728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-06

    ග්‍රහ ගමනයි දිවි ගමනයි

    මේෂ

    පවුලේ සාමාජිකයන් අතර සුහදතාවයක් පෙන්නුම් කරයි.සෞන්දර්යය විෂයන් කෙරෙහි වැඩි උනන්දුවක් ඇතිවේ.ආගමික නායකයින් මුණ ගැසීමටද දාන මානාදී පින්කම්වල‍ට සම්බන්ධ වීමටද ඉඩ ඇත.කුජ- සිකුරු යෝගව මකර රාශියේ ගමන් කරන බැවින් මේ කාලයේ චෝදනාවලට ලක්වීමටත් ධනහානි ඇතිවීමටද ඉඩ ඇත.විදුලිය උණු වතුර ආදියෙන් පීඩා ඇති වීමට ඉඩ ඇති බැවින් පරෙස්සම් වන්න. කුඩා ළමයින් ජල ක්‍රීඩාවලදී සැළකිළිමත් වන්න.
    ජය අංක -8,7,6,1
    ජය වර්ණ-රන්වන්,දුඹුරු

    වෘෂභ
    කලක සිට පැවැති රෝගාබාධයක් තරමක් සුවවන ලකුණු විශාල දේපළ හානියක් ඇති වීමට ඉඩ ඇත.අන්තවාදී ගැටුමක් හේතුවෙන් දේපළ හානියක්ද ඇතිවේ.සතියේ මුල් භාගයේ දුර බැහැර ගමන් ඇති කරයි.පිය පස ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙන අතර නිවාස ලාබ ලැබේ.මග තොටේදී ඇතිවන ඇරවුල් ගතියක් නිසා වාහනයට පාඩු ඇතිවේ.අධ්‍යාපන කටයුතුවලට ශුභයි. ස්වයං රැකියා සම්බන්ධව ඉගෙන ගනී. සති අගදී දුර බැහැර මංගල උත්සවයට සහභාගි වේ.
    ජය අංක- 3,5,6,2
    ජය වර්ණ- රක්ත වරණ හා දම් පැහැය

    මිථුන
    වාහන ගණු දෙනු වකින් ලාභ ලැබේ.ප්‍රමිතියට අනුකූල වැඩ නොකිරීම නිසා ආයතනයෙන් චෝදනා ඇතිවේ.ගොවිතැන් කටයුතුවලට වතුරෙන් අගුණ ඇතිවේ.කර්මාන්ත ශාලාවේ වෙනස් කිරීමට අරමුණු කරයි. රවි මහදශාව පවතින්නේ නම් තරමක් වැඩකටයුතු ප්‍රමාද වේ. යටි සිතේ පැවැති සැකයක් දුරුවන්නේ ඥාතියකුගේ උපදෙස් මතය. විදුලි කාර්මික වැඩකරන්නේ නම් පරෙස්ම්වන්න.රැකියා උසස්වීමක් ලැබීමට පුළුවන.දේශපාලන කටයුතු වෙනස් කර ගනී.මළගිය කෙනෙකුගේ බලපෑම මත අඩු මානසිකත්වයක් ඇතිවේ.
    ජය අංක-2,9,8,6 ජය වර්ණ-සුදු,කහ

    කටක
    ස්වකීය සේවයකයින්ගෙන් හා හිතවතුන්ගෙන් උපකාර ලැබේ.ව්‍යාපාරය නව දියුණු මඟකට යොමු කරයි.සහෝදරයෙකුගේ මංගල උත්සවයකට සහභාගිවේ. මුදල් යොදවා පිටරට සමාගම් සමඟ කරන ව්‍යාපාරවලින් උසස් දියුණුවක් ඇතිවේ.
    අධ්‍යාපන ප්‍රථිපලවල සුළු අඩුපාඩුවක්ඇතිවේ.යතුරුපාදිවල ගමන් යන අය පරෙස්සම් වන්න.මංගල යෝජනා ස්ථිර නොවීම නිසා මව්පියන් සිත් තැවුලට පත්වේ.ලේ ගමන දුර්වලතා නිසා ප්‍රථිකර්ම කිරිමටද ශල්‍යකර්ම කිරීමට ද ඉඩ ඇත.(විශේෂයෙන් රාහු මහදශාව පවතින අයට)
    ජය අංක-8,1,7,5 ජය වර්ණ-නිල්

    සිංහ
    නොතේරී සිදුවූ පාඩුවක් මේ සතියේ දැනගනී.පි‍ටස්තර ගණු දෙනුවක් නිසා තමන්ටද සිත් අමනාපවීමක් ඇතිවේ. විදෙස් ගමනවලට හේතුව ඇත. පාප මිතුරන්ගේ ඇසුරක් නිසා දෙමාපියන්ගෙන් චෝදනා ලැබිය හැක.
    ආර්ථික තත්ත්වය හොඳවන අතර අලුත් රැකියා ලැබීමට හේතුව ඇත. දාන මාන පිංකම් සඳහා සතියේ අග නිවාඩු දැමීමට සිදුවේ.අන්‍ය ආගමිකයන් හා එක්ව ශුභ වැඩක් සැළසුම් කරයි. සමිති සමාගම් වලින් නිලතල ලැබේ. නිවසේ වැඩ කටයුතු නිමාකර ගැනීමට පුළුවන. සෙම් රෝග ඇතිවේ. කෘෂිකාර්මික කටයුතුවලට ජලයෙන් පීඩා ඇති කරයි.
    ජය අංක-2,4,7,5 ජය වර්ණ-තැඹිලි

    කන්‍යා
    උද්යෝගිමත්කම ඇතිවීමෙන් දක්ෂතාවන් පෙන්වීමට පුළුවන.සතුරු කුමන්ත්‍රණ ඇතිවීමෙන් රාජකාරියට බාධා ඇතිවේ.රැකියා සම්බන්ධ ප්‍රශ්න ඇතිවුවත් දිගටම රාජකාරි කිරීමට හැකියාව ඇත.
    සත්ත්ව ගොවිපලක් හෝ සතුන් පිළිබඳ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිතයි.විදෙශිකයින්ගෙන් උපකාර හිමිය.පරිත්‍යාගයට ලැදිය.සමාජ සේවා කටයුතුවල නියැලේ.ලේ කුපිත වීමෙන් හටගන්නා රෝග, දණහිස් ආබාධ ඇතිවිය හැක.
    ජය අංකය-8,1,7,3 ජය වර්ණ-ලා රෝස,රන්වන් පාට

    තුලා
    අධ්‍යාපන කටයුතු බලාපොරොත්තු ලෙස ඉටුකර ගැනීමට නොහැකි වේ. අඩු මානසිකත්වයක් ඇති වේ.ක්‍රීඩාවට උනන්දුවක් ඇතිවේ.යුතුකම් නොපිරිහෙලා ඉටු කරයි. නිසි වෙලාවට ආහාර නොගැනීම නිසා ආම වාත,උදරාබාධ ආදිය ඇති කරයි. මංගල යෝජනාවට එක් පාර්ශවයක් අකමැති වේ. දරුවන් උස් තැනකින් වැ‍ටීමට ඉඩ ඇත. මුදල් ගණු දෙණුවලදී රැවටීමට ඉඩ ඇත.
    ජය අංකය-9,3,4,1 ජය වර්ණ-කහ,කොළ

    වෘශ්චික
    කලකිරුණු සිත් ඇතිව රැකියාව කිරීමට සිදුවේ.මව්පස ඥාතියකුගේ රෝග පීඩා පෙන්නුම් කරයි.හිතුවක්කාර පිරිමි දරුවකු නිසා පවුලේ අසමගිතාවයක් ඇති විය හැක. ජාති ආගම් භේදයකින් තොරව කටයුතු කරයි. කෘෂිකර්මාන්ත ක‍ටයුතුවලට මුදල් යෙදවීම සුබය. දේවාල කෝවිල්වල නිතර ගැවසී වැඩ කිරීමට සිදුවේ. නොසැලකිල්ල නිසා පාඩු ඇතිවේ. මුදල් වංචාවකට හසු වේ.දත්වල ආබාධයක් හටගනී.දේපළ මාරුවකට සිතයි.
    ජය අංකය-2,4,9,5 ජය වර්ණ-රතු

    ධනු
    හෙළ බස අගේ කරමින් තමන්ට කුසලතා ලැ‍බේ. සතුරු උවදුරක් මැඩ පැවැත්වීමට ගොස් තුවාල සිදුවිය හැක. උච්ච ග්‍රහයෙක් දෙවැන්නේ ගමන් කිරීම ලොතරැයි වාසනාවකට ඉඩ ඇත.විවිධ භාෂාවන් ඉගෙනීමට උනන්දුවේ.පවුල් අසමගිතාවයක් ඇතිවේ.ජලයෙන් පීඩා ඇතිවීමෙන් ආදායම පහත බසී. වැරදිකරු වුවත් නීතියෙන් බේරීමට අවස්ථාව ලැබේ.උරහිසේ පිඩාවක් ඇතිවිය හැක.
    ජය අංක-4,1,3,2 ජය වර්ණ-සුදු,ලා නිල්

    මකර
    අනුන්ගේ වැරදි තමන් බාරගැනීමෙන් නීති ප්‍රශ්න ඇති වේ.තරඟවලට ඉදිරිපත්වීමේ දී දෙවරක් සිතන්න. යටි සිතේ පැවැති කුතුහල‍යක් නිසා අසල්වාසීන් සමඟ ඇරවුල් ඇති වේ.විභාගවලට පෙනී සිටීමෙන් උසස් ජයක් ඇතිවේ.
    ක්‍රීඩා ආදී කටයුතු වලට එතරම් ශුභ නැත.හිතවත් කෙනෙක් වෙනුවෙන් ඇප කැපවීමෙන් තමන් තමන්ට පාඩු පෙන්නුම් කරයි. රැකියා උසස්වීමක් සමඟ ස්ථාන මාරැ ද පෙන්නුම් කරයි. නිවසට පාඩු ඇතිවේ. දුරදිග බලා වැඩකිරීමෙන් තමන්ට වාසියක් ඇතිවේ.
    බෙහෙත් විෂවීමක් නිසා හමේ රෝග ඇතිවීමට‍ ඉඩ ඇත.විදුලිය,ගින්දර ආදියෙන් පරෙස්සම් වන්න.
    ජය අංක-4,8,6,9 ජය වර්ණ-තැඹිලි,අළු

    කුම්භ
    අධ්‍යාපන ක‍ටයුතු සඳහා නව පංතියක් තෝරා ගනී.ඉගෙනීමට පාඩුවුවත් ඒවා මඟහැර ගනී. සහෝදරයෙකුගේ විදෙස් ගමනක් පෙන්නුම් කරයි. තුනටියේ ආබාධයක් වැඩිවිය හැක. ව්‍යාපාර කටයුතුවල අඩාලවීමක් පෙන්නුම් කරයි. මිතුරන් වෙසින් ‍එන සතුරන්ගෙන් ප්‍රවේශම් වන්න. තම වචන වැරදීමකින් අන්‍යයන්ට වාසි සැලසිය හැක. වැස්ස නිසා නිවාස අලුත් වැඩියාවට පාඩු වේ. දරුවකුගේ මංගල කටයුත්තක් ස්ථිව වේ.
    ජය අංක- 5,1,9,7 ජය වර්ණ-දලු පාට,රෝස

    මීන
    තමන් බලාපොරොත්තු වූ රැකියා තනතුරක් ලැබේ. රැකියා සම්බන්ධව දුර බැහැර ගමන් ඇති කරයි. වාහන පැදවීමේදී පරෙස්සම් වන්න.අධ්‍යාපන කටයුතුවලදී තරඟයකින් තොරව ජය ලැබේ. ස්ථාන මාරුවක් ඇත.පියාට මේ කාලය අපලයි.වැටීමෙන් පාදවලට පීඩා ඇති විය හැක.හදිසි ධන ලාභ ඇති විය හැක. වෛද්‍ය වෘත්තිකයන්ට විශේෂ වරප්‍රසාද ලැබේ. රාහු බුධ දශා ගතකරන්නන්ට මුදල් පාඩු ඇතිවිය හැක.
    ජය අංක-9,5,2,4 ජය වර්ණ- මිශ්‍ර වර්ණ

    ප්‍රවීණ ජ්‍යොතිෂවේදීනි
    සොමී උඩවත්ත
    • Blogger Comments
    • Facebook Comments

    1 comments:

    1. lagna palapala walata dina sadahan karanwanam wadath hodai sthuthi

      ReplyDelete

    Item Reviewed: ග්‍රහ ගමනයි දිවි ගමනයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top