අත්ල විහිදා
කතා කරන්නේ
අවංක
මිනිස්සුන්ය
මහපටැඟිල්ලෙන් බිම හාරමින් උත්තර දෙන්නේ මායමටයි
මුහුණ සඟවාගෙන කතා කරන්නේ කපටිකමටය
“සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා...” යැයි මොහිදීන් බෙග් ගයන ගීතය අරුත් බරය. මොකද සිනහව සහ කතාව ව්‍යාජ ලෙස ආරූඪ කර ගත හැකි නිසාය. දෑත් විදහා ඔබ වැලඳ ගන්නට මෙන් සතුටු සිනහ නඟමින් ඉදිරියට එන පුද්ගලයා එලෙස හැසිරෙන්නේ අවංකවම ද...? පණ දෙන්නට කතා කරන ඔහු; ඔබගෙන් සමුගෙන පියවර කිහිපයක් ඉදිරියට යත්දී ඔබේ පසුපස සිට විරිත්තන්නේ නැද්ද...? එසේ ගත් විට නම් සිනහවෙන් හෝ කතාවෙන් හෝ මිනිසා තේරුම් ගත නොහැකි බව සැබෑ ය. එහෙත් කෙනෙකුට ආවේණික ඇවතුම්-පැවතුම් නිසි ලෙස නිරීක්ෂණය කළහොත් එම පුද්ගලයා කවරෙක් ද යන බව මනාව තේරුම් ගත හැකි ය.
ලොව ජීවත් වන පුද්ගලයන් සියලුම දෙනා විවිධ ඉරියව්වලින් සිටිනු දැකිය හැක. ඒවායින් ඇතැම් ඉරියව් උත්පාදනයෙන් ලද ඒවා සේම ඇතැම් ඉරියව් පහුකාලීනව පුරුදු වූ ඉරියව් වේ. සමාජයේ වෙසෙන පුද්ගලයන්, එකිනෙකාට සෑම අතින්ම වෙනස් වේ. එක සමාන පුද්ගලයන් දෙදෙනෙක් සොයාගත නොහැක. ඒ නිසා ඔවුන් වෙතින් පිළිබිඹු වන ඉරියව් ද එකිනෙකට වෙනස් ය. දේහ ලක්ෂණ විද්‍යාව හොඳින් ප්‍රගුණ කළ අයෙකුට යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දෙස බලා ඔහු හෝ ඇය සිටින ඉරියව්ව අධ්‍යනය කර මනා අවබෝධයක් ලබාගත හැක.
ඔබත් මේ ලිපිය කියවා මතකයේ තබාගෙන, ඔබට ආශ්‍රය සඳහා ලැබෙන පුද්ගලයන්ගේ ඉරියව් අධ්‍යනය කර ඔහු හෝ ඇය කුමන ගතිගුණවලින් යුක්ත අයෙක් දැයි තේරුම් ගන්න.
ශරීරය කෙළින් තබාගෙන හිස පහත් නොකර වටපිට නොබලා ගමන් කරන්නා,
මෙවැනි ඉරියව්වකින් යුතු පුද්ගලයා ස්ත්‍රියක් වුව ද පුරුෂයෙක් වුව ද අභිමානයෙන් යුතුව ජීවත් වන ආඩම්බරකාර අයෙකි. මොවුන් තමන්ගේ ම අදහස් අනුව ක්‍රියා කරයි. කිසිවෙකුට යමක් නොවේ. නායකත්ව කුසලතාවලින් ද හෙබි අයෙකි.
හිස මදක් පහතට නැඹුරු කර කල්පනාකාරීව ගමන් කරන පුද්ගලයා.
කලබලකාරී නොවේ. උගත්කමෙන් හා සමාජීය දැනුමෙන් පොහොසත් අයෙකි. ගතිගුණ ද ඉතා යහපත් ය.
කෙනෙකු ඉදිරියේ කෙලින් සිටගෙන කතා කරන තැනැත්තා හෝ තැනැත්තිය.
ඉතා ධෛර්යවන්ත පුද්ගලයන් ලෙස සැලකිය හැක. කිසිදින පරාජය පිළිනොගනී. ජයග්‍රහණය කරා ම පිය නඟයි.
ඇවිදින විට දෙපස බලමින් අවට සිටින අය සමඟ සිනහවෙමින් හිස පහත් කරමින්, අත වනමින් ගමනේ යෙදෙන්නා.
මොහු ස්ත්‍රියක් වුව ද පුරුෂයෙක් වුව ද ඉතා කපටිය. විශ්වාස කළ නොහැකි අයෙකි. නිතර බොරු කියා මිනිසුන් රවටයි. බොරු පොරොන්දු දීම දැකිය හැක. මෙවන් ඉරියව්වකින් හෙබි පුද්ගලයන් කිසිදා කියන දේ නොකරයි. කරන දේ නොකියයි.
එක කකුලක් දණහිස ළඟින් නවාගෙන තනි කකුලට බරදී කථා කරන අය.
මොහු ස්ත්‍රියක් වුව ද පුරුෂයෙක් වුව ද අරමුණකින් තොරව ජීවත් වේ. මොවුන් කරන වැඩ කිසි සැලකිල්ලක් නොමැතිව සිදු කරයි. ආවට ගියාවට වැඩ කරන, සැලසුමක් නැති ජීවිතයක් ගෙවන අයෙකි. ක්රමානුකූල ජීවිතයක් කිසිදින ඇතිකර නොගනී. ඉදිරිපිට සිටින අයගේ මුහුණ නොබලා, මුහුණ සඟවාගෙන කතා කරන්නා.
ඉතා වංක ගති ඇති අය වේ. අනුන් රවටා තම අදහස ඉටුකර ගනී. අනුන්ව අමාරුවේ දමා සතුටු වන අයෙකි.
පයේ මහපට ඇඟිල්ලෙන් බිම හාරමින් කථා කරන්නා.
මොහු ස්ත්‍රියක් වුව ද, පුරුෂයකු වුව ද සිතේ යමක් සඟවා ගෙන වෙන දෙයක් කතා කරයි. මොවුන් නිතර බොරු කියයි. බොරුවෙන් ම ජීවත්වන මොවුන් ඇත්තක් පවසන්නේ ඉතා ම කලාතුරකිනි.
දෑත් නවා පපුවට ම තබා බැඳ කතා කරන තැනැත්තා,
මොවුන් දැඩි ආත්මාර්ථකාමී පුද්ගලයන් ය. අනුන්ට කිසිදු උදව් උපකාරයක් නොකරයි. තමා හා තම පවුල ගැන ම සිතයි.
කථා කිරීමේ දී දකුණු අතේ දබර ඇඟිල්ල ඉදිරියට දිගුකර අනෙක් ඇඟිලි නමාගෙන තර්ජනාත්මකව කතා කරන්නා.
මොවුන් ඉතා කළහකාරීය. තම මතයම ගරු කරයි. එපමණක් ද නොව තම අදහස් අනුන්ට කා වැද්දීමට උත්සාහ කරයි. දැඩි පණ්ඩිත අදහස් උසුලන අයෙකි.
තම අත්ල විදහා දක්වමින් ඉදිරිපිට සිටින අයට කතා කරන්නා,
මොවුන් විවෘත චරිත වේ. කිසිත් සඟවා තබා නොගනී. තම සිත තුළ ඇති සියල්ල නොසඟවා හෙළි කරයි. නමුත් මොවුන් කළහකාරීය, හිතුවක්කාර ය, මුරණ්ඩු ය, පණ්ඩිත ගති ද බොහෝය.
තම අත්ල තම ශරීරය දෙසට හරවා අදහස් ප්‍රකාශ කරන තැනැත්තා,
මොහු ස්ත්‍රියක් වුව ද, පුරුෂයකු වුවද ඉතා ගුප්ත චරිත වේ. රහස් සඟවා ගනී. තමා ගැන ම සිතන, තම සැප සම්පත් ගැන ම සිතන ආත්මාර්ථකාමී අයෙකි. සියල්ල සිතේ සඟවාගෙන ජීවත් වේ.
දෑත් පිටුපසට බැඳගෙන කථා කරන්නා,
මොවුන් ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව භයානක පුද්ගලයන් ය. හොර රහසේ පළිගනී. හොඳින් කතා කළ ද පළිගැනීමේ චේතනාව සිතේ රජයයි. මොවුන් ආශ්‍රයට සුදුසු නොවේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදිනී, මංජුලා පුෂ්පරාංගනී
පල්ලෙබැද්ද
0 comments:
Post a Comment