහැර යුරේනස් හා නැපුචූන් යන ග්‍රහයන් ද එකතු කළ විට ග්‍රහයන් සියලු දෙනා අංශක 120ක කෝණයක ස්ථානගත වන නමුත් ගුරු ග්‍රහයා පමණක් ඉන් බාහිරව තැන්පත්ව සිටී.මේ අනුව ගුරු අසහාය බලයකට පත්වේ.ආධ්‍යාත්මික ශක්තියෙන් පොහොසත් චරිත මේ කාලයේ දී තව තවත් බලවත්වීම ද සිදුවෙනවා ඇත.
- ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී තිලක්ද සිල්වා
0 comments:
Post a Comment