කුජ ලග්නයේ සිටියදී ශනි 4 වැන්නේ නම් අවදානම ඉතා ඉහළයි
යම් පුද්ගලයකු මව් කුසින් මොලොව එළිය දුටු මොහොතේ විශ්වයේ ඇති ග්‍රහ තරු වල හැසිරීම් ස්වභාවය පිළිබඳ විනිශ්චයක යෙදීම මඟින් ජන්මියාගේ අතීත වර්තමාන මෙන්ම අනාගත තොරතුරු හෙළි කර ගත හැකි බව ඔබ දන්නෙහිද?
සෑම ජන්මියෙකුටම ජන්ම නැකතක් හා ලග්නයක් හිමි වෙයි.උපන් කේන්ද්‍රය අනුව ජන්මියාට ඇති විය හැකි හොඳ නරක සියලු දේ හඳුනා ගත හැකි වෙයි.ඒ අනුව වැළඳෙන රෝග පීඩා ද කලින්ම හඳුනා ගත හැක.
ලග්න වශයෙන් ද ඒ පිළිබඳ කරුණු හෙළිකරගත හැක්කේය.
ඔබ ජන්ම ලාභය ලබා ඇත්තේ වෘෂභ ලග්නයෙන් නම් ඔබට හෘද රෝග ඇතිකරවන ග්‍රහ බලපැම් හඳුනා ගනිමු.
වෘෂභ ලග්න හිමියාගේ හදවත ලෙඩ කරවන ග්‍රහයින් අතරින් ප්‍රධාන වන්නේ රවි,ශුක්‍ර,ගුරු හා කුජ වෙති.කේන්ද්‍රයේ මේ ග්‍රහයින් පිහිටා ඇති ආකාරය අනුව කලින්ම වැලඳෙන රෝගය හඳුනා ගත හැක.ජන්මියාට වැළඳෙන හෘද රෝගයේ ස්වභාවය ද ඒ අනුව පැහැදිලි වේ.වෘෂභ ලග්නය හිමි ඔබේ කේන්ද්‍රයේ සිව් වැන්නේ සඳු සිටියදී හය වැන්නේ රවි පිහිටියේ නම් මේදය වැඩි වී හෘදයාබාධ වැලඳීමේ හැකියාව වැඩි කරවයි.
හතරේ සඳු සිට රවි ග්‍රහයා අටේ නම් අධික ලෙස කොලෙස්ටරෝල් (අධික මේදය)රෝගවලින් පීඩා විඳිනු ඇත.
සඳු හතරේ වී රවි දොළහේ නම් අධික රුධිර පීඩනය හා මේදය වැඩි වීම සිදුවේ.
කුජ සිව් වැන්නේ සිටියදී රවි හය,අට,හෝ දොළහේ වෙයි නම් හෘදයට අනිසි බලපෑම් අධික වෙයි.අධික රුධිර පීඩනය සමඟ බරපතල අසනීප තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වෙයි.
බුධ 4 වැන්නේ සිටියදී රවි පහේ වෙයි නම් නොමනා ලෙස අධික දුම්පානය හේතුවෙන් හෘද රෝග,රුධිර නාලිකා අවහිරතා ලේ කැටි ගැසීම් ආදියට හේතු වේ.මේ රෝගී තත්ත්වය හදිසි හෘදයාබාධ ඇති කරවයි.
ගුරු හතරේ සිටියදී රවි 6,8 හෝ12 හෝ වෙයි නම් අධික තරබාරු ගතිය මේදය අධික වීම,පෙනහළු අවහිරතා (ඔක්සිජන් අවම වීමෙන් ඇතිවන රෝග) ඇදුම වැනි රෝග වලට හේතු වේ.
සෙනසුරු 4 වැන්නේ සිටීම වඩාත් අසුබ වෙයි.මේ පිහිටීම මොනයම් ආකාරයේ හෝ හෘදයාබාධයකට හේතු ඇතිකරවයි.
සෙනසුරු සිව් වැන්නේ වී කුජයා ලග්නයේ සිටියේ නම් අනිවාර්යයෙන්ම හෘද රෝග වැළඳෙනු ඇත.මෙවැනි ජන්මීන් අධික ලෙස ආහාර ගැනීම නිසා ඇති වන රෝග බොහොමයක් වැළඳ ගන්නා බව කිව හැක.
ජ්‍යොතිෂවේදී වෛද්‍ය තිලක්ද සිල්වා
0 comments:
Post a Comment