මානව සමාජයක විවිධ විෂමතාවලින්ද,
සමානකම්වලින්ද පිරිණු පුද්ගලයෝ ජීවත්වෙති. නවග්‍රහයන් තුළින් ද විද්‍යාමානවන්නේ මෙම
ලක්ෂණය. ග්‍රහයන් අතර ද විෂම ගති ලක්ෂණ මෙන්ම සමාන ගති ගුණයන් දක්නට ඇත. ඒ අතරින්
ග්‍රහයන්ගේ ලෝකෝත්තර ගති සහ ලෞකික යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකි. කුජ අයත් වන්නේ
ලෞකික ගතිගුණවලින් සමන්විත ග්‍රහයන් අතරටය.
ලෞකික ජීවිතය සඳහා සෘජුවම බලපැවැතවෙන යුද්ධය, කාමය, වැනි අංශයන්ට අධිපතිත්වය දරන්නේ කුජය. එපමණක් නොව එදිනෙදා මිනිස් ජීවිතයට සමීප අංග ගණනාවක් සඳහා ද කුජ කාරක ග්‍රහයා වෙයි.
කුජ ආයුධවලින් ද, ගින්නටත් කාරක වෙයි. යානවාහන සම්බන්ධයෙන් කුජට මෙම අයිතිය ඇත. එම නිසා කුජ බලවත් වූ පුද්ගලයෝ වාහන හිමිකරුවෝ වෙති.
සහෝදරයෝ සම්බන්ධයෙන් කාරක ග්‍රහයා වන්නේ කුජය. ආත්ම ධෛර්ය, සංග්රාමයෙන් ලබන ජය, ඉඩකඩම්, ලේ වැගිරීම්, සන්නද්ධ හමුදාව, තරගකාරී ක්‍රීඩා කෙරෙහි ද කුජ ආධිපත්‍ය දරයි. කුජගෙන් නියෝජනය වන ශරීර අංග පිළිබඳ සැලකීමේ දී හිස, නළල, නාසය, බාහිර ලිංගේන්ද්‍රිය, රුධිරය , මාංශපේශී, රුධිර නාළ, ඇට මිදුල ප්‍රධානවෙයි.
කුජ භෞම නම් වූ අන්වර්ථ නාමයකින් හඳුන්වයි. ඊට හේතුව කුජ විවාහයට බලපෑම් කෙරෙන භෞම දෝෂය ඇති කෙරෙන ග්‍රහයා නිසාය. ජන්ම කේන්දයක 1,2,4,7 ,8,12 යන රාශිවල කුජ සිටීමෙන් භෞම දෝෂය ඇති වී විවාහය කැඩී බිඳී යාමට බලපැවැත්වෙන බව ජ්‍යොතිෂයේ දැක්වේ.
කුජ කෲර ගති ඇති පුරුෂ ග්‍රහයෙක් ලෙසත් පාපී ග්‍රහයෙක් ලෙසත් හැඳින්වේ. ග්‍රහ යුද්ධයේ දී ක්‍රියාකාරී ග්‍රහයා වන්නේ ද කුජය. යම් කේන්ද්‍රයක කුජ බලවත්ව යෙදුනොත් බුධගෙන්, රාහුගෙන්, ශනිගෙන් එන දෝෂ පහකර හැරීමේ ගුණයක් කුජ ග්‍රහයා සතු බව දැක්වේ.
මේෂයටත්, වෘශ්චිකයටත් අධිපතිත්වය දරණු කුජ ග්‍රහයාගේ උච්ච භවනය මකර ය. කටකයාගේ නීචවන මෙම ග්‍රහයා දහවෙනි භාවයේ තැන්පත් වූ වි ට දිග්බලවෙයි. මුවසිරස, සිත,දෙතට යන නැකැත්වල අධිපතිකම දරන කුජගේ මහ දශාකාලය වසර 07 කි.
කුජගේ දශාවේ කුජ අන්තරය (මාස 04 දින 27)
මෙම අන්තරය ඉතා කෙටි කාලයකට සීමාවන නිසා කරදර බාධක ඉවසා සිටීමෙන් සැනසීම හිමි වේ. එතරම් යහපත් කාපරිච්ඡේදයක් ලෙස හැඳින්විය නොහැක. රාජ්‍ය භය, රජයෙන් හිරිහැර ඇති වන කාලයකි. ළඟ නෑයන් සමඟ සතුරුවීමට සිදුවේ. පවුලේ අයගෙන් දුරස්ව සිටීමට කටයුතු යෙදේ. ව්‍යාපාර කටයුතුවලින් අලාභ, ව්‍යාපාර වසා දැමීමට සිදුවීම වැනි තත්ත්වයන්ට මුහුණදීමට සිදුවේ. සුනඛ සතුන්ගෙන් කරදරවීමට ඉඩ ඇත. විශේෂයෙන්ම සුනඛ සපා කෑමට ලක්වීමට සිදුවිය හැකිය. චර්ම දූෂණ රෝග, විෂවර්ග, ශරීරගතවීම මෙන්ම මරණය සිදුවිය හැකිය.
කුජගේ රාහු අන්තරය( අවු 01 දින 18)
සිතේ කරදර ඇතිවන කාලයකි. මාන්දම් රෝග ඇතිවීමට බලපානු ඇත. ඇඟපත වේදනාව, සමාජ රෝග උසකින් වැටීම වැනි රෝග ව්‍යාධි මෙන්ම අනතුරුවලට මුහුණදීමට සිදුවේ. පල ප්‍රයෝජන ලබන ඉඩකඩම් අහිමිවීම, දැනට කරගෙන යන ව්‍යාපාර වෙනස්වීම සතුරන් ඇතිවීම, සමාජය තමාකෙරේ වරදවා වටහා ගැනීම, ආදී කරදරවලට මුහුණපෑමට සිදුවන කාලයකි. මෙම ග්‍රහයන් ඉතා පිහිටිවිට මරණය පවා සිදුවිය හැකිය. එහෙත් සුබව පිහිටියහොත් ව්‍යාපාරවලින් ලාභ අත් වේ. ව්‍යාපාර පුලුල්වීම වැනි යහපත් ප්‍රතිඵලද ලැබිය හැකි වේ.
කුජගේ ගුරු අන්තරය (මාස 11 දින 06 )
සුබව පිහිටිවිට සුබ කාලයකි. මෙතෙක් පැවති කරදර දුරු වේ. ඉඩකඩම් දේපල වස්තුව ලැබෙන කාලයකි. සතුටෙන් සැහැල්ලුවෙන් විසීමට හැකිය. සාමාන්‍ය දියුණුවක් ඇති වේ. නොහිතන ලෙස අන් අයගේ උදව් උපකාර ලැබිය හැකිය. එහෙත් අසුබ පිහිටීමකදී ස්වසන ආබාධ වස්තුව දේපල හැකි ඇතිවීමට බලපෑ හැකිය.
කුජගේ ශනි අන්තරය (අවු 01 මාස 01 දින 9)
නෑදෑයන් සතුරවීම නිසා කරදර ඇති වේ. භෞතික සැප සම්පත් ලැබීමට යාමෙන් වස්තුව විනාශවෙයි. තමාගේ දේපල රාජ්යසන්තකවීම වීම වැනි කරදරවලට මුහුණ පෑ හැකිය. වතුපිටි විනාශවීම, භවයෝග, ගවමහේෂාදී සතුන්ට හානිවීම වැනි තත්ත්වයන්ට මුහුණදීමට සිදුවේ. සමාජ විරෝධී, දූෂිත දේ සමඟ බැඳීම නිසා අපවාද ලැබීම, දබර, කලකෝලාහලවලට පැටලීම, නඩුහබවලට මුහුණදීමට සිදුවීම, නම්බුව කැලැල්වීම, ඥාතියකුගේ මරණය වැනි දේ මෙන්ම රෝග අතරින් අමාශගත රෝග ඇතිවීමට බලපානු ඇත. ශනි යහපත්ව පිහිටීමට වන්දනා ගමන්බිමන් සඳහා අවස්ථාව ලැබේ.
කුජගේ බුධ අන්තරය මාස 11 දින 27
යහපත් කාලයකි. වෙළහෙළඳාම්වලින් ලාභ හිමිවේ. ගරු නම්බුව ලැබීමට කටයුතු යෙදේ. යහපත් ස්ථානයකට ස්ථාන මාරුව, සුඛෝපභෝගී දේ ලැබීම නිවාස හිමිවීම, අධ්‍යාපන අංශයේ උසක් දියුණුව මංගල උත්සවවලට ප්‍රිය සම්භාෂණ වැනි දේට සහභාගීවීමට අවස්ථාව ලැබේ. එහෙත් අසුබ පිහිටීමක් ඇතිවිට සතුරු කරදරවලට මුහුණදීමට සිදුවේ.
කුජගේ කේතු අන්තරය ( මාස 04 දින 27)
විශේෂයෙන්ම සිතේ කැලඹිලිගතිය ඇතිවීමට බලපානු ඇත. වසවිස නිසා කරදර ඇති වේ. නරක දේ සඳහා මුදල් වස්තුව විනාශවීම විදුලියෙන් අනතුරු ඇතිවීමට ඉඩ ඇත. පවුලේ සමඟියට බාධා ඇතිවන කාලයකි. විවාහ සහකරු/ සහකාරියගේ ජීවිතයට අනතුරුවීම වැනි අයහපත් දේ ද සිදුවිය හැකිය.
කුජ දශාවේ ශුක්‍ර අන්තරය (අවු 01 මාස 02)
සුබ පිහිටීමක් ඇතිවිට ඉතා සුබය. අලුත් රැකියා ලාභ කීර්තිය පැතිරීම, සතුරන් පරාජය වීම වන්දනා විනොදගමන් යාමට අවස්ථාව ලැබීම වැනි අවස්ථාවන් ලැබේ. ලෞකික ජීවිතයට අවශ්‍ය බොහෝ දේ හිමිවන කාලයකි. විචිත්‍ර ඇඳුම් පැළඳුම්, යානවාහන , සුවඳවිලවුන් ඒ අතරින් ප්‍රධානවෙයි. කාම ශක්තිය වර්ධනය වේ. භාර්යාවගේ පාර්ශවයෙන් දේපල වස්තුව හිමි වේ. සහෝදරයෙකුගෙන් ධනය ලැබීමට පුළුවන. දරු සම්පත් බලාපොරොත්තුවන අයට එම ප්‍රාර්ථනා ඉටුවන කාලයකි.
කුජගේ රවි අන්තර් (මාස 04 දින 06)
මිශ්රඵල උදාවන කාලයකි. මුදල් ලාභ හිමිවේ. දුර පළාවලට ගමනබිමන් යෙදේ. එහෙත් මෙම ගමන්වලින් අලාභ ඇති නොවේ. උසස් අය හමුවීම එයින් වාසි ඇතිවීමට මෙම කාලය බලපැවැත්වේ. සතුරන් පරාජයක් නිසා සිත්වේදනා විඳීමට ඉඩ ඇත. ව්‍යාපාර, අධ්‍යාපනය ආදී කටයුතුවලින් නිශ්ඵල ප්‍රතිඵල ඇතිවීමට ඉඩ ඇත. ගින්නෙන් ප්‍රවේශම් විය යුතුය.
කුජ දශාවේ චන්ද්‍ර අන්තරය (මාස 07 දින 07)
මානසික සුව සහනය ලැබීමට හේතු වේ. චිත්ත ධර්ම ි ශාස්ත්‍රයක් ඉගනීමට අවස්ථාව ලැබේ. ව්‍යාපාරවලින් සාමාන්‍ය ලාභ ලැබේ. නිවෙස අලුත්වැඩියාව සඳහා කටයුතු යෙදෙන කාලයකි. නොසිතූ වස්තුව හිමිවීමට ද මඟපෑදෙනු ඇත. කුජගේ සඳු අන්තරය කාමුක සිකුවිලි ඉහළ යන කාලයක් ලෙස හැඳින්විය හැකිය. එම නිසා අන්ධානුකාරනයෙන් කටයුතු කිරීමට ඉඩ ඇත.
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ඇල්බට් සුදසිංහ
සටහන - ලක්ෂ්මී වික්‍රමසිංහ

0 comments:
Post a Comment