728x90 AdSpace

  • නවතම පුවත්

    2014-12-24

    අර පරෙස්සම රත්තරං


    දරුණු සටනින් සිකුරු ග්‍රහයා පැරද අසරණ වෙලා තැලෙනවා
    ගැහැණු නුවණින් හැඳි මිටේ වැඩ කරන මනු සත මෝඩ වෙනවා
    තියුණු නුවණක් නොමැති අය හට රාජ යෝගත් භංග වෙනවා
    දිනපු බිමවත් රැකුම මතු භව සුගතියට කරුණක්ම වෙනවා

     - සුරා ශ්‍රී


    දෙදහස් දාහතරේ දෙසැම්බර් මාසයේ 21 දා අළුයම 2.21ට පමණ “කණ්ඩකන්” ග්‍රහයා සමඟ සිකුරු ග්‍රහයා යුද වැදුනේය. එම යුද්ධයෙන් සිකුරා පරාජය විය.
    මෙකී ප්ලූටෝ‍ගේ ගෝචරය පෘථිවියට මහත් වූ ‍බලපෑමක් කරනු ලබන්නේය.
    සිකුරා ලොව යෞවනියන් නිවේදනය කරනු ලබන කාරක ග්‍රහයාය. මේ නිසා යෞවන යෞවනියන් මහත් අපහසුතාවයට පත්කිරීමට පසුබිම් සැළසෙනවා ඇත. එමෙන්ම මෙම සිකුරා රටක විරුද්ධ පක්ෂයට ද විවිධ බලපෑම් එල්ල කරයි‍.

    සිකුරාගේ යුද පරාජය නිසා ලෝකයේ සෑම රාජ්‍යයකම පාහේ විරුද්ධ පක්ෂවල පසුබෑමක් මතු කරනු ලබනු ඇත. මෙම තත්ත්වය මත විරුද්ධ පක්ෂවල සාමාජිකයින් උදාසීන තත්ත්වයකට පත් වේ. මේ නිසා පාට සහ පක්ෂ මාරු කරන කැකෑරෙන මනසක් පෘතග්ජනයා තුළ රැල්ළක් බවට පත්වනු ඇත.
    මෙකී යුද්ධ මොහොතේදී නැ‍ඟෙනහිර ක්ෂ්තිජයේ තුලා රාශිය උදා වී පවතී. එවිට පාර්ලිමේන්තු නිවේදකස්ථානාධිපතියා, වික්‍රමස්ථානගත වෙද්දී එකී රවිට සංයෝග වී විරුද්ධ නින්දක සිකුරු ගමන් කරනු ලබන්නේ ය. මේ නිසා කිසියම් අස්වැසිල්ලක් සිකුරුට ලැබෙනුයේ රාජ්‍යකාරක රවිගේ ආරක්ෂාව නිසාය.
    මෙයම පෘථිවිවාසීන්ට ද බලපානු ඇත. ලෝකයේ බොහෝ රට රාජ්‍යවල රාජ්‍ය විරෝධීන් ද විරුද්ධ පක්ෂවල අතිවිශාල පිරිස් ද රාජ්‍ය ආරක්ෂාව ලබමින් තම අභියෝවලින් මිදීමට තරමක හෝ අස්වැසිල්ලක් ලබනු ඇත.
    යුද පරාජය ලබන සිකුරාගෙන් දෙපස ශනි සහ කුජ තැන්පත්වීම තවදුරටත් අහිතකර තත්ත්වයක් පෙන්නුම් කරයි. මේ නිසා පරාජිත සිකුරාට වෘෂ්චික රාශියෙන් ධනු රාශියට ගියත් සහනයක් නම් නොමැත.
    මේ අතරේ ද සිකුරු පරාජය ලබන මො‍හොතේ ද උදාවන තත්ත්කාල තුලා ලග්නයේ දහවැන්න කටකය වන්නේය. ලෝකයාතන ජ්‍යොතිෂයේ දී එකී දහවැන්න රටක ආණ්ඩුව කියා පාන්නේය.

    එකී රාජ්‍යස්ථානයෙහි ගුරු ග්‍රහයා ගෝචරය වෙමින් සිටී.මෙවැනි විශේෂ අවස්ථාවලදී ගුරු ග්‍රහයාගේ ගෝචරය පිළිබඳව විශේෂයෙන් සළකා බලනු ලබන්නේය. මෙකී ගුරුගේ පිහිටීම නිසා ගෙන දෙන ප්‍රථිඵලය වන්නේ ආණ්ඩුවට යහපත් කාලයක් උදාවීමයි.
    ඒ වගේම 21 දා සිදුවන මෙම ග්‍රහ යුද්ධ මොහොතේ ගුරුගේ ක්‍රියාකාරීත්වය මත ලෝකයේ බොහෝ රටවල ආණ්ඩුවලට යහපත් කාලයක් උදාවන්නේය. රජයයන්වල පවතින යම් යම් දුර්වලතාවන් ද මඟ හැරී යන්නේ අඩුපාඩුවලින් විපක්ෂයක් පවතින බැව් එළිදරව් වීම නිසාය.

    දෙසැම්බර් 21 දායින් පසුව ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යුහය උඩුයටිකුරු වන්නේය. ජනතා මානසිකත්වය ආණ්ඩු විරෝධීන් කෙරෙහි කළකිරෙන්නේය. ඒ ඔවුන්ගෙන් සිදුවන ප්‍රබල හානියක් එළිදරව් වීමක් නිසාවෙනි. එය කෙසේ සිදුවන්නේදැයි කිසිවෙකුට සිතා ගැනීමට නුපුළුවන් වෙනවා ඇත.
    එය එසේ අදහාගත නොහැකි වන්නේ විරුද්ධ පක්ෂ ප්‍රබලයෙකුගේ පාපොච්චාරණයක් බවට එය පත්වන නිසාවෙනි.
    ගුරුගේ මෙකී පිහිටීම නිසා රටේ සෛවරීභාවය ආරක්ෂා වනවා ද ඇත. කුමක් හෝ ප්‍රබල පිබිඳීමක් මත ලෝකය පුරා ශ්‍රී ලංකාවේ කීර්තිය රැව්පිළිරැව් දෙනවා ඇත. ශ්‍රී ලාංකිකයන් ලෝක ප්‍රජාව‍ගේ ගෞරවාදරයට ලක් වෙනවා ඇත.

    රටේ පොදු මහජනතාව පවතින රජයෙන්ම සියලු ජාතික අවශ්‍යාවන් ඉටුකර ගැනිමට පෙළගැසෙනවා ඇත. වර්ෂයේ අවසාන ග්‍රහ යුද්ධය මෙයයි. ප්ලූටෝ සුළඟට අධිපතියාය. මොහු සුළඟින් රහස් ගෙන එන්නේය. දූෂණ - වංචා- කුමන්ත්‍රණ - පවුල් කඩා ඉහිරවන කේලාම් - රාජ්‍ය විරෝධ කුමන්ත්‍රණවලට අදාළ ෆේස්බුක් රහස් ආදියට රහසක් ලෙස ක්‍රියාත්මක වන්නට මොහු ඉඩ තබන්නේ නැත.
    ඉහත කී ගුරු ග්‍රහයාට කුජගේ දෘෂ්ටිය එල්ල වන්නේය. ‍ෙම් නිසා යෞවන යෞවනියන් විනාශකාරී දේ සඳහා ද කුපිත කෙරෙනවා ඇත. හැබැයි ඔවුන්ට තම තමාගේ රහස් ක්‍රියාකාරීත්වයන් පවත්වා ගැනීමට ඉහත සඳහන් ප්ලූටෝ ක්‍රියාකාරීත්වය ඉඩ තබන්නේ නැත. මේ නිසා කුපිතවන පිරිස් නීත්‍යානුකූල ආරක්ෂක දැල්වලට නතු වෙනවාද ඇත.

    මෙම කාලය වසරක් නිමා වී වසරක් ඇරඹෙන පසුබිමක් ද නිර්මාණය වන බැවින් ද 2004 සුනාමි ව්‍යවසන කාලයේ තිබූ අයහපත් ග්‍රහ රටාවක් ද නිර්මාණය වන බැවින් ද සෞඛ්‍ය අංශ - ආරක්ෂක අංශ- සහන සේවකයින් ආදීන් සමාජ සේවය සඳහා අවදියෙන් සිටිය යුතුය. එමෙන්ම ගුරුගේ මෙකී පිහිටීම අවුල් කරන්නට කුජ ග්‍රහයාද ක්‍රියාකරන බැවින් මූල්‍ය තත්ත්වය හානිකර තත්ත්වයක් පවතිනවාද ඇත.

     මුදල් නෝට්ටු විනාශ වීමක්- ගින්නෙන් විනාශ වී යාමක්- හොර නෝට්ටු සංසරණය වීමක් පැන නැඟිය හැකි බැවින් වගකිව යුතු අංශ මෙන්ම ජනතාව අවදියෙන් සිටිය යුතුය.
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: අර පරෙස්සම රත්තරං Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top