ක්‍රිෂ්ණ මූර්ති තත්කාලයෙන් අනාවැකියක්
ජනාධිපතිද? පොදු අපේක්ෂකද?
මාතර දෙවුන්දර උපන් රෝහන් වීරරත්න මහතා මීට පෙර ක්‍රිෂ්ණමූර්ති තත්කාලයෙන් අනාවැකි රැසක් පැවසූ අතර ඒ සියල්ලම පාහේ සැබෑවී තිබේ. 2001,2004,2005 හා 2010 වර්ෂ වල පැවැති ඡන්ද විමසීම්, මහ මැතිවරණ හා ජනාධිපතිවරණ ප්‍රථීපලයන් සම්බන්ධයෙන් ද බැරැක් ඔබාමා හා නරේන්ද්‍ර මෝදි ජයග්‍රහණ ද ඒ අතර වේ.
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වන ප්‍රබලයන් දෙදෙනා ගෙන් ජය ලබන්නා කවරෙක්ද යන්න පිළිබඳ විග්‍රහාත්මකව ක්‍රිෂ්ණමූර්තියෙන් විමසමු.
ක්‍රිෂ්ණමූර්ති තත්කාලය අනුව 249ට අඩු හිතට එන අංකයක් සමඟ දිනන්නේ කවරෙක්ද යන ප්‍රශ්නය අසමු.
සාමාන්‍යයෙන් තරගවැදීමකදී හය,එකොළහ සහ තුන යන භාවයන්ගේ තත්ත්වය පරීක්ෂාකළ යුතු වුවත් ජනාධිපතිවරණයක් නිසා ප්‍රධාන වශයෙන් එකොළහේ භාව උපපතියාගේ තත්ත්වය පරීක්ෂා කළ යුතුය.එහි භාව උපපති 2,9,10,11 මෙන්ම කුජට හා ගුරුට සම්බන්ධ විය යුතුය.එය ජයග්‍රහණයට වඩාත් වැදගත් වේ.හය,නවය හා දහය යන භාව වැදගත් වෙයි.හය වැන්න ප්‍රතිවාදියා පැරදවීමත් නව වැන්න රාජධානිය සහ භාග්‍යස්ධාථානයත් වෙයි.නවය සාමාන්‍යයෙන් ප්‍රතිවාදියාට වාසිදායක වුවත් මේ කාරණයේදී එය අත්‍යවශ්‍ය වෙයි.දසවැන්න පරිපාලනය හා තනතුර පෙන්වයි.
මහින්ද රාජපක්ෂ මහතා මෙවරත් ජයගනීද?
ප්‍රශ්නය වෙනුවෙන් ඉදිරිපත්ත කළ අංකය 116යි.මේ ප්‍රශ්නය තමන් නොව වෙනත් අයෙක් වෙනුවෙන් ඇසූ එකකි.එනම් තෙවන පාර්ශවයකි. නවවැනි භාවයෙන් ඒ පිළිබඳ පෙන්නුම් කෙරෙන බැවින් ප්‍රශ්නය විග්‍රහ කළයුත්තේ කන්‍යාවෙන් නවවන භාවය හෙවත් වෘෂභය පාදක කොට ගෙනය. මීට සරළම විග්‍රහය දියහැක්කේ වෘෂභ ලග්න කුණ්ඩලිය(ලග්නය වශයෙන් )ගෙනහැර දැක්වීමය. මෙහි සඳු මකරයේඅංශකදහයයි දශම නවයේ වෙයි.මෙය සඳුගේ නැකත හා උපස්ථානයයි. භාව වශයෙන් සඳු ශනිගේ නවය හා දහය නිවේදනය කරයි.එකොළහ අධිපති ගුරුගෙන් සඳුට (අංශක 162) දෘෂ්ඨි ලබයි.තුන,නවය,දහය හා එකොළහ නිවේදනය වනවිට මෙය ලොකු තනතුරක් බව පෙනේ.තත්ත්කාලය නිවැරදිවම අසුවී ඇත.
මීලඟට එකොළහ උපඅධිපතියා පිහිටා ඇත්තේ කෙසේදැයි පරීක්ෂාකරමු.එහි භාව ස්ඵුටය පහලොවයි දශම හතරයි බින්දුව වේ.එහි රාශිය අධිපති හා උපඅධිපතියා ද ගුරුය.නැකැත්පති ශනිය. ගුරු අට,එකොළහ අධිපතියා ලෙස තුන්වැන්නේ සිටිනුයේ හයේ සිටින දෙක,පහ අධිපති බුධගේ නැකතේත් හයේම සිටින නවය දහය අධිපති ශනිගේ උපස්ථානයේත්ය.මෙහි එකොළහ උපපතියා ප්‍රබල ලෙසම දෙක,හය,නවය,දහය හා එකොළහ නිවේදනය කරන ආකාරය දැකිය හැක.ගුරුට කුජගෙන් අංශක 150ක දෘෂ්ටියක් ඇත.
නවයේ උපපතියාගේ තත්ත්වයද විමසමු.
නවය උපපතියා ඡායා ග්‍රහයකු වූ රාහුය.රාහු සඳුගේ නැකතේත් හය වන භාවයේ සිටින රවිගේ උපස්ථානයේත් සිටී.බුධ හයවැන්නේ සිටිමින් දෙවැන්නේ හා පස්වැන්නේ අධිපතිත්වය දරයි.තෙවැන්නේ සිටින අට,එකොළහ අධිපති ගුරුගෙන් ද රාහුට ප්‍රබල දෘෂ්ටියක් ඇත.අට වැන්නේ සිටින දොළහ අධිපති කුජගෙන් ද රාහු දෘෂ්ඨි ලබයි. සමස්තයක් වශයෙන් ගත්කල දෙක, තුන, හය, එකොළහ යන වාසිදායක භාව මෙන්ම අට,දොළහ හා පහ යන අවාසිදායක භාවද නිවේදනය කරයි.එකොළහේ උපපති තරම්ම නොවුනත් රාහු වාසිදායක භාව නිවේදනයේ දී ඉදිරියෙන් සිටී.
හය උපපති සඳු තෙවැන්නාධිපති ලෙස අටවැන්නේ සිටින්නේ තමාගේම නැකතේ හා උපස්ථානයේය. එකොළහ අධිපති ගුරුගෙන් ද දෘෂ්ටි ඇත. සඳු ශනි නිවේදනය කරනු හැර එතරම් ප්‍රබලව ක්‍රියාත්මක නොවේ.
දහය උපපතියා පිළිඳවද විමසීම වැදගත් වෙයි. බුධ දෙක,පහ අධිපති වශයෙන් හයවැන්නේ තැන්පත්ව ඇත්තේ එහිම සිටින නවය,දහය අධිපති ශනිගේ නැකතේ හා උපස්ථානයේය. මේනිසා දහයේ උපපතියාද මෙහි අතිශයින් ප්‍රබලය.
තත්කාලය පමණක් නොව අතිරේඛ කාරණා කෙරෙහි ද අප යොමු වුවහොත් බලයේ සිටින මහින්ද රාජපක්ෂ මහතා සිය තනතුරේ තවදුරටත් රැඳී සිටීමට තරඟ වදිනවා විනා නව පත්වීමකට තරඟකරන්නේ නැති බව සිතතබා ගතයුතුය.(cotest for retaining the title) මේ නිසා අප රවිගේ තත්ත්වය විමසමු. සිව්වැන්නාධිපති ලෙස රවි හයවැන්නේ සිටිනුයේ නවය හා දහය අධිපති ශනිගේ නැකතේත් රවිගේ උපස්ථානයේත්ය.රවි එකොළොස්වන භාව ස්ඵුඨයට ද ප්‍රබල ත්‍රිකෝණයක් දෘෂ්ටික් හෙළයි. හය, නවය, දහය, එකොළහ සහ ලග්නය ප්‍රබල ලෙසම තනතුර රැකගන්නා බව පෙන්වයි.
මෙහි ප්‍රතිවාදියා පෙන්වන්නේ වෘශ්චිකයෙනි.වෘශ්චික පාදක කොට ගෙනද ප්‍රතිවාදියාගේ හය, නවය, දහය හා එකොළහ යන භාව උපපතීන්ගේ තත්ත්වය පරීක්ෂා කළ හැක. ඒවායේ භාව උපපතීන් වන්නේ ශනි, රාහු හා ශුක්‍රයි. ශනි තුන, හතර, නවය, එකොළහ හා දොලහ නිවේදනය කරයි.රාහු දෙක,එකොළහ සහ දොළහ නිවේදනය කරයි.ශුක්‍ර පහ,හත,අට,එකොළහ හා දොලහ නිවේදනය කරයි.
සමස්තයක් වශයෙන් ගත්කල පහ,අට,එකොළහ හා දොලහ වනබව පෙනේ.පහ,අට සහ දොලහ ඉස්මත්වීමත් හය හ දසවන්නේ නිවේදනය ඉතා දුර්වල වීමත් තරඟය ජයගැනීමට නොහැකි බව පෙන්වයි.
මේ තරගයෙන් මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යයෙන්ම ජයගෙන තම තනතුර රැකගන්නා බව ක්‍රිෂ්ණමූර්ති තත්කාලයට අනුව පැහැදිලිවම කිවහැක.
ජ්‍යොතිර්වේදී - පානදුරේ
රෝහන් වීරරත්න
0777-587512

0 comments:
Post a Comment