728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-14

    ප්‍රිය බිරිඳ පවා සැක කරන සැමියෙක්

    ජලයෙන් අගුණ දෙන ග්‍රහයා


    අතීත සම්ප්‍රදාය පරිදි බොහෝ විට කේන්ද්‍රයක කියන්නේ ග්‍රහයන් හත් දෙනෙකු පදනම් කරගෙනය. එහෙත් යුරේනස් නැප්චූන් සහ ප්ලුටෝ යන ග්‍රහයන්ගේ බලපෑමද අතිශය වැදගත් වේ.
    පසුගිය සතියේ යුරේනස් පිළිබඳ සාකච්ඡා කෙළෙමු.
    මෙවර නැප්චුන් පිළිබඳ විමසමු.

    නවග්‍රහයන් නව දෙනාගෙන්ම පලාපල බැලීමේ පැරැණි සම්ප්‍රදාය නවීකරණය කරමින් ඊට නුතනයේ සොයාගත් යුරේනස් සහ නැප්චුන් ද එක් කර නව දෘෂ්ටි කෝණයකින් පලාපල කථනයක යෙදෙමු.
    මෙවර නැප්චූන් කේන්ද්‍රයේ පිහිටි ස්ථානය අනුව අදාල පලාපල විග්‍රහය ඉදිරිපත් කරමු. (ඔබගේ කේන්ද්‍රයේ යම් හෙයකින් යුරේනස් හා නැප්චූන් යන ග්‍රහයන් ලකුණු කර නොමැතිනම් එම ග්‍රහයන් දෙදෙනාද ඔබගේ කේන්ද්‍රයට ඇතුල් කර ගැනීමට උනන්දුවන්න.)
    නැප්චූන් ග්‍රහයා 1846දී ‘ඇඩම්ස්’ හා ‘ලෙවරියර්’ යන විද්‍යාඥයින් දෙදෙනා විසින් සොයා ගන්නා ලදී, අතීතයේ කේන්ද්‍ර සෑදීමේදී කේන්ද්‍ර කුණ්ඩළියක දක්වන අතර නැප්චූන් වැනි ග්‍රහයන් දැකිය නොහැකිය. නමුත් වර්තමානයේ සමහර කේන්ද්‍රවල පමණක් යුරේනස් සහ නැප්චූන් ග්‍රහයන් දැකිය හැකිය.

    නැප්චුන් ග්‍රහයා ලග්න 01 වැන්නේ සිටීම - දුරදක්නා නුවණකින් කටයුතු කිරීමේ දක්ෂතා ඇති කරයි. නොපෙනෙන අදෘෂමාන කටයුතු වලින් ඵල ප්‍රයෝජන ගැනීමේ හැකියා‍ව මේ ජන්මීන්ට ඇත.
    නැප්චූන් 02 වැන්නේ සිටිම - වංචනික ගති ඇති කරයි. එතරම් දියණුවක් ඇති නොවේ. වංචාවෙන් තම කටයුතු කර ගැනීමට උත්සාහ කරයි. කූට උපක්‍රම මගින් ආදායම් උපයා ගැනීමට පෙළඹේ.
    නැප්චූන් 03 වැන්නේ සිටීම - කුසීත ගති ඇති කරයි උසස් අදහස් ඇති පුද්ගලයන් බිහි වුවත් ඔවුන් තුළ කම්මැලි ගති ඇති වීමේන් අදහස් ක්‍රියාවට නැංවීමට නොහැකියාව පසු කාලීනව ලතවෙමින් කාලය ගත කිරීමට සිදුවේ.

    නැප්චූන් 04 වැන්නේ සිටීම - සංචාර ඇති කරයි
    සංචාරක දිවි පෙවෙතක් ගත කරන අයෙකු වේ. මේ පිහිටීම ශ්‍රමණ ජිවිතයක් ගත කිරිමට වඩා යෝග්‍ය වේ.

    ගෘහ ජිවිතයේදී දැඩි කල කිරීම් ඇති වේ.
    නැප්චූන් 05 වැන්නේ සිටීම - යහපත් අයෙකුවේ නැප්චූන් ග්‍රහයා 05 වැන්නේ සිටීන ඔහු හෝ ඇය යහපත්ව තම ජීවතය ගත කිරීමට උත්සාහ ගනියි. පිහිනීමට,ජල ක්‍රිඩාවට දස්කම් දක්වයි.

    නැප්චූන් 06 වැන්නේ සිටීම -
    අකටයුතු කම් වලින් ධනය උපයයි ඉපයිම හෝ රැකියා කටයුතු සඳහා බොහෝ විට සමාජ අපචාරී ක්‍රියා කිරීමට උත්සාහ ගනියි. විවාහය නිසා ධනය නොලැබෙන අතර විවාහ දිවියේ අර්බුද ඇති කරයි.

    නැප්චූන් 07 වැන්නේ සිටීම - චංචල ගති ඇති කරයි. නැප්චූන් ග්‍රහයා 07 වැන්නේ පිහිටි ජන්මීන් තුල චංචල ගති ඇති කරයි. තම භාර්යාව පිළිබඳ පවා විශ්වාසයෙන් කටයුතු කිරීම දුෂ්කර කාර්යක් වනු ඇති. තමාද විවිධ මාර්ග වලින් අනියම් සබඳතා ඇති කරගන්නා අතර භාර්යාවද අනියම් හැසිරිම්වල යෙදෙන තත්ත්වයක් පෙනේ.

    නැප්චූන් 08 වැන්නේ සිටීම - හදිසි අනතුරු ඇති කරයි. අපස්මාරය වැනි රෝග පීඩා වලට හේතුවිය හැක. දියේ ගිලීම නිසා දැඩි හානිවීම් සිදුවීමට ඉඩ තිබේ. මේ නිසා ජලාශවල දිය නෑමට යාමේදී වඩා පරිස්සම් විය යුතුය.

    නැප්චූන් 09 වැන්නේ සිටීම - දාර්ශනික අදහස් ඇති කරයි. ජීවිතයේ තැන්පත් ගති ඇති කරයි. මෙවැනි පිහිටීම ඇති ජන්මීන් භාවනායෝගීව කටයුතු කරන අතර දාර්ශනික අදහස් වලින් ජනතාව දැනුවත් කරයි.
    නැප්චූන් 10 වැන්නේ සිටීම - කලාත්මක ගති ඇති කරයි. දියුණු වීමේ ආශාව ඇති උසස් අදහස් ඇති වේ. ස්ථිර සාරය. විවිධ කලා කුසලතා පිළිබඳ සහජ දක්ෂතා දක්වයි.

    නැප්චූන් 11 වැන්නේ සිටීම - ලේඛන දක්ෂතා දක්වයි. මෙවැනි පිහිටිම් ඇති ජන්මීන්ට තම බලාපොරොත්තු ඉටුකර ගැනීමේ හැකියාව ඇත. විශේෂයෙන් කවීත්වය ආදියට දක්ෂතා ඇති ලේඛන කටයුතු තුළින් ප්‍රසිද්ධිය ලබන තත්වයකට පත්වනු ඇත.

    නැප්චූන් 12 වැන්නේ සිටීම - සෞඛ්‍ය සේවයේ රැකියා. උසස් ඥාණයක් හිමි මෙවැනි පිහිටීම ඇති ජන්මීන්ට ජිවිතයේ වැඩි දියුණුවක් ඇති විමේදී බාධා ඇති කරයි. විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා ලැබීම් ඇත.

    ජ්‍යොතිෂවේදී කොස්ගොඩ

    එම්. යූ. ජේ. ද සිල්වා
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ප්‍රිය බිරිඳ පවා සැක කරන සැමියෙක් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top