728x90 AdSpace

  • නවතම පුවත්

    2014-12-16

    ධනු රවියේ අවදානමෙන් ගැලවෙන්න

     ජයගෙන දෙන ලක්ෂ්මී නෙත් සැරය

    දෙසැම්බර් 16වැනි දා උදේ 08.42ට පමණ රවි ධනු රාශියට ප්‍රවිශ්ඨ වන විට නැගෙනහිර ක්ෂිතිජයෙහි තත්කාල මකර ලග්නය උදාවී පවතින්නේය.වර්ෂයක් ගෙවී නව වසරක් උදාවන 2014 ධනු රවිය විසින් කලියුගයටම ආවේණික සිදුවීම් මාලාවකි.

     2014.12.16 වෙනි දා ධනු රවිය ඇරඹෙන්නේය.ඔන්න ඉතින් මනුෂ්‍යයාට අවිනිශ්චිත කාලය උදාකරන්නේය.සිතුදේ නොසිදු කරන්නටත් නොසිතූ දේ සිදුකරන්නටත් පරිසරය සැකසෙන්නේය.

    අවදානමෙන් ගැලවෙන්න හැමදෙනාටම පිළිපැදිය හැකි පුංචි උපාය මාර්ගයක් යොදාගත හැක.ගමන් බිමන් යාමේ දී දවසේ කාර්යයන් ඇරඹීමේ දී සුදුසුම මොහොතක් යොදාගත් විට බොහෝ අභියෝග ජය ගත හැක.පහත සඳහන් වේලාවන් යොදා ගැනීමේ දී ඔබ උපන් ලග්නය නැකත ආදී කිසිදු ශක්තියක් කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍ය නොවේ.

    ඇරඹූ කටයුත්ත සාර්ථකව පවත්වා ගැනීමටත්,ගිය ගමන කරදරයක් නොමැතිව ආපසු පැමිණීමටත්,ප්‍රබලයෙකුගේ උදව්වක් ඇත්නම් ඉතා පහසු වනු ඇත. ශ්‍රී ලක්ෂ්මි දිව්‍යාංගනාව නෙත් හැර මිනිසා දෙස බලන අවස්ථා ඇත.

    එයින් එකක් යොදාගෙන ඕනෑම ක‍ටයුත්තක් සිදුකිරීමෙන් ආකර්ශනීය ජයග්‍රහණයක් අතපත්කරගත හැක.අසාධාරණය සාධාරණය ඉටුකරවා ගැනීමටත්,නිර්ධන භාවය පලවා හැර ධනබල ශක්තිය කැන්දා ගැනීමටත් විභාග ජය,තරඟ ජය,සම්මුඛ පරීක්ෂණ ජය,වෙළඳ ව්‍යාපාර කටයුතු,රැකී රක්ෂා කටයුතු ආදිය ආරම්භ කිරීමටත් ඒ සඳහා පිටත්ව යාමටත් තත්කාල ගෝචර ග්‍රහ ශක්තියෙන් කුමන තත්ත්වයක් විද්‍යාමාන කළත් පංචාංගයට අදාලව කුමන දෝෂයක් මවා තිබුණත් ඒ සියලු දෝෂ භංග කරන්නට ලක්ෂ්මි දිව්‍යාංගනාව‍ගේ තියුණු නෙත් පහර ලැබ ඔබට බලවත් වියහැකි අපූරුව අත්හදා බලන්න.

    මේ මොහොත භාවිතයේදී පහත සඳහන් දැහැන භාවිතා කරන්නට අමතක කරන්න එපා.මේවා “සිංහලේ ‍බෙහෙත් ගෙයි.ජ්‍යොතිෂායුර්වේද පරම්පරාවේ අත්දුටු අත්දැකීම් වෙයි.

    “ඕම් ශ්‍රීං කාලිං මහා ලක්ෂ්මී
    ඒහි ඒහී සර්ව සෞභාග්‍යං
    දේහී මේස්වාහඃ”

    ලක්ෂ්මී නෙත් සැරය

    2014දෙසැම්බර්                                           දවස                                                         සුබ මොහොත
    17වෙනිදා                                                   බදාදා පෙරවරු                                             07.06
    18වෙනිදා                                                   බ්‍රහස්පතින්දා පෙරවරු                                 06.18
    19වෙනිදා                                                   සිකුරාදා පෙරවරු                                         06.54
    20වෙනිදා                                                   සෙනසුරාදා පෙරවරු                                    06.30
    21වෙනිදා                                                   ඉරිදා පෙරවරු                                              06.19
    22වෙනිදා                                                   සඳුදා පෙරවරු                                              06.58
    23වෙනිදා                                                   අඟහරුවාදා පෙරවරු                                    06.32
    24වෙනිදා                                                   බදාදා පෙරවරු                                              06.41

    රාශි සහ නක්ෂත්‍ර චක්‍රයේ අපූරු ස්ථාන පවතී.ඍක්ෂ සන්ධි වශයෙන් හඳුන්වන ගණ්ඩාන්ත සහ ගණ්ඩමූල සන්ධිස්ථාන එයින් ප්‍රබල ස්ථානයකි.ධනුවේ අංශක බින්දුව යනු නවාංශක චක්‍රයේ ආරම්භක මේෂ නවාංශකයයි.මුල නැකතේ ප්‍රථම පාදයයි.

    මෙකී දත්ත පිළිබඳ සලකා බලා 2015 ජනවාරි 15වැනි දා දක්වා ඔබේ දෛනික කටයුතු සැළසුම් කර ගැනීම පිණිස ඔබේ ලග්නය හරහා ගෙන එන උපදෙස් අනුගමනය කර බලන්න.

    මේෂ

    ඥාතීන් හිතවතුන් සමඟ නව සබඳතා ගොනු වෙනවා ඇත.වන්දනා ගමනක යෙදීමට අවස්ථාව ලැබුණත් එය විනෝද චාරිකාවක් බව‍‍ට පත්කර ගැනීමට ක්‍රියා කිරීම නිසා ‍කීර්තිනාම හානියක් ගෙනදෙනු ඇත.ආරවුලකට මැදිවිය හැකි හෙයින් වාද විවාද වලින් ඈත්වන්න.වැඩිහිටියකුගේ අවශ්‍යතාවක් වෙනුවෙන් කාලය,ශ්‍රම‍ය හා ධනය වැය කිරීමට සූදානමින් සිටිය යුතුය.

    වෘෂභ

    ඔබේ රාජකාරි ස්ථානයේ ප්‍රධානියා කාන්තාවක් නම් ඔබ ඇයගෙන් ප්‍රවේශම් විය යුත්තේ ඇය ඔබට අයුතු යෝජනාවක් එල්ලවිය හැකි බැවිණි. රුධිරය ඌෂ්ණ වී ශාරීරික ආබාධ ඇතිවිය හැක.බ‍ඩවැල් ආශ්‍රිත රෝග අර්ශස් රෝග ආදිය උත්සන්න කළ හැකි බැවින් දැඩි කල්පනාවෙන් යුතුව කටයුතු කළ යුතුය.

    මිථුන

    මුහුණට මුහුණ සටන් කරන සතුරකු සමඟ ගැටීමට සිදුවන බැවින් කල්පනාකාරී විය යුතුයි.මේ ගැටුම අඹුසැමියන් අත‍රද වියහැකි බැවින් කල්පනාකාරී විය යුතුය.අසමඟිකම් ඇතිකර නොගන්නට වග බලා ගන්න.නොතේරුම්කම හා නොදැනුවත්කම නිසා කරනු ලබන විවිධ ක්‍රියාකරකම් හේතුවෙන් බරපතල අලාභ විය හැක.නීතිය නොදැන සිටීම වරදට සමාවක් නොවේ.මේ නිසා සුදුස්සන්ගෙන් උපදෙස් ලබා ගන්න.

    කටක

    ඔබ කුමන කාර්යයක නිරත වුවත් ඔබේ ආදායම තරවන ලකුණු පෙනේ.උසස් අයගෙන් ගරු සැලකිළි තාන්න මාන්න ලැබේ.ඔබ වෙනුවෙන් පිළිගැනීමේ උත්සවය තෑගි ආදිය ලැබේ.හිස උදුම්මාගෙන කටයුතු කිරීමට සිතක් ඇතිවීම නිසා ගැටුම්කාරී තත්වයකට මුහුණ දෙනු ඇත.ඔබ දැනට සිදුකරගෙන යන කටයුතු වලට වඩා අළුතෙන් යමක් සිදුකිරීමට පෙළඹෙනු ඇත.විශේෂයෙන් එය අමතර ආදායම් මාර්ගයක් උදෙසා සිදු කෙරෙන එකක් නම් ඉමහත් ලාභ ප්‍රයෝජන අත්වනු ඇත.

    සිංහ

    තමන්ගේ ප්‍රමාණයට වඩා ඉහළ යමක් අසල්වාසීන්ට පෙන්වන්න කරනු ලබන උත්සාහයක් නිසා ආර්ථික අමාරුකම් වලට ලක්වේ.එමෙන්ම රැවටිල්ලකට වංචාවකට ගොදුරු වන බැවින් පොරොන්දු දීමේ දී පරිස්සම්වන්න.තැන්පත් ධනය අතට ගැනීමෙන් වලකින්න.ගිනුමට ලැබෙන වැටුප වුවද නොගෙන ණය වලින් දෛනික කටයුතු සිදුකරන්නේ නම් ව‍ඩා සුදුසුය.

    කන්‍යා

    අඩමානයට කිසිම දෙයක් කරන්න එපා.වාහනයක් ගන්නේ නම් ඊ‍ට පෙර රියදුරා කවුද?ආදායම් ලබන අයුරු,ඉන්දන වියදම කොපමණද?ආදී සියළු දේ පිළිබඳ සිතා තීරණ ගන්න. කාලය අවසන් නම් කුලියට දුන් දේපළ දවසක් වත් කල් නොයවා ආපසු ලබාගන්න.ඔප්පු අලුත් කරන්න.අධික රුධිර පීඩනයකින් පෙළේ නම් ධනු- රවි යේදී ප්‍රවේශම් වන්න.නිවස හා වටපිටාව පිරිසිදුව තබා ගන්න.

    තුලා

    ඔබ රජයේ,පෞද්ගලික , ස්වයං ආදී කුමන ‍ රැකියාවක නිරත වුවත්ඒ පිළිබඳ විශේෂ පුහුණුවක් ලැබෙනු ඇත.කොන්ත්‍රාත්තු ක‍ටයුතු කරයි නම් සුබදායකය.නව තනතුරු ලැබෙනු ඇත.තමන්ට අදාල දේ පමණක් ලබා ගන්න.අදාල නැති කොමිස් ආදිය ලබා ගැනීමෙන් වලකින්න.අනතුරුදායක බවට ප්‍රසිද්ධ ප්‍රදේශවල ගැවසීමෙන් වලකින්න.

    වෘශ්චික

    සිතට බියක් සැකයක් ඇතිවන ප්‍රයෝගකාරී යමකට ගොදුරුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. 2015.01.01 දින සිට 05වෙනි දා අතර කාලයේ බෙහෙවින් ප්‍රවේශම් වන්න.ජනවාරි 08සිට 11 අතර කාලයේ රැකියා ලාභයක් හෝ ස්වයං රැකියාවේ ලංසුවක් හෝ ගෙනදෙනවා ඇත.මේ කාලයේ රා‍ජ්‍ය නිලධාරීන්ගෙන් උපකාර ලැ‍බීමේ භාග්‍ය ඇත.

    ධනු

    ඔබේ ශරීරයේ රුධිර කෝප හට ගනී.රත බිබිලි ආදී රෝග වලට හේතුවිය හැකි බැවින් උෂ්ණ ආහාර පාන,මත්පැන් පාවිච්චිය නුසුදුසුය.මංගල කේක් නිශ්පාදනය,මනාලියන් හැඩ ගැන්වීම ආදී කටයුතු පිළිබඳ ඇණවුම් බාරගන්නෙක් නම් ඒ කටයුතු ප්‍රමාද වීමෙන් දෝෂාරෝපණයට ගොදුරු විය හැක.මූල්‍ය හානි,වංචාවකට ලක්වීම,ලාභ අවම වීම පෙන්වයි.

    මකර

    උසස්වීම් ලබා ගැනීමට ගත් උත්සාහය වැරදුනද කනස්සලු නොවන්න.ඇසක හෝ දතක ආබාධයක් පෙන්නුම් කරන බැවින් එම ස්ථාන කෙරෙහි දැඩි අවධානයක් යොමුකරන්න.ඇහිබැම සහ ඇස් යට ප්‍රදේශය කෙරෙහි දැඩි අවධානය යොමුකරන්න.ජනවාරි 15 තෙක් ඇහිබැම ඉගිල්ලීමෙන් වලකින්න.කුරුළෑ ආවොත් කැඩීම නුසුදුසුය.

    කුම්භ

    දෛනිකව කීයක් හෝ ලබන රැකියාවක නියුතු වෙයි නම් මසකට වරක් එකවර ලොකු මුදලක් ලැබෙන ග්‍රහචාරයක් මතුවිය. මුදල් ලැබීම ඉතා යහපත්ය.රාජ්‍ය සේවයේ යෙදේ නම් රජයේ මෙන්ම ජනතාවගේ ගරුසැළකිල්ලට පාත්‍රවේ.වරප්‍රසාද ලබයි.කිත්, පැසසුම් ලබයි.

    මීන

    පියාගෙන් බලාපොරොත්තුවන දේපළ ලැබෙන කාලයකි.පියපස ඥාතීන්ගෙන් වුවද යමක් අවශ්‍ය නම් ලබාගතහැකි කාලයක් බැවින් ඉල්ලුම් කිරීම සුදුසුය.තමාට ඉහළින් සිටින නිලධාරියා ගැලවීම‍ට ඔබව බිල්ලට දිය හැක.මේ නිසා කිසිවෙක් කෙරෙහි ප්‍රබල විශ්වාසයක් තබා කටයුතු නොකරන්න.ඔබේ කිසියම් දක්ෂතාවයක් විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයෙන් ප්‍රකාහ කෙරෙනු ඇත.ඔබ නව නිර්මාණ ඉදිරිපත් කෙරෙහි උනන්දුව දක්වන්න.

    විශ්වකීර්ති
    ඡ්‍යොතිෂ විද්‍යා
    පණ්ඩිත ශිරෝමනී
    සුරා ශ්‍රී ගුණවර්ධන
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ධනු රවියේ අවදානමෙන් ගැලවෙන්න Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top