728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-21

    ග්‍රහයා දැනගෙන මල් පූජා කළොත් දෙලොවම සරුසාරය


    මල් ගැන කියන මේ කතාව ඈතෑම් විට ඔබ මීට පෙර අසා නො තිබෙන්නට ඉඩ ඈත.ඔබ කෑමති ඕනෑම මලක් සිහිපත් කරන්න එය අරලිය මලක් නම් , ඉමිහිරි සුවඳක් ඔබේ නාසය ඔස්සේ සිරුර පුරා විනිවිද යන්නේය. සුදෝ සුදු, හෝ ලා රතු පැහැති පෙති අග දීප්තිමත් කහ පැහැය හිරු රැස් ලෙස බබලයි.මේ වර්ණ රටා නෙත සුවපත් කරයි. ඔබ මේ මල් පෙති ස්පර්ශ කළහොත්... ඉතාම සුදු මුදු පහසක් දෑනී ඔබේ සියොළග කිති කැවෙන්නා සේ ප්‍රබෝදයක් දෑනේ.

    අරලිය මලක් පමණක් නොව ඕනෑම මලක අපගේ නෙතද නාසයද සමද වහා ප්‍රබෝදයට පත් කරවන අසම සම ගුණ සමුදායක් කෑටි වී පවතී.රූප ,ශබ්ද, ගන්ධ ,රස,ස්පර්ශ,යන පංච කාම සම්පතින් ශබ්දය හැරෙන්නට අනෙක් ගුණ හතරම මලක අන්තර්ගතය.ඈතෑම් විට අති සූක්ෂම ශබ්ද තරංග මලකින් නිකුත් වනවා වන්නට ඇත.ඕනෑම පුද්ගලයකු සිතින්ද ගතින්ද සුව පත් කරවන්නට මලක සතුව ඇත්තේ චමත්කාරජනක ගුප්ත බලයකි.

    සෑම මලක්ම මේ අසිරිය මවන්නේ සූර්ය ශක්තිය උකහා ගෙනය.සදු. කුජ බුද රාහු,ගුරු, ශනි, සිකුරු ආදී ග්‍රහයන් පවතින්නේද එම සූර්ය ශක්තියම පිහිටකොට ගෙනය.එම ග්‍රහයන්ගෙන් ඈතිවන අපල උපද්‍රව දුරු කිරීමට මලක සතුව පවතින ගුප්ත බලය බොහෝ දෙනෙක් නොදනිති.

    තමාට පීඩාකරන ග්‍රහයා හඳුනාගෙන එකී විෂ කිරණ බලපෑම අවම කිරීමට විවිධ ගුනයෙන් යුත් මල් වර්ග භාවිතා කිරීම පුරණ කාලයේ පටන් පෑවත එන ශාන්ති කර්මයකි. ඔබ දෑනට ගත කරන මහ දශාව සොයාගෙන අදාල ග්‍රහයට හිමි මල් වර්ග පූජා කළ යුතුය.අතම් විට මහ දශව මෙන්ම අතුරු දශාවද සෑලකිල්ලට ගත යුතුව තිබේ.නිදසුනකට; යම් පුද්ගලයෙක් ගුරු මහ දශාවේ කුජ අතුරු දශාව ගත කරන්නේ යෑයි සිතමු; ඔහුට ගුරු මහා දශාව සුබ වන නමුත් කුජගේ අතුරු දශාව අහිතකර විය හෑකිය. එවිට කුජ ග්‍රහයාට හිමි මල් වර්ගය තෝරා ගත යුතුය.

    තෙරුවන් වැඳ සිත් පහදවා ගෙන බෝධීන් වහන්සේ වෙත මල් පූජා කොට ඔබගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ ඈතුලු අනෙකුත් දෙවි දේවතාවුන්ටත් අදාළ ග්‍රහයාට හිමි දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න.
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ග්‍රහයා දැනගෙන මල් පූජා කළොත් දෙලොවම සරුසාරය Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top