728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-28

    ඔබේ සහකරු මේ වගේ දැයි බලන්න

    දෙතොල් අතරින් දත් නොපෙනේ නම් ඔහු වාසනාවන්ත සත්පුරුෂයෙකි
    නළලේ රැළි වැඩි නම් දීර්ඝායුෂ භුක්ති විඳී
    නිල් පැහැති දෑස ඉවසිලිවන්තය
    රතු පැහැති දෑස සටන්කාමීය

    පිරිමි වර්ග හතරයි,.ඔබ කැමති කාටද? යනුවෙන් ජනවාරි 14 දා සෙත්මිණෙහි පළ වූ ලිපිය කියවූ බොහෝ දෙනෙක් තව දුරටත් ශරීරාංග මඟින් පිරිමින් හඳුනා ගන්නා ආකාරය පිළිබඳ ලිපි පළකරන්නැයි ඉල්ලා සිටියහ.මෙසේ ඉල්ලීම් කළ වැඩි දෙනා කාන්තාවෝය.අපි එම ඉල්ලීම් සාදරයෙන් පිළිගතිමු.

    ක්‍රිස්තු වර්ෂ 1382 දී පමණ මෙරට අත්තනගලු විහාරයේ වැඩවිසූ අනවමදර්ශී සංඝරාජ හිමියන් විසින් රචිනා කරන ලද "දෛවඥකාමදේනුව"නම් ඉතා සාරගර්භ ජ්‍යොතිෂ ග්‍රන්ථයෙහි දේහ ලක්ෂණ ශාස්ත්‍රය පිළිබඳ පුදුම උපදවන සුළු තොරතුරු අන්තර්ගතය.

    ඒ අනුසාරයෙන් අද පුරුෂ දේහ ලක්ෂණ පිළිබඳ තොරතුරු කිහිපයන් මෙසේ පළකරමු.

    නළලේ රැලි ගණනින් කියන ආයුෂ
    යම් පිරිමියෙකු ගේ නළල ඉහළට ඔසවා සම රැළි නැඟෙන්නට සැලැස්සූ විට තිරස් අතට විහිදෙන රේඛා දැක ගත හැක.කිසියම් පුරුෂයකුගේ නළලේ එවැනි රේඛා පහක් දකින්නට ලැබෙන්නේ නම් ඔහු වසර 100ක් ජීවත් වේ.එම රේඛා ගණන 4ක් නම් ඔහුගේ ආයුෂ වසර 80කි.රේඛා 3ක් නම් වසර 60කි.රේඛා දෙකක් නම් වසර 40කි. එක් රේඛාවක් නම් වසර 20ක් ආයුෂ තිබේ යැයි දෛවඥකාමධේනුවෙහි සඳහන්ය.මෙහිදී එක් රේඛාවකට වසර 20ක් නියෝජනය වේ.

    ඇතැම් විට ලාබාල පිරිමි ළමයකුගේ නළලේ දකින්නට ලැබෙන්නේ එක් රේඛාවක් විය හැකිය.ඒ නිසා ඔහු ජීවත් වන්නේ වසර 20ක් පමණක් යැයි කලබල විය යුතු නැත.මේ දේහ ලක්ෂණය අදාල වන්නේ ලාබාලයන්ට නොව වයස අවුරුදු 30 ඉක්ම වූ හොඳින් වැඩුණු පුරුෂයන්ටය.නළලේ රේඛා ගණන වැඩිනම් ඔහු දීර්ඝායුෂ භුක්ති විඳින බව ‍තේරුම් ගැනීම ප්‍රමාණවත්ය.

    ඇහි බැමි සහ ඇස් පිහාටු මඟින් හෙළිවන පුද්ගල ගතිගුණ
    ඉතා ඝනව සහ සෘජුව ඇස් බැමි පිහිටි පුද්ගලයා කුරිරුය.දයානුකම්පාවෙන් තොරය.ආත්මාර්ථකාමීය. අනුන් පීඩාවට පත්කරවන තැනැත්තෙකි.ඔහුට පින්-පව් පිළිබඳ විශ්වාසයක් නැත. මොවුහු පළි ගැනීමට රුසියෝය.සමාව දීමට හෝ සමාව ගැනීමට හෝ එතරම් කැමති නැත.
    ඇස් පිහාටු ඝනව හෝ තරමක් දිගට විහිදී ඇති පුරුෂයා දකින දකින අඟනුන් කෙරෙහි සිත් ඇති කර ගනී.ඔහු බහු ස්ත්‍රීන් සේවනය කරන තැනැත්තෙකි. එක් කාන්තාවකගෙන් සෑහීමකට පත් නොවන පුද්ගලයෙකි.

    ඇසේ පැහැයෙන් කියන ගතිගුණ
    තරමක් වපර සහිත ඇස් ඇති පුද්ගලයා ‍කේළාම් කීමට රුසියෙකි.අනුන් කෙටවීම විනෝදාංශයක් කර ගනී.මිතුරන් බිඳවීමටද හපනෙකි.අනෙකාගේ දියුණුව දකින්නට නොකැමැතිය.
    කිසියම් පිරිමියෙකුගේ ඇස් සුදු පැහැයට හුරු වූයේ නම් ඔහු ඉක්මන්කාරී චරිතයකි.ඉවසීමක් නැති තැනැත්තෙකි.එමෙන්ම නිතර අපේක්ෂා භංගත්වයට පත්වන පුද්ගලයෙක් වන්නේය.

    මඳක් රතු පැහැයෙන් යුත් ඇස් ඇති පුද්ගලයා රණ ශූරයෙකි.ප්‍රතිවාදීන් පරාජය කරන තැනැත්තෙකි.වේගවත්ය.තියුණුය. එමෙන්ම රාගාධිකය.එහෙත් සාධාරණ සිතිවිලි සහිත දෑස අධිෂ්ඨාන ශක්තියෙන් පිරිපුන් පුද්ගලයෙකි.

    නිල් පැහැයට හුරු ඇස් ඇති පුද්ගලයා ඉවසිලිවන්තය.කල්යල් බලා සටන් වැද ජය ලබයි.නිරවුල් බුද්ධියක් හිමි සාධාරණ තැනැත්තෙකි.
    යම් පුරුෂයකුගේ දෙනෙත පිඟුවන් හෝ බොර පාටට හුරු වූයේ නම්,ඊර්ෂ්‍යාකාරයෙකි.වංචාවෙන් ජීවත්වන තැනැත්තෙකි.අනුන්ගේ දියුණුව දැකීමට නොරිසි වේ. මිතුරන් කොටවන තැනැත්තකු වන අතර අනුන් විපතට පත්කර සතුටු වේ. දෛවඥකාමධේනුවේ "පිංගාතු දුෂ්ට මනසඃ...."යැයි සඳහන් කරනුයේ මෙබඳු පුද්ගලයන්ට දුෂ්ට මනසක් පිහිටන නිසාය.

    දෙතොලින් කියන වගතුග
    යම් පුද්ගලයකු‍ට රතු වූ දෙතොල් පිහිටා තිබෙන අතර එය මැදින් විවරව නොමැති නම්,දෙතොල් අතරින් දත් නොපෙනේ නම් ඔහු වාසනාවන්ත සත්පුරුෂයෙකි.

    කම්මුල් සහ ගෙල
    කිසියම් පුරුෂයකුට මඳක් පිරී ගිය දෙකම්මුල් පිහි‍ටා තිබේ නම් ඔහුට ධනයෙන් අඩුවක් නැත.දෙකම්මුලේ රෝම වැඩෙන්නේ නැති පුද්ගලයකු වේ නම් ඔහු බොරු කීමට රුසියෙකි.ඉතා දිගු ගෙලක් ඇත්තේ නම් ධනයෙන් පොහොසත් නමුත් මසුරු පුද්ගලයෙකි. ඉතාම කෙටි ගෙලක් පිහිටන්නේ නම් කපටියෙක් වන නමුත් එතරම් ධනයක් හිමි නොවේ.

    දෛවඥ කාමධේනුව ඇසුරෙනි.

    කේ.ජී.සී රත්නායක
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඔබේ සහකරු මේ වගේ දැයි බලන්න Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top