728x90 AdSpace

  • නවතම පුවත්

    2014-12-24

    අපි නොදන්න කලර්ස්

    මේ මුළු විශ්වයත්, එහි වෙසෙන සත්ත්වයාත් යන සියල්ලන් ම එක ම වර්ණාවලියකි. එක් එක් පුද්ගලයන් එක් එක් වර්ණයන්ට ප්‍රියවන අතර තවත් වර්ණයන්ට එතරම් ප්‍රිය කරන්නේ නැත.

    ඔබ කැමති ම වර්ණය; රතු- නිල් , දම්, ආදී කුමක් හෝ විය හැකිය. එහෙත් ඒ වර්ණය ඔබට සුබ ද? අසුබද? කොතෙක් ප්‍රිය කළත් එම වර්ණය ඔබට අයහපත් විපාක ගෙන දෙන්නේ නම් එතැන ප්‍රශ්නයකි‍. උපන් ලග්නය සහ ලග්නාධිපති මුල් කොට ගෙන ජය වර්ණය සොයා ගන්නා සැටි පසුගිය කලාපයේ සඳහන් විය.
    අද විමසා බැලෙන්නේ ඔබේ කේන්ද්‍රයේ වඩා බලවත් ග්‍රහයා අනුව ජයවර්ණය තෝරා ගන්නා ආකාරය පිළිබඳවයි. කේන්දර කොපිය අතට ගත් විට රවි - කුජ- බුධ ආදී ග්‍රහයන් උච්ච - ස්වකේෂ්ත්‍ර මූල ත්‍රිකෝණ, දිග් බල ආදී වශයෙන් සඳහන් ව තිබෙනු පෙනේ. ඉතා මැනවින් පිළියෙල කළ කේන්ද්‍රයක නම්;තරුණ/වෘද්ධි, ආදී වශයෙන් ද, ග්‍රහ බල දක්වා ඇත.

    කෙ‍ෙස් වෙතත්, කිසියම් ග්‍රහයෙක් ඔබේ කේන්දරයේ උච්ච, ස්වක්ෂේත්‍ර, මූල ත්‍රිකෝණ යන කුමන හෝ තත්ත්වයක පිහිටා සිටින්නේ නම් එම ග්‍රහයා බලවත් වන අතර එම ග්‍රහයාට අයත් වර්ණයෙන් ඔබේ බලය ද ඉහළ යයි. එහෙත් මෙහිදී 6- 8 -12 අධිපති ග්‍රහයන්ද, 22වැනි දෙර්කාණාධිපති ද, බාධක ග්‍රහයා ද යන ග්‍රහයන්ට හිමි වර්ණ, එම ග්‍රහයන් එකී භාව/ රාශිවල ස්වක්ෂේත්‍රව සිටිය ද අසුබ ලෙස සලකා අත්හළ යුතුය. නිදසුනක් මෙසේය. ධනු ලග්නයෙන් උපන් පුද්ගලයකුගේ 6 - සිකුරු, 8- සඳු 12 කුජ, සහ බාධක ග්‍රහයා බුධ -7 යන ස්ථානවල සිටියහොත් එකී ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලයෙන් යුතු නමුත් එය අත්හළ යුතුය. මෙකී ස්ථාන අසුබ වන හෙයිනි. එකී ග්‍රහයාට අයත් වර්ණයෙන් ඔබට ඇති කරවන්නේ සෘණ බලපෑමකි. (සුදු වර්ණය අසුබ නැත.)
    මෙකී ධනු ලග්න හිමියාගේ 9 වැන්න අධිපතිවන්නේ රවි ග්‍රහයාය‍. එම ග්‍රහයා 9 වැන්නේම තැන්පත්ව ඇත්නම් එය ස්වකේෂ්ත්‍ර බලයකි. මෙවැනි පුද්ගලයන් රන්වන් හා තද රතු, යන වර්ණ තම හොඳ ම ජය වර්ණය ලෙස තෝරා ගැනීම මැනවි.

     ගුරු ග්‍රහයා බලවත් නම් -

    රන්වන් - කහ,තැඹිලි සහ සුදු ජය වර්ණය වේ.

     කුජ ග්‍රහයා බලවත්ව තැන්පත්ව ඇත්තේ නම්

    රතු, සුදු ජය වර්ණය ලෙස ගැනීම මැනවි.

    සඳු ග්‍රහයා බලවත්ව සිටියේ නම්

    තනි සුදු, ඇත් දළ පාට, මුතු පැහැය ‍ජය ගෙන දෙයි.

    සිකුරු ග්‍රහයා වඩා බලවත් නම් -

    විචිත්‍ර වර්ණ, දම් පාට, නිල් පාට, සුදු, ඉතා සුබය.

     සෙනසුරු ග්‍රහයා ප්‍රබල නම් -

    සුදු- නිල් - කහ ජය වර්ණ ලෙස ගත හැකිය.

    බුධ ග්‍රහයා බලවත්ව සිටියේ නම් -

    හරිත පැහැය, පළාවන් සහ ලා කොළ පැහැයජය වර්ණය වේ.


    •  එක් එක් ලග්න හමියන්ට අසුබපල දෙන වර්ණයන් ද වේ.


    1 මේෂ - කොළ, පච්ච වර්ණ, අසුබය. මේෂ ලග්න හිමියන්ගේ බාධක ග්‍රහයා‍ සෙනසුරු වන හෙයින් තද නිල් පැහැය ද යෝග්‍ය නොවේ.

    2 වෘෂභ - රන්වන්, කහපැහැය, රතු යන වර්ණ අසුබ පල ගෙන දෙන අතර බාධක ග්‍රහයා සෙනසුරුය. එහෙත් වෘෂභ ලග්න හිමියාට සෙනසුරු යහපත උදා කරන හෙයින් නිල් වර්ණය ද අත් හළ යුතු නැත.

    3 මිථුන- විචිත්‍ර වර්ණ මිථුන ලග්න හිමියාට ඉතා ආයෝග්‍ය වේ. රතු පැහැය ද, කහ පහැය ද අසුබය.

    4 කටක- තද නිල් වර්ණය ඉතා අසුබය.

    5 සිංහ - සිංහ ලග්න හිමියාට ද තද නිල් ආයෝග්‍ය වේ. රතු පැහැය මධ්‍යස්ථය.

    6 කන්‍යා - කහ, රන්වන් පාට අසුබය. මෙයින් කහ පැහැය ඉතා ආයෝග්‍ය වේ.

    7 තුලා - කහපාට, ඉතා අසුබ වන අතර රතු පැහැය ද ආයෝග්‍ය වේ.

    8 වෘශ්චික - රන්වන් හා කහ පැහැය ද තද නිල් වර්ණය ද අසුබය.

    9 ධනු -රතු තද රතු සහ විචිත්‍ර වර්ණ ඉතා අසුබය.

    10 මකර - කොළ සහ රතු අයෝග්‍ය වේ.

    11 කුම්භ - කොළ පැහැය, පච්ච වර්ණ ඉතාම අසුබය. විචිත්‍ර වර්ණයන් ද ආයෝග්‍ය වේ.

    12 මීන කොළ පැහැය සහ රතු පැහැය ඉතා අසුබය.

    වර්ණ පිළිබඳ මේ ජ්‍යොතිෂ රහස් නිසි පරිදි ගෙන ඔබේ කටයුතු සාර්ථක කර ගන්න.

    මාරියා සැන්ටෝස් අමෙරිකාවේ සිට

    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: අපි නොදන්න කලර්ස් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top