ජන්මිෙයකුගේ උප්පත්තිය එම පුද්ගලයාගේ ජන්ම ලක්ෂණ අනුව වැඩදායක කටයුත්තක් කරන්නෙක්ද ඔහු වෙනස් කෙනෙකුට අගනා සුරැකිය යුතු මැණිකක් වනවා කිසිම සැකයක් නැහැ.
ලෝකයේ ප්‍රසිද්ධ ඇදහිය යුතු අද්විතීය පුද්ගලයන් ගැන ඔවුන් ජීවතුන් අතර නැති වුණත් කතා කරන්නේ එම නිසාය. ජ්‍යොතිෂයේ දී කෙනෙකුට සුබ ග්‍රහයෝග පිහිටිය හැක. එසේම අසුබවාදී ග්‍රහ යෝගද පිහිටිය හැකිය. පෙර කළ ඉසිවරුන් විසින් සුබවාදී මෙන්ම අසුබවාදී ග්‍රහයෝගයන් දහස් ගණනක් ඇති බවට මත ප්‍රකාශ කොට ඉදිරිපත් කර තිබේ.
ග්‍රහ තාරකාවන්ගේ බලවත්කම දුබල ස්වභාවය එම පුද්ගලයා මොලොව ජන්ම දායාදය ලබන දිනයේ දීම සනිටුහන් වෙයි. කේන්දර නිර්මාණයෙන් පරීක්ෂණයට ලක් කිරීමේ දී සුබ ග්‍රහයෝග ප්‍රබලව පිහිටා තිබේ. එය විශේෂයෙන් විමර්ෂණයට අවධානය ලක් කෙරේ.
එවැනි විස්තරාත්මක විමර්ෂණයකදී කෙනෙකුෙග් දෛවයේ හාස්කම් මෙන්ම සරදම් එළිපෙහෙළි වෙයි. ඉතාමත් ආකර්ශණී ය මනස්කාන්ත ග්‍රහයෝග ප්‍රබලව පිහිටන කෙනෙකු ඉඩකඩම් කෙත වතු යාන වාහන තනතුරු ධනය තත්ත්වය කීර්තිය ප්‍රශංසාව ජන නායකත්වය ප්‍රසිද්ධිය ආදී අනභිභවනීය අන්දමින් ලැබෙන ජ්‍යොතිෂයේ ඉතාමත් ගැඹුරින් ප්‍රදර්ශණය වේ.
කෙනෙකුගේ වාසනාව හෝ අවාසනාව ග්‍රහයෝග මත රඳා පැවතිය හැකි යැයි කීමද වරදක් නොවේ. ඕනෑම කෙනෙකුගේ ග්‍රහයෝග පිළිබඳව ගැඹුරින් විග්‍රහයක යෙදීමේදී වාසනාවන්ත හෝ අවාසනාවන්ත දිවි මඟකට පිවිස ඇති බව නොවලහා නියත වශයෙන්ම කිය හැකිය. මේ ග්‍රහයෝග සමහරකුට පිහිටන ක්‍රමය අනුව ඉතාමත් අවාසනාවන්ත කලකිරුණු අය අප සමාජයේ ජීවත් වන අය අතර සිටී.
ගොළු බිහිරි අන්ධ කොර ආදී ප්‍රබල ආබාධිත තත්ත්වයන්ට ගොදුරුව ඇත්තේ එවැනි අයයි. ඔවුන් අපගේ දැඩි ආකර්ශණීය අනුකම්පාවට ලක් විය යුතු කොටසකි. එසේ වන්නේ උප්පත්ති ග්‍රහ යෝග බල අනිටු විපාකයන්ගේ ප්‍රථිඵලයක් නිසාය. කෙනෙකුගේ වාසනාව නැත්නම් අවාසනාව උප්පත්තියේ දී ග්‍රහයන්ගේ පවතින හාස්කම් මත සිදුවේ. ග්‍රහයන් දුබල විය දුබල ප්‍රථිඵලද ග්‍රහයන් ප්‍රබල විට ප්‍රබල ප්‍රථිඵලද ඒ ඒ අයට දෙපා ළඟට පැමිණේ. උප්පත්තියේ දී ප්‍රබල ග්‍රහයෝග පිහිටන අයගේ ජීවිතය ලෝකයේ කොතනක කුමන අස්සක මුල්ලක සිටිය ද චමත්කාර, වාසනාවන්ත, කීර්ති, නිලතල නොගෙන සැප සම්පත්වලින් ආඪ්‍යය . එවැනි පුද්ගලයෝ ලොව ජනනායකයෝය. රාජ්‍ය සම්පත් භුක්ති විඳින මහාමාන්‍ය රජවරු ය. ලොව හොඳින් හෝ කුමන අයුරකින් හෝ පාලනය කරන ජනාධිපතිවරුන්ය.
ඒ ප්‍රබල ග්‍රහයෝග කෙනෙකුට පිහිටන ස්වභාවයයි. මෙතෙක් ඔබ හමුවට ගෙනා සියල්ලක්ම, චින්තාමණී යෝගය ඔබට යෙදී ඇත්නම් ඔබට ද මේවා පිහිටයි.
මෙම චින්තාමණී යෝගය ඇතුව යමෙක් උප්පත්තිය කෙරේ ආකර්ශණීය ලෙස ඇද ගැනීමේ මනස්කාන්ත දැකුම්කළු බලයක් හැකියාවක් ඉබේම පිහිටයි. අනගිබවනීය, මනබඳින වශීකෘත රූපකායෙන් අග තැන්පත් වේ. කොටින්ම කියනව නම් හරිම ලස්සන වේ. මහජනයා ඉදිරියට ගියත් පිරිස් බලය තිබේ. අලංකරණීය කතාවෙන් මන බඳියි. සැප සම්පතින් අග තැන්පත් වෙයි. සැමගේ ආදරය දිනාගත් සුන්දර අංගෝපාංගයන්ගෙන් පරිපූර්ණ වේ. පිරුණු සඳක් මෙන් දැකුම්කළු මුව මඬලකින් වර්ණවත් වේ.
චින්තාමණී යෝගයෙන් දුප්පත්, පොහොසත් ආදී කුමන පවුලක ඉපදුනත් ගුණාංගවලින් අඩුවක් නැත. දිළිඳු උනත් මහජන ගෞරවය ලැබේ.
සැප සම්පතින් අඩුවක් නොවේ. වාසනාවන අඩු නොවේ. පුදුම වශීකෘත අදහස් උදහස් ඇති වේ. කොහොමත් තම උප්පත්තියේ ග්‍රහයන්ගේ පිහිටීම අනුව පින පල දෙන බව කිව හැකිය. චින්තාමණී යෝගය ලැබුව ද ඉටු හෝ අනිටු විපාක ලැබෙන්නේ උප්පත්තියේ දී ග්‍රහයන්ගේ බලවත් හෝ දුබලකම් අනුව බව මතක තබා ගත යුතුය.
ලෝකයේ ඕනෑම කෙනෙකුගේ ජන්ම දායකයේ දී පස්වැනි ස්ථානය නව වැනි ස්ථානය එකොළොස් වැනි ස්ථානය ආදි මොනයම් ස්ථානයක හෝ බ්‍රහස්බති ග්‍රහයා හො සිකුරු ග්‍රහයා උච්චක්ෂේත්‍රව එසේත් නොමැති නම් ස්වක්ෂේත්‍ර පිහිටියේ නම් ඔවුන්ට අනිවාර්යයෙන්ම චින්තාමණී යෝගය සනිටුහන් කර උප්පත්තිය ලබා දේ.
රාහු ග්‍රහයා අබල දුබලව සිටියහොත් මෙම යෝගය ප්‍රතිඵල ඒ අයුරින්ම ලබා දීම නොකෙරේ. එම නිසා රාහු 5 වැන්නේ 8 වැන්නේ දොළොස් වැන්නේ පිහිටා නොතිබීමත් අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. කොහොම වුනත් කෙනෙකුට කෙනෙකුට චින්තාමණී යෝගය උප්පත්තියේ දී පිහිටන මනස්කාන්ත ආභරණයක් බඳුය. ආභරණ පැළඳීම ඇත්නම් සරදම් ස්වභාවයට මෙන්ම බැබළීම ද විය හැකිය. ඒ නිසා උප්පත්තියේ දී චින්තාමණී යෝගය චිත්තාකර්ශණීය අපූරු ආභරණයක් වීම ඔබේ වාසනාවේ රන් දොරටුව විවෘත වීමකි.
ජ්‍යොතිෂවේදී
හේමපාල පතිරණ,
0 comments:
Post a Comment