අද සමාජයේ බොහෝ දෙනා තම ශරිරය ඔප දමන්ට ගොස් ජීවිතය පවා ආකාලයේ නැති කර ගන්නා අවස්ථාවන්ට පත්වී ඇත.
මෙලොව සියලු දේ ශරිරයද කුඩා කාලයේ සිට ක්‍රමයෙන් වැඩී ආපසු එය ක්‍රමයෙන් රැලි වැටෙමින්. කෙස් ඉදෙමින් සුදු වෙමින් ,ඉන්ද්‍රියන් දුර්වලය වෙමින් .දෙනෙත් පෙනීම අඩු වෙමින් කන් ඇසීම අඩුවෙමින් අත පය ශක්තිය අඩුවී ක්ෂය වීම කරා ගොස් හුස්ම ටික පිටවී ශරීරයම අක්‍රිය වේ .
ඉතින් මෙය නතර කරන්ට පුළුවන්ද? මේ අතර තුර ශරීරයේ ඇතිවන වෙනස්වීම් අසනීප වශයෙන් හදුන්වා ඊට බෙහෙත් ගැනිමෙන් ශල්‍ය කර්ම කිරීමෙන් තාවකාලික සුවයක් ලැබුනත් එයත් ආස්ථිරනේද?
එසේ නම් මේ කුණු කය ලස්සන කරන්ට යාම මොන මෝඩ වැඩක්ද?
වර්තමාන සමාජයේ ස්ත්‍රී,පුරුෂ දෙපක්ෂයට බොහෝ දෙනා මේ නාඩගමට සුදානම් වී සිටිති .
හිස කෙස් සුදු වන ඇහි බැමේ රෝම කපා දමනවා ,තොල් දෙක රතු පාට කර ගන්නවා . නිය පොතු පාට කර ගන්නවා. මේවා කවුද මේ සහාජය තුළට ගෙන එන්නේ?
එසේ නම් ජ්‍යොතිෂඥයන් වන අපි මෙය සොයා බලමු. ජන්මියකු මෙලොව උපත ලැබු මොහොතේ සිට විශ්වයේ ග්‍රහ තාරකාවන්ගේ ක්‍රියා කාරිත්වය අනුව ඔහු හෝ ඇය ක්‍රියාත්මක වේ. ශරීරයේ සියළුම ඉන්ද්රිය කොටස් ,වාතය පිත සෙම, රුධිරය, මළපහ. මුත්‍රා ආදියද ග්රහයින්ගේ ක්‍රියා දාමය හා බැඳේ.
ශරිරයට සිදුවන හානි, අනතුරුලෙඩ රෝග පවා ග්‍රහ තාරනාවන් මත සිදු වන බව විශ්වාස කරනවාද? පුද්ගලයා ශරීරයට කරන ඔප දැමීම සිදුවන්නෙත් සිත තුළට ඇතුල්වන ග්‍රහ කිරණ අනුව බව මෙහිදී චන්ද්‍රයා ප්‍රධාන වෙයි උච්ච බල චන්ද්‍රයා හේතු වෙන් ආධ්‍යාත්මික ලෝකෝන්තර උසස් මනසක් පිහිටනි බාහිර ආටෝප වැඩවලට අකමැතිවේ.
නීච චන්දයා ඊට හාත්පසින් වෙනස් වේ. විශේෂයෙන් ස්ත්‍රී පක්ෂය චන්ද්‍රයා නීච වීමෙන් වයසට ගියත් තරුණියක් වශයෙන් හැඩගැසී , සිටීමට උත්සාහ දරන ඇත. සුවද විලවුම් පවුඩර් දමා සුදුකෙස් කළුකර හැඩ වැඩ ඇඳුම් ඇඳ මහළු සවභාවය වසන්කර හැසිරෙන අය අද සමාජයේ බොහෝ ඇත. මෙවැනි අයට නැන්දා , අාච්චි අම්මා යනුවෙන් ආමන්ත්‍රණය කළ හොත් ඊට විරුද්ධ වෙති. මිස් යන නම ආමන්ත්‍රණය කළ හොත් ඉතා ආඩම්බර වේ. නීච සඳු සමඟ සිකුරු සංයෝගවුව හොත් මෙ තත්තවය ඉතා ඉහළින් සිදු වේ . වෘශ්චික රාශියේ මෙය සිදුවන් බැවින් එම ස්ත්‍රීන් ඉතා සල්ලාල ජීවිතයකට හැඩ ගැසී රාත්‍රි කාලයේ නාගරික ප්‍රදේශවල බස් නැවතුම් පොලවල, සැරි සරන්නේ කුමටද කියා ඔබට අමුතුවෙන් කිව යුතු නැත.
සඳු සිකුරු සංයෝගය රාහු සමඟ සංයෝගවී යෙදෙන පුරුෂ පක්ෂය විශේෂයෙන් වෘශ්චික ලග්නය හිමියන් ඉතා කාමාධික පුරුෂයන් වන අතර වයසට ගියත් තරුණ ගැටවර යෙකු ලෙස සිටීමට උත්සාහ ගනී . හිස කේ ඩයි කිරීම, වයසට නොගැලපෙන ඇඳුම් ඇඳීම නිතර අසභ්‍ය වචක භාවිතාව, තරුණ ගැහැණු දරුවන් කෙරෙහි රහසිගත බැල්ම මේ ආදී නොයෙක් ඉරියව් මේ අය තුල ඇත
මේෂ ලග්නය හිමිව බෙරණ නැතනින් උපත ලබන ස්ත්රීන්ගේ ලග්නයේ කුජ, සිකුරු, සෙනස්රු ත්‍රි ග්‍රහ යෝගය යෙදුනේ නම් ගැටවර වියේ සිට ආච්චි අම්මා වන තෙක් ශරීරය නොයෙක් ආකාරයෙන් ඔප දමමින් සිටීමට උත්සාහ දරනි. සල්ලාල ජීවිතයකට නැඹුරුවන මෙවැනි ස්ත්‍රින්ගේ විවාහය නිතර වෙනස් වේ.
ශරීරය ගොරෝසු වෙනවාට අකමැති ස්ත්‍රීන් මෙන්ම පුරුෂයින්ද සිටී. එම අය නිතර කරන්නේ සම ආලේප වලින් හැඩ කිරීමයි. ශරීරය පුරා එම ආලේප තවරා ගන්නේ රාත්‍රි නින්දට යන මොහොතේය. නා පිරිසිදු වී එම ගොරෝසු ස්ථානවල එම ආලේප තවරා ගනී. මේ දකින කවුරු හෝ ඇසුවොත් පවසන්නේ වාත අමාරුවක්, කැක්කුමක් තිබෙනවා ඒ සදහා බේත කියාය. මෙවැනි අයගේ ග්‍රහ චාරය වන්නේ රාහු සිකුරු එකට ලග්නයේ සංයෝගවීමයි.
අද සමාජය තුළ තම ශරීරය විනාශ කර ගන්නා කොට්ඨාශයක්ද සිටී. ඒ තමන්ගේ පැවැත්ම සමාජයට පෙන්වන පිරිසකි. ඒ සඳහා බඩේ පපුවේ පිටේ , පච්ච කෙටීම කරන අය අතර සිටි. තමාගේ හැදියාව හැසිරිම එම පච්ච කෙටීමෙන් පිලිබිඹ වේ. බොහෝ අවස්ථාවල මෙය කරන්නේ සමාජ දැනුම අඩු හැදියාවක් නැති පුද්ගලයින්ය. මෙවැනි පුද්ගලයින් ගේ කේන්ද්‍රයේ රවි කුජ සංයෝගය හෝ එම ග්‍රහ දෘෂ්ඨිය ලග්නයට පිහිටනු ඇත.
කෙසේ නමුත් අවසාන වශයෙන් කිව යුතු වන්නේ නොයෙකුත් ආලේප වලින් ශරිරය හැඩ කිරීමට ගොස් එම ආලේප ශරීරය තුළට ඇද ගැනීමෙන් නිශ්චය කර ගත නොහැකි රෝග සෑදී ජීවිතය විනාශ වන බවය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජේ. ගුනපාල
0 comments:
Post a Comment