728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-06

    15 වසරකට පෙර මිය ගිය පද්මා පළිගන්න ආපහු ඇවිත්

    මැරෙන මොහොතේ වෛරයෙන් සිටි නිසා ප්‍රේත ලෝකේ උපන්නා



    “අනේ! මහත්තයා මේ කෙල්ලත් එක්ක මගේ කිසිම තරහක් නෑ. මේ දු‍වගෙ ගෙදර ඉන්න අන්න අර සිරියාවතී පරට්ටිත් එක්ක තමයි මගේ වෛරය තියෙන්නේ. ඒකි මගේ පවුල් ජීවිතේ නැති කළා. මගේ මිනිහව මට නැති කළා. ඒකිගෙන් පළිගන්නයි මම ආවේ‍”යි තරුණ ගුරුවරියකට ආවිශ්ට වූ භූතාත්මයක් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයේ දී පැවසුවාය.

    ඇය තිස් හය හැවිරිදි පාසල් ගුරුවරියකි. නමින් සචින්තාය. ඇය සිය ස්වාමිපුරුෂයාත්, මෑණියනුත් සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණ ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා හමුවී තමන්ගේ දුක් ගැනවිල්ල කීවාය.
    දණහිස් ඉදිමීම, සිහිනයෙන් බිය වී කෑ ගසාගෙන අවදිවීම,කෑම අරුචිය, සචින්තාට වැළඳී ඇති රෝගාබාධයෝය. වෛද්‍ය ප්‍රතිකාර, මනෝ වෛද්‍ය ප්‍රතිකාර හා ශාන්ති කර්ම ආදියෙන් කිසිඳු සුවයක් නොලැබී ඇත. මේ සියල්ලට ම වඩා වි‍ශේෂය වූයේ මේ ගෙදර නතරව සිටිනා සුමනාවතී නමැති හැත්තෑ හැවිරිදි ආච්චිට පහර දීමය. මේ ආච්චිට හිටි හැටියේ කෙහෙවැළෙන් අල්ලාගෙන පහර දීමය. හොස්ස බිම ඇතිල්ලීමය. සුමනාවතී මේ ගෙදරින් පිටව ගිය විට පියවි සිහිය ලබන සචින්තා ඇය සොයා ගෙන ගොස් සිදු වූ කිසිවක් තමන් නොදන්නා බව පවසා වැඳ සමාව ගෙන ආපසු නිමන්තව කැඳවාගෙන එය යළිත් දින දෙක තුනකින් ඇයට අතිශය දරුණු ලෙස පහර දෙයි. ඇ‍ගේ කෑම පිඟානට වැලි මිශ්‍ර වෙයි.

    ‘සෙත්මිණ ‘නොපෙනෙන ලෝකය’ විශේෂාංගය කියැ වූ සචින්තාගේ සැමියා මෙසේ ඇය කැඳවා ගෙන ආවේ ආධ්‍යාත්මීය ප්‍රතිකාරයකින්වත් සුවයක් ලබා දෙන්නටය.
    ගවේෂකවරයා සචින්තාට ශක්ති කිරණ එල්ල කරන විට ඇය ගැහෙන්නටත් පැද්දෙන්නටත් වූවාය. ආහාර අරුචියක් බත් හැළියට වැලි මිශ්‍රවීමත් නිසා ශාරීරිකව ද සචින්තා දුර්වලව සිටි බැවින් දින විසි එකක් බෝධි පූජා පවත්වා එන ලෙස ද මේ දින විසි එක තුළ ජ්‍යොතිෂදායී ආහාර ගෙන ශරීර ශක්තිය ‍ ගොඩනඟා ගෙන එන ලෙසද උපදෙස් දුන්නේය.

    “කෑම කන්න ප්‍රියක් නැහැනෙ මහත්මයා”යි සචින්තා පැවසීය.
    ‘ග‍ෙම් පන්සලට ගිහින් හොඳට බෝධි පූජාව තියන්න. තුන් සූත්‍රය කියලා දෙවියන්ට පින් දෙන්න. පාන්දරටයි රෑටයි ජලනන්දන පිරිතයි, දස දිසා පිරිතයි, සත් වරක් පැන් වීදුරුවකට මතුරලා බොන්න. එතකොට කෑම කන්න පුළුවන් වේවියි ගවේෂකවරයා කීවේය. එය එසේම ඵලදායක වීය.
    ඊළඟ දිනයේ පැමිණි විට ද සචින්තා ප්‍රල්‍ය වී කතා කරන්නට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.

    “කවුද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ?
    “පද්මා”
    කවුද මේ පද්මා කියන්නේ?
    “මේ සචින්තාගේ පුංචි අම්මා”
    “ඇයි පුංචි අම්මා සචින්තාට කරදර කරන්නේ?”
    “අනේ මහත්තයා මේ කෙල්ල එක්ක මගේ කිසිම තරහක් නෑ. මේ කෙල්ලගෙ ගෙදර නතර වෙලා ඉන්න සිරියාවතී එක්ක තමයි මගේ තරහ තියෙන්නේ. ඒ පරට්ටි තමයි මගේ පවුල් ජීවිතේ අවුල් කළේ. මගේ මිනිහව මට නැති කළේ. මම ඒකිගෙන් පළිගන්නවා. මේ කෙල්ල ලවා ඒකිට ගස්සනවා.
    ‘ඒ කොහොමද?”

    “මම මේ සචින්තාගෙ ඇඟට ඇතුල්වෙලා සිරියාවතීට ගහනවා. බොරු කතා හදල මට නින්දා කරපු කට බිම අතුල්ලනවා.”
    “පද්මා මළේ කොයි කාලෙද?”
    “දැනට අවුරුදු පහළොවක් විතර වුණා”
    “ඉතින් මෙච්චර කල් පළිගන්න පරක්කු වුණේ මොකද?
    “මට ශක්තිය තිබුණේ නෑ. ශක්තිය ලැබුණු ගමන් පළිගන්න පටන් ගත්තා.”

    “මොකක්ද පළිගන්න තරම් සිරියාවතී කළ වරද?” මිනිහා ඕකිව අතහැරලා ගියා. ඉන්න තැනක් නැතුව තැන තැන ඇවිදින කොට මම මගේ ගෙදර නතර කැර ගත්තා. මට බොහෝම හිතවත්ව ආදරෙන් වගේ ඉඳලා මාව සමලිංගිකත්වයට හුරු කැර ගත්තා. මගේ මහත්තයා මගෙන් ඈත් වෙන්න හිටියා. මට වරද වැටහිලා මම සිරියාවතීට ගහල පැන්නුවා ගෙදරින්. මේ ගෑනි ඒ තරහට මට විරුද්ධව ගමේ බොරු ප්‍රචාර ඇති කළා. මට හොර මිනිස්සු ඉන්නවා. මම ඒ නිසා මගේ මහත්තයාට සලකන්නේ නෑ කියලා මගේ මහත්තයාටත් කියලා තිබුණා. මේ ගෑනි කරපු වරද මට ඇති කළ වැරදි පුරුද්ද, මට කාටවත් කියා ගන්න බැරි වුණා. මගේ පවුල අවුල් වෙලා නින්දා අපහාසවලට ලක් වුණා. මහත්තයා මාව දාලා ගියා. මම අසරණ වෙලා කර කියා ගන්න දෙයක් නැතිව වහ බීලා මළා. මේ අපරාධය කළේ ඔය සිරියාවතී කියන පරට්ට බැල්ලී. මම ඕකිගෙන් පළිගන්නවා.” යි භූතාත්මය කීවාය.

    “අනේ බුදු නංගියේ ඔය හාංකවිසියක් අපි දන්නේ නෑ. ඔයා මැරුණ ඔය හේතුවෙන් බව දන්නවා නම් ඔය ගෑනිව අපි ළඟ තියා ගන්නේ නෑ”යි කියූ සචින්තාගේ මව ද හඬන්නට වූවාය. ගවේෂකවරයා නැවත කතා කළේය. “ඉතින් සිරියාවතීව නතර කැරගෙන ඉන්නවාට ඔබ සචින්තාත් එක්කත් තරහාද?”
    “ නෑ....නෑ..... මම තරහ නෑ” ඕකි ඔතන ඉන්න නිසා මට ලේසියි දුව ලවා ඕකිට ගස්සන්න. දඬුවම් කරන්න. පළිගන්න පුළුවන්. ඕකි තරහ වෙලා යන්න ගියාම ආයෙත් අඬ ගහගෙන එන්න දුවව පොළඹවන්නෙත් මමම ය. කී පද්මා‍ගේ ප්‍රාණකාරිය නැවතත් සචින්තාගේ මෑණියන් ඇමතුවාය.

    “අනේ! අක්කේ මට සමාවෙන්න. ඔය ගොල්ලන්ට කරදර කළාට. මට ඕනෑ අර හැතිරිගෙන් පළිගන්නයි.‍ “අපි තරහ නෑ නංගී. ම‍ගේ දුවට කරදරයක් හිරිහැරයක් නම් තමයි. ඒත් ඔයාගෙ වේදනාව මට දැන් තේරෙනවා. ඔයා අහිංසකයි. අපි ඔය සිරියාවතී ට ආයෙත් ළඟ තියා ගත්තේ නෑ. අපි බැනලා පන්නගන්නවා. ඔයාට තියා ගන්න බැරි වුණ දේ අපි ගමට කියනවා. සිරියාවතීගේ වැරදි පුරුදුවලට නංගිව පොළඹවා ගන්න බැරි වුණ නිසාත්, නංගී ඒවට අකමැත්තෙන් ගහලා පන්නපු නිසාත් නංගිට විරුද්ධව බොරු කතා හදලා අපහාසය කළ බව අපි ගමේ අයට කියනවා. ඔයා ‍‍ගේ මහත්තයාටත් කියනවා” යි පද්මාගේ සහෝදරිය කීවාය.
    “අනේ! හොඳයි අක්කේ! එතකොට මිනිස්සු ඇත්ත දැන ගනීවි.”

    ගවේෂකවරයා නැවත භූතාත්මය ඇමතීය.“දැන් ඔබේ ගැටලුව විස‍‍‍ඳෙනවා. අපහාසය නිවැරදි වෙනවා. තව දුරටත් පළිගන්න හිතන්න එපා. ලැජ්ජාව නිසා වස බී ජීවිතය නැතිකර ගෙන වෛරය නිසා දැන් ඉපදිලා ඉන්නේ ප්‍රේත භාවයක. ඔබ ව‍ගේ හොඳ කෙනෙක් ඔය වගේ දුගතියක ඉන්න ලැජ්ජා නැද්ද? දේවත්ත්වයට යන්න. දිව්‍යාංගනාවක් වෙන්න හිතන්න”

    “අනේ! හොඳයි මහත්තයා. මම ඒකට කැමතියි. කො‍හොම ද දිව්‍ය ලෝකයට යන්නේ? අනේ මහත්තයා මට උදව් කරන්න.” ප්‍රේති ආයාචනා කළාය. ‘පළමුවෙන් ඔය ප්‍රේත භවයේ දුක මෙනෙහි කරලා ඔතැනින් මි‍‍දෙන්න අධිෂ්ඨාන කරන්න. ඊළඟට හිතේ තියෙන වෛරය අතහරින්න. තරහ වෛර හිතේ තියාගෙන නිවන් දකින්න බැහැ. වෛරය සංසාරයේ දිගට ම යනවා. අවුරුදු ලක්ෂ ගණන් ආත්ම ගණන් දුගතියේ දුක්විඳින්න වෙනවා. සේරිවාණිජ, කජ්ජපුට කතාව දන්නවානෙ. බුදු හාමුදුරුවන්ගෙනුත් පළිගන්න ආ හැටි, අන්තිමේ දේවදත්ත අපායෙ ගිනි දැල්වලින් වෙලාගෙන නිරයට ගිය හැටි. ඒ නිසා වෛරය අතහරින්න ඉදිරිය ගැන සිතන්න. සුගතිගාමී වී ධර්ම ශ්‍රවණය කළ හැකි තැනක උපදින්න හිතට ගන්න. මම සචින්තා ලවා සාංඝික දානයක් පිරිනමා ඔබට පින් අනුමෝදන් කරවන්නම්. ඒ පින් අනුමෝදන් වෙලා සුගතගාමී වෙන්නැ යි භූතාත්මය දැනුවත් කළේය.

    සචින්තාත්, අම්මාත්, පවුලේ අයත් එක්ව පද්මා වෙනුවෙන් සාංඝික දානයක් පිරිනමා පින් අනුමෝදන් කොට නැවත පැමිනියහ. එදින පද්මාගේ භූතාත්මය සැහැල්ලුවෙන් සිනා සී පින් අනුමෝදන් වූ බව කීවාය. සිරියාවතීගේ කැරැට්ටුව ගමටම කියා ගෙදරින් පන්නා දැමූ බව ද දැන සතුටු වූ බව ද කීවාය. භූතාත්මය කැලණියට යැවීය. කේළම්, කටකතා කරන විපතක මහත.

    මතුගම

    මහින්ද විජේතිලක
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: 15 වසරකට පෙර මිය ගිය පද්මා පළිගන්න ආපහු ඇවිත් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top