අද අංක 1

උපදින හැමෝටම නොම්මරයක් ඇත.‘ඔයාගේ නොම්මරේ මම දන්නවා’ යැයි සමහරුන් කියා සිටිය ද ඊට පෙර නොම්මරය සොයා ගත යුතුය.
ඕනෑම පුද්ගලයකුගේ චරිතය පිළිබඳ මූලික ලක්ෂණ කියැවෙන්නේ දෛව අංකයෙනි.
එය සොයා ගන්නේ මෙසේය. 2014.12.17 දින උපන් අයෙකුගේ දෛව අංකය සොයා ගැනීමට මේ අංක සියල්ලම හරහට එකතු කළ යුතුය.
2+0+1+4 = 7
1+2 = 3
1+7= 8
18ය. නැවත 1+8 = 9
මෙතැන් සිට දෛව අංක අනුව ගතිගුණ පිහිටන ආකාරය සොයා බලමු.
දෛව අංක 01
දෛව අංක 1 හිමි ව උපත ලද ඔබ තම මතයට අනුවම ක්‍රියාකරයි. අන් මත පිළිගැනීම අඩුය. මුරණ්ඩුය. දෙයක් කිරීමට සිතුනොත් කුමන බාධක පැමිණිය ද ඒවා මැඩ පවත්වා ගනිමින්, අධිෂ්ඨානයෙන් සහ නොපසුබට වීර්යයෙන් එය ඉටු කර ගනී.
අධ්‍යාපනය ලබන කාලයේ දී විශේෂ දක්ෂතා පෙන්නුම් කරයි. කැපී පෙනෙන පුද්ගලයෙකි. ඕනෑම ස්ථානයක, රැකියා ස්ථානයේ ප්‍රධානියාට පවා හිස නවන්නේ නැත. යම් දෙයක් පිළිබඳව සොයන්නට ගතහොත් ගැඹුරින්ම ගවේෂණය කරයි.
තමා ජීවත්වන වටා පිටාව, නිවෙස, සේවා ස්ථානය, පිරිසිදුව පිළිවෙළට තබා ගනී. අලංකාරයට, චාම් ජීවිතයට ප්‍රිය කරයි.
අන් අයට බරක් නොවී ජීවත් වීමට උත්සාහ දරයි. තරමක් ආඩම්බර වන අතර කුලය සහ පරම්පරාව ගැන සැලකිලිමත් වේ. හිතුමනාපයට වැඩ කරන අතර ධනය නාස්ති කරන චරිතයකි. උසස් බලාපොරොත්තු සහිතය.
දෛව අංක 1 හිමි අයට සුබ දිනය වන්නේ බ්‍රහස්පතින්දාය. මෙදින ජයග්‍රාහී දිනයකි. ජය අංකය 01ය. ජය වර්ණය දම් සහ කහ පැහැය වේ. රතු මැණික් පැළැඳීමෙන් ශක්තිය වර්ධනය කෙරේ.
ජීවිතයේ වැදගත් සිදුවීම්, පරිවර්තන හට ගන්නේ 10,28,37 සහ 46 යන වර්ෂවලදීය. 55 ද සුවිශේෂී වේ.
ජ්‍යෙතිෂ නන්දන,
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී
රේණුක වික්‍රමසිංහ

0 comments:
Post a Comment