728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-21

    සඳු කට­කයේ සිටි­යදී උපන් කත; අඩු­පාඩු හදා ගත්තොත් ගෙද­රට සිරි­ක­තකි


    ඔබ කාන්තා­වක නම්; ඔබේ ඇතු­ළා­න්තයේ සැඟ­වුණු රහස් පෙන්වන කැඩ­ප­තක් අපි ඔබේ  අතට දෙමු. ඔබ ගැන කියන මේ ‍තොරතුරු කෙත­රම් නිව­රැදි දැයි බලන්න.  ඊට පෙර මේ පාඩ­මත් මතක තබා ගන්න.  ලග්න­යට කියන තවත් නමක් වන්නේ ජන්ම රාශි­යයි. මේ රාශි චක්‍රය , මේෂ - වෘෂභ- මිථුන- කටක- සිංහ- කන්‍යා- තුලා- වාශ්චික  ධනු- මකර - කුම්භ - මීන යන පිළි­වෙ­ළට පවතී. එය වෙනස් වන්නේ නැත. ඔබේ කේන්ද්‍රයේ පළ­මු­වැනි කොටුව ඔබේ ලග්නය ලෙස ගත යුතුය. මේෂ ලග්නයේ උපන්නේ නම් කිසිම ගැට­ලු­වක් නැතිව පෙර කී පිළි­වෙ­ළට කොටු­වෙන් කොටුව ගණන් කර ගෙන යන විට රාශි දොළොස ඉහත පිළි­වෙ­ළට හඳු­නා­ගත හැකිය. ඔබ උපන්නේ ධනු ලග්න­යෙන් නම්;  ඔබේ  කේන්ද­රයේ පළමු කොටුව ධනු රාශිය ලෙස ගත යුතු අතර දෙවැ­න්නට ‍මකර, තුන්වැ­න්නට කුම්භ, සිව්වැ­න්නට  මීන, පස්වැ­න්නට මේෂ යනාදී වශ­යෙන් ගණන් කළ යුතුය.

    සඳු ග්‍රහයා කටක රාශියේ සිටි­යදී උපන් කාන්තාව  අමු­තුම චරි­ත­යකි. ඇය  කල්පනා සාග­රයේ  පතු­ළෙ­හිම කිමි­දෙ­න්නීය. පියවි ලෝක­යට වඩා  මායා­කාරී ලෝක­යක රැජිණ බවට පත් ‍වේ.  ඇතැම් විට ඉතාම ආග­මික  භක්තිය  ඇති  ශ්‍රද්ධාව පෙරටු කර ගත් සිතින් ජීවත් වේ. තවත් විටෙක ඉතාම කල­බ­ල­කාරී ඉස්පා­සු­වක් නැති හදි­සි­ය­කින් ක්‍රියා කරයි.

    ඔබගේ ජන්ම කේන්ද­රයේ සඳු ග්‍රහයා තැන්පත්ව සිටින්නේ කටක රාශියේ නම්, ඔබ නිතර නිතර සිති­විලි වෙනස් කරන තැනැ­ත්ති­යකි. එක අර­මු­ණක සිත පිහි­ටුවා ගැනීම අසී­රුය.  එහෙත්  ඔබ පින්ව­න්ති­යකි. හැම විටම පින් - පව්  ගැන මෙනෙහි  කරයි.  සුදු - ලා නිල් - රන්වන් පාට සහ රිදී ඔබගේ ජය වර්ණ වේ. කායි­කව ඔබ ඉතා උදා­සීන චරි­ත­යක් ලෙස පෙනී යා හැකිය.  ඔබ හොඳ මවකි. හොඳ පති­නි­යකි. එහෙත් ප්‍රේමයේ දී  පරා­ජි­තය. ඔබේ සහ­කරු තෘප්ති­මත් කිරී­මට ඔබ අපො­හො­සත්ය.  මේ දුබ­ල­තාව  වටහා ගෙන ගෘහ ජීවි­තය ගෙන යෑම මැනවි.

    ශරී­රයේ අධික බර, තර­බා­රුව, ජීවි­තයේ  මැදි­වියේ දී ඔබ වෙත ළඟා වේ. අධික නින්ද, දහ­වල් නින්ද නිහඬ  සතුරෝ වෙති.
    දර්ශ­නය, ආග­මික විශ්වා­සය, මනෝ­වි­ද්‍යාව සහ  ගුප්ත   විද්‍යා­වන් කෙරෙහි  මහත් සේ ඇලුම් කරන ඔබ ආශ්චර්ය ජනක   යමක්  සිදු­ව­න­තුරු ප්‍රශ්න   මඟ හරි­මින්  කාලය ගෙවා දමයි. ක්ෂ්ණිකව තීන්දු ගන්නා නමුත් ඒවා ක්‍රියා­ත්මක කරන්නේ අඩු­වෙනි.

    සෝමාරි ගතිය, වුව­ම­නා­වට වඩා ස්ත්‍රීභා­වය හිසට ගැනීම, නිසා ඔබට ඉදි­රි­යට යෑම සඳහා ලැබෙන අව­ස්ථා­වන් මඟ හැර ගනී. ඉහත කී දුබ­ලතා මඟ හරවා  ගත­හොත් ඔබ ගෙද­රට සිරි­ක­තකි.
    ආහාර - පාන - ඇඳුම්-  පැළැ­ඳුම්  යනා­දි­යෙන් ඔබ කිසිදා අග හිඟ­ය­කට පත් නොවේ. ඉතාම නරක කල දසා­ව­කදී වුවත් ඔබට වුව­මනා සියලු දේ ලබා ගැනී­මට කෙසේ  හෝ මඟ පෑදේ.   ඔබ මවක නම්  ඔබේ දරු­වන්ට  කිසිදා කුස­ගින්න පීඩා­වක් බවට පත් නොවේ.

    දසන් දක්වා පුළුල්ව හිනැ­හෙන විට ඔබේ ශරීර මාංශ චල­නය වේ. අධික දුක හා අධික සතුට යන අවස්ථා දෙකෙ­හි­දීම ඔබගේ නෙත් අඟ තෙත් වේ. එහෙත් ඔබට සියල්ල ඉක්ම­ණින් අම­තක වන හෙයින්  ඉතා වේග­යෙන් යථා තත්ත්ව­යට  පත් වේ.

    බර  අඩි තබා ගමනේ යන ඔබට බොහෝ විට  හිමි වන්නේ ඇත්  ගම­නකි.  ප්‍රිය සම්භා­ෂණ, සමිති සමා­ගම්, යනා­දි­යෙහි  උසස් තැනත් හිමි වේ. රැකි­යා­වක නියුතු කාන්තා­වක් නම්  විධා­යක ශ්‍රේණියේ තන­තුරු නිතැ­නින්ම හිමි වේ. අන් අයට  අව­වාද අනු­ශා­සනා පැවැ­ත්වී­මට ද   මැය සතු දක්ෂ­තාව කැපී පෙනේ.
    දරු සම්පත් බහුල කාන්තා­වකි. එමෙන්ම දාරක ස්නේහය  පිරි දයා­බර  මවකි. තමාගේ දරු­වන්ට මෙන්ම අන් දරු­වන්ට ආද­ර­ණීය වේ. පරි­ත්‍යා­ග­ශී­ලී­වන අත­රම තමා වෙත තෑගි  බෝග ලැබීම සම්බ­න්ධ­යෙන් ද තුටු පහටු වේ.

    අර­ලිය, වතු සුදු ආදී මල් වර්ගද , හිම තලා­වක් ද සිහි­නෙන් දකී. නිදන විට ගෙර­වීම ඔබ සතු තවත් දුබ­ල­ක­මකි.  මැදි­වි­යට  එළ­ඹී­මත්  සම­ඟම ඔබ වඩාත්  තල­තුනා පෙනු­මක් ආරූඨ  කර ගන්නා අතර ලිංගික  ජීවි­තය පිළි­කෙම් කර­න්නට ගනී.  විවාහ සංස්ථාවේ පැවැ­ත්මට මෙය තර­මක  බාධා­වකි.
    ඔබ සතු ‍ලොකුම දුබ­ල­කම වන්නේ සිත මිස කය නැති බඹ­ලො­වක  හෝ ‍මේ කාම ලෝකයේ ජීව­ත්ව­න්නට උත්සාහ  දැරී­මය.  කෙසේ නමුත් කටක රාශියේ සඳු සිටි­යදී උපන් කත සමාජ  ගෞර­වය දිනා ගන්නා,  බොහෝ පරි­වාර  සම්ප­ත්තිය ඇති වාස­නා­වන්ත තැනැ­ත්ති­යකි.

    මාරියා සැන්ටෝස්   අමෙ­රි­කාවේ සිට
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: සඳු කට­කයේ සිටි­යදී උපන් කත; අඩු­පාඩු හදා ගත්තොත් ගෙද­රට සිරි­ක­තකි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top