සසරේ ප්‍රාණසම මිතුරෝ එක්වෙති
එකම ගති පෙන්වා මිථුන-කන්‍යා-තුලා-ධනු-කුම්භ
සහජීවන ලග්න වේ....
එකතු වුනොත් ජයම තමා
අද ඔබ වටා සිටින කල්‍යාණ මිතුරෝ පෙර භවයකද ඔබේ මිතුරෝය. ප්‍රේමය ද, විවාහය ද එසේමය. මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පවතී යැයි කියන්නේ නිකමට නොවේ. මනුෂ්‍යයන් අතර පමණක් නොව ග්‍රහ තාරකා අතරද සතුරෝ මිතුරෝ සිටිති. සෙනසුරු සහ රවි බලවත් සතුරෝය. එහෙත් රවි සහ ගුරු කල්‍යාණ මිතුරෝ වෙති. ඔබ උපන් ලග්නයට ද ලෙංගතුව බැඳෙන ලග්න වේ. ඒ ඇසුරින් සැබෑ ප්‍රාණ සම මිතුරන් මිතුරියන් හඳුනාගන්න.
තමාගේ හොඳම මිතුරා තමාමය. ඒ අනුව ඕනෑම කෙනෙකුට තමන් උපන්ලග්නයේම උපන් අය මිතුරු වෙති. ඔබ උපන්නේ මේෂ ලග්නයෙන් නම් මේෂ ලග්න හිමියන් ඔබේ හොඳම මිතුරන් වේ.
කේන්ද්‍රයක 1-5-9 යනු බලවත් ම ස්ථාන තුනයි. ප්‍රාණ සම මිතුරු ත්‍රිකෝණය නිර්මාණය වන්නේ එම ලග්න තුන මූලික කොටගෙනය. ඔබ අයත් මිතුරු ත්‍රිකෝණය හඳුනාගන්න.
1 මේෂ - සිංහ - ධනු (තේජෝ)
2 වෘෂභ- කන්‍යා - මකර (පධවි)
3 මිථුන - තුලා - කුම්භ (වායෝ )
4 කටක - වෘශ්චික -මීන (ආපෝ)
මේ එක් එක් වර්ගයට අයත් වන ලග්න හිමියෝ එකිනෙකා කෙරෙහි තදින් මිතුරු වෙති. ඊට හේතුව ඔබ දන්නවාද? නිදසුනකට මේෂ - සිංහ - ධනු ලග්න තුන ගතහොත්, ඒවා ගිනි රාශි හෙවත් තේජෝ ධාතුවට අයත් ලග්න වේ. ඔවුන් තුළ තදින් බලපවතින්නේ එක හා සමාන ජෛව රාසායනික ක්‍රියාවලියකි. ශාරීරික උණුසුම සහ රිද්මය ද හැඟීම් - දැනීම් ද බොහෝ විට එක හා සමානය. එකිනෙකාගේ හැඟීම් ඉවෙන් මෙන් එකිනෙකාට දැනේ. කායික සබඳතාවන් ද එසේමය. ඔවුන් එකිනෙකාගෙන් සංතෘප්ත වේ. පණට පණ මිත්‍රත්වයට මෙන්ම විවාහයට ද මේ කදිම ගැලපීමකි. එකිනෙකාට අවනත වන්නේ සසර පුරුද්දකට මෙනි. පධවි- වායෝ සහ ආපෝ (ජල) යන වර්ග තුනෙහි ලග්න හිමියන් ද මෙසේය.
ගැලපීම මෙන්ම නොගැලපීම් ද මෙතැනදීම හඳුනා ගන්න. ගින්දර සහ ජලය එකිෙනකට සතුරුය.එසේම තේජෝ ධාතුවට අයත් ලග්න හිමියන් සහ ආපෝ ධාතුවට අයත් ලග්න හිමියන් එකිනෙකට ගැලපෙන්නේ නැත. ඇයි? එකිනෙකාගේ ගති ගුණ සහ කායික රිද්මයන් ද නොගැලපෙන හෙයිනි. නිදසුකට - ධනු ලග්න හිමියෙක් වෘශ්චික ලග්නකාරියක විවාහ කර ගතහොත් ඒ පූරුවේ කර්මයකි. දෙදෙනාම අසහනයට පත් වේ.
මේ එක් එක් ලග්න වර්ගයන් අතර සහජීවනයක් ද පවතී. එයත් හඳුනා ගනිමු - මේෂ -සිංහ - ධනු යන තේජෝ ලග්න හිමියෝ ද මිථුන - තුලා - කුම්භ යන වායෝ ලග්න හිමියෝ ද ඉතා බලවත් ලෙස එකිනෙකා සමඟ සහජීවනයෙන් බැඳෙති. සරල නිදසුනකින් එය මෙසේ වටහා ගනිමු.
ගින්න හට ගන්නේ ද එය පවතින්නේ ද වායුව නිසාය. වායුව නැති තැන ගින්නක් නැත. ගින්න හෙවත් තාපය නිසා වායුවට කුමක් සිදුවන්නේ ද? වායු ධාතුවේ ක්‍රියාකාරීත්වය තාපය නිසා තව තවත් වැඩි දියුණු වී එය වේගයෙන් පැතිරෙන්නට ගනී. තේජෝ සහ වායෝ ලග්න හිමියන් අතර පවතින්නේ එබඳු සහජීවනයකි. මේ දෙවර්ගයේම අය නිර්මාණකරුවන්ය. පවතින දේ වෙනුවට අලුත් දේ සොයා යන්නෝ වෙති. ලෝකය නවීකරණය කරන්නේ හා යහපත් ලෙසට ලෝකය වෙනස් කරන විප්ලවවාදීන් උපදින්නේ මේ ලග්න හයෙනි. මේ දෙවර්ගය අතර සහජීවනයක් නොතිබුණේ නම් විශ්වය ද, සමාජය ද, පුද්ගලයාද යන සියල්ල මේ ලෙසට පවතින්නේ නැත. ඔබේ ජීවිතයට සමීපවන පුද්ගලයන් නිරීක්ෂණය කර මේ සහජීවන මිතුරා හඳුනා ගන්න.
පඨවි සහ ආපෝ යන වර්ගයන් දෙක අතර ද සහජීවනයක් පවතී. ඒ අනුව වෘෂභ- කටක - කන්‍යා- වෘශ්චික- මකර- මීන යන ලග්න හිමියන් අතර ද සහජීවනයක් ගොඩනැඟේ. ඒ හරියටම පොළොව මත ජලය රඳා පවතිනවා මෙනි. ජලයට රඳා පවතින්නට තැනක් වුවමනාවය. එහෙයින් පොළොව (පඨවි ධාතුව) උපකාර වේ. මේ ජලය පොළොව මත නොතිබුණේ නම් තේජෝ සහ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය නිසා පොළොව වියළී ගොස් එය ගිනි ගත්තේය. පධවි සහ ආපෝ ලග්න හිමියන් අතර පවතිත්නේ එබඳු සහජීවතයකි. එකිනෙකා මත එකිනෙකා රඳා පවතී.
සැබෑ මිතුරා තම මිතුරා සතුරන්ගෙන් සහ විපතික් බේරා ගනී. විශ්වයේ ක්‍රියාත්මක වන්නේ ද ඒ නිසාමය.
මීළඟට වශීකාරක ලග්න හඳනා ගනිමු-
මිථුන - කන්‍යා - තුලා - ධනු (පළමු අංශක 15) සහ කුම්භ යන ලග්න තර රාශීන්ය. එනම් මේවායේ සංකේත ලෙස ගෙන තිබෙන්නේ මිනිස් රූපයන්ය. මේ නර රාශි එකිනෙකා කෙරෙහි බලවත් ලෙංගතුභාවයෙන් බැඳෙන්නේ ද සසර පුරුද්දකට මෙනි. මේ ලග්න හිමියන් පස් දෙනාම තුළ අනෙක් ලග්න හිමියන්ට වඩා මනුෂ්‍ය ගති ඉස්මතු කෙරේ. ආදරය- කරුණාව, දයාව, රාගාධික බව, සෞන්දර්ය සහ කලාත්මක දේ කෙරෙහි ඇති හැකියාව, හැඟීම් - දැනීම් සහ විඳිම් යන සියල්ලෙන්ම මොවුන් සමානයෝ වෙති. ඔවුහු එකිනෙකා කෙරෙහි තදින් ආකර්ෂණය වෙති. එමෙන්ම ඉතාම හොඳ හවුල්කරුවෝ වෙති.
මේ ආකාරයෙන්ම, මේෂ- වෘෂභ- සිංහ යන සිවුපා රාශි තුන ද, එකිනෙකා කෙරෙහි ආකර්ෂණය වේ. කටක- මකර - මීන යන ජලජ රාශි තුන ද එකිනෙකා සමඟ වශී වන නමුත් අවාසනාවකට මෙන් වෘශ්චික ලග්නය තනි වේ. එය කීට රාශියකි. වෘශ්චික ලග්නය හිමියන් ප්‍රිය කරන්නේ තවත් වෘශ්චික ලග්න හිමියකුට පමණි. විශ්වයේ කිසියම් අභිරහසක් නිසා. වෘශ්චික ලග්නයට අනෙක් කවරම හෝ ලග්නයක් වශී වන්නේ නැත. ඔවුන්ට තරමක් දුරට හෝ සමීප විය හැක්කේ ජලජ රාශි තුනෙන් උපන් අය සමඟය.
ලබන සතියේ 107 සූත්‍රයෙන් මිතුරන් සොයා ගනිමු.
කේ.සී.ජේ. රත්නායක
0 comments:
Post a Comment