728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-21

    පංච මහා පුරුෂ යෝග


    ග්‍රහයකු උච්චව, ස්වක්ෂේත්‍රව කේන්ද්‍ර ස්ථානයේ තැන්පත්ව සිටි පමණින් එම ග්‍රහයාගෙන් පංච මහා පුරුෂ යෝගවලට අදාළ යෝගය ඔහුට යෙදෙන්නේ යැයි සිතා, පරීක්ෂා කිරීමකින් තොරව පලාපල කථනයක් කිරීමෙන් සිදුවනුයේ අවඩැක්ම වේ. සේවාදායකයා ජ්‍යෝතිෂය මෙන්ම ජ්‍යෝතිෂවේදියා ගැන ද අවිශ්වාස කිරීමට පෙළඹීම සාධාරණය. යම් ජන්ම පත්‍රයක ගුරු හංස යෝගය, මාලවී යෝගය ආදී යෝග ඇත්නම් එම යෝගවලින් පලක් වේද යන්න ද ජ්‍යෝතිෂයවේදියා විසින් සොයා බැලිය යුතු වේ.

    මකර රාශිය සත් වැන්න වී කුජ තැන්පත් වීමෙන් යෙදෙන රුචක යෝගය නාමික රාජ යෝගයක් බව කේන්ද්‍ර පරීක්ෂා කරන විට පැහිදිලිව පෙනේ. එහෙත් සත් වැන්නේ යෙදෙන ශනිගේ යෝග ඉතා බලවත් වන අතර කුජ දසා වැන්නේ හෝ ලග්නයේ වී යෙදෙන රාජ යෝගය ද ඉතා බලවත් වේ. බුධට ද සත් වැන්නේ දී සහ සතර වැන්නේ දී බලය ඉතා අවම වේ. බුධට සත්වැන්න හා සතරවැන්න මරණකාරක ස්ථාන බැවිනි. මෙම කරුණු පිළිබඳව එනම් යෝගය ලබා දෙන ග්‍රහයා සතු බලය පිළිබඳ අවධානය යොමු නොකර යෝගවලින් ලැබෙන සැප සම්පත් ප්‍රකාශ කිරීම පලක් නොවේ.

    මීළඟ වැදගත්ම කරූණ වනුයේ ග්‍රහයා ෂඩ් වර්ගයන්හි පිහිටා ඇති ආකාරයයි‍. නවාම්ශකයේ නීච වීමෙන් උච්ච ග්‍රහයාගේ බලය පිරිහෙන අතර නවාංශයේ උච්ච වීමෙන් රාශි කේන්ද්‍රයේ දුබල බව මඟ හැරෙනු ඇත.
    මෘතාදී අවස්ථාවන්හි දුබල ග්‍රහයින් ද යෝග උදා කල ද බලයක් නොමැති කමින් එම යෝගවල පල නොලැබේ. අනෙක් වැදගත් කරූණ වනුයේ යහපත් දශා උදා නොවීමයි. කොතෙක් ශුභදායී යෝග පැවතිය ද ග්‍රහයාට ශුභඵල දිය හැකි දශා උදා නොවන්නේ නම් එම යෝගවලින් පල ලැබිය නොහැකි.

    කිසියම් ග්‍රහයකු ට විරෝධ අරගල වලින් බාධා පැමිණීම ද ග්‍රහයාගේ ශුභ පල අවම වීමට හේතුවකි.
    මේ අනුව ග්‍රහයකු දිග් බලයෙන් පිරිහීම, මරණකාරක ස්ථානවල තැන්පත් වීම, නවාම්ශයේ දුබ වීම, මෘතාදී අවස්ථාවන්හි වීම, ශුභ ඵල දිය හැකි දශා නොපැවතීම, යන කරුණු මුලින්ම අධ්‍යයනය කළ යුතුවේ.
    ගුරු හංස යෝගය - කටක, මීන, ධනු යන රාශියක් කේන්ද්‍ර, සතරවැන්න, සත්වැන්න හෝ දශ වැන්න වී ගුරු තැන්පත් වීමෙන් මෙම ප්‍රබල යෝගය යෙදේ. මෙම යෝගය යහපත්ව බලවත්ව යෙදුන විට ජන්මියාට නිරායාසයෙන් වස්තුව සැප සම්පත් හිමි වේ.

    සිකුරු, වෘෂභ, තුලා හෝ මීන රාශිගතව ලග්නය, සතරවැන්න, සත්වැන්න හෝ දස වැන්න බලවත්ව තැන්පත්වීමෙන් යෙදෙ‍න මාල වී යෝගය ද යහපත් ජීවන තත්ත්වයක් යහපත් නිවාස, යාන වාහන ලබා දේ.
    කුජ මකර, වෘෂ්චික හෝ මේෂ රාශිය ලග්නය හෝ සතර වැන්න දශවැන්න වීමෙන් යෙදෙන රුචක යෝගය මෙන්ම ශනි උච්චව හෝ ස්වක්ෂේත්‍රව කේන්ද්‍රගතවීමෙන් යෙදෙන ශශ පුරුෂ යෝගය ද ඉතා බලවත් යෝගයකි. මෙම යෝගවලදී ග්‍රහයා කේන්ද්‍රගත වීම ගැන පමණක් නොබලා ග්‍රහයාගේ බලය හා පවතින දශා ගැන ද අධ්‍යයනය කරන්නේ නම් යහපත් වේ.

    - කිරි‍න්දේ ඩී.ඒ.වික්‍රමසිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: පංච මහා පුරුෂ යෝග Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top