728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-14

    ඔබේ අතත් මේ වගේ දැයි බලන්න

    මෙවැනි අත් හිමියන් අනුන් විශ්වාස කොට අමාරුවේ වැටේ
    කුඩාකල සිට දෙමාපියන් අවධානය යොමු කළ යුතුයි

    අත් වර්ග හතෙන් අධි සංවේදී පුද්ගලයන්ට පිහිටන අත චෛතසික අත ලෙස සාමුද්‍රකා ශාස්ත්‍රයේ පෙන්වාදී ඇත.මොවුන්ගේ අත් හඳුනා ගැනීමේදී එම අත්වල පිහිටීම හා ස්වභාවය මනාව දැනගත යුතුයි. ඇඟිලි තුඩ උල්ය. ඇඟිලි සිහින්ය. අත්ල ඉතා මෘදුය. අත්ලේ සියුම් රේඛා බොහොමයක් ඇත.අත්ලේ සම ඉතා සිනිඳුය. තුනීය.එබැවින් මොවුන්ගේ අත්ලේ ඇති ශිරා පිටතට පෙනේ.අත්ල රවුම්ය.සිහින්ය. අැඟිලි වැහැරී ගිය ස්වභාවයකින් යුතුය.නිය පුරුක දිගුය.අතේ සෑම රේඛාවක්ම පාහේ හරස් ඉරකින් කැපී ඇත.දම්වැල් ආකාරයේ දුරුවල රේඛා ‍බොහොමයක් ඇත. අතේ ඇඟිලි පහසුවෙන් පිටතට නැමේ.

    මෙවැනි හැඩ රුවක් ඇති අතක් පිහිටි ස්ත්‍රිය හෝ පුරුෂ තෙමේ මනෝ ලෝකයක ජීවත් වන බොහෝ අලස පුද්ගලයන්ය.කළයුතු වැඩ කල්පනා කරනවා විනා ක්‍රියාවට නැංවීමක් නැත.දියුණුව අඩුය.බුද්ධිමත්ය.ඉතා සංවේදී චරිත වන අතර අන්‍යයන් ඕනෑවට වඩා විශ්වාස කර අමාරුවේ වැටේ. කරුණාවන්ත මෙන්ම ත්‍යාගශීලීය.ඉතා පිරිසිදුව අඳියි.ඇත්ත කතා කරයි.තම පෞද්ගලික නිදහස අගයයි.
    ඕනෑවට වඩා කල්පනා කිරීම ඔවුන්ට නරක ආකාරයට බලපායි. මානසික රෝග ඇති විය හැක.අවාසනාවන්ත ජීවිත ගත කරයි. මෙවැන්නෝ ගුප්ත දේ කෙරෙහි ඕනෑවට වඩා ඇලී සිටිති.වයසට යත්ම කලකිරීමෙන් ආගමානුකූල හෝ පැවිදි දිවියක් ගත කිරීමට පෙළඹේ. කිසිවක් එක දිගට නොකරයි. ද්විත්ව චරිතයකි.

    චෛතසික අත හඳුනා ගැනීමේ පහසුව සඳහා මෙන්ම පලාපල ප්‍රකාශ කිරීමේ පහසුව සඳහා වර්ග තුනකට බෙදා විග්‍රහ කරමු.

    *මණ්ඩල හා රේඛා යහපත්ව පිහිටීම.
    වගකීම් ඉටු නොකරන ,ව්‍යාජ ,අවිශ්වාසවන්ත පුද්ගලයෝය.අධ්‍යාපනය අසාර්ථක කර ගනී.සුලු රැකියාවක ‍නියැලේ.

    *මණ්ඩල හා රේඛා දෙකම දුර්වල ව පිහිටීම
    අනුන්ට ඊර්ෂ්‍යා කරන වෛරයෙන් සිත පුරවා ගත් අහංකාර ගති ඇත්තන් වේ.ශාරීරික මෙන්ම මානසික දුර්වලතා ඇති අධ්‍යාත්මිකව පිරිහීමට ලක්ව ඇති පාපයේ නියැලෙන අය වෙති.විවාහය අසාර්ථකය.ජීවිතයේ කිසිදා තෘප්තියක් නොලබති.

    *ප්‍රධාන රේඛා පමණක් ප්‍රබලව පිහිටීම.
    ජීවන රේඛාව, හෘද රේඛාව හා ශීර්ෂ රේඛාව ඉතා ප්‍රබලව පිහිටා අනෙක් රේඛා සියල්ල ගිලී ඇත්නම් නාස්තිය ප්‍රබලය. ආදායම් මාර්ග නැති අසරණ තත්ත්වයේ ජීවත ගත කරති. මෙවැනි අත්ල ඇති දරුවන් හොඳින් රැක බලා ගතයුතුය.චෛතසික අතක් හිමි දරුවා පිළිබඳ මව්පියන් නිසි ලෙස සොයා නොබැලුවොත් දරුවාගේ අනාගතය දුකට පත්වනු ඇත.

    ජ්‍යොතිෂවේදිනී

    මංජුලා පුෂ්පරානි පල්ලෙබැද්ද
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඔබේ අතත් මේ වගේ දැයි බලන්න Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top