728x90 AdSpace

  • නවතම පුවත්

    2014-12-16

    ඇස්වහ කටවහ නෑ නොවරදින පිළියමක්

    ඇස්වහ, කට­වහ දෝෂ­යක් නිසා සිදු­වන හානිය විපත ඉතා විශා­ලය. වගා­වක්, ව්‍යාපා­ර­යක් සාම­කාමී පවු­ලක සම­ඟිය ඇස්වහ කට­වහ දෝෂ­යක් නිසා නැති වී යා ඇක.

    විශේ­ෂ­යෙන්ම නිවෙස් ඉදි­රි­පිට  ඇති  පල­බර  ගස්වල ගෙඩි අක­ලට කුණු­වී­මෙන් පැලී වැටී­මෙන්, වගා­වන් විනාශ වී යා හැක. අන­පේ­ක්ෂිත මෙබඳු  කරුණු සඳහා  විශේ­ෂ­යෙන්ම ඇස් වහ කට­වහ දෝෂ බල­පායි.

    මනා පෙනු­මැති දරු­වන්ට, අධ්‍යා­පන කට­යු­තු­ව­ලට දක්ෂ දරු­වන්ට, විශේෂ දක්ෂතා ඇති දරු­වන්ට මෙම ඇස්වහ කට­හව දෝෂ­ව­ලින් සිදු­ව­නුයේ බර­ප­තළ  හානි­යකි.

    මෙබඳු අව­ස්ථා­ව­න්ව­ලදී ඇස්වහ කට­වහ  දෝෂ ඇතැයි සැක කරන විට ඒ සඳහා කළ හැකි සාර්ථ­කම ප්‍රති­ක­ර්මය වන්නේ ඇස්වහ කට­වහ දෝෂ සඳහා වතුර මැති­රීම.

    මේ සඳහා අවශ්‍ය මන්ත්‍ර හා වත්පි­ළි­වෙත් මේ ලිපි­යෙන් ඔබට ලබා දෙන අතර මස් මාංශ  අනු­භ­ව­යෙන් වැළකී, බ්‍රහ්ම­චා­රීව සිට මෙම ප්‍රති­කර්ම කරන්නේ  නම් ලැබෙන ප්‍රථි­පල අති­වි­ශිෂ්ට වනු ඇත.

    වතුර  මැති­රීම සඳහා  ලබා ගන්නා ජලය ඒ සඳ­හාම  කුඩා ළිඳක් හාරා එම ළිඳට සතුන්ට ලං වීමට නොහැකි පරිදි ලෑලි දමා පස්ව­ලින්  වසා තබා ඉරිදා  දින උදයේ   කපුටා හඬ­න්නට පෙර නැවුම් කල­ය­කට වතුර පුරවා ගත යුතු වේ. මේ අයු­රින්  විශේ­ෂ­යෙන්  සකස් කළ ළිඳ­කින්ම වතුර ගත හැකි නම් ඉතා වැද­ගත් වේ.

    කපුටා හඬ­න්නට පෙර ලබා­ගත් මෙම ජලය  පිරී කලය සුදු රෙද්දක් එලූ මේස­යක් මත තබා ගන්න. නැවුම් කලය යනු  අලුත් කල­යයි.

    මෙම වතුර කල­යට  කපු ඇට, වී, දර අඟුරු  යන ද්‍රව්‍ය  ස්වල්ප­යක්   දමා කොළ 07 ක  දෙහි  අත්ත­කින්  108 වර පහත මන්ත්‍ර­යෙන් මතු­රන්න.  අබ දැමූ  සාම්බ්‍රා­නි­ව­ලින් දුම් අල්ලන්න.

    මතුරා ගත් ජල­යෙන් තුන් වරු­වක් මුහුණ සේදී­මෙන්, ඇස්වහ,  කට­වහ,  දෝෂ­ව­ලින් බිබිළ සෑදී ඇත්නම් එම බිබිලි සේදී­මෙන් සුවය  ලැබෙනු ඇත.

    ගස­කට  හෝ  වගා­ව­කට  නම් ගසට  හෝ වගා­වට ජලය  ඉසින්න.
    ඕං ගංගා මුන­මනි සර­ස්වතී චෝර සෝර ජද­රීය මුවන  මායා­කාරී  චර චේරේ පච­ජිම පර­කූර කීර­න­ගත පරම මන්ත්‍ර ඊශ්වර මේ වාව:

    ප්‍රවීණ ජ්‍යෝති­ෂ­වේ­දී
    කිරින්දේ ඩී. ඒ. වික්‍ර­ම­සිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඇස්වහ කටවහ නෑ නොවරදින පිළියමක් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top