728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-06

    වසල - බ්‍රාහ්මණ

    සම්මා සම්බුදු දේශනාව පරිදි කෙනෙකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙන්මය. මේ ඉගැන්වීම විශ්වයේ පවත්නා තාක් කල් වලංගු වේ.එහෙත් ලෝකයේ දේවල් සිදුවන්නේ නොපිටට ය.
    බොහෝ දෙනා තමන් විසින් තමන්ව විමසනවා වෙනුවට අනුන්වම විමසයි. විනිශ්චය කරයි. තීන්දුව ද දෙයි. එසේනම් ඒ වසල‍ෙයකි. යම් කෙනෙක් තමාගේ අඩුපාඩු දකී ද, අනෙකාගේ යහගුණ අගයයි ද, තමන් නොදන්නා බව දනී ද ඔහු බ්‍රාහ්මණයකි.

    ජ්‍යොතිෂය ඉතා මැනවින් මේ සත්‍යය පසක් කොට ගත් ආධ්‍යාත්මික භාවනාවකි. ඕනෑම පුද්ගලයකුගේ බ්‍රාහ්මණ ගති මෙන්ම වසල ගති ද කේන්දරයෙන් පෙනේ. වසල ගති ඇති අයකුට වුවත් එය අවබෝධ කොට ගෙන අඩුපාඩු සාදා ගත හොත් බ්‍රාහ්මණයකු විය හැකි බව මේ විශ්ව ශාස්ත්‍රයෙන් මොනවට පෙන්වා දෙයි‍. අප ජ්‍යොතිෂය භාවිතා කළ යුත්තේ ඒ සඳහාය. එනම් වසල ගති අවම කො‍ට ගෙන බ්‍රාහ්මණ ගති ඉස්මතු ‍කිරීමටය.

    කිසියම් අ‍ෙයකු තම වසල ගතිම උද්දීපනය කිරීමට ජ්‍යෙතිෂය වැනි උතුම් ශාස්ත්‍රයක් භාවිතා කරන්නේ නම් ඔහු නිසැකයෙන්ම මරණයෙන් මතු රෞරව නම් මහා නරකාදියේ උපදින බැව් පුරාණ ඝෘෂිවරු පෙන්වා දුන්හ.

    හැම විටම අනෙකා විනිශ්චය කිරීමට පෙර තමා විසින් තමාම විනිශ්චය කොට ‍ගැනීම ඉතාම අගනේය. මක් නිසාද යත් ආචාර්ය මහාචාර්ය පට්ටම්, උපාධි සහතික හෝ පුම්බාගත් කුණු ශරීරාංගවලින් හෝ බ්‍රාහ්මණ ගති පෙන්විය නොහැකි නිසාය. බ්‍රාහ්මණයා යනු කයෙන් ද මනසින්ද උසස් තැනැත්තාය.
    කෙනෙකු කවරෙකු දැයි තීන්දු වන්නේ අන් කිසිවකින්වත් නොව ඔහු විසින් කරනු ලබන ක්‍රියාවෙන්මය. එහෙයින් පුරසාරම් සහ තමන් තමන්ටම ලොක්කා යැයි සිතීමේ පුහු මානසිකත්වය දුරු කර ගැනීමට නම් පළමුවෙන්ම තමන් නොදන්නා බව දැන සිටිය යුතුය. එවිට නිහතමානීව සියල්ල ඉගෙන ගත හැකිය. ජ්‍යොතිෂය ඒ සඳහා ඕනෑම කෙනෙකුට ඉතා විශ්වාසදායක ගුරුවරයකු බවට පත් වන්නේය.

    න ජච්චා වසලෝ හෝතී
    න ජච්චා හෝතී බ්‍රාහ්මණෝ
    කම්මනා වසලෝ හෝතී
    කම්මනා හෝතී බ්‍රාහ්මණෝ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: වසල - බ්‍රාහ්මණ Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top