ජීවන අංකය අංක 5 ලබා උත්පත්තිය ලද ඔබ දුටු ගමන් වසී වන්නා වූ ආකාරයේ
රූපයකින් ද කතා විලාසයකින් ද යුක්ත අයකු වේ. විවාහයට පත් කාන්තාවක් වුවත්
දරුවන් සිටියත් ඔබ තවම විවාහයට පත් නොවූ තරුණියක් මෙන් පෙනේ.
මේ නිසා පිරිමි ආකර්ෂණය වීම වැඩිවේ. ඔබ ඉතා සාවධාණව ගුරුවරුන්ට ඇහුම්කන් දී අධ්‍යාපන කටයුතුවල නිරතවේ. තම පන්ති සගයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.යම් කරුණක් ගැන
අවබෝධයක් ලබාගැනීමට දැඩි විමසීමකින්,පරීක්ෂාකාරීව සොයා බලයි.යමක් නිසි අවබෝධයකින් සොයා බලා තේරුම් ගනියි.
යමක් තමාට අවශ්‍ය වූ විට වැඩිහිටියන් එය ලබා දෙනතෙක් කරදර කරයි.ඉවසීම අඩුය.සෑම විටම නීතියට එකඟව කටයුතු කරයි.
කුමන තරාතිරමක පුද්ගලයෙකු වුවද ඒ තමාගේ හොඳ මිතුරා වුවද තමන් සමඟ අරියාදුවකට එයි නම් සිතට එන ආවේගය පාලනය කරගැනීමට නොහැකි වෙයි. ඔබ බිරිඳක් නම් ස්වාමිපුරුෂයාගේ අවශ්‍යතා අඩුපාඩු සොයා බලමින් ලඟින් සිටී.තම දරුවන් කුඩා වියේ සිටම යහපත් පුරුදුවලට නැඹුරු කරමින් යහමගට හැරවීමට දක්ෂ වේ.
ඔබ විවාහක පුරුෂයෙකු නම් පවුල් ජීවිතය ඉතා යහපත්ව සහයෝගයෙන් ගෙවයි. තම භාර්යාව කැමති ආකාරයේ ආහාර ඇඳුම් මෙන්ම තෑගි දෙමින් යහපත් ස්වාමියකු වෙයි. අඹු දරුවන් සමඟ එක්ව වන්දනා ගමන් විනෝද චාරිකා ආදියට සහභාගි වේ.දූ දරුවන්ගේ සිතැඟි අවශ්‍යතා පිළිබඳ නිතර සුපරික්ෂාකාරී වේ.
තමන් කරන රැකියාවේ ගරුත්යට ආරක්ෂා කරගනිමින් බුද්ධිමත්ව අනෙක් සේවකයින්ද සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.හොඳ හිත දිනාගනිමින් රැකියා ස්ථානයේ යම් ගැටලුවක් ඇති වුවොත් අනෙක් අයට උපදෙස් දෙමින් තීරණ ගැනීමේ දක්ෂ වේ. රාජකාරිය කාර්යක්ෂමව ලෙස ඉටුකරයි.
තම ආර්ථික පාලනයකින් යුතුව පවත්වාගෙන යයි. අනවශ්‍ය වියදම් කපාහරී.විනෝදකාමීව පවුලේ අය හා කාලය ගෙවයි. ඔබ ගන්නා තීරණ ඔබේ යහපතට හේතුවනු ඇත. ආගමට අනුව භක්තිමත්ව කටයුතු කරමින් නිරන්තරයෙන් පූජනීය ස්ථානයන්හි ගතකරමින් ඉතා ධාර්මිකව කටයුතු කරයි. අසරණයන්ට පිහිට වේ. පරිත්‍යාගශීලීය.පවතින නීතියට ගරු කරයි. ඔබ යම්කිසි ආයතනයක ප්‍රධානියකු හෝ උපදේශකයකු නම් තමා යටතේ සිටින සේවකයන් මිතුරන් බවට පත්කරගනී.ව්‍යාපාරිකයකු නම් තමා යටතේසිටින සේවකයන්ගේ අවශ්‍යතා සපුරමින් සහයෝගයෙන් යුක්තව රැකියාවේ කටයුතු ඉටුකරවා ගනී. පහසුවෙන් බෝවෙන රෝග වැළඳිය හැක.තුනටිය ආශ්‍රිත රෝගාබාධ මෙන්ම උණ රෝග ඇතිවීමේ ප්‍රවණතා වැඩිය.
බුද්ධිය යොදා සුපරික්ෂාකාරීව කටයුතු කළ ද යම් යම් තීරණ වැරදි බව පසුව වැටහෙනු ඇත.ක්ෂණිකව කටයුතු කරනවාට වඩා ඉදිරිය පිළිබඳ සිතා කටයුතු කිරීම වැදගත් වනු ඇත.ඔබගේ එකම දුර්වලතාවය ඉදිරිය බලා කටයුතු නොකිරීමය.
බදාදා හා සිකුරාදා දිනයන් ඔබට සුබ වනු ඇත.ජය වර්ණ වන්නේ සුදු සහ කොළ පැහැයයි.නිල් මැණික් හා එමරල්ඩ් පැළඳීමෙන් ආකර්ෂණය ඇතිවේ. එමරල්ඩ් මැණික් විනිවිද පෙනෙන තද හා ලා කොළ පැහැයෙන් යුතුය. මේවා ලතින් ඇමරිකාව ආශ්‍රිතව බහුලව ඇත.
ඔබේ වයස අවුරුදු 05,14, 23, 32, 41 50 සහ 59 සපිරෙණ කාලයේදී ජීවිතයේ වැදගත් වූ පරිවර්ථන සිදුවනු ඇත.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී රේණුක වික්‍රමසිංහ

0 comments:
Post a Comment