728x90 AdSpace

  • නවතම පුවත්

    2014-12-24

    සිකුරු පරදා ප්ලුටෝ ජය ගනී

    29න් පසු රැල්ලේද වැල්ලේද බඹරේ කැරකේ

    මේ වසරේ අවසාන ග්‍රහ යුද්ධය පසුගිය 21දා හටගත් අතර එයින් සිකුරු පරදා ප්ලුටෝ ජය ගත්තේය. ගුරු හිමි ධනු රාශියේදි සිකුරු පරාජයට පත්වීම හේතු කොටගෙන සියලුම ලග්න හිමියන්ට මෙතෙක් අත් නොවින්දා වූ සිදුවීම් වලට මුහුණ පෑමට සිදුවනු ඇත.
    පසුගිය 21දා හට ගත් සිකුරු - ප්ලූටෝ ග්‍රහ යුද්ධයෙන් ප්ලූටෝ ජය ගැනීමත් සමඟම ලග්න දොළොසටම අැති වන්නේ අනපේක්ෂිත ග්‍රහ බලපෑමකි.

    මේෂ - හොඳ නරක දෙකම

    ඔබගේ දෛනික ක්‍රියාකාරකම් වැඩි වර්ධනය වනවා ඇත. ඔබට විරුද්ධ ලිංගිකයින්ගේ සහසම්බන්ධතාව ප්‍රබලව ලැබෙනු ඇත. අලුත් මිතුරන් ඇති වෙනවාද ඇත. විශේෂ උත්සව අවස්ථාවන්ට සහභාගී වීමට ඔබට අවස්ථාව සැළසෙනු ඇත.

    මේ නිසා යහපත මෙන්ම අයහපත ද ප්‍රබල ලෙසම මතු කෙරෙනු ඇත. ඔබගේ ගුණයහපත හෝ දුර්ගුණ ප්‍රචාරය වන කාලයකි. ඒවා සුළඟින් ගෙන යන තත්ත්වයක් පවතී. ඒ නිසා ඔබ අහිතකර දේ සිදුකිරීමෙන් වළකින්න. ඔබ‍ගේ සියලු ක්‍රියාකාරකම් වැලි තලාවක සඟවන්නට නොව තටු ලැබී ඉගිලී යාමේ ග්‍රහ බලයක් ඉස්මතු වේ. ඒ නිසා පින් දහම් කටයුතුවල නියැළීමෙන් බොහෝ අපල පවා සමනය කර ගත හැක.
    ඔබගේ තත්ත්වය කෙළෙසන අයුත්තක් ඔබ විසින්ම සිදුකර ගන්නවා ඇත. මේ නිසා ඔබේ ගෞරවය කෙළෙසී යනු ඇත.

    හැම කටයුත්තකදීම දුරදිග සිතා බලන්න. ඔබගේ ළඟම ඥාතියෙකු පවා ඔබ සමඟ ප්‍රබල සිත් අමනාපකමන් ඇති කර ගනු ඇත. සිදුවන එකිනෙක කාරණා එකින් එකට බද්ධ වෙමින් යන බැවින් යම් කෙනෙකුට අනර්ථයක් සිදුකිරීමට ඔබ පෙළඹිය හැක. එය රහසක් ලෙස රැක ගැනීමට නුපුළුවන් වනු ඇත. එයින් තමාම අමාරුවේ වැටෙන බැවින් දුරදිග සිතා බලා කටයුතුවල නිරත වෙන්න.
    ඔබගේ දරුවෙකුට හෝ ශිෂ්‍යයෙකුට විශාල ප්‍රතිලාභයක් ගෙන දෙනවා ඇත. දියුණුවක් ගෙන දෙනවා ඇත. නමුත් හදිසි කරුණක් ඉස්මතු වී එම දියුණුව තරමක් අඩු කරනු ඇත. එයට හේතු වන්නේ ඔබගේ අනවශ්‍ය ක්‍රියාකාරකමක් හෝ එන පෙළගැසීමකි. එබැවින් දෙමාපියවරුන් මෙන්ම ගුරුවරුන් යම් තීරණ ගැනීමට පෙර පැවතෙන්නන් කෙරෙහි ද අවධානය යොමු කළ යුතුයි.

    වෘෂභ -නිවාස මාරුවකට හිත

    සිකුරු ඔබේ ලග්නාධිපතියාය‍. ඔහු යුද වදින්නේ ඔබේ ලග්නේ අටවැන්නේ දීය. සූදුවට යාම මේ දිනවල සුදුසු නැත. සූදුවෙන් ඔබ පාඩු ලබනවා ඇත. ණයතුරුස්වීම් - දේපළ උකස් කිරිම් ආදියට ද ඉඩ ඇත. ප්‍රියමනාප විරුද්ධ ලිංගිකයන්ගේ සම්බන්ධයක් ගොඩ නැඟේ.

    සමාජයේ ඔබ කෙරෙහි පවතින ගෞරවය කෙළෙසී යාමට මෙය හේතුවක් වනු ඇත. ඔබ‍ගේ යහපත් ශරීර සෞඛ්‍යය කෙරෙහි අහිතකර බලපෑමක් එල්ලවනු ඇත. ඒ නිසා සියලු ඇවතුම් පැවතුම් ක්‍රියාකාරකම, කෑම් බීම් ආදිය කෙරෙහි පූර්ණ වගකීමකින් යුතුව කටයුතු කළ යුතුයි. ප්‍රබල අප්‍රසන්නවූත් පිළිකුල් සහිතවූත් ක්‍රියාකාරකමක් තුළින් ඔබට සිත්තැවුළක් ගෙනදිය හැක. එවැනි දෙයක් සිදුකිරීමට ඔබ ද පෙළඹෙනු ඇත. ඒ නිසා දුර දිග සිතා බලා කටයුතු කරන්න.

    කෙසේ වෙතත් ඔබගේ රැකියා කටයුතු හෝ ස්වයං රැකියා කටයුතු දියුණුවීමට ද කරුණු කාරණා යෙදේ. එවැනි වැඩිදියුණුවක් ද ගෙන දේ‍ එහිදී පැන නඟින දුර්වලතාව ඔස්සේ ඊර්ෂ්‍යාකාර හිතවතකුගේ ක්‍රියාකාරකමක් නිසා ඔබ බලාපොරොත්තු නොවූ අහිතකර අපවාදයක් ඔබ කරා පැමිණීමයි.
    හැබැයි ඔබට පුද්ගලයා වශයෙන් පීඩා ගෙන ‍දුන්නත් ඔබ‍ගේ දේපළවල දියුණුවක් ගෙන දෙනු ඇත. මෙම අවදානම් කාල වකවානුවේ දී ඔබ සැළකිලිමත් විය යුත්තේ ඔබට ජයග්‍රහණය ලබා ගැනීමට පුළුවන්කම පවතින කේන්ද්‍රය කෙරෙහිය‍. ඔබේ දේපළ දියුණුවන බැවින් වගා කටයුතු කෙරෙහි අවධානය යෙදීම සුදුසුයි. ඒ වාගේම කුලියට දීමට සුදුසු වස්තුවක් ඇතිනම් එය එසේ කුලියට දුන්නාට වරදක් නැත.
    සමහර විට ඔබ පදිංචි නිවස විශාල මුදලකට කුලියට දීමටත් ඊට පසු අඩු කුලියක් ගෙවන නිවසක් සොයාගෙන පදිංචිය වෙනස් කිරීමටත් ඔබට සිතීමට ඉඩ ඇත. එසේ සිදුකරන්න. ඔබ දිනුම්.

    මිථුන - සතුරන් පසු බසී

    ඔබට විශේෂ ලාභ ප්‍රයෝජනයක් කලත්‍රයාගෙන් ලැබීමට භාග්‍යය ඇත. පහත් පෙළේ කෙනෙකු ඔබ‍ගේ ඇසුරට පත්වනු ඇත. ඒ නිසා ඇසුරු කරන්නන්ගෙන් පරිස්සම් වන්න. ඔබේ යෝගකාරක හත්වැන්නේ දී පරාජය නිසා ඔබට තරමක් අසීරු කාලයක් උදා වේ. හැබැයි ඔබගේ දක්ෂතා ආදිය ඉස්මතු වනු ඇත.
    එකී ප්‍රබලතාවය ඉස්මතුවීමත් සමඟ ‍ඔබ‍ගේ ප්‍රසිද්ධියක් ද අැතිවනු ඇත. ඒ මඟින් බ‍ලාපොරොත්තු නොවූ හිරිහැරයක් ද ඔබ සොයා එනු ඇත. ඔබට මහත් බියක් ඇති වෙනවාද ඇත. යම් යම් අය විසින් ඔබව බිය ගන්වනවාද ඇත.

    නමුත් ඔබ සැළෙන්න එපා. ඔක්කොම සෘණවේගාත්මක ස්වභාවයන් දෙසැම්බර් 29 වෙනිදායින් පසුව පහව යනවා. අළුගසා දමා ඔබ නැඟිටිනවා. ඔබට එරෙහි වූ ඔබේම හිතවතුන්ට පරාජයක් ගෙන දෙමින් විරුද්ධවාදීන් උසිගැන්වූ අය ඔබගෙන් සමාව ගැනීමට පෙළෙඹෙනවා.
    බොහෝ දුරට මෙම අත්දැකීම ලැබීමට සිදුවන්නේ ඉඩකඩම් ගැටලුවක් සම්බන්ධව අසල්වැසියෙකු සමඟ ගැටලුවක් ඇති කරගත් අයටයි‍.

    ඔබ වාද භේදයකට බහින්බස් වීමටකට පැටලිය හැක. එයින් ඔබට අවාසියක් ගෙන දෙනවා ද ඇත. ඒ නිසා අනවශ්‍ය වාද විවාදවලට පැටලීමෙන් වළකින්න. යටිබඩ මුත්‍රාශය ආදී ප්‍රදේශවල රෝග පීඩාවක් මතුවීමට ද ඉඩ ඇත. අධික උෂ්ණ ආහාරපාන ගැනීමෙන් වළකින්න.

    කටක - පරිස්සමට මුල් තැන

    ඔබගේ ජන්ම පත්‍රයේ හයවැන්නේ දී ශුක්‍ර ග්‍රහයා ප්ලූටෝගෙන් පරදින විට එහි රවි සිටීම ඔබට යහපතකි. ඔබට හදිසි ධනලාභයක් ලැබෙනවා ඇත. නැතිනම් ක්ෂණික තීරණයක් මත කෙනෙකු සමඟ විවාහ වන අර ඔහුගෙන් විශේෂ ධනයක් ඔබට හිමිවනු ඇත. හැබැයි සොරකමක් නිසා ඔබට පාඩුවක් ගෙන දෙනවාද ඇත. කල්පනාවෙන් සිටියහොත් සෙත්කම් සිදුවීම වළක්වාගත හැකි වනු ඇත. ඔබේ යටිබඩේ ආබාධයක් පැන නැඟීමේ ඉඩකඩ අධික බැවින් දෛනික කටයුතුවලදී පරිස්සම්වීමට මුල්තැන දෙන්න.

    ඔබ කිසිම දෙයක් අත්හදා බලන්න යන්න එපා. විශේෂයෙන් ඖෂධ වර්ග අත්හදා බැලීම පිණිස පාවිච්චි නොකිරීමට වගබලා ගන්න. ඔබ කාගේ හෝ වංචාවකට ප්‍රයෝගයකට කොටුවීමට ඉඩකඩ පවතී. ඒ නිසා යම් යම් අය කරනු ලබන පෙ‍ළඹීම් කෙරෙහි දෙවරක් සිතා බලන්න.

    ඔබ ආගමික ශාස්තෘවරුන් හෝ ප්‍රව්‍රජ්‍යා උතුමන්ලා විවේචනය කරන්න යන්න එපා‍. ලොකු අගෞරවයක් ඔබට ලැබෙන්නට තියෙනවා. ඒක එන්නෙ ආගමික පැත්ණෙයි. ඔබට කාන්තා පක්ෂයෙන් කරදර ගෙනදීමේ ප්‍රවණතාවය අධිකයි. විවාහකයෙකු නම් ෆේස්බුක් මිතුරන් හෝ මිතුරියන් හඳුනාගන්න යන්නම එපා. විවාහයට කණකොකා හඬාවි‍.

    ඉන්ද්‍රියන් පිනවන්න ඔබට ලැබෙන අවස්ථා අධික නමුත් සීමාව ඉක්මවා ලබන්න යන්න එපා. අනර්ථ වැඩකට මුහුණ දෙන්න වෙනවා‍. පැණි රස කෑම කන්නට අවස්ථාව හොඳින්ම ල‍ැ‍බෙයි. වයස කුමක් වූවත් රුධිර දෝලයක් මතුවෙන්න ඉඩතියන බැවින් පැණි රස කෑම සීමා කරන්න.

    සිංහ - වස්තු ලාභ

    ඔබේ ජන්ම පත්‍රයේ පස්වැන්නේ දී සිකුරු පරාජය ලැබුවත් පස්වැන්න ප්ලූටෝගෙන් ද රවිගෙන් ද බලවත් වන්නේය. ඔබට හදිසි ධන ලාභයකට පසුබිම සැලසේ.

    මිය ගිය කෙනෙකුගෙන් හෝ නිදන් වස්තුවක් හෝ ඔබට හිමි වෙනවා ඇත. මැණික් ඇති ප්‍රදේශයක සංචාරයක් හෝ මතුවීම භූමි ලාභයක් ගෙන දෙනවා ඇත.

    හැබැයි මේවා ලබාගැනීමේ දී බොහොම පරිස්සම් වන්න. මෙතැනදී නීති කරදරයකුත් ඒ සමඟම ඊට පසු පසින් ඔබ කරා හඹා එනවා. රස්සාව ආරක්ෂා කර ගන්නත් ඔබ උනන්දු විය යුතුයි. රැකියාව අහිමි විය හැක.
    ඔබේ නිර්මාණයක් කිරීමට දක්ෂතාවයක් ලැබේ. එයින් ඔබට කීර්තියක් මෙන්ම ධනයක් ලැබීමට ඉඩකඩ ලැබේ.

    ඒ සමඟම යන්ත්‍ර සූත්‍ර ගුරුකම් කෙරෙහි ඔබට විශේෂ අලුත් දැනුමක් ඇති වෙනවා ඇත. අධිවේගී වාහනවල ගමන් කිරීමෙන් වැළැකිය හැකිනම් ඉතා සුදුසුයි.සතුරු මර්දන බල ශක්තියක් ද ඔබට හිමිවනු ඇත. අලුතින් කෙනෙකු සම්බන්ධ වන අතර එය එතරම් සුබදායක හමුවක් නොවිය හැක. ප්‍රබල සතු­‍ෙරකු ඔබ සමඟ මිතුරුකමක් ඇති කරගත හැකි අතර දුරදිග බලා කටයුතු කර ආත්ම ගෞරවය රැක ගත යුතුයි‍.

    කන්‍යා - විභාග ජය

    සිව්වැන්නේ දී සිකුරා පරාජය ලබද්දී ලග්නාධිපතියා සහ දො‍ළොස්වැන්නාධිපතියා වන රවි එහි තැන්පත්වීම ඔබට කිසියම් අස්වැසිල්ලක් ලැබෙන කාලයකි. දෙසැම්බර් 29 වෙනිදා මෙකී සිකුරු රාශි මාරුව කරනාතුරු විවිධ අභියෝග මුදල් හානි ආදිය මතු කෙරෙනු ඇත.ඒ නිසා ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි.
    බුද්ධිමත් ගුණගරුක උසස් අයවළුන් සමඟ සම්බන්ධ වීමට ඔබට අවස්ථාව සැළසේ. ගොවි බිමක කටයුතු කරනු ලබන කෙනෙකු නම් ඔබට එරෙහිව සතුරු පීඩාවක් මතුවෙනවා ඇත. 29 වෙනිදා දක්වා ඉවසන්න. ඉබේම සතුරු ගැටලුව විසඳිලා යාවි.

    ඔබ ගුරුවරයෙක් නම් විෂය දැනුම දීමට අමතරව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දඬුවම් දෙන්න යන්න එපා. කුඩා දරුවෙක් ඔබගෙන් ත්‍යාගයක් බලාපොරොත්තු වෙයි. ළමයෙකුට සුදුසු ත්‍යාග භාණ්ඩයක් ඔබ සන්තකයේ තබා ගන්න.නැතිනම් ඔබ අපහසුතාවතයට පත් වේවි. තරග විභාග ආදියෙන් ජයග්‍රහණ ලබා ගැනීමට ඔබට පසුබිම සැළසේ.

    තුලා - සතුරු පීඩා

    කුමන රැකියාවක යෙදී සිටිත් ඊට සතුරු පීඩාවක් මතු කෙරේ. හිතවතකු විසින්ම ඔබට එරෙහිව ප්‍රබල සතුරුකමක් දියත් කරනු ඇත. ඔබට එරෙහි කේලාම් බස් අසන ‍ෙකනෙකු ඔබව වරදවා වටහා ගනු ඇත. ඒ තුළින් නීති කරදර පවා ගෙනදිය හැක. පරිස්සම් වීමට වගබලා ගත යුතුයි.

    ඔබගේ නිෂ්පාදන ව්‍යාපාරයක් ඇත්නම් හෝ යම් නිෂ්පාදනයක් එළිදැක්වීමට කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව වන විශේෂඥතා ඥානයක් හිමි අයවළුන්ගේ සහයෝග ඔබට නොඅඩුව ලැබෙනු ඇත‍. ඒ අයගේ සහයෝගය මත ඔබට තම සියලු කටයුතු සාර්ථක කර ගත හැක. කිසියම් ලියකියවිල්ලක් නිසා ඔබට යම් කිසි භාග්‍යයක් උදා වේ.ගීත රචකයකු නම් ඔබේ ගීතයක් ජනප්‍රිය වනවා ඇත.

    විලාසිතා ද්‍රව්‍ය වෙළෙඳාමේ යෙදී සිටින කෙනෙකු නම් ඔබේ ව්‍යාපාරය දියුණුව කරා ගැනීමට අවශ්‍ය පසුබිම් සකසා ගත හැකි. ඇමැති තනතුරු තානාන්තර ආදිය හිමිවීමකට ඔබට පසුබිම් සැළසේ. දුර නෑදෑකමක් ඇති අයෙකු විසින් ඔබට හානියන් සිදු කිරීමට කිසියම් උපක්‍රමයක් දියත් කරනු ඇත. ඥාතීන්ගෙන් සහ ළඟම හිතවතුන්ගෙන් පරිස්සම් වන්න.
    වෘශ්චික - ස්ථාන මාරු
    ඔබට දුර බැහැර ගමන් බිමන් ඇතිවනු ඇත. රැකියා කටයුතු සම්බන්ධව ඔබට දුර බැහැර ස්ථානවල ස්ථාන මාරුවීම් ලැබෙනවා ඇත. ඒවා වෙනස් කර ගැනීමට කාලය - ධනය - ශ්‍රමය- වැය කළාට ඉන් ප්‍රයෝජනයක් අත්විය නොහැකි වනු ඇත. ඔබේ මුහුණේ කුරුලෑ වර්ධනය වීමක් දක්නට ලැබේ.

    අනවශ්‍ය ප්‍රතිකාරයක් සිදුකිරීම නිසා පීඩාවක් ද ගෙනදෙනු ඇත. යම්කිසි සන්තක දේපළක් විකුණා දැමීමට තීරණය කළ හැක. නමුත් එය අදූරදර්ශී තීරණයක් නිසා පාඩුවක් වනු ඇත. ශුක්‍ර ග්‍රහයාගේ පාපග්‍රහ වූ ධනස්ථානයේ රවි සහ බුධ යන ග්‍රහ ලද ‍ගෝචරය වන බැවින් තදබල පීඩාවක් කරදරයක් හිරිහැරයක් ගෙනදීමට පුළුවන් කමක් නැත.
    නමුත් ළඟම ඥාතීන් අතර හෝ පවුලේම අය සමඟ ප්‍රශ්නයක් මතුකර ගන්නවා ඇත. ඒ නිසා පවුලේ අය සමඟ ගැටලු ඇති කර ගැනීමෙන් වළකින්න. දුර බැහැරක රැකියාවක නියුතු නම් නිවාඩු ලබාගෙන පැමිණීම ප්‍රමාද කිරීම සුදුසුය. නිතර නිතර පදිංචි ස්ථානයේම සිටින කෙනෙකු නම් සංචාරයක් සඳහා පිටත්ව යෑම සුදුසුය. පදිචි පරිසරය වෙනස් කර මානසිකත්වය වෙනස් කැර ගැනීමෙන් පීඩාවන් අවම කර ගන්න.

    ධනු - පෙම්වතුන්ට සුබයි

    ඔබ‍ගේ ලග්න ස්ථානය ශුක්‍ර - ප්ලූටෝ යුද්ධ භූමිය වන්නේය. සිකුරු පැරදුනත් ප්ලූටෝ දිනුවේය. රවි දෙදනාම ලග්නයේම විය. ඔබ කිසියම් ශාරීරික වේදනාවක් විඳිමින් හෝ අසනීපයකට ගොදුරු වී සිටිනේ නම් එකී රෝග තත්ත්වය සුව වෙනවා ඇත. අලුත් විලාසිතාවන් වැලඳ ගැනීමට සිදු‍ෙවනවා ඇත. ප්‍රේම පරාජිතයෙකු නම් නැවත යථා තත්ත්වයට පත්වීමට අලුත් සම්බන්ධතාවයක් ඇති වෙනවා ඇත. දුර බැහැර ගමනක් බිමනක් යන්නේ නම් නවාතැන් පහසුව පිළිබඳව කරදර විය යුතු නැත. සියල්ල ලැබේවි. දුර රටක වන්දනා ගමනක් වුව ද ගියාට වරදක් නැත.

    අවිවාහක සුදුසු කල වයසේ සිටින කෙනෙකු නම් රූමත් සහකරු‍ෙවක් ලැබෙන කාලයකි. කාලයක් තිස්සේ බලාපොරාත්තුවෙන් සිටි යම් දෙයක් බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් ඉටු වෙනවා ඇත. දරු සම්පත් පතන විවාහකයෙකු නම් යහපත් දරු පිළිසිඳ ගැනිම් ඇතිවනු ඇත. ඒවාගේම දරුවන්ගේ විවාහය පතන දෙමාපියෙකු නම් සුදුසු මංගල යෝජනා දරුවන්ට ලැබෙනු ඇත.

    වැඩි මහලු කාන්තාවන් වෙනුවෙන් විය පැහැදම් කිරීමට සිදුවෙනවා ඇත. වැඩි මහලු කාන්තාවකට හිරිහැරයක්, පීඩාවක්, මානසික වේදනාවක් ගෙන දෙන්න යන චෝදනාවකට ඔබ ලක් වී කරදරයකට මුහුණදීමට ඉඩ ඇත. විශේෂයෙන් කලත්‍රයාගේ මවත් පදිංචි ස්ථානවලට යාමෙන් වැළකිය යුතු සතියකි.

    මකර - කල්පනාවෙන්

    ඔබට නින්දාවක් - අපහාසයක් - චෝදනාවක් සිදුකිරීමට මාන බැලූ කෙනෙකු බලවත් වී ඉස්මතු වනවා ඇත. කල්පනාවෙන් සිට අවදානම මඟ හරවා ගත යුතුයි.

    ඔබට ප්‍රේම සම්බන්ධතාවක් ගොඩ නැ‍ඟෙනු ඇත. විවාහක අයවළුවන්ට ද මෙය පොදු කරුණක් වනු ඇත. ‍ෙකාච්චර වෘත්තාවක් ඇති කෙනෙක් වුවත් හිතේ කොනක පුංචි අනියම් ඇසුරකට හිතක් පහළ වේ. දැන්ම තියා අනිත්‍ය භාවනවාට හුරු පුරුදු වුවහොත් සිදුවිය හැකි අනාගත අනර්ථයෙන් මිදිය හැක.
    ගොඩ පෙරකදෝරුකම් හෝ ගොඩවෙදකම් කරන අයට පුදුම අත් වාසියක් උදාවේ.නීති වෘත්තියට එළඹීමට අලුතින් දිවුරුම් දීමට ලැබුනොත් බල බලා ඉන්නෙ නැතිව හනිකට ප්‍රැක්ටිස්වලට බහින්න. ඔබ කරා නඩු නිමිති ගලාගෙන ඒවි.

    ෆේස්බුක් යාළුවෝ ඔබට ලොකු පාඩුවක් කරනු ඇත. පරිස්සම් වන්න. කවුරු හරි රවට්ටන්න ඔබ පෙළඹේවි. හැබැයි ජීවිතයත් එක්ක සෙල්ලම් කළ වරදට දඬුවමක් ද ලැ‍ෙබනු ඇත. සමාජීය පොදු කටයුත්තක නියැළිම නිසා ප්‍රශංසා නොව අවමානයක් ලබේව්. සිත හදාගෙන නිහඬ වන්න. යහපත් ප්‍රතිඵලයක් නැත‍. වෙන අතක් බලාගත්තොත් ඔබ දිනුම්.

    කුම්භ - විනෝද ගමන්

    යුද්ධ භූමිය වූයේ අයස්ථානයයි. මෙය මිත්‍ර සේවන ස්ථානය ද වෙයි. පෙම්වතා හෝ පෙම්වතිය සමඟ විනෝද ගමනක් යෑමට ලැබේ. අනියම් ඇසුරකට බැඳුන කෙනෙකු නම් එකී පෙම්වතිය සමඟ ගමන් බිමන් යෑමෙන් වැළැකිය හැකි නම් ඉතා සුදුසුය. විවාහක කතක් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන අවිවාහක ගැටවරයෙක් නම් ඔබට කිසිම සමාවක් නැත. විශාල අමාරුවක ඔබ වැටේ.

    මුදල් පරිහරණය නම් ඔබට ගුණ නැත.
    ඔබේ කටයුතු ක්‍රමවත්ව කතාව තවත් කෘතඥතාවයෙන් සිදුකරන්න වග බලා ගන්න.

    ඔබ විභාගයකට පෙනී සිටින්නේ නම් විභාග ජය සඳහා ද ඉඩකඩ පවතී. මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමට දෙමාපියන්ගේ සහයෝගය ලබා ගන්න. ඔබ කරන කියන හැම දේම දෙමාපියන්ට දැක්වීමට වගබලා ගන්න. රෑ නින්දෙන් අවදිවී කිසිවෙකුට නොදන්නවා නිවසින් පිටවීමේ තත්ත්වයක් මතු කළ හැක. එවැනි අවදානමක් ඇති බව දෙමාපියන්ට දන්වා තබන්න.

    මීන - අනියම් ලාබ

    ඔබේ ලග්නයේ කර්මස්ථානාධිපතියා ශුක්‍ර - ප්ලූටෝ යුද්ධ භුමිය වන්නේය. ඔබ පවුලේ වැඩිමලා ද ඔබට බාල සහෝදර සහෝදරියන්ට විශිෂ්ට ජයග්‍රහණ ලැ‍ෙබ්. අන් අය මේ දිනවල විභාගවලට පෙනී සිටිනවා නම් විශේෂතා ජයග්‍රහණ හිමි වේවි.

    එමෙන්ම නම ඔබට රැකියා සඳහා පත්වීම් ලැබීමට සුදුසුකම් ලබයි. ඉංජිනේරු ක්ෂේත්‍රයේ අයට අමතර ආදායම් සහිතය. නිවාස ගොඩනැගිලි ඉදිකිරීම් බලාපොරාත්තු වන්නේ නම් ජ්‍යොතිෂ උපදෙස් ලබාගෙන එය සිදුකිරීම වරදක් නැත. රැකියාවක නියුතු කෙනෙක් නම් ඔබට පහළින් සිටින නිලධාරියකුෙග් වරදකට දඬුවම් විඳීමට සිදුවිය හැක.

    අන් අයගේ නිවාඩු ලබා යෑම්වලදී රාජකාරී ආවරණ නිලධාරියා ලෙස ඔබට කටයුතු කිරීමට සිදුවුණොත් විශේෂ අවධානයෙන් එය සිදු නොකළහොත් චැඩි දෝෂාරෝපණයකට ඔබ ලක්විය හැක.
    බැංකු කළමනාකාර‍යෙක් නම් මේ මාසයදී ඔබ නිවාඩු ලබන්නේ නැති තරමට හොඳය‍. යෝජිත මංගල යෝජනාවේ යම් යම් අඩුලුහුඬුකම් පවතින බව පසුව තේරෙන නිසා ඉක්මන් ‍ෙනාවන්න.



     ඔබ ගුප්ත ශාස්ත්‍ර සම්බන්ධව උනන්දුවක් දක්වන කෙනෙකු නම් එයින් විශේෂ දියුණුවක් ලබාගත හැක. ඉදිරි වාසනා අභිවෘද්ධියට ලබා ගැනීමේ දී මුලින් මුහුණ දිය හැකි වන්නාවූ කඩාවැටීම ට බිය ‍නොවන්න.
    අක්මීමණ තලගහ විශ්වකීර්ති

    ඡ්‍යොතිෂ විද්‍යා
    පණ්ඩිත ශිරෝමනී


     සුරා ශ්‍රී ගුණවර්ධන
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: සිකුරු පරදා ප්ලුටෝ ජය ගනී Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top