මේ ප්‍රශ්නය නැඟූ විට පිළිතුරු ලෙස ලැබෙන්නේ යම් නගර හෝ ග්‍රාම නාමයකි. එහෙත්
එය නිවැරදි පිළිතුරක් නොවේ. රෝහල - බන්ධනාගාරය - මහ මඟ ආදී ගොඩබිම යම්
නිශ්චිත ස්ථානයක මෙන්ම ඉහළ අහසේ පියාසරන ගුවන් යානාවකද, මහ සයුරේ යාත්‍රා කරන
නැවක ද දරු උපත් සිදුවේ. මේ බව ඉඳුරාම ජන්ම පත්‍රයේ සඳහන්ව තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ මයිලපිටිය ගම්මානයේ ඉපිද කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරයකු ලෙස සේවය කළ ‘විමල් සර්’ පාරම්පරික ජ්‍යොතිෂය මැනවින් දැන සිටියේය. ඔහු පෞද්ගලිකව තෝරාගත් සිසුන් කණ්ඩායමකට ජ්‍යෙතිෂය ඉගැන්වී ය. ඒ අතර තමා හමුවට එන අයගෙන් ශතයක්වත් නොගෙන කේන්දර බලා දුන්නේය. ‘මම හම්බ කරන්නේ පරලෝකයට’ යැයි ඔහු නිතර නිතර කීවේය.
දිගු කාලයක් විදේශගතව සිට පෙරළා ශ්‍රී ලංකාවට පැමිණි යුවළක් තම කුලුඳුල් පුත්‍රයාගේ උපන් වේලාව රැගෙන ‘විමල් සර්’ හමුවන්නට පැමිණියේය. පැය දෙක හමාරකට ආසන්න කාලයක් ගත කරමින් කේන්දරය පිළියෙල කළ ඔහු මෙසේ කීය.
‘මේ ඉපදිලා තියෙන්නේ මාළු පැටියෙක් නේ..’ ඒ ඇසූ සැමියාත් - බිරිඳත් ප්‍රශ්නාර්ථය නංවමින් ඔවුනොවුන් දෙස බලා ගත්හ. ඒ ඇසිල්ලේම ඔහු මෙසේද කීවේය;
‘කොල්ලා ඉපදිලා තියෙන්නේ බෝට්ටුවක හෝ නැවක...’
මෙවර සැමියාත් - බිරිඳත් පුදුමයෙන් ප්‍රශ්න වූ බවක් පළ කෙළේය.
කේන්දර කොපියත් සමඟම පලාපල කථනය ද ලබා ගත් ඔවුහු මේ ජ්‍යෙතිෂවේදියාට වැඳ නමස්කාර කොට පිටත්ව ගියහ. අනතුරුව ඔහු තම ශිෂ්‍යයන්ට එම පාඩම කියා දුන්නේ; ශ්ලෝකයකිනි.
“පූර්ණ ශශිනිස්වරාශිගෙ
සෞම්‍යෙ ලග්නගතේ ශුභෙසුෙච්
ලග්නේ ජලජෙස්තගෙ පිචා
චන්ද්‍රෙ පොත ගතා ප්‍රසූතයේ......”
යම් ජන්මියකු උපත ලබන විට පූර්ණ සඳු කටකයේ සිටියේ ද, බුධ ග්‍රහයා ලග්නයේ ද, ගුරු ග්‍රහයා 4 වැන්නේ තැන්පත්ව සිටින්නේ ද ඔහු ජල යාත්‍රාවක උපදින්නට ඇති ඉඩ බෙහෙවින්ම ඉහළය. යම් ජන්මියෙක් උපත ලබන විට කටක, මීන හෝ මකරගේ පසු අර්ධය උදා වී තිබුණේ ද එකී රාශි තුනෙන් එකක් ලග්නය වී ඒ සමඟම සඳු 7 වැන්නේ තැන්පත් වන්නේ නම් නැවක හෝ බෝට්ටුවක උපත ලබන්නේය.
මේ සමඟම තවත් විමසිය යුතු කරුණු කිහිපයක් වේ. ඉහත ශ්ලෝකය මෙන්ම මෙය ද එන්නේ වරාහමිහිරයේය.
මකර රාශියේ පසු අර්ධය, කටක සහ මීන යන ජල ගණයට අයත් රාශියක් ලග්නය වී එවිටම සඳු ද ජල රාශියක පිහිටා සිටී නම් එකී ජන්මියා උපත ලබා ඇත්තේ ජලය ආශ්‍රිත පරිසරයකය. එසේම පූර්ණ සඳු ජල රාශියක් වූ ලග්නය දිකින්නේද එවිට ද ජන්මියා උපත ලබන්නේ ජලය සමීපයේය. මීටත් අමතරව ජල රාශියක් ලග්නය, හතරවැන්න සහ දසවැන්න වන අතර එකී යම් තැනෙකට පුර සඳු ගෝචරයෙන් ගමන් ගනිත් දී උපතක් සිදුවූයේ නම් එය ද සිදුවන්නේ ජලය ආශ්‍රිත ස්ථානයකය.
මේ අයුරින් ජන්ම කේන්දරය ඇසුරින් සැක නැතිව කෙනෙකු උපන් ස්ථානය පිළිබඳ තොරතුරු පැවසිය හැකිය. එහෙත් ඒ සඳහා පූරාණාචාර්යවරුන් පැවසූ එක් ජ්‍යොතිෂ සිද්ධාන්තයක් පමණක් ගුරු කොට ගැනීමෙන් පමණක් නිශ්චිත අනාවැකිය පැවසීම ශාස්ත්‍රානුකූල නොවේ. ඒ සඳහා උපයෝගී කොට ගන්නා හස්තසායාර රහස් නීති කිහිපයක් පවතී. මේ ලිපි පෙළ අවසානයේ ඒවාද දැනගන්නට සලස්වමු.

0 comments:
Post a Comment