ලෝබ නැතිව දන් දුන්නොත් දස ගුණයෙන් නැවත ලැබේ
ඔබට රාජයෝග නැතත් සහකාරිය බලවත් නම් රජ සැප නියතයි
එය කල් තබා හඳුනා ගැනීමට තිබෙන එකම ක්‍රමය වන්නේ ඔබේ කේන්දරය පිරික්සීමය.දුගී පැල්පතක උපන්නේ නමුත් ග්‍රහචාරය සහ කල දසාව සුබ වූ විට සියල්ල පරදවා ඔබේ රාජයෝගය ක්‍රියාත්මක වේ.හැමෝටම රජෙක් වගේ ජීවත්විය හැකි වන්නේ ග්‍රහ බලය තේරුම් ගැනීමෙනි.
මෙහිදී විශේෂයෙන් බැලිය යුතු ලග්න හතරක් ගැන සොයා බලමු. චර රාශි වශයෙන් ගැනෙන මේෂ, කටක ,තුලා, මකර යන මෙම ලග්නවල දෙවැන්න, හයවැන්න, අටවැන්න දොළොස්වැන්න යන භෘවයන්හි සියලුම ග්‍රහයින් විසිරී පැවතීමෙන් රජෙක් හා සමාන ජීවිතයක් ඉතා උසස් අන්දමින් ගත කිරීමට ලැබෙන බව මතය වී ඇත. නැති කිරීමේ ධර්මතාවය ඇති සෙනසුරු කේන්ද්‍රයේ 6,8,12 භාවයන්හි පවතින ස්වභාවයට ඔරොත්තු දෙන ග්‍රහයෙකි. හයවැන්නේ දී රෝග හා සතුරන් නැති කරන අතර අටවැන්නේ දී මරණය ඈත් කර ආයුෂ වැඩි කිරීමත් දොළොස් වැන්නේ ක්ෂ්‍ය කිරීම නැති කර ලෝභය උපදවා රැක ගැනීමට උත්සාහ දැරීමත් සිදුවේ.
රවි හයවැන්නේ දී සතුරා මැඬපවත්වා බලය පැතිරවීමත් කුජත් ඒ හා සමාන වීමත් රාහු කේතු හය වැන්නේ නොපෙනෙන ධනලාභ ලබාදීමත් සිකුරු 12 ,8,2 භාවවලට ඉතා සුබ වීමත් ගුරු 2 වැන්නට ඉතා සුබ වීමත් බුධ 2,6,8 සුබ වීමත් ආදී ග්‍රහ පිහිටීම් ඉහත රාශි හතරේ දී යෙදුන හොත් එම ජන්මියා රජයෙක් වගේ ජීවත් වෙන බව කිව හැකි වේ. මෙහිදී මෙම රාශි හතරෙන් උපත ලබන අය හට ඉහත කී 2,6,8,12 භාව තිර හා උභය වීම නිසා ලැබෙන සුබතාවය වෙනස් නොවී පැවතීම රජයෙක් හා සමානම ජීවත් වීමට ඉඩ ලැබීමට හේතුවන බව කිව හැකි වේ. පුර සඳ 6 වැන්නේ සිටීමෙන් සියළු දෙනා සමඟ සහයෝගයෙන් සිටීමේ ආකර්ශනය ලැබේ.
මිථූන, කන්‍යා, ධනු, මීන, චර තිර ස්වබාව දෙකම තිබුණත් ඉහත 2,6,8 12 භාව යෙදීමෙන් ජන්මියාට උසස් ජීවිතයකට මඟ පෑදේ. එය සිදුවන්නේ ඉහත ලග්න හතරෙන් උපත ලබන අයට පමණි. මෙය සිංහාසන යෝගය වශයෙන් ද උපත ලබන අයට පමණි. මෙය සිංහාසන යෝගය වශයෙන්ද ජ්‍යෙතිෂ පොත පෙත් සඳහන් කර ඇත. කේන්ද්‍රයක ලග්නාධිපති පස්වැන්නාධිපති, නවැවැන්නාධිපති බල සහිතව තම භාවයේම සිටියේ ද 10, 11 යන භාව අධිපතියන් එකිනෙකට ස්ථාන මාරු කරගෙන සිටියේ ද එම ජන්මියාට රාජ ලීලාවෙන් ධනවත් ජීවිතයක් ගත කිරීමට වාසනාව උදා වේ.
ලග්නය හයවැන්න, හත්වන්න, අටවැන්න, යන භාවයන්හි සඳු, බුධ, සිකුරු, ගුරු ආදී සුබ ග්‍රහයින් උපතින් යෙදුනේ නම් ප්‍රදේශ ප්‍රධානියෙක්,නායකයෙන් මෙන් ජීළුත් විය හැකි අතර නම්බු ලාභ ලබන ජනතාවගේ සිත දිනාගත් ධනවත් සැපවත් ජීවිතයක් ගත කරනු ඇත. ලග්නාධිපති හා තවත් ග්‍රහයින් වැඩි දෙනෙක් උචච රාශිව යෙදී ඇත්නම් ඉතා උසස් රැකියාවන්හි යෙදෙන රාජකීය ලීලාවෙන් ජීවත් වෙන බොහේ ජනයාට අත්‍යවශ්‍ය වන උසස්ම නුවැණිති පුද්ගලයෙකි. මෙම උචච් ග්‍රහයින් පුර සඳු, බුධ ගුරු සිකුරු ආදී සෞම්‍ය ග්‍රහයින් වූයේ නම් ජනහිතකාමී ගුණවත් යහපත් පුද්ගලයයෝය. රවි, කුජ, සෙනසුරු, රාහු, උච්ච වූයේ නම් අනුන් තලා පෙලන දුෂ්ට පුද්ගලයෝ වෙති.
පුර සඳු සහ ලග්නාධිපතියා නවාංශකයෙත් චර ගෝත්තම වී යෙදී සිටින අතර තුර ගුරු ආදී සුබ ග්‍රහයින්ගේ දෘෂ්ටියට පත් වන්නේ නම් රාජකීය ලෙස ජීළවත් වන යහපත් ගුණ ධර්ම ඇති පුදගලයෝ වෙති. කේන්ද්‍රයේ දෙවැන්න අධිපති නවයේ දී නවවැන්න අධිපතියා එකොළොස් වැන්නේ දී, එම එකොළහ අධිපති “උච්ච බලයෙන් සිටීද ඔහු බුද්ධිමත් ශාස්ත්‍රයන්හි ප්‍රගුණ ජනතාවට හිතවත් දේශපලාකයෙක් වනනේය. මෙම භාව දෙකේ ග්‍රහයින් සුභ සෞම්‍ය ග්‍රහයින් වූයේ නම් ජනතාව ළඟින්ම නිතර සිටින යහපත් හිතකාමී දේශපාලනඥයකි. කෲර ග්‍රහයින් වූයේ නම් ජනතාව මුලා කරන අසංවර වැඩ කරන, සමාජ විරෝධී වැඩ කරන දේශපාලනඥයෙකි.
කේන්ද්‍රයක එකොළොස්වැන්න අධිපති උචච් බලයෙන් යුක්තව සිකුරු සමඟ සංයෝග වී ලග්නාධිපතියාගෙන් එක, හතර හත දහය භාවයක සිටී නම් නිතර සතුටින් සිටින විශාල ධනයක් ඇති ගුණවත් ත්‍යාගශීලී පුද්ගලයෙකි. කාගේත් සිත් දිනාගත හැකි යහපත් රාජකීය පුද්ගලයෙකි.
මේ අනුව මොලොවට බිහිවන සෑම ජන්මියකුට ජීවිතය විවිධ ආකාරයෙන් ගත කිරිමට ග්‍රහ බලය මුල් වන බවත් එයින්, රාජකීය විලාශයෙන් ජීවත්වීමට ඉහත ආකාරයේ ග්‍රහ යෙදුම් තිබිය යුතු බවත් මාර්තෘකාවට අදාළව සඳහන් කරමි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජේ. ගුණපාල
0 comments:
Post a Comment