728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-21

    මංගල නැකත වැරදුනොත් විවාහ ජීවිතේ සතුටක් නෑ

    බිරිඳ ගෙයි ගිිනි පිටට දීමත් සැමියා පිට ගිනි ගෙට ගෙන ඒමත්
    විවාහය මකර කටට තල්ලු කරයි


    ඔබ විවාහ වන කාලය තීර­ණය කළ යුත්තේ උගත් ජ්‍යොති­ෂ­වේ­දි­ය­කුය. විවාහ  වී ඉතා ස්වල්ප කල­කින් වෙන්වී යන අය දිනෙන් දින වැඩි­වන බව අපට පෙනේ. උග­ත්කම,රූපය,ලැබෙන දෑවැද්ද ආදිය සලකා විවාහ ජීවි­ත­යට  පා තබන අයද සිටිති. ප්‍රිය කළ දේ ලැබුණ ද බොහෝ ඉක්ම­නින් විවා­හය එපා වන අයද සිටිති.
    ඔබ උපන් වේලාව අනුව සලකා ඇති ජන්ම පත්‍ර­යට ප්‍රම්‍රඛ ස්ථානය දී ඔබේ දශාව ගැන බලා නියම කාලය නිවැ­ර­දිව ප්‍රකාශ කළ හැක. ජ්‍යොතිෂ විද්‍යාව අංග සම්පූ­ර්ණව ඉගෙන නොගත් අයකු‍ට හෝ පරි­ග­ණ­කය‍ට  මෙය විස­ඳිය නොහැක.

    ගුරු සිකුරු බුධ හා පුර සඳුගේ කාලය මංග­ල්‍යය නිවැ­ර­දිව  සිදු­කළ හැකි බව ක්‍රිෂ්ණ මූර්ති පඬි­තුමා තෝරා දී තිබේ. සඳු 6,8,12 රාශි­වල ගත කරන කාලය විවා­හ­යට සුදුසු නැත. පුර සඳු බල­වත් ම කාලය ශුභය. ගුරු උච්ච,ස්වක්ෂේත්‍ර කාලය පොදුවේ බොහෝ අයට ශුභ බව පෙනේ. සිකුරු ග්‍රහයා වෘෂභ,තුලා රාශි­වල ගමන් කරන කාල­යද ඉතා  හොඳය. වැඩි දෙනා ප්‍රිය කරන සිකුරු කන්‍යා වේ ගමන් කරන කාලය බොහෝ අව­ස්ථා­වල විවාහ දෙදරා යන බව වර්ෂ හත­ර­කට ආසන්න කාල­යක සිට මා දැක තිබේ.

    රවි තුලාවේ ගමන් කරන කාල­යද ශුභ නැත. පාප ග්‍රහ­යන් ලෙස පිළි­ගත් රවි,කුජ, ශනි,රාහු,කේතු දශා­ගත කරන කාලය ශුභ නොවේ. ජන්ම පත්‍රයේ හත්වන රාශි අධි­පති ධනු සිටින රාශිය,නැකත් පාදය හත්වැන්නේ සිටින ග්‍රහයෝ හත්වැ­න්නට පෙනෙන ග්‍රහයෝ සිකුරු සහ කුජ ඔබේ විවා­හයේ නියම අනා­ගත විස්ත­රය පෙන්වනු  ඇත.මේ ගණිත ක්‍රම­යකි .ජ්‍යොති­ෂ­වේ­දියා ගණි­තය හා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගෙන තිබිය යුතුය.ජ්‍යොතිෂ  රහස් එවිට ඉතා පහ­සු­වෙන් අව­බෝධ කර­ගත හැක.

    තම භාර්යාව, අස­ල්වා­සීන් සමඟ තමන්ගේ වැරදි  කතා කිරීම නිසා විවාහ ගැටලු මතු­විය හැක. මෙවැනි දේ ඇති වන්නේ තුලා රාශිය හත්වැන්න වී ආලෝක ග්‍රහ­යකු  වන රවී එහි සිටී­මෙනි. දකින හැම පිරි­මි­යකු සම­ඟම නොගැ­ල­පෙන සම්බ­න්ධ­කම් ඇති කරන වනි­තාව බෙරණ නැක­තින් මීන ලග්න­යෙන් ඉපදී ඇත. නැකැත් 27න් රෙහෙන, අද, පුෂ, මා, හත, සුවන, උත්‍ර­පට, රේවතී යන අට හැර වෙනත් නැක­ත­කින් ඉපදී,ස්වාමි පුරු­ෂයා- භාර්යාව එක නැකතේ එකම පාදයේ නම් එම දෙදෙ­නාම ලිංගික වශ­යෙන් සතු‍ටු නොවේ.එය දික්ක­සාද විමට මුල පුරයි.ඔවුන්ගේ නැකත් පාද,පූර්ව පාද පුරු­ෂ­යාට ද, අපර පාදය ස්ත්‍රිය­ටද ඇති අව­ස්ථා­වල කිසිම කර­ද­ර­යක් නැතිව සතුටු වන බව පැරණි ජ්‍යොතිෂ විද්‍යා පොත් වල සඳ­හන් වේ.

    හත්වැන්න සඳු හිමි කටක රාශිය වී එම රාශි අධි­පති සමඟ බුධ,ගුරු,කුජ සංයෝ­ගය ඇති ස්ත්‍රියට ස්වාමි­පු­රු­ෂ­යන් කිහි­ප­දෙ­නකු ආශ්‍රය කළත් සෑහී­ම­කට පත් නොවන බව පෙනේ.
    කුජ-සිකුරු, රවි-සිකුරු, රාහු -සිකුරු,කුජ-චන්ද්‍ර,රාහු-චන්ද්‍ර,සඳු-සිකුරු , ශනි-රාහු,යන ග්‍රහ සංයෝග ගැන සියුම් ලෙස සලකා බලා පිය­ව­රක් නොගත් සෑම අය­කුම බොහෝ කර­දර වද වේදනා විඳින අවස්ථා සුලබ බව ජන්ම පත්‍ර මාවෙත රැගෙන පැමි­ණෙන විවාහ වූ අය­ගෙන් නිතර අසන්න ලැබේ. (කුජ-සිකුරු යෝගය ඇතිව ඉතා ප්‍රීති­යෙන් කාලය ගත ­ක­රන වෙළඳ ව්‍යාපා­රික මහ­තුන් කිහි­ප­දෙ­නකු මා දැක තිබේ.එම ජන්ම පත්‍ර පරී­ක්ෂා­වේදී පෙනී  ගියේ කුජ සිකුරු ඔවු­නො­වුන් ට සම සප්ත­මව සිටී­මෙන් හා කුජ සිටින රාශියේ අනෙක් ජන්ම පත්‍රයේ සිකුරු සිටින බවයි. අති ධාවන කාම­ යෝ­ගය විවාහ නොවුනද ඇතැම්  අව­ස්ථා­වල චරි­තය කෙළෙසා ගන්නා බව පෙනේ.

    රවි-සිකුරු යෝගය ඇති අය ස්ත්‍රී පුරු­ෂයෝ බොහෝ ලස්ස­නය. හිත් ඇදෙන සුළුය. ලග්නා­ධි­පති භාග්‍යා­ධි­පති,බල­වත් ගුරුගේ බැල්ම නැති අය රූපය නිසා දුක් විඳිති.
    රහ­සි­ගත වැරදි ලිංගික ජීවිත ගත කරන අය සමා­ජයේ හැංගි හැංගි සිටි­නවා ඔබ අසා ඇත. එසේ කාලය ගෙව­නුයේ රාහු-සිකුරු යෝගය කේන්ද්‍ර­යක 6,8,12 දුෂ්ට ස්ථාන තුන‍ට හිමි­කම් කියන ග්‍රහ­යින්  ගෙන් හෝ රවි -කුජ-ශනි-කේතු යන නෛස­ර්ගික පාප­ය­න්ගෙන් පීඩා­වට පත්ව ලග්නා­ධි­පති හා හත අධි­පති පාප පීඩිත වූ කල ය.

    ශනි-කුජ යෝගය ශනි මංග යෝගය

    ශනි-කුජ යෝගය ශනි මංගල යෝගය නමින් ජ්‍යොතිෂ විද්‍යාවේ ඉගැන්වේ. මෙය අද බොහෝ දෙනා විශේ­ෂ­යෙන් විදේ­ශීය රට­ව­ලින් මගෙන් නිතර අසන ප්‍රශ්න­යක් නම් 07 වන රාශියේ ශනි-කුජ ඇති අය හතේම එම ග්‍රහ­යින් සිටිය යුතුද යන්නයි. එය එසේ නොවේ. ශනි-මංගල යෝගය ඇති ග්‍රහ­යින් පාප පීඩි­තව ඇති අව­ස්ථාව සිටිය යුතු­දැයි බොහෝ දෙනා අසනු ලැබේ. එයට මෙන්න පිළි­තුර කිනම් හෝ රාශි­යක මේ ග්‍රහ­යින් සිටින අව­ස්ථාවේ දෝෂය භංග වේ.
    විවාහ ජීවි­තය ප්‍රීතිය-සාමය-සතුට ඇතිව ගත­කි­රී­මට අවශ්‍ය සෑම අය­කුම තම විවා­හ­යට පෙර උගත්-පල­පු­රුදු ජ්‍යොති­ෂ­වේ­දි­යකු සමඟ තමන්ගෙ ජන්ම පත්‍රයේ ග්‍රහ­යින් ගැන සාකච්ඡා කරන්න.

    ආචාර්ය මාගාල්ලේ 
    ශාන්ත දේව­ප්‍රිය
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: මංගල නැකත වැරදුනොත් විවාහ ජීවිතේ සතුටක් නෑ Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top