728x90 AdSpace

  • නවතම පුවත්

    2014-12-24

    සතුරන් ම්තුරන් උපන් නැකතින් හඳුනා ගන්න

    හත් දොහේ මඟුල් කෑවත් බකමූණාට සහ කපුටාට එක ගෙයි වසන්නට නොහැක

    පෙම්වතා පෙම්වතිය පක්ෂියා අනුව තෝරා ගත්තොත් ඔබ දිනුම්!

    විවාහයක් සඳහා පොරොන්දම් බැලීමේ දි පංච පක්ෂී පොරොන්දම් ගැළපීම අත්‍යාවශ්‍ය වේ. එකම ජාතියේ කුරුල්ලෝ එකට පියාසරන බව කියන්නේ නිකමට නොවේ. රාජාලියාට සහ බකමූණාට එකට ජීවත්විය නොහැක. මන්ද ඔවුන් එකිනෙකාට සතුරු වන හෙයිනි. විවාහයකදීත් ඒ නීතිය එසේමය. කා කොටා ගන්නා විවාහයකින් පලක් නැත. කුරුල්ලයි- කිරිල්ලියි ව‍ගේ ආලයෙන් වෙළී සිටිය හැක්කේ ඔවුනොවුන් සමජාතීය වූවහොත් පමණී.

    විවාහයකදී පමණක් නොව සමාජයේ පුද්ගලයන් ඇසුරු කිරීමේදීත් මේ නීතිය අදාළය. ඇතැම් පුද්ගලයෝ කිරි පැණි ලෙස මිතුරු වෙති.ඇතැම් පුද්ගලයෝ නයි - මුගටි ලෙස සතුරු වෙති. මෙහි රහස තිබෙන්නේ ඔබ උපන් නැකතේය. ඔබට සතුරෝ සහ මිතුරෝ හඳුනා ගත හැක්කේ ජන්ම ලග්නයට ගැලපෙන පක්ෂියා අනුසාරයෙනි.

    ඔබට හිමි පක්ෂියා හඳුනා ගන්න
    1 අස්විද - බෙරණ- කැති- රෙහෙන සහ මුවසිරස යන නැකත් පහට අයත් වන්නේ භේරූඬහෙවත් රාජාලියාය.
    2 අද - පුනාවස-පුෂ- අස්ලිස- මා - පුවපල් නැකත් හයට හිමි වන්නේ බකමූණාය.
    3 උත්‍රපල් - හත- සිත - සා - විසා යන නැකත් පහට කපුටා හෙවත් කාක පක්ෂියා අයත් වේ.
    4 අනුර- දෙට - මුල - පුවසල - උත්‍රසල - සහ - සුවණ යන නැකත් හයට කුකුළා හෙවත් කුක්කුට පක්ෂියා හිමි වේ.
    5 දෙනට- සියාවස - පුවපුටුප- උත්‍රපුටුප -සහ රේවතී යන නැකත් පහට මයුර හෙවත් මොනරා අයත් වේ.
    මේ පංච පක්ෂීන්ගෙන් ඔබට සතුරු - මිතුරු පුද්ගලයන් හඳුනා ගන්නා සූත්‍රය මෙසේය.

    1 දෙදෙනාම එකම පක්ෂියාට අයත් නැකතක හෝ නැකත් දෙකක වීම ඉතාම සුබය. මෙවැනි පෙම්වතුන් - පෙම්වතියන් පමණක් නොව මිතුරු - මිතුරියන් ද පණට පණ සේ එකිනෙකා කෙරෙහි සෙ‍ෙනහසින් බැ‍ඳේ. නිදසුනකට- ඔබ උපන්නේ දෙනට නැකතේ නම්; සියාවස, පුවපුටුප - උත්‍රපුටුප- රේවතී යන නැකත් හිමියෝ විවාහයකට හෝ ඇසුරට හෝ ඉතාම සුබදායක වෙති.
    2 බකමූණාට - මොනරා, කුකුලා, රාජාලියා සහ කපුටා යන පක්ෂීන් සතුරුය. කිසි විටෙක බකමූණාට අයත් නැකතක ජන්ම ලාබය ලැබූ අයෙකුට ඉහත දැක්වෙන සතුරු පක්ෂීන් නියෝජනය කරන නැකත් හිමියන් සමඟ යහපත් සබඳතා පවත්වා ගත නොහැක. ඔවුනොවුන් අතර නිතර මත ගැටුම් - නොරිස්සීම් සහ කළ කෝළාහල හට ගනී.
    3 රාජාලියාට - බකමූණා, මොනරා, කුකුලා යන පක්ෂීන් සතුරුය. පෙර ‍පරිදිම යහපත් ඇසුරක් පවත්වාගෙන යා නොහැක.
    4 මොනරාට - කුකුලා සහ කපුටා මිතුරු වේ. ඔවුනොවුන් අතර යහපත් ඇසුරක් පවත්වා ගෙන යා හැකිය.
    5කුකුලාට - කපුටා සම‍ වේ.
    6 කපුටාට - රාජාලියා සම වේ.

    මෙසේ එකිනෙකාට සම වන පක්ෂීන් අයත්වන නැකත් හිමියන් එකිනෙකාට සතුරු හෝ මිතුරු හෝ නොවේ. ඔවුනොවුන් අතර සාමාන්‍ය ඇයි හොඳයියක් පමණක් පවතී. එහෙත් ඇතැම් විට සතුරු ගති පළ වේ.
    යම් පුද්ගලයකු උපන් නැකත ඔහුගේ ලග්නයට වඩා බලවත්ය. ජීවිතයේ ඉතාම සියුම් පෞද්ගලික තොරතුරු මෙයින් අනාවරණය වේ. නැකත් 27කි. එයින් ඇතැම් නැකත් එකිනෙකට මිත්‍රය. තවත් ඒවා සතුරුය.එසේ වන්නේ විශ්වයේ පවතින ජෛව රසායනික විවිධත්වය මතය. කා කොටා ගන්නා පුද්ගලයන්ද සෙනෙහසින් බැ‍ඳෙන පුද්ගලයන් ද දක්නට ලැබෙන්නේ එකී ජෛව - රසායන ගති ලක්ෂණ අනුවය. මෙහිදී පක්ෂීන් සංකේත ලෙස පමණක් යොදාගෙන තිබෙන්නේ වර්ගීකරණයේ පහසුව තකාය.

    ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය තෝරා ගැනීමේ දී පමණක් නොව සමාජ ඇසුරේ දී මිතුරු - මිතුරියන් තෝරා ගැනීමේදීත් මේ ජ්‍යොතිෂ නීතිය අනුගමනය කළහොත් ජීවිතය වාසනාවන්තය.
    ඔබ අයහපත් දසා - අනුදසාවනක් ගෙවමින් සිටින්නේ නම්; සංසාරගත සතුරන් මිතුරු වේශයෙන් ඔබට සමීප වී හිඳ අවස්ථාව ලද විගස රෞද්‍ර වේශයෙන් පළි ගැනීමට ඉදිරිපත් වේ. බකමූණා රාත්‍රියේ දී බලවත්ය.

    කපුටා දිවා කාලයේ දී බලවත්ය. මේ දෙදෙනා එකිනෙකාට බලවත් ලෙස සතුරුය. වැරදීමකින්වත් දහවල් කාලයේ දී කපුටෙකුට බකමූණෙකු මුණ ගැසුනොත් බකමූණා මිතුරු ලීලාවක් පෙන්වන්නට උත්සාහ ගනී. කපුටා ඊට රැවටුණොත් රාත්‍රිය උදාවීමත් සමඟම බකමූණා කපුටාට පහර ‍ෙදන්නට මැළිවන්නේ නැත. එකිනෙකාට නොගැලපෙන මිනිසුන්ද එසේමය. විශ්වයේ නොගැලපෙන මිනිසුන් ද එ‍සේමය.
    විශ්වයේ ජෛව - රසායන නීතිය එයයි. පක්ෂියා දැනගෙන ජීවිතය ජය ගන්න.

    කේ. සී ජේ. රත්නායක
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: සතුරන් ම්තුරන් උපන් නැකතින් හඳුනා ගන්න Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top