728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-14

    ඔබේ අංකය 4 නම් හිත යන යන අතට ප්‍රේමය

    ඔබේ ජීවින අංකය 4 නම් ස්ථීර අදහස්වලින් ඔබගේ හදවත වෙළී පවතිනු ඇත. ඔබ පාසල් යන කාලයේදීත් බාහිර ක්‍රියාකාරකම් වලට ක්‍රීඩා කටයුතුවලට ක්‍රියාශීලී ය. ඔ‍බ‍ගේ ඇඳුම් පැළඳුම් පාසැල් පොත් පත් නිසි
    ස්ථානවල තබමින් තමා සිටින අවට පිළිවෙළකට තබා ගැනීමට නිතරම උත්සාහ දරයි. නමුත් ඔබ තරමක් දඟකාර, හිතුවක්කාර ගති නිසාත්, ගුරුවරුන්ගෙන්ද, දෙමාපියන්ගෙන් ද නිරන්තර දෝෂාරෝපණයට ලක් වේ. වයසින් වැඩෙත්ම ඔබ සම‍ාජයට ප්‍රිය ජනක පුද්ගලයකු බවට පත් වේ. ඔබ යම් යම් තනතුරු දරමින් සමාජයේ යහපත පිණිස කටයුතු කරනු ඇත. සමාජ සේවා කටයුතු වලදී ඉතා ක්‍රියාශීලීව උනන්දුවෙන් යුක්තව කටයුතු කරයි.

    නිවසක් ඉදිකිරීමට සැළසුම් කරන්නේ මේ අවට පවතින නිවාස වලට වඩා වෙනස් ආකාරයේන එම නිවාසවලට වඩා කැපී පෙනෙන ආකාරයට නිවස ඉදිකරනු ඇත. ඔබ ස්ත්‍රියක් නම් තම යෙහෙළියන්ට වඩා ලස්සනට ඇඳීමට මෝස්තර දැමීමට පෙළෙඹෙනු ඇත. යම් කිසි හෙයකින් තමා අවට සිටින්නා වූ අය තමාට වඩා ඉහළින් සිටීමට තැත් කළහොත් ඔවුන්ට යම් යටිසිතින් හෝ එළිපිටම වෛර කරනු ඇත. ඔබ හට යම්කිසි වූ වැඩත් පැවරුණු හොත් එම කාර්ය අන් අයගේ උදවි උපකාරයෙන් හෝ කෙසේ හෝ ඉක්මණීන් ඉටු කරනු ඇත.

    ඔබ ගෘහණියක් නම් තම දරුවන් මෙන්ම ස්වාමියා පිළිබඳව නිතර සොයා බලනු ඇත. තම දරුවන්ගේ‍ත් තම ස්වාමියාගෙත් තමාගෙත් ඇඳුම් නිසි ලෙස පිරිසිදු කර නිසිතැන් වල පිළිවෙලට තබයි. නිවස නිතර පිරිසිදුව ලස්සනට තබා ගැනීමට උත්සාහ දරයි. වැඩකටයුතු කාලසටහනට මෙන් පිළිවෙලකට ඉටු කරන යහපත් බිරිඳක් ලෙස ස්වාමියාට නිතර පෙනෙනු ඇත.

    පණට පණ සේ එකම බත්පත අනුභව කරමින් වසර ගණනාවක් එකට ගමන් බිමන් යමින් තෑගි ලබාදෙමින් තමාගේ දුකට සැපට නිරන්තරයෙන්ම ළඟම සිටි පෙම්වතා / පෙම්වතිය අතහැර වඩා ලස්සනින් හෝ කිසියම් ආකරයක ධනවත් වාහන හිමියකු තමා හට ආදරය කිරීමට පෙළෙඹුනේ නම් කලින් පැවතියා වූ අවුරදු ගානක සම්බන්ධතාවය නවතා නව ආදර සම්බන්ධතාවයක් පටන් ගැනීමට ‍ මෙවැන්නෝ පෙළඹෙති.;
    රැකියාවක නිරත ඔබට පැවරෙන්නේ රාජකාරිය කුමක් වුව ද තම සිතට එකඟව ඉක්මණින් නිවැරැදිව ඉටුකිරීමට උත්සාහ ගනී. රාජකාරී ස්ථානයක හා අවටත් ඉතා පිරිසිදුවත් පිළිවෙලකටත් තබා ගනී, නිවසින් පිටව වැඩි කාලයක් ගත කිරීමට හෝ කෙටි ගමන් යාමට ‍හෝ සිදුවුවහොත් එය ඔබ‍ගේ යහපත සඳහාත් මතු දියුණුව සඳහන් වේ. වැඩිහිටි අය මෙන්ම රාජකාරී ස්ථානයේ ප්‍රධානීන්ගේ උපදෙස්වලට හිස නමා ඒවා පිළිපදිමින්, ඔහුන්ගේ හොඳහිත දිනා ගනිමින් කටයුතු කරයි. තමන් යම්කිසි උත්සවයකට සහභාගී වන්නේ ද පූජනීය ස්ථානයකට යන්නේ ද එම ස්ථානයට ගැලපෙන අයුරින් තම ඇඳුම් පැළඳුම් පිළිවෙලකට අනුව තෝරා ගනු ඇත. එම ඇඳුම්වල කිසියම් හෝ අඩුවක් නොගැලපෙන ගතියක් පැවතිය හොත් ඉක්මණින් තමන්ට ගැලපෙන්නා වූ ඇඳුමක් තෝරා ගනීත ඉවසිලි ගතියක් ඕනෑම වැඩකට පවතින උනන්දුව හේතුවෙන් ඔබ සමාජයේ කැපී පෙනෙන පුද්ගලයකු බවට නිතැතින්ම පත්වනු ඇත. තමාට වඩා ඉහළින් සිටින අයට තරමක් ඊර්ෂ්‍යා කිරීමට ද පෙළෙඹේ. ඔබට ශුභ ඵල දෙන ජය වර්ණ නිල් පාටය. ජය අංකය4 වේ. සුබ දිනය සඳුදාය.

    ඔබට වඩාත් ආකර්ෂණ ශක්තිය ලබා ගැනීම සඳහා කොරල් පාෂාණය දියමන්ති පැළඳීම වඩාත් ශුභ ඵළ දායක වේ.
    වයස අවුරදු 4,13 ,22,31,40,49 හා 58 යන කාල වලදී වැදගත් සිදුවීම් සිදුවනු ඇත.

    ප්‍රවීණ ජ්‍යොතිෂවේදී

    රේණුක වික්‍රමසිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඔබේ අංකය 4 නම් හිත යන යන අතට ප්‍රේමය Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top