මිථුන ලග්න හිමියෝ වයසට නොයති
සුහදව ජීවත්වීමේ කලාව මැනවින් දනී
ග්‍රහ ලොව චමත්කාරජනක රාශිය වන්නේ මිථුනයයි.ප්‍රේමය,සෙනෙහස,ශෘංගාරය
තදින්ම නිවේදනව කරන්නෙ ද මේ මිථුන රාශියයි.බුධ ග්‍රහයා අධිපතීත්වය දරන මේ
ලග්නයෙන් උපන් කොයි කවුරුත් ලෙහෙසියෙන් වියපත් වන්නේ නැත.කතාව-ලතාව සහ
ගමන-බිමන යන සියල්ලම කෙළිලොල්ය. හැම විටම කටයුත්තක් සිදුකිරීමට තවකෙකුගේ
සහය නැතිවම බැරිය.ලග්න දොළොසින් උන්මාදනීය ප්‍රේමයකට හිමිකම් කියන්නේ මිථුන
ලග්න හිමියන්ය.
මිථුන ලග්නයෙන් උපන් කොයි කවුරුත් කා සමගත් සුහදශීලීව ජීවත්වන කලාව දනී.
ග්‍රහ ලොව චමත්කාරජනක රාශිය වන්නේ මිථුනයයි.ප්‍රේමය,සෙනෙහස,ශෘංගාරය
තදින්ම නිවේදනව කරන්නෙ ද මේ මිථුන රාශියයි.බුධ ග්‍රහයා අධිපතීත්වය දරන මේ
ලග්නයෙන් උපන් කොයි කවුරුත් ලෙහෙසියෙන් වියපත් වන්නේ නැත.කතාව-ලතාව සහ
ගමන-බිමන යන සියල්ලම කෙළිලොල්ය. හැම විටම කටයුත්තක් සිදුකිරීමට තවකෙකුගේ
සහය නැතිවම බැරිය.ලග්න දොළොසින් උන්මාදනීය ප්‍රේමයකට හිමිකම් කියන්නේ මිථුන
ලග්න හිමියන්ය.
රාශි චක්‍රයේ තුන්වන රාශියයි. රාශි මණ්ඩළයේ අංශක 60 සිට අංශක 90 දක්වා විහිදී ඇත. එහි ස්වභාවය වනුයේ වීණාවක් අතින් ගත් ස්ත්‍රියක හා යගදාවක් අතින් ගත් පුරුෂයෙකු ඒකාබද්ධ වී සිටින ආකාරයට විහිදුනු තාරකා සමූහයකින් යුතු තරු මණ්ඩලයකින් සමන්විතය.ග්‍රහ මණ්ඩළයේ බුධ ග්‍රහයා මෙහි අධිපති වන්නේය.බුධට අයත් අනෙක් රාශිය වන්නේ කන්‍යාවයි.මිථුනයේ ඇති විශේෂත්වය වනුයේ කිසිදා ග්‍රහයෙක් මිථුනයේ දී නීච තත්ත්වයට පත් නොවීමයි. එහෙත් ඇතුළු ආචාර්ය මතයක් අනුව ගුරු ග්‍රහයා මිථුනයේ දී නීච වන්නේය. මෙය මනුෂ්‍ය රාශියකි. නවාංශක නවයෙන් යුත් මෙයා තුලාවෙන් ආරම්භ වී මිථුනයෙන්ම අවසන් වේ. මිථුන ලග්නයේ ඉපිද මිථුනය නවාංශකය වුවොත් ග්‍රහ වර්ගාන්තම බව ලබයි.
මිථූනයේ උපන් අය දික් වූ අතපය ඇති උස් වූ ශරීර ඇත්තෙක් වේ. කථාකිරීම තාලයකට කරයි. වචන පැහැදිලිව උච්චාරණය කරයි. ප්‍රිය චවන කථාකරයි. නැටුම් ගැයුම් සංගීතයට ඉතා ප්‍රිය කරයි. තරුණ වයසේ දී වයසට වඩා තැන්පත් ගති පැවතුම් පෙන්නුම් කරයි. මිථුනය මිනිස් රාශියක් නිසා මිනිස් ගතිගුණ වැඩි වැඩියෙන් පෙන්නුම් කරයි. මනුෂ්‍ය ජීවිතය,මනුෂ්‍ය කම නිතර පෙන්නුම් කරයි. අන්නුට උපකාර කිරීමට පෙළඹේ. අනුන්ගේ දුක කෙරෙහි කම්පා වේ. ඉක්මණින් උනුවෙන හදවතක් ඇති වේ. ඒ හෙයින් තමන්ට ආවාසි ඇතිවන අවස්ථා නැත්තේ නොවේ. එහෙත් මනුස්‍යයන් දැන ගැනීමට ඉතා කැමැතිය. ඒ ගැන සිතුවට වඩා කල්පනා කරයි. ඒ ගැන ලියවුණ පොත්පත් වැඩියෙන් පරිශීලනය කරයි. ඒ වගේම නිර්ලෝභිය. තම හැඟීම්වලට එකඟව නිතර කටයුතු කරයි.
මිථුනයේ ඇති දුර්වලතාවයන් නම් මිථුනය උභය රාශීන්ගෙන් වැඩිපුරම උභය ගති පෙන්වන්නන් වීමය. කුමන කාර්යයක් වුව ද අවසන් කරන අදහසින් ආරම්බ කළද, ඇතැම් විට හේතු විරහිතව අතරමඟ නතර කර දමයි. පෙර පුරුද්දක් නැති වුව ද එය ආරම්භ කිරීමට නොපැකිළේ. එහෙත් අවසන් කිරීම අතර මඟ නවතා තැබීම ඒ අසළම ඇත. යම් වැඩක් කරගෙන ගොස් යම් හේතුවක් නිසා අතරමඟ නවතා විවේක ගතහොත් එය නැවැත්තුවාමය. ආයේ ආරම්භ කිරීමක් නැත. නන්නාදුනන අය සමඟ ඉක්මණින් මිත්‍ර වෙයි.
විශේෂය වනුයේ පුරුෂයෙක් නම් ස්ත්‍රීන් සමඟ ද ස්ත්‍රියක් නම් පුරුෂ පාර්ශවය සමඟ ද. මෙසේ විරුද්ධ පක්ෂය ගැන මිත්‍ර වීමට වැඩි කැමැත්තක් දැක්වීමය. ඒ කුමන මිත්‍රකම් ඇති වුව ද දිගින් දිගට ගෙනයාමට අපොහොසත්ය.
අතරමඟ මිත්‍රත්වය තමන් චපල,චංචල ගති අය සේ හැඳින්වුවද වැරැද්දක් නැත. තැනට ඔබින ලෙස කටයුතු කිරීමට දක්ෂය. මෙම ගතිගුණ නිසා අනුන් වෙනුවෙන් වියහියදම් කරයි. බුද්ධිමත් භාවයත්, ප්‍රිය මනාප පෙනුමත් කථා කිරීමේ දක්ෂතාවයත් ලතාවන් නිසා තරුණ වයසේදී ඉක්මණින් ප්‍රේම සම්බන්ධතා ඇති කරගනී. එහෙත් එය දිගින් දිගට පවත්වා ගැනීමේ අපොහොසත් බවක් පෙන්වයි. ඒ වරින් වර වෙනස් වන අදහස් නිසාය. දිගින් දිගට පවත්වාගෙන යාමේ අපහසුතාවය නිසාය. ඒ නිතර චංචල වන ගති පැවතුම් නිසාවෙනි. එසේම ඉක්මනින් කෝපයට පත් වේ.
කෝපය වුව ද බොහෝ කල් හිතේ තබා නොගනී. මිථුන ලග්න හිමියන් කිසිවක් කිසි කලක බොහෝ හිතේ තබා නොගනී. අන්‍යයන්ට ඕන පරිදි, හැඩ ගැසෙයි. හැබැයි කරදරයකට පත් වීම අතේ දුරිනි. වඳ රාශියක් බැවින් දරු සම්පත් හිඟය. බුධ අධිපති ග්‍රහයා බැවින් පෙනහලු අත් ආශ්‍රිත රෝග පීඩාදිය බහුලය.
මේ සියලු වැඩ අවැඩ සිදුවනුයේ රවි, ගරු හා කුජ මහ දසාවල් අතුරු දසාවල් ලක් වීමයි. සිකුරු ශුභයෙන් මෙහි පස්වන භාවයේ අධිපතියා වෙයි. මිථූනයට තියෙන විශේෂය වනුයේ ධර්ම කර්මාධිපති යෝගය විශේෂවයක් නොදීමයි. ශනි ග්‍රහයා මැදිහත් වන බැවින් බුද්ධිමත් බවත් පෙන්නුම් කලද එය පාවිච්චි නොකිරීම ද, ඉක්මණින් චංචල වීම ද මෙහි ඇති විශේෂත්වයයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කලා භූෂණ ජ්‍යොතිෂ විද්‍යාරත්න රාජ්‍ය සම්මානලාභී මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී
0 comments:
Post a Comment