728x90 AdSpace

  • නවතම පුවත්

    2014-12-31

    හැඟීම් කිති කවන යෝගයක් අරන් සිකුරු මකරයට ඇවිත්


    සිකුරු ග්‍රහයා තමාට මිත්‍ර රාශියක් වූ මකර රාශියට පැමිණෙන්නේ අතිධාවන කාම යෝග බලයක් නිර්මාණය කරමිනි. දෙසැම්බර් 30දා පාන්දර 02.40ට සිදුවන මේ ග්‍රහ ගමන හේතුවෙන් ලග්න රැසකට විවිධාකාර අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවනු ඇත. එය ලග්න වශයෙන් බලපානනේ මෙසේය.

    මේෂ
    සිකුරු ද්වි බලයෙන් යුක්තව දසවැන්නෙ තැන්පත් වීම හේතුවෙන් ආර්ථික දුෂ්කරතා ඇති වීමට හේතු යෙදේ. විශේෂයෙන් අඟහරු දිග්බලව දසවැන්නේ උච්ච බලයෙන් යුක්තව තැන්පත්ව සිටියද අඟහරු 2015 ජනවාරි 05දා සඳු දින කුම්භ රාශියට යෑම් සමඟ අනවශ්‍ය ධනහානි මෙන්ම රැකියා ස්ථානයේ සිටින්නාවු අය සමඟ මෙන්ම තමන් ළඟ සිටින අය සමඟ ද වාද භේද ආරවුල් ඇතිකර ගන්නා වාතාවරණයක් නිර්මාණය වේ.

    වෘෂභ
    ඔබගේ භාග්‍යස්ථානයේ සිකුරු තැන්පත් වීම යහපත් ඵල උදාකරනු ඇත. විවාහ යෝජනා අපේක්ෂා කරමින් සිටි අයකු නම් තම අපේක්ෂාවන් තවදුරටත් ප්‍රමාද වනු ඇත. පුණ්‍ය කටයුතු සඳහා යෙදෙන කෙටි ගමන් ඇති කෙරේ. ව්‍යාපාරවල නිරත වූ අයහට තරමක් ලාබ අඩු කෙරේ.

    මිථුන
    ඔබගේ අටවැන්නේ සිකුරු තැන්පත් වෙමින් පවතින මේ කාල වකවානුවේ ඔබ විසින් යම්කිසි ණය මුදලක් අපේක්ෂාවෙන් සිටින්නේ නම් එම ණය මුදල ඔබට ලබාගත හැකිවේ.

    කටක
    ඔබගේ ග භාවයේ තැන්පත් වීමත් අඟහරු සමඟ යෝගව සිටී. පස්වැන්නෙ තැන්පත්ව සිටින සෙනසුරුගේ දෘෂ්ටියට ලක්වීම හේතුවෙන් විරුද්ධ ලිංගිකයින් කෙරෙහි ආකර්ශණය වේ. අනවශ්‍ය සම්බන්ධතාවල පැටලීම හේතුවෙන් ශරීර ශක්තියට බාධා ගෙන දිය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න.

    සිංහ
    ඔබට යහපත් වූ පලඋදා කරනු ඇත. ඔබට එරෙහි වන්නාවු සතුරු උපද්‍රව යටපත් කිරීමේ ශක්තිය හිමිවනු ඇත. රැකියාවේ නොසිතු දියුණුවක් ලැබිය හැකිවේ. විශේෂයෙන් ඔබ අඟහරුගේ හෝ සිකුරුගේ මහදශා අන්තර් දශා ගෙවන්නෙකු නම් ඔබට වඩාත් ශුභඵල ගෙන දෙනු ඇත.

    කන්‍යා
    ඔබගේ පෙර පිං බලය මතුවන වකවානුවකි. ඔබ ආදරය සොයමින් පසුවන අයකු නම් ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය හමුවනු ඇත. මෙම කාලයේ අධ්‍යාපන කටයුතුවල නිරත වන අයටද ශුභඵල ගෙන දෙනු ඇත.

    තුලා
    සතර වැනිභාවයට සිකුරු තැන්පත්වීම ශුභඵල ගෙන දෙයි. ඉඩකඩම් යාන වාහන ලබා ගැනීමේ අපේක්ෂාවන් තිබුණ නම් එම බලාපොරොත්තු ඉටු කරගත හැකි කාල වකවානුවකි.

    වෘෂ්චික
    විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය හිමිවනු ඇත. වැඩිපුර තමා පිළිබඳව සිතා කටයුතු කරන්නට පෙළඹෙන වකවානුවකි. තරමක් ආත්මාර්ථකාමී පසුබිමක් නිර්මාණ්‍ය වනු ඇත.

    ධනු
    යම්කිසි අධ්‍යාපන කටයුත්තක නිරතවන තැනැත්තකු නම් ඔබ‍ගේ අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව කරගත හැකි වේ. විරුද්ධ ලිංගිකතයන්ගේ ආකර්ශණය ලැබෙනු ඇත. උගුර ආශ්‍රිත රෝග පීඩා මතු කෙරේ.ඔබ ස්ත්‍රියක් නම් ඔබගේ ස්වාමියාගෙන් හෝ පෙම්වතාගෙන් විසිතුරු ආභරණ ඇදුම් පැළඳුම් හිමි වනු ඇත.

    මකර
    ලග්න ගතව සිකුරු ගමන් කිරීම මඟින් බට ශුභ ඵල ගෙන දෙනු ඇත. ආර්ථික වාසි සහ දියුණුවක් අත්වන වකවානුවකි ඔබ විරුද්ධ ලිංගිකයන් වෙත ඇදීයන ආකර්ෂණීය වන වකවානුවකි. අනවශ්‍ය බැදීම් ඇති කර ගැනීම නොකළ යුතුවේ.

    කුම්භ
    වැය පක්ෂය තරමක් ඉහළ නැඟිය හැකිය. අමතර වියදම් යෙදේ. 12 වැන්නේ සිකුරු තැන්පත් වීම නිසා අශුභ පල ගෙන නොදේ. සිත තරමක් කලබල නමුත් නව අත්දැකීම් සහ සාර්ථකත්වයක් භුක්ති විඳින කාලයකි. කෙටි ගමන් බහුලවන කාලයකි. ඔබගේ විරුද්ධ ලිංගික ආකර්ෂණය තවදුරටත් ඉහළ නැංවෙන කාලයකි.

    මීන
    ඔබගේ දියුණුව තරමක් අඩාල වේ. එහෙත් ඔබගේ උත්සහය හේතුවෙන් නැගිටින කාලයකි. තමන්ගේ දියුණුවටත් වඩා අන් අයගේ සතුට දියුණුව වෙනුවෙන් කැප වී කටයුතු කරන කාලයකි. චිත්ත ශක්තිය ඉහළ නැංවෙන අතර ලැබීම් සඳහා යහපත්ය.


    ජ්‍යෙතිෂ නන්දන, ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී රේණුක වික්‍රමසිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: හැඟීම් කිති කවන යෝගයක් අරන් සිකුරු මකරයට ඇවිත් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top