728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-28

    ධනය බලය කොතරම් තිබුණත් විවාහය නීරස නම් ජීවිතයද කටු අත්තකි

    පතාගෙන ආ කෙනා සොයා ගන්නේ කොහොමද ?

    විවාහ වීමට නිසි වයසට පැමිණි ඔබට ඔබ බලාපොරොත්තුවන අංග ඇති අයකු සොයා ගැනීම අපහසු කාරණයක් නොවේ. ඔබට උපකාරවීමට හිතේ අදහස් අනුව ලබා ගැනීමට උපකාරවන විද්‍යාවක් ඇත. එය නිවැරදි ජ්‍යොතිෂ විද්‍යාවයි. අන්ධ අයකුගෙන් තමන්ට යායුතු ස්ථානයක් විමසා දැන ගැනීම අපහසුය. අද පොලවේ බොරළු ගණනට ජ්‍යොතිෂ කාර්යල බිහිවි ඇත. වැඩි තැනක පරිගනක යන්ත්‍ර තබාගෙන ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් ලබාදෙනු ඇත. එම ලැබුණ පිලිතුරට ඔබට අවශ්‍ය කරුනු විමසුවිට නොගැලපෙන වචන සමුහයක් මිසක නිවැරදි පිලිතුරක් නොලැබෙනු ඇත. එයට හේතුව කමක්ද ? ජ්‍යොතිෂ විද්‍යානුගත් පලපුරුදු ,අත් දැකිම් නැති අයකුගෙන් විමසිමය.

    අද බොහෝ දෙනා ලතවන කලකිරුණු ජ්‍යොතිෂ කරුණු-02 රාශියක් ඇත. ඉන් සමහරක් තමා සෙනසුරු 07 වීම කුජ 01 -02-04-07-08-12 විම ශනි කුජ සමග විම හෝ ශනිට කුජ පෙනීම පවුලේ කළුදුල් දරුවා විම . ආදියයි .

    මෙම සියළුම ප්‍රශ්න විසදිම ඉතා පහසුය. අවශ්‍ය වනුයෙ ජ්‍යොතිෂ දැනුම හා පලපුරුද්ද පමණි . මෙම කරුණු පසුගිය වර්ෂ දොලසක් පමණ නිවරදිව විසදා උසස් ප්‍රතිපල ලබා ගෙන ඇත. බොහෝවිට කිසි දැනුමක් නොමැති කපුවන් ඉදිරිපත්වී , මෙහි නැති භයානක තත්වයක් මවා ,මහජනයා අමාරුවේ දමනු පෙනේ. ඕනැම ග්‍රහ පිහිටිමක් නිවැරදිව ගැලපිය හැක. අවශ්‍ය වනුයේ ග්‍රහයාගේ පිහිටිම නිවැරදිව අවබෝධකර ගැනීමය.
    විසෙන් විෂ නැතිවේය පැරණි කියනක් ඇත ඒ ලෙස ඕනෑම ග්‍රහයකුගෙ විෂ මැකිය හැක. නවාංශකය තුළින් , නැකතේ නිවැරදි පාදය හා එම පාදයේ අයිති කරු සොයාගත යුතුය. තවද එම ග්‍රහයාගේ තත්වය අනුව ළදරු- ලමා තරුණ -වයෝවෘධ -වළ ‍යන කුමන කොටසකට අයන්ද දැනගත යුතුය. තවද එම ග්‍රහයා පෙනෙන ග්‍රහයාගෙ පලයද සොයාගත යුතුය.

    ගෘහස්ථම ග්‍රහයාගේ තත්වය දැනගත් පසු මෙය පහසුවෙන් විසඳිය හැක. අද සමාජයෙ ඇති පැරණිම විෂයක්වු ජ්‍යොතිෂය නිවැරදිව දැනගෙන ,ඔබ කැමති, ඔබ ප්‍රිය කරණ අයකු සොයාගත හැක උගත් ධනවත් මහතකු ඔබ බලාපොරොත්තු වනවා නම් ලග්නයෙන් 02 වැන්න 11 වැන්න 05වැන්න රවි ගුරු දෙදෙනා හොඳින් පිහිටා ඇති ජන්ම පත්‍රයක් සොයා ගන්න . ලග්නයෙ පුර සඳු, 05 ගුරු 09 රවි දහයෙ කුජ උච්චව-ස්වක්ෂෙත්‍ර ඇති අයකු නිතරම යම්කිසි ආයතනයක් පාලනය කරන අයකුවේ.

    ප්‍රධානියා නිති ගරුකය. අවංකය - හැම සේවයකුටම එකසේ සලකන අයකි. රාජකාරි වේලවෙන් පසු ඔහු හොද මිත්‍රයකි . මෙවැනි අයකු ස්වාමි පුරුෂයා වශයෙන් ලබාගැනිමට කැමති අය එවැනි ජන්මපත්‍රයක් හිමි මහතකු දසාගත යුතුය. සමහරු ප්‍රිය කරන්නේ එඩිතර, කුමන විදියෙ අවඒථාවක් උදවුවක් ඉදිරියට යන අයකු නම් දෙවැන්නේ ශුක්‍ර, දහවැන්නේ ගුරු බලවත් ජන්ම පත්‍රයන් සොයාගන්න ජනතාව අතරේ සිට ජනතාවගෙන් ගරු බ්‍රහ්‍රමන් ලබමින්, අන්‍යයන් වෙනුවෙන් ජිවිතය කැපකරන අයකු ප්‍රියනම් ධනු රාශියෙ චන්ද්‍රයා හො ගුරු බලවත් ශනි බලවත්ද කුජ මකරේද ඇතිව උපන් අයකුගේ ජන්ම පත්‍රයක් සොයාගන්න.

    ඔබ රජයෙක ගරු නමබු ලබන, ආශ්‍රය කරන කවුරුත් සලකන අයකුනම් සඳ, ගුරු, බුධ, ග්‍රහ යෝගය දසවැන්නේ උපතින් පිහිටපු අයක සොයා ගන්න බොහෝ කර්මාන්ත ශලා ප්‍රධානින්ට ධනු -මකර- කුම්භ -මින රාශිවල ශක්‍ර- ගුරු රවි- කුජ පිලිවෙලට පිහිටා තිබේ. කොපමණ ඉඩකඩම් තිබුනත් සැහීමට පත්නොවි මුළු කාලයම ඉඩකඩම් රැස්කර ගැනිමේ චේතනාවෙන් කාපය ගෙවන අයගේ කේන්දර පරික්ෂා කළහොත් සිංහයෙහි ගුරුද. තුලා .කටක -ධනු- මකර රාශිවල අනිත් ග්‍රහයින් ඇත. ප්‍රසිද්ධ ලෝභ ධනවත් අයගේ කේන්දරවල රවි-ගුරු ශුක්‍ර ශනි එක රාශියක ඇත. රවි-කුජ ශනි තිදෙනා බලනත්නම් ධනවත්ය.

    සියලු ඥතින් යටත්කරගෙන සිටිය. රවි- චන්ද-කුජ ත්‍රිග්‍රහ යෝගය ඇති අය ධනයෙන් හා බලයෙන් යුක්තය . කුජ -බුධ -ගුරු යෝගයෙන් උපන් අය දකෂ කාව්‍යක්කාර යෝ වෙති. නච්ච ගීතාදියට ඉතා ප්‍රිය කරයි. රවි- කුජ බුධ - ගුරු යෝගය ඇති අය දක්ෂ ඉන්ජිනේරුවන්ය අහස්යාත්‍රා පදවන දක්ෂ අයගෙ මෙම යෝ ගය මා දැක තිබේ . බුධ -ශුක්‍ර සංයෝගයෙන් උපන් අය සංගිත-- කාව්‍ය වලට දක්ෂ වේ . උගත් මිත්‍රයින් ආශ්‍රය කරන බොහෝදක්ෂ නිතිඥයින්ට මෙම යෝගය තියෙනු මා දැක තිබේ.

    ඉඩ කඩම් , මිල මුදල් හොඳ වටිනා ගෙවල් ඇති බොහෝ දෙනාට ගුරු ශුත්‍ර යෝගය තිබේ චන්ද්‍ර- ශුක්‍ර ශනි යෝගය ඇති අය ගිහි ජිවිතය ප්‍රිය නොකරත් මහා උගත් පැවිදි පණ්ඩිතයෙක් වය හැක . එක එක රාශියෙ එක එක ග්‍රහයා බැගින් සිටියදි ඉපදී ඇති අය උසස් ගරු නමබු ලබන්නා වු සුරුපී ලක්ෂණ නාට්‍යාංගනාවන් සමග සතු‍ටින් ප්‍රිතියෙන් කාලය ගෙවන උත්තම යෝග හතරේ සිකුරු, ගුරු, කුජ, සදු, සමඟ රවි හෝ ශනි හෝ සිටියදි උපන් අයකු නම් ඉතා ප්‍රබල ධනවත් දේපල හිමියෙකි ලග්නය හෝ චද්‍රයා හෝ වඩාත්කම කල්හි එම වත වර්ගෝත්තම ලග්නය හෝ වර්ගෝත්තම ලග්නය හෝවර්ගෝත්තම චන්දයා හො අන්‍ය ග්‍රහයින් හතර දෙනකුට හෝ ඉන් වැඩි ගණනකට පෙනේ නම් ඔහු ප්‍රබල ධනයත් .උගතු කේජමන්තයෙක් වෙයි. ඔබ ප්‍රියකරන අයකු මේ අනුව කේන්දරය නිවරදි ලියවි ඇත්දැයි පරීකෂා කරගත යුතුය රවි සිටින රාශිය හා උගත් වේලාව අනුව ජන්ම පත්‍රය නිවරදි දැයි දැන ගත හැක.

    රවි 01 නම් උදය 8.00ට පෙර
    රවි 02 නම් 8.00- 8.30 අතර
    රවි11 නම් 10.00-10.30 අතර
    රවි10 නම් දවල් 12.00
    රවි09 නම් දවල් 1-2 අතර
    රවි 08 නම් සවස 4.30 ට පමණ
    රවි07 නම් සවස 6.00ට පමණ
    රවි 06 නම් රාත්‍රී 7.30ට පමණ
    රවි 05 නම් රාත්‍රී 10.00ට පමණ
    රවි04 නම් රාත්‍රී 12.00ට පමණ
    රවි 03නම් පාන්දර 1-2 අතර
    රවි 02 නම් පාන්දර 04.30 පමණ
    රවි 01 නම් උදෑසන

    තමන්ට ගැලපෙන සහකරුවකු ඉහත සඳහන් ග්‍රහයින් අනුව සොයා ගැනීම එතරම් අපහසු නොවේ .


    මාගල්ලේ ආචාර්ය ශාන්ත දේවප්‍රිය
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ධනය බලය කොතරම් තිබුණත් විවාහය නීරස නම් ජීවිතයද කටු අත්තකි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top