728x90 AdSpace

  • නවතම පුවත්

    2014-12-16

    ප්‍රධාන උළුඅස්ස නිවසේ කෙළවරට තිබ්බොත් සුං

    ගෙයක් හදන්නට නම්: ඔබ උපන් නැකත හා ලග්නය අනුවම නැකත් පිළිෙයළ කළ යුත්ෙත් අැයි?

    අද සමාජයේ බොහෝ දෙනා දහසක් සිතුම් පැතුම් මධ්‍යයේ තමන්ට ස්ථිර නිවහනක් සාදා ගැනීමට බලාපොරොත්තු වෙති.

    ඒ සඳහා තමන් සන්තක ඉඩමක සුදුසු පරිදි නිවස සාදා ගැනීමට සමහරුන් සූදානම් වේ. තවත් සමහරු නිවසක් සහිත ඉඩමක් ගෙන එහි පදිංචි වෙති.

    මෙහිදී මුලින්ම කරන කාර්යය නිවාස සැලසුම සකස් කර ගැනීමය.

    මෙහිදී ඉතා පරෙස්සම් සහිතව එම කාර්යය කරවා ගත යුතුය. ඒ අතරම ගොඩනැගිලි ඉදිකරන මුදලාලිලාට වාල් නොවී තම නිවස ගමේ ගොඩේ සිටින පැරණි පෙදරේරු මහතකු ලවා ඉදිකරවා ගත යුතුය.

    ඔහු ඉපැරණි වාස්තු දෝෂ හා නීති රීති දනී. ඒවාට ගරු කරමින් තමන්ගේ රැකියාව ආරක්ෂා කර ගනී. විශාල බෝඩ් ප්‍රසිද්ධ කර නමට සීමා වූ මුදලට යටවූ එම පෙදරේරු මුදලාලිලා වාස්තු දෝෂ මොනවාද කියා දන්නේවත් නැත. එවැනි නිවාස “අද හිටියා හෙට ගියා”යන සංකල්පයට වැටේ.

    කෙසේ වෙතත් අද පවතින නිවාස සැලසුම් අනුව බොහෝ නිවාසවල තදබල වාස්තු දෝෂ ඇති බව පෙනේ. සමහර ස්ථානවල බැංකුවට ණය වී නිවසේ අත්තිවාරම පමණක් දමා එය විනාශ වී ගොස් ඇත. සමහර ස්ථානවල බැම්ම උළුඅහු මට්ටමට බැඳ ඉන් නතර වී ඇත.

    නිවාස හිමියා ණය බරින් රෝගාතුර වී ඇත. කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයකට පත්වන්නේ මාරක ගෙන එන වාස්තු දෝෂ එම නිවාසවල පවතින නිසාය. එවැනි එක් දෝෂයක් වන්නේ ප්‍රධාන උළුඅස්ස වැරදි සහිතව තැබීම.

    මේ ලිපියෙන් පවසන්නේ නිවසේ කෙළවරක උළුඅස්ස තැබීම නිසා සිදුවන විනාශය ගැනයි. එය විශේෂයෙන් නිවස සෑදීමට ආරම්භ කළ නැකතට සම්බන්ධ කළ ගෘහ මූලිකයාගේ ලග්නය අනුව බලපාන ආකාරය සොයා බැලිය යුතුය.

    මේෂ

    කෙළවර උළුඅස්ස තැබුවහොත් එය රවිට හිමිවන අතර ඒ අනුව ඔබ උපන් නැකත හා මේෂ ලග්නය අනුව නිවසේ ප්‍රධාන උළුඅස්ස කෙළවරට තැබුවහොත් දරුවකු හිතුවක්කාර වීමෙන් මහත් මානසික පීඩනයට ලක්වේ. ඔබ හා දරුවා අතර නිතර නිතර ගැටීම් ඇතිවේ.

    නීතිය ඉදිරියට පවා යාමට අවස්ථා යෙදේ. ඔබද තදබල හැසිරීම් රටාවකට අසුවේ. නිතර අන් අය සමඟ වාද භේද ඇතිකර ගනී. යටත්වීමට කැමති නැත. උළුඅස්ස තැබිය යුත්තේ නිවසේ දිග නවයට බෙදා වම් කෙළවරේ සිට හයවෙනි කොටසේය. එය සුබදායක වේ.

    වෘෂභ

    ඔබගේ වෘෂභ ලග්නය හා උපන් නැකත අනුව නිවසේ නැකැත් පිළියෙල වූයේ නම් ප්‍රධාන දොර නිවසේ මුල්ලටම නොතබන්න. එසේ තැබුවහොත් ඔබට එම නිවසේ සිටීමට නොලැබේ.

    බහින්බස් වී ගැටීම් ඇතිවී නිවසින් පිටවී යාමට සිදුවේ. පවුලේ සියලු දෙනා හා ඥාතීන් ද ඔබට වෛර කරනු ඇත. එනිසා නිවසේ දිග නවයට බෙදා හතරවන කොටසේ ප්‍රධාන දොර තබන්න.

    එවිට සුබදායක වේ. සියලු දෙනා සමඟියෙන් යහපත් ජීවිතයක් ගතකිරීමට හැකි වේ. දරුවෙකුගේ විශේෂ දියුණුවක් ද ඇතිවේ. රවිගේ කොටසේ උළුඅස්ස තැබීමෙන් සියල්ල අඩාල වේ.

    මිථුන

    ඔබ උපන් නැකතට හා මිථුන ලග්නයට අනුව නිවසේ ආරම්භක නැකැත් සෑදුවේ නම් ප්‍රධාන උළුඅස්ස නිවසේ මුල් කෙළවරේ හෝ අග කෙළවරේ තැබීම අසුබදායක වේ. සහෝදරයකු හා ආරවුලක්, ගැටීමක් ඇතිවන අතර භූත දෝෂයක් බහිරව දෝෂයක් නිසා කරදර විඳීමට ද සිදුවේ.

    නිවසේ සම්පූර්ණ දිග නවයට බෙදා හයවන කොටසේ උළුඅස්ස තැබීමෙන් සහනය සැනසීම දියුණුව ඇතිවේ. දරුවන්ගේ දියුණුව හා යහපත උදාවේ. දරුවන්ට යහපත් විවාහ කටයුතු සිදුවේ. ආරවුල් ඇති නොවේ. තුන්වැන්න අධිපති රවිගේ පාදය මුල් කොටස අසුබ වේ.

    කටක

    ඔබට හිමි කටක ලග්නය හා ජන්ම නැකත මුල් කර සුබ නැකැත් පිළියෙල කර නිවස ඉදිකිරීමේදී ප්‍රධාන දොර නිවසේ කෙළවරට තැබුවහොත් පියා සිටී නම් රෝගාතුර වීමක් හෝ නිවස අත්හැර යාමක් සිදුවීමට නියමිතයි. ඔබටද නොයෙකුත් මානසික පීඩනවලට මුහුණ දීමට සිදුවේ.

    ඔබේ කතාවේ වේගවත් භාවය අන් අයට විඳීමට අපහසුවීමෙන් එම අය ඈත්වී යාමක් සිදුවේ. ඔබ තනිවිය හැකිය. ප්‍රධාන උළුඅස්ස තැබීම දිග නවයට බෙදා ගේ මැද අත්හැර පස්වැන්න හා හයවැන්න කොටස් එකතුවන ස්ථානයට ගන්න. නිවසේ වම් කෙළවර රවිගේ කොටස ඉතා අසුබයි.

    සිංහ

    සිංහ ලග්නය හා ජන්ම නැකත මුල් කර ඔබේ නිවසට සුබ නැකැත් යොදාගත්තේ නම් නිවසේ ප්‍රධාන උළුඅස්ස කෙළවරට තැබුවහොත් ඔබගේ හැසිරීම් විලාශය කතාබහ ආදිය අන් අයගේ සිත් රිදවීමට නිතර හේතු වේ. කතාවේ උද්වේගකර ස්වභාවයට අන් අය ආකර්ෂනය නොවේ.

    මේ නිසා ගැටීම් හටගන්නා අවස්ථා ද ඇත. එනිසා නිවසේ සම්පූර්ණ දිග නවයට බෙදා ගේ මැද අසුනොවන සේ පහ, හය කොටස්වල උළුඅස්ස තබන්න. ගුරු හා සිකුරුට එම පාද හිමිවේ. එය සුබයි.

    කන්‍යා

    කන්‍යා ලග්නය හිමි ඔබගේ නිවසේ ප්‍රධාන දොර ‍නිවසේ කෙළවරටම තැබුවහොත් ඉමහත් ධන හානියකට හේතු වේ. රැකියා කටයුතුවලට අවහිරතා ඇතිවේ. උසස් පුද්ගලයින් හා ගැටුම් ඇතිවේ. නඩු හබවලට මැදි වේ. නිතර නිතර ලෙඩ දුක් කරදරවලට හේතු වේ.

    නිවසේ සම්පූර්ණ දිග නවයට බෙදා සතරවන කොටසේ උළුඅස්ස තැබීම ඔබට සුබදායක වේ. දරුවන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වන අතර දියුණුවකට ද හේතු වේ. මෙම උළුඅහු පාදය බුධට හිමිවේ. 12 අධිපති රවි නිවසේ කෙළවර අසුබ ගෙන දේ.

    තුලා

    තුලා ලග්නයට රවි නීච සතුරු බැවින් තුලා ලග්නය හිමි ඔබගේ නිවසේ ප්‍රධාන දොර නිවසේ කෙළවරක තබා ඇත්නම් නිතිපතා ලෙඩ දුක් කරදර ධන හානි, රැකියා අවහිරතා ඇතිවීමට හේතු වේ.

    උසස් අය සමඟ වාද භේද ගැටුම් ඇති කෙරේ. එනිසා නිවසේ දිග නවයට බෙදා හයවන කොටසේ සිකුරුගේ පාදයේ උළුඅස්ස තබන්න. වම් කෙළවරේ සිට රවි, සඳු, කුජ, බුධ, ගුරු වශයෙන් ගණන් කරන්න. නිවසේ සාමය හා දියුණුවට හේතුවන මෙම සිකුරුගේ කොටස යහපත් වේ. අටවැන්න අධිපති වුවත් සිකුරුගේ එම දෝෂය අටවැන්නට නැත.

    වෘශ්චික

    වෘශ්චික ලග්නය හිමි ඔබට ඔබගේ නිවසේ ප්‍රධාන දොර වම් කෙළවරෙහි රවි සඳු කොටස් දෙකට අසුවුවහොත් නිතර මානසිකව බිඳවැටීම්, සෙම් රෝග, මව සිටී නම් මවට අපල මේ ආදී නොයෙකුත් කරදර තත්ත්වයන් උදාවේ. රැකියා කරදර උසස් අයගෙන් හිරිහැර පැමිණේ.

     එමනිසා වම් කෙළවරේ සිට සම්පූර්ණ දිග නවයට බෙදා ගේ මැද මඟහැර ගුරු හා සිකුරු පාද දෙක මැදිවෙන්ට ප්‍රධාන උළුඅස්ස තබාගන්න. පස්වන හා හයවන කොටස් දෙක මීට අයත් වේ. ධනස්ථානය වූ දෙවැන්න හා පස්වැන්න හිමි ගුරු හා 7 වැන්න හිමි සිකුරු හොඳ විවාහයකට මඟපෙන්වයි.

    ධනු

    ධනු ලග්නය හිමි ඔබගේ නිවසේ ප්‍රධාන දොර වම් කෙළවරේ නම් ඉතා අසුබ ගෙන දෙයි. රවි හා සඳු ග්‍රහ දෙපලට හිමි බැවින් නිතර සෙම් රෝග නිවසේ අසමඟිය, පියා මව සිටී නම් එම අයට තදබල අගුණ ධනය ක්ෂයවීම්, මානසික පීඩනය ඇතිවේ.

    එනිසා නිවසේ දිග නවයට බෙදා හතරවන කොටසේ එනම් දසවැන්න හිමි බුධ ගේ කොටසෙහි දොර තබන්න. දරුවන්ගේ ඥානය වර්ධනය, ඉගෙනීම, රැකියා කටයුතු දියුණුව ආදී සැනසීමට හේතු වේ. විවාහ කටයුතු නොපමාව සිදුවේ. විවාහක නම් සාමය සමඟිය වර්ධනය වේ.

    මකර

    මකර ලග්නය හිමි ඔබගේ නිවසේ වම් කෙළවරේ උළුඅස්ස ඉතාම තදබල මාරක වේ. නොසිතූ රෝගවලට මුල්වේ. කේන්ද්‍රයේ හත්වැන්න අටවැන්න හිමි සඳු හා රවි ග්‍රහයින්ගේ කොටස් ඔබට අගුණ ගෙන දේ.

    මානසික පීඩනය, විවාහ ගැටලු අසමඟිය ඇතිවේ. නිවසේ වම් කෙළවරේ සිට දිග නවයට බෙදා හයවන කොටසේ සිකුරුගේ කොට‍ෙස් උළුඅස්ස තබන්න. සියලු දොස් දුරු වී සාමය, සමඟිය ‍රැකෙන අතර රැකියා දියුණුව ද ඇතිවේ. දරුවන්ගේ කටයුතු දියුණු වේ.

    කුම්භ

    කුම්භ ලග්නය හිමි ඔබගේ නිවසේ ප්‍රධාන දොර වම් කෙළවරේ හෝ දකුණු කෙළවරේ තබා ඇත්නම් රවි, සඳු හෝ රාහු කේතු මේ ආදී කොටස්වලට හිමිවේ. ඉතාම අගුණ තත්ත්වය ගෙන දෙයි. භූත දෝෂ, බහිරව දෝෂ තදින් බලපානු ඇත. නිතර නිතර ලෙඩ දුක් හට ගනී.

     එනිසා වම් කෙළවරේ සිට නිවසේ දිග නවයට බෙදා හයවන කොටසේ ප්‍රධාන දොර තබන්න. සිකුරුට‍ හිමිවන මෙම කොටස ඉතා සුබඵල ගෙන දීමට හේතු වේ. පවුලේ දියුණුව, සැනසීම උදාවේ. දරුවන්ගේ ලෞකික කටයුතු දියුණු වේ.

    මීන

    මීන ලග්නයේ ඔබගේ නිවසේ ප්‍රධාන දොර මුල්ලකට වෙන්ට තබා ඇත්නම් වහා වෙනස් කරන්න. වම් කෙළවරේ හෝ දකුණු කෙළවරේ තබා ඇත්නම් නිතර ලෙඩ රෝග අසමඟිය ප්‍රේත භූත දෝෂ, බහිරව දෝෂ හටගැනීමෙන් මානසික පීඩනය තදින් ඇතිවේ.

    එනිසා නිවසේ දිග වම් කෙළවරේ සිට කොටස් නවයකට බෙදා හතරවන කොටසේ දොර තබන්න. පැවති දොස් දුරුවේ. දියුණුව උදාවේ. සමඟිය වර්ධනය වේ.

    මේ ආකාරයෙන් උළුඅහු තැබීමේදී නිවසේ දිසාව අනුව පිටත සිට වම් කෙළවරේ පටන් ගණනය කරගන්න. දිග පැත්ත හෝ පළල පැත්ත දිසාව අනුව සලකා වෙන්කර ගන්න.


    ජ්‍යෝතීර්වේදී ජේ. ගුණපාල
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ප්‍රධාන උළුඅස්ස නිවසේ කෙළවරට තිබ්බොත් සුං Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top